theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.

2 අවම කියවීම
විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.

ජීවිතය තුල විඩාබර මව්වරුන් සිය සහකරුගෙන් අසන්නට කැමති  මොනවාද? මෙන්න මේ උදාහරණ කිහිපය කියවන්න.

අති දක්ෂ, කැපවුණු මව්වරුන් පවා මාතෘත්වයේ සුවිසල් වගකීම් දැරීමට ඔවුන් සුදුසු මදියැයි සිතෙන්නට පුළුවන්.

ඔවුන්ව බිදි යන තරමට ඔවුන් මානසිකව, ශාරීරිකව විඩාබර වී ඉන්නවා වෙන්න පුළුවන්.

විඩාබර මව්වරුන් සනසන්න, දිරිගන්වන්න අවැසි ඔවුන්ගේ සහකරුවන්ට, සැමියන්ට පැවසිය හැක දිරි වැකි කිහිපයක් මෙන්න:

අලුත් අම්මාගේ හිත

1. ඔයාගේ සේවය නම් විශිෂ්ඨයි

සියලුම විඩාබර මව්වරුන් ඔවුන්ගේ සේවය ප්‍රසංශනීය බව සහතික කරනවාට කැමතියි. කිසිම මවක් සර්වසම්පුර්ණ නැහැ. එහෙත් ඔවුන් තමන්ව අගය කරනවාට කැමතියි.

2. ඔයාට ඕක හෙටත් කරන්න පුළුවන්

වැඩ කන්දකින් විඩාබර මව්වරුන් සියල්ල උපරිමයෙන් කරන්න ඕනී කියලා හිතනවා. එහෙත් සමහර දේවල් ඔවුන්ට හෙටත් කරන්න පුළුවන් මතක් කරන්න අවශ්‍ය වෙනවා. ඔවුන් අද කුමක් ඉටු කලත් එය වැදගත් වෙනවා. දරුවන්ට ඇති ආදරය වෙනුවෙන් කරන කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ.

විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.

3. මගෙන් ඕනී උදව්වක් ඉල්ලන්න.

සහයක් පිරිනැමීම තුල ඔවුන්ට විඩාබර බවින් මිදීමට උදව්වක් මෙන්ම ඔවුන්ට ඔබ තුල ඇති ආදරය සහතික කිරීමක්ද තියෙනවා.

විඩාබර මව්වරුන් ඔවුන්ට ඇති අති මහත් කර්තව්‍යයන් වැඩි බව හිතනවා. එමනිසා   ඔබ ඔවුන්ගේ කාර්යයන්ට සහය වීම තුලින් ඔවුන්ට  වෙහෙස නිවාගන්න ඉඩක් ලැබෙන අතර එයට ලොකු වෙනසක් කරන්න පුළුවන්.

4. ඔයා දැන්  විවේකයක් ගන්න.

විඩාබර මව්වරුන්ට ඔවුන්ටම වෙන්වු වේලාවක් ලබා දෙන්න. මවකට තමන්ගේ දරුවන්ට හොදම අම්මා වෙන්න තමන් ගැන සැලකිලිමත් වීම හොදම ක්‍රමය නිසා එයට ප්‍රමුඛතාවය දෙන්න.

හවස් වෙද්දී විඩාව

5. ඔයා සර්වසම්පුර්ණ වෙන්න ඕනි නැහැ.

හොද මවකට වුනත් අතපසු වීම් සිදුවිය හැකි බවත් ඔවුන් සර්වසම්පුර්ණ වීම අනවශ්‍ය බවත්  ඔවුන්ට සහතික වන්න. ඔවුන්ව කිසිවිටෙකත් මනින්න බැහැ කියන පීඩනයක මව්වරුන් ඉන්න පුළුවන්. මේ නිසා මානසික කළකිරීමක් දක්වා පැතිර යා හැකි ආතතියක් ඇතිවෙනවා.

6. ඔයා මාව සතුටට පත්කරනවා.

විඩාබර මව්වරුන් සදහා ඔවුන්ගේ සාර්ථකත්වය අගය කිරීම වැදගත් වෙනවා. සෑම විටම ඔවුන් පරිපූර්ණ නොවුනත්  ඔවුන්ට  සහය පමණක් නොව ගෞරවය දක්වන සහකරුවෙක් සිටින බව දැනීමත් ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යෑමට රුකුලක් වෙනවා.

7. අපිට නරක දවසුත් තියෙන්න පුළුවන්.

හොද දවස් වගේම නරක දවසුත් තියෙනවා. විඩාබර මව්වරුන්ට සෑම විටම හොද පමණක් සිතන්න බල කරන්න එපා. ඔවුන්ට දුක, කණගාටුව දැනීමට ඉඩ දිය යුතුයි. කළකිරීම ජීවිතයේ කොටසක් වන අතර දෙමාපියන්ටද එයින් මිදිය නොහැකියි.

8. ඔයාට මාත්, මට ඔයාත් ඉන්නවා.

අවසන් වශයෙන් විඩාබර මව්වරුන් තනි වී නොමැති බව ඔවුන්ට දැනෙන්න අවශ්‍යයි. ආදරණීය සහකරුවන් ඔවුන්ගේ වේලාව කැපකර ඔවුන්ට මගපෙන්වීමින්, ඔවුන්ට ඇහුම්කන් දෙමින්, නරක කාලයකදී පවා ඉවසීමෙන් කටයුතු කරමින් විඩාපත් මව්වරුන් තනි වී නොමැති බව ඔවුන්ට දැනෙන්න දෙනවා.

මාතෘත්වය තුල විඩාපත් බව අලුත් දෙයක් නොවුනත් ඒ වෙනුවෙන් ආදරණීය සහකරුට කලහැකි දේ පිළිබඳ මේ මතක් කිරීම theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විඩාබර මව්වරුන් දිරිගන්වන්න සැමියාට මෙහෙම කියන්න පුළුවන්.
බෙදාගන්න :
  • ඔබත් හවස් වෙද්දී වැඩිපුර මහන්සි දැනී විඩාවට පත්වන මවක්ද?

    ඔබත් හවස් වෙද්දී වැඩිපුර මහන්සි දැනී විඩාවට පත්වන මවක්ද?

  • ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

    ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

  • ඔබත් හවස් වෙද්දී වැඩිපුර මහන්සි දැනී විඩාවට පත්වන මවක්ද?

    ඔබත් හවස් වෙද්දී වැඩිපුර මහන්සි දැනී විඩාවට පත්වන මවක්ද?

  • ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

    ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it