theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?

5 අවම කියවීම
අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?

සැමියා ඔබට උදව් කරන්නේ නැති සේ හැඟෙනවාද? මේ විධියට හිතුවොත් පුළුවන් ඔබේ සිතැඟි තහවුරු කරගන්න.

අද මවකගෙන් ලිපියක් විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහය වෙත අයේෂා චතුරාණි සිරිබද්දන විසින් සපයන ලද ලිපියක් - සැමියාගේ උදව් (හෝ එහි නැති බව) - ගැනයි.

අද සමාජයේ මවුවරුන්ගේ ඉතා සුලභ අත්දැකීමක් හරහා වටිනා අදහස් කිහිපයක් ඔබ හා බෙදාගන්නා අයේෂාගේ මේ ලිපිය ඔබට මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි.

සැමියාගේ උදව් නැති එක ඔලුවට බරක්

ගොඩාක් අලුත් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබාව බලාගන්න තමන්ගේ සැමියාගේ උදව් මදියි කියන එක.

දරුවෙක් පවුලට අලුතින් ආවම ඉතින් වැඩ ගොඩාක් වැඩි වෙනවානේ. අලුත් අම්මා තාත්තගෙනුත් ලොකු සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.

සමහර තාත්තලා ඉන්නවා හැමදෙයක්ම හොයලා බලලා හිතලා කරනවා, අලුත් අම්මට ගොඩාක් උදවු කරනවා.

ඒත් සමහර තාත්තලා ට නම් කිසිම දෙයක් හිතලා කරන්න බෑ. උදවු කරන්න තේරෙන්නේ නෑ.

ගොඩාක් තාත්තලා එහෙම තමයි. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඕක.

මට දෝනික්කියෝ දෙන්නෙක් ඉන්නවා. ඒත් මගේ ලොකුම බබා තමයි දූලාගේ අප්පච්චි. එයා දුවලට වගේම මටත් පන වගේ ආදරේ.

දරුවන් වෙනුවෙන් මුලු ලෝකයක් එක්ක උනත් සටන් කරාවි.

ඒත් අඩන බබාව හදිසියකදි නලව ගන්න තේරෙන්නේ නෑ. හදිසියකට චූටි බබාගේ නැපී එකක් මාරු කරගන්නත් එයාට ආමාරුයි.

ඒකෙන් කියන්නේ එයා ආදරේ නෑ කියන එක නෙමෙයි. එයාගේ මුලු ජීවිතේම අපි තුන් දෙනා.ඒත් එයාට පුලුවන් විදියට උදවු කරනවා.

ඒක මට ඕනම විදිය නොවෙන්න පුලුවන්. ඒත් කරන්න පුලුවන් හැම විදියටම හැම වැඩකදීම මට, දරුවන්ට උදවු කරනවා, මොකද අපි ලංකාවෙනුත් පිට , කිසිම වැඩිහිටි කෙනෙක් නැතුව දරුවනුත් හදාගෙන ඉන්න නිසා, අපිට එකිනෙකාට උදවු කරගන්නම වෙනවා.

කාන්තාවක් වී ඉපිද සිටින්නේ මව් පදවිය ලබන්න

ජීව විද්යාත්මකව (Biologically) ගැහැනු ඉපදිලා තියෙන්නේ අම්මා කෙනෙක් වෙන්න, මිනිස් පැවැත්ම ඉදිරියට ගෙන යන්න.

ශරීරය මනස, සිතිවිලි හැම දේම සකස් වෙලා තියෙන්නේ ඒකට හරියන්න, ශරීරයේ හැම අංගයක්ම සකස් වෙලා තියෙන්නේ දරුවෙක් දරන්න,ගර්භාෂයක් පිහිටලා, ස්ථන ග්‍රන්ථ පිහිටලා, සිතිවිලි මුදු මොලොක් වෙලා, දරා ගැනීම වැඩි වෙලා තියෙන්නේ ඒ ක්‍රියාවලියට.

පිරිමි අය සකස් වෙලා ඉන්නේ වෙනස් විදියට. ගෙදර ආර්ථිකය සකස් කරන්න, පවුලේ ආරක්ෂාව.

ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒවට හරි යන්න තමයි එයාලගේ ශරීරය. මනස, සිතිවිලි හැමදේම සකස් වෙලා තියෙන්නේ.

ඒත් අද සමාජය වෙනස් වෙලා. අම්මලා දරුවෝ හදනවා විතරක්ම නෙමෙයි. රැකියාවලුත් කරනවා, ඉගෙන ගන්නවා. ඒක නිසාම අම්මාගෙ හා තාත්තාගෙ රාජකාරිත් සංකීර්ණ වෙලා.

ඉතින් දරුවෙක් පවුලට ආවම වගකීම් ගොඩාක් එක්ක, වැඩ ගොඩකුත් වැඩි වෙනවා.

විශේෂයෙන්ම අම්මාගේ, තාත්තගෙත් එහෙමම තමයි.

අපි අම්මලා වැඩ වැඩි උනාම හරිම පීඩාවකට පත් වෙනවා. අනිත් අය අපිට උදවු කරන්නේ නෑ කියලා තරහ ගන්නවා.

අනේ ඉතින් මේ තරහ ගොඩාක් වෙලාවට පිට වෙන්නේ ලගම ඉන්න දරුවන්ගේ අප්පච්චි ගෙන්. ඔන්න ගැටුමට මුල.

සැමියාගේ පුංචි ක්‍රියාවන් අගය කරන්න

ඉතින් හිතලා බලලා උදවු නොකරන තාත්තලාගෙන් රංඩු කරන්නේ නැතුව ගෙදර වැඩට සහයෝගය ගන්න උදවු වෙන පොඩි කරුනු ටිකක් ඉදිරි ලිපියකින් ඔබ සමඟ බෙදාගන්නට අදහස් කරනවා.

ඒ හමු වන තෙක්, බබාගේ තාත්තාව තේරුම් අරන් ඔහු පවුල වෙනුවෙන් කරන පුංචි ක්‍රියාවක් හෝ අගය කිරීමට හුරු වීමෙන් ඔබට මහත් සැනසීමක් ලැබෙන බවට මම සහතික වනවා.

අයේෂා චතුරාණි සිරිබද්දන මහත්මියගේ ඉහත ලිපියට ඇය‌ගේම තවත් ලිපියක කාරනා කිහිපයක්  ඔබට  මතක් කරන්න අපි හිතුවා.

රණ්ඩු නොකර සැමියාගේ උදව් ගන්න මෙහෙම කරන්න

1. දරුවන් බලා ගැනීමට තාත්තලා ඔබ හිතනවට වඩා දක්ෂයි. 

තාත්තලා බහුතරයක් දරුවන්ට පන වගේ ආදරෙයි....ඒත් අම්මලා වගේ ඒක පෙන්නන්නේ නෑ.

ඒ වගේම අපේ හිතේ තියෙන විදියටම එයාලා උදවු කරන්නෙත් නෑ. ඒකට එයාලගේ ක්‍රමයක් තියෙනවා.

ඒක තේරුම් ගන්න එකයි වඩාත්ම වැදගත් දේ.

2. කවදාවත් දරුවන්ගේ තාත්තා තව කෙනෙක් එක්ක සන්සන්ඳනය කරන්න එපා 

අරයගේ මහත්තයා නම් මෙහෙම කරනවා. අරම කරනවා. ඔයා කරන්නේ මෙහෙමයී.

කවදාවත් ඒ දේ කරන්න එපා, ඔයා හිතන්නේ වත් නැති තරම් නරක ප්‍රතිඵල තමයි ඒ වගේ දේකින් ගේන්නේ.

3. කරන පුංචි දෙයක් උනත් පසසන්න

අපි හැමෝම කැමතියි ප්‍රශංසාවට. තාත්තලාත් එහෙම තමයි. මේක පුංචි මානසික අල්ලසක්.

ස්තුතියි කියන වචනෙට තියෙන්නේ පුදුම බලයක්...ලෝභ වෙන්න එපා ඒ වචනේ පාවිච්චි කරන්න මොනම වෙලාවකවත්.

4. පිට අය ඉස්සර කවදාවත් වැරදි කියන්න එපා

අම්මලා, තාත්තලා ඉස්සරහ උනත් එපා, පිරිමි අය නොපෙන්නුවට එයාලට හරියට වටිනවා තමන්ගේ ආත්ම අභිමානය.

අපි විහිලුවට වගේ පිට අය ඉස්සරහ කියන පොඩි දේකින් තමයි ලොකු ප්‍රශ්න පටන් ගන්නේ.

වරදක් තියෙනවා නම් ඒක ස්වාමියා සහ බිරිඳ අතර කතා කරලා විසදගන්න.

වෙන විකල්පයක් නැතිම නම් පමනක් තුන් වෙනි පාර්ශ්වය ක උදවු ගන්න.

5. ගේ ඇතුලේ මොන තරම් රණ්ඩු කරගත්තත් ඒවා පිටට ගෙනියන්න එපා

අම්මලා, තාත්තලා ඉස්සරහටවත්.

අම්මලා,තාත්තලා ගෙන් ඈත් වෙලා දැන් අපිටම පවුලක් තියෙනවා. අපිත් අම්මලා තාත්තලා වෙලා,අපිත් දැන් වගකීමක් තියෙන මිනිස්සු. අපේ ප්‍රශ්න අපි විසදගන්න ඕනි.

විශේෂයෙන්ම පවුලේ ප්‍රශ්න නෑදෑයන් ඉස්සරහට නම් ගෙනියන්නම එපා. ඒකෙන් එන්නෙත් ගොඩාක් භයානක ප්‍රතිපල.

6. කවදාවත් දරුවන් ඉස්සරහ රණ්ඩු කරන්න එපා

එකිනෙකාගේ වැරදි දරුවන්ට කියන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාට පවුලත් නැති වෙලා, දරුවනුත් නැති වෙන එක.

7. පුලුවන් හැම තිස්සෙම පිට අය ඉස්සරහ, නෑදෑයන් ඉස්සරහ, දරුවන් ඉස්සරහ තමන්ගේ ස්වාමියාව පසසන්න

උදා:-ඔයාලට ලැබිලා තියෙන්නේ ලෝකෙ ඉන්න හොදම තාත්තා.

බලන්න තාත්තා අපිට කොච්චර ආදරේද කියලා. ඒ වගේ.

පසසන්න.

8. දරුවන් සම්බන්ධ ව පුංචිම තීරණය ක් ගනිද්දි උනත් මුලින්ම දරුවගේ තාත්තා එක්ක කතා කරන්න

එයා කැමති නම් විතරක් පිට අයගේ  උපදෙස් ගන්න.

9. නිතර නිස්කලංකව කතා බහ කිරීම පුරුද්දක් කරගන්න

ඉඩක් තියෙන විවේකී වෙලාවක දරුවන්ගේ අනාගත සැලසුම්,දැනට වැඩ කරගෙන යන විදිය,වැඩ වලට ස්වාමියගෙන් ලැබෙන්න ඕන සහයෝගය වගේ දේවල් බොහොම නිවිසනසිල්ලේ කතා කරන්න.

10. කොයිම වෙලාවකවත් අනිත් පාර්ශ්වය වෙනස් කරන්න යන්න එපා. 

කෙනෙක්ව අපිට ඕන කරන විදියට වෙනස් කරගන්න එක ගැන නම් මගේ වැඩි කැමැත්තක් නෑ.

එහෙම කරත් ගොඩාක් තාත්තලා පවුලේ සමගිය වෙනුවෙන් වෙනස් වෙලා හිටියට ඒක කැමත්තකින් කරන දෙයක් නෙමෙයි.

මොන වෙලාවක,මොන විදියකට ඒ පීඩනය පිට වේවිද කියන්න බෑ

11. අන්තිම සහ වැදගත්ම දේ සැමියාගේ උදව් ගන්න

මහත්තයා,අම්මා,නැන්දම්මා හෝ වෙන කිසිම කෙනෙක් ,අඩුම ගානේ අපේ දරුවන් වත් අපිට උදවු කරන්න බැදිලා නෑ.

ඒ හැමොන්ටම එයාලගේ ජීවීතයක් තියෙනවා. එයාලා හිතලා අපිට උදවු කරොත් එහෙමයි. නැත්නම් එහෙමයි.

සැමියාගේ උදව්

 

මෙම රසවත් මෙන්ම හරවත් ලිපියෙන් අප දෑස් විවර කර සැමියෙකුගේ සවිය දෙස වෙනත්ම කෝණයකින් බලන්නට අපට ආරාධනා කල අයේෂා චතුරාණි සිරිබද්දන වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. දැනට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන අයේෂා පූර්ව ළමාවිය අධ්‍යාපන වේදිනියක්(Educator of Early childhood Education and care)ලෙස ඔස්ට්‍රෙලියාවේ ප්‍රමුඛ ආයතනක පූර්ණ කාලීනව සේවය කරනවා.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?
බෙදාගන්න :
  • කම්මැලි සැමියන් කඩිසර කරමුද?

    කම්මැලි සැමියන් කඩිසර කරමුද?

  • යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි

    යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි

  • කම්මැලි සැමියන් කඩිසර කරමුද?

    කම්මැලි සැමියන් කඩිසර කරමුද?

  • යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි

    යුග දිවි වනසන කම්මැලි සැමියන් ගැනයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it