theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියෙකු ලිංගිකත්වය ගැන තම බිරිඳ දැනසිටී නම් ඔහු සතුටු වන කාරණා 10 ක්

3 අවම කියවීම
සැමියෙකු ලිංගිකත්වය ගැන තම බිරිඳ දැනසිටී නම් ඔහු සතුටු වන කාරණා 10 ක්සැමියෙකු ලිංගිකත්වය ගැන තම බිරිඳ දැනසිටී නම් ඔහු සතුටු වන කාරණා 10 ක්

සැමියා සහ බිරිඳ අතර යහපත් ලිංගික සබඳතාවයක් පැවතීම යහපත් පවුල් ජීවිතයකට අඩිතාලම බව පවුල් මනෝ වෛද්‍යවරුන් පවසනවා. ඉතින් ඒ වෙනුවෙන් දෙදෙනෙකු තුළ තිබිය යුතු අවබෝධය ඉතා වැදගත්.

ඇත්තටම බිරිඳකට සැමියා හිතන පතන හැමදෙයම තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. සමහර විට සැමියාගේ ලිංගිකත්වය ගැන ඔබ ඉතා විවෘතව ඔහු සමග කතා කළත් ඔහු නොකියන දේවල් ඔහුගේ සිතේ තිබෙන්නට පුළුවන්. නමුත් ඔබ එය දැනගෙන සිටිනවා නම් හොඳ යැයි ඔහු සිතනවා වන්නට පුළුවන්. ඉතින් ඔබ ඒ ගැන දැනගන්න.

බිරිඳගේ සැමියාගේ අවශ්‍යතා

සැමියාගේ ලිංගිකත්වය ගැන මේ කරුණු දන්නවාද?

අලුත් දේවල් ඔබ අත්හදා බලනවා දකින්න ඔහු කැමතියි

සැමියාගේ ලිංගිකත්වය පිළිබඳ උපදේශකයන් පවසන්නේ තමන්ගේ බිරිඳ නැවුම් අලුත් අත්හදාබැලීම් කරනවා දකින්න ඔවුන් කැමති බවයි. මේවා විහිළු යැයි ඔබට සිතෙන්නට පුළුවන් වුනත් අඩුම වශයෙන් ඒ ගැන විවෘතව කතා කරන්න.

සමහර විට ඉන් පසුව ඔහු ඔහුගේ අදහස් ඔබ සමග බෙදාගන්නත් පුළුවන්. ඒ වගේම ඔබේ සැමියා ඔබ අකමැති දෙයක් කර සතුටු වන්නට කැමති වන්නේ නැහැ. ඒ නිසා ඔබේ අවංක අදහස් ඔහු සමග කියන්න.

ඔවුන් ඔබ සමග නිතර එක්වෙන්න කැමතියි

දවස පුරා වෙහෙසිලා ඉන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ හොඳ නින්දක් ලබාගන්න මිසක එක්වීමක් නොවෙයි. සමහර විට කවුරුන් හෝ මගේ කකුල් දෙක සම්භාහනය කරනවා නම් හොඳ යැයි ඔබ දිතනවා.

නමුත් සත්‍යට අපිට මුහුණ දෙන්න වෙනවා. අම්මලා වුනහම ලිංගික ජීවිතය ගැන හිතන්න වෙලාවක් නැතිවෙලා යනතරම්. නමුත් පිරිමින් එය හිතන්නේ අනෙක් අතටයි. ඔබ වෙහෙසට දෙකකුල් සම්භාහනයක් ගැන හිතුනත් ඔහු වෙහෙස වෙනුවෙන් සිතන්නේ ඔබ සමග එක්වීමක් ගැන වන්නට පුළුවන්. ඒ නිසා ඒ ගැන නැවත සිතන්න. යුග දිවියේ සතුට වෙනුවෙන් ඔවුන්ව තේරුම් ගැනීමට උත්සාහ දරන්න.

සැමියාගේ ලිංගිකත්වය

ඔහුව ඇගයීමක් කරන්න

ඔහු ඔබේ රුව, කෑම ගැන වර්ණනා කරනවා අහන්න නිතරම කැමතියි වගේම ලිංගික ජීවිතයේදීත් ඔහු ඔබව සතුටු කරන ආකාරය ඇගයීම ගැන අහන්න ඔහු කැමතියි. ඔහුගේ පිරිමි ගති ලක්ෂණ නිසා ඔහු එය නොකියූවත් ඔහුගේ යටි හිත එය අපේක්ෂා කරනවා.

සැමියාගේ ලිංගිකත්වය: මන්මත් වෙන්න කැමතියි

කාන්තාවන් අලුත් බෑග්, සපත්තු, ඇඳුම් වලින් මන්මත් වෙනවා වගේම පිරිමිනුත් කැමතියි. නමුත් ඒ මෙවැනි දේවල් වලින් නෙමෙයි. නමුත් මේ වෙනකොට ඒ කොයි දේවල්ද කියලා ඔබ දන්නවා. ඔහු කැමති ආකාර ඉරියව් ගැන ඔහුගෙන් අසා දැනගන්න. ඔහුත් සමග කතා කර ඔබ සිතැඟි අදහස් හුවමාරු කරගන්න.

සැමියෙකු ලිංගිකත්වය ගැන තම බිරිඳ දැනසිටී නම් ඔහු සතුටු වන කාරණා 10 ක්

නිතරම කතා කරන්න

කතාකරනවා කීමෙන් අදහස් කරන්නේ දවසේ සිදුවීම් නම් නෙමෙයි. ලිංගිකත්වය පිළිබඳ උපදේශකයන්ට අනුව පිරිමින් එක්වීමේදී ඊට අදාල වන දේවල් තම බිරිඳ කතා කරනවා අහන්න කැමති බව පවසනවා. සමහර විට ඔබ කැමති ඉරියව් ගැන ඔබට කතා කරමින් මෙය ආරම්භ කරන්න පුළුවන්.

ඔබ හිතනවාට වඩා ඔහු බලාපොරොත්තු වෙන නිසා

ඔහු කැමති ඉරියව් හා රුචිකත්වයන් ගැන ඔහුගෙන් අසා ඔහුගේ සතුටට ප්‍රමුඛත්වය දෙන්න.

සමහර විට පිරිමින් රළු එක්වීම් වලට කැමතියි

කාන්තාවන් මටසිළුටු වුනත් කාන්තාවන්ගේ රළු එක්වීම් වලට පිරිමින් කැමති වෙනවා. එය අසාමාන්‍ය තත්වයක් නොවන බව ලිංගිකත්වය පිළිබඳ මනෝ උපදේශනයන් වලදී පැවසෙනවා. ඔවුන් ඉන් සතුටක් ලබන අතර ඒ ගැන චකිතයක් ඇතිකර ගන්න එපා.

සැමියාගේ ලිංගිකත්වය: ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම

මේ මගින් උත්තේජනයක් ලැබීම නොකළ යුතු අතර එමගින් බොහෝ විට පිරිමින් සතුටක් ලබනවා. නමුත් එය වැළක්වීමට ඔබට ඔහු සමග ඉතා විවෘතව එක්වීම මගින් කටයුතු කරන්න පුළුවන්.

ලිංගික උපදේශන වෛද්‍යවරුන්ට අනුව බොහෝ අඹුසැමියන් ඔවුන් හමුවීමට එන එක් හේතුවක් හා ගැටළුවක් ලෙස මෙය දක්වනවා.

ඔවුන්ට ඉඟි දෙන්න

ඔබ කැමති අකමැති දේවල් ඇගයීම හා සතුටු වන හැඟීම් ගැන පිරිමින් ඔබෙන් දැනගන්න කැමති වෙනවා. ඒ නිසා නිහඬව ඉවසා සිටීමට වඩා ඔබ සැමියා සමග විවෘතව ඒ ගැන කතා කිරීම යහපත් යුග දිවියකට පාර කපනවා.

සැමියාගේ ලිංගිකත්වය: එක්වීම අසාර්ථක වුනොත් නැවත උත්සාහ කරන්න

උත්සාහයකදී එය අතර මැද නතර කර දමනවාට වඩා මබෙන් ලැබෙන උනන්දුවට ඔහු කැමති වෙනවා. ඔහුව උනන්දු කරමින් නැවත එක්වීමට උත්සාහ කරන්න.

එදා සම්ප්‍රදායට අනුව ලිංගිකත්වය ගැන හැංගි හොරා කතා කළත් ඉන් වර්තමානයේ බොහෝ අනියම් සබඳතා වලට පාර කැපෙන්නේ අඹුසැමියන් අතර ලිංගිකත්වය ගැන විවෘත භාවයක් නැතිකම නිසයි.

යුගදිවියේ සතුට මුළු පවුලම බලපාන නිසා ඔබ නිතර මේ පෞද්ගලික කාරණා ගැනත් දැනුවත්ව සිටිය යුතු යැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියෙකු ලිංගිකත්වය ගැන තම බිරිඳ දැනසිටී නම් ඔහු සතුටු වන කාරණා 10 ක්
බෙදාගන්න :
  • බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

    බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

    පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

  • බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

    බිරිඳගේ ලිංගිකත්වය ගැන සැමියා දැනගත යුතු කාරණා 10

  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

    පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it