theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මහත්තයා නිතර රණ්ඩු කරනවා නම් මොකද කරන්නේ ?

2 අවම කියවීම
මහත්තයා නිතර රණ්ඩු කරනවා නම් මොකද කරන්නේ ?මහත්තයා නිතර රණ්ඩු කරනවා නම් මොකද කරන්නේ ?

"ඒ වගේම තමයි යාළුවෝ, නෑදෑයන් අතේ දුරින් තියා ගන්න ඕනී..."

බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මහත්තයා නිතර රණ්ඩු කරනවා, මහත්තයා එක්ක නිතර රණ්ඩු සරුවල් වීම, ඇත්තටම මාත් ෆේස් බුක් එක පුරා බොහෝ දේවල් කියවනවා.

ඔය අතරේ මං දැක්කා එක් අයෙක් තමන්ගේ ගැටලුවක් කියලා තියෙනවා.

ඒ වේලාවේ මං එතැන පුංචි උපදෙසක් පමණක් සටහන් කරලා ආවා.

ඒවුනත් ඒ ප්‍රශ්නය ඇයගේ පමණක් ගැටලුවක් නොවන නිසා ටිකක් පුළුල්ව කතා කරන්න ඕනී හිතුවා.

මහත්තයා නිතර සණ්ඩු කරනවාද?

නෝනයි, මහත්තයායි  කරන  පළවෙනි වැරැද්ද පවුල කියන සංකල්පය හදුනා නොගැනීම, පවුලක් කිසිම වෙලාවක හවුලක් කර ගන්න එපා. එහෙම වුනොත් අවුලක්ම තමයි.

පවුල ඇතුලේ ඉන්න ඕනී මහත්තයයි, නෝනයි විතරයි. ඊලගට දරුවෝ ඒකට ඇතුල් වෙනවා.

එමෙන්ම මේ පවුල  ඇතුලේ  ආර්ථික,  ලිංගිකත්වය වැනි සැගවුන ගැටළුත් තියෙන්න පුළුවන්.

ඒ වගේම තමයි මේ පවුල  ඇතුලට මහත්තයාගේ පවුලයි, නෝනගේ පවුලයි ඔක්කොම අත දාගෙන හත් හවුලක් වුනොත් රණ්ඩු වෙන එක කොහොමත් නතර කරන්න බැහැ.

ඒ වගේම තමයි යාළුවෝ, නෑදෑයන් අතේ දුරින් තියා ගන්න ඕනී.

ආදරය කරන කාලයේ ලුණුයි බතුයි කමුකෝ රත්තරන් කිව්වාට බැන්දට පස්සේ ආර්ථික ප්‍රශ්න ඉස්සරහා දොරින් ඇතුල් වෙනකොට ආදරය පස්ස දොරෙන් පැනලා යනවාලු.

අන්න ඒ නිසා ආර්ථිකය සමබරව තබා ගැනීම ඉතා වැදගත් වෙනවා.

ලිංගිකත්වය කියන්නේ විවාහය තුල ප්‍රධාන භූමිකාවක් එකිනෙකා ඔවුන්නොවුන් වෙනුවෙන් කැප වෙන්නේ නැත්තම්, ඔවුන්ගේ අවශ්‍යතා හදුනාගන්නේ නැත්තම් එතැන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා.

අන්න එතකොටයි අනියම් සම්බන්ධතා පවුල් සංස්ථාව බිද හෙලන්නේ, ඒ නිසා එකිනෙකා වෙනුවෙන් කැපවුන පවුලක් ගොඩ නගන්න.

හැම ප්‍රශ්නයකටම දෙන්නා එකට මුහුණ දෙන්න. සාකච්ඡා කරලා විසදුම් සොයන්න.

ආදරණීය පවුලක් ගොඩ නගන්න.

මහත්තයා නිතර රණ්ඩු කරනවා නම් මේ පුංචි උපදෙස් පහ පිළිපැදලා බලන්න.

  1. මහත්තයා සංසුන් වුනාට පස්සේ නෝනා මුලින්ම කතා කරන්න. එයා ආයෙත් යාළු වේවි.ඒත් ඒක තාවකාලික විසදුමක් විතරයි. ඔයා දෙන්නා මේ ගැන සාකච්ඡා කරන්න.
  2. හැබැයි සාකච්ඡා කරනවා කියන්නේ රණ්ඩු වෙන්න හරි වාද විවාද වෙන්න හරි නෙවී. ආදරයෙන් කතා කරන්න.
  3. අනිවාර්යයෙන්ම ඔය දෙන්නාම උපදේශන සේවාවක් ලබාගන්න ඕනී. එක්කෙනෙක් නෙවෙයි දෙන්නාම
  4. පුළුවන් නම් ඔය දෙන්නා වෙනම ගෙදරක ජීවත් වෙන්න. මහත්තයාගේ  අම්මලා ගාවත් නෙවේ. නෝනාගේ  අම්මලා ගාවත් නෙවී. එතකොට ඔයාලාගේ පෞද්ගලිකත්වය හොදට තියාගන්න පුළුවන්.
  5. මේක තමයි වැදගත්ම දේ ඔය දෙන්නා අතර අනෝන්‍යය අවබෝධයක් හා විශ්වාසයක් තියාගන්න ඕනී.

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • මහත්තයා නිතර රණ්ඩු කරනවා නම් මොකද කරන්නේ ?
බෙදාගන්න :
  • සැමියා සමග චරිත හතක්

    සැමියා සමග චරිත හතක්

  • දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

    දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

  • සැමියා සමග චරිත හතක්

    සැමියා සමග චරිත හතක්

  • දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

    දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it