theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලාබාල පෙම්වතිය නිසා සැමියා විසින් අත්හැර දැමු ඇය‌ගේ ඉරණම ‌‌කෙලෙස විසදේවිද?

6 අවම කියවීම
ලාබාල පෙම්වතිය නිසා සැමියා විසින් අත්හැර දැමු ඇය‌ගේ ඉරණම ‌‌කෙලෙස විසදේවිද?ලාබාල පෙම්වතිය නිසා සැමියා විසින් අත්හැර දැමු ඇය‌ගේ ඉරණම ‌‌කෙලෙස විසදේවිද?

හස්බන්ඩ් දාලා ගියා කිව්වොත්?  ඔයාට වැඩිය ගොඩක් ලාබාල කාන්තාවක් සමග කිව්වොත්? ඒත් මේ ඒ කටුක සත්‍ය දරාගත් කාන්තාවකගේ ජිවිතයෙන් අපට කියා දෙන පාඩමයි.

ඔවුන් වසර 20 ක් එකට ජීවත් වුනා. නමුත් එක් අවාසනාවන්ත උදයක අවදි වු නීනාට ( ඇයගේ සත්‍ය නම නොවේ) දැන ගන්න ලැබුනේ ඇයගේ සැමියාට තවදුරටත් ඇය අවැසි නැති බවයි.

ඔහුට තවත් ආදරයක් හමුවෙලා. ඔහුව සතුටින් තියන්න පුළුවන් කෙනෙක්, ඔහු ගැන සොයා බලන කෙනෙක් ඒ වගේම අවුරුදු 10 ක් ලාබාල කෙනෙක් ඔහුට හමුවෙලා.

ඇයගේ බිය සත්‍ය වෙලා. ඔහු සිය ලාබාල පෙම්වතිය වෙනුවෙන් ඇයව අත්හැර දමලා.

ඒ වන විටත් ඇයගේ අබලන්ව තිබු ඇයගේ ආත්ම අභිමානයට එය මරු පහරක් වුනා.

ඇය හැර යාමට පෙරම ලිංගික සම්බන්ධතා ඔවුන්ගේ විවාහයෙන් පිටමන් වී තිබුණා.

ඔහු තවදුරටත් ඇයට ප්‍රශංසා කළේ නැහැ. ඇය ඔහු වෙනුවෙන් කළ හෝ කියන සෑම දෙයක්ම ඔහු විවේචනය කළා.

ඔහුගේ සෑම අවශ්‍යතාවක්ම සපුරාලීමට ඇය වෙහෙසෙද්දී, ඇය නිරන්තරයෙන් අසමත් වන බවක් ඔහු ඇයට හැඟී යන්න ඉඩ දුන්නා.

නීනා තිදරු මවක් වූ අතර, ඇගේ බාල දරුවාට වයස අවුරුදු දෙකක් පමණ වු අවදියේදි ඇය නැවත විවාහ වුනා.

ඒ වගේම ඇගේ දරුවන් මෙතෙක් දැන සිටි එකම පියා මේ පුද්ගලයා වීම සිත් රිදවන තවත් කරුණක් වුනා.

ඇගේ පළමු විවාහය පැවතියේ වසර දෙකක් පමණි. ඇය සිතුවේ මේ මිනිසා “එකම තැනැත්තා” වේවි කියා නමුත් ඒ හැඟීම අන්යෝන්ය නොවන බව එයින් පෙනුනා.

ලාබාල පෙම්වතිය නිසා සැමියා විසින් අත්හැර දැමු ඇය‌ගේ ඉරණම ‌‌කෙලෙස විසදේවිද?

ඇගේ ස්වාමිපුරුෂයා ළාබාල  කාන්තාවක් නිසා ඇය අත්හැර දැමුවා. මෙසේ වන්නේ  ඇයි?

සැමියන් ළාබාල පෙම්වතියන් නිසා තම භාර්යාවන් අත්හැර දමන්නේ ඇයිද යන්න පිළිබඳව පහසු පැහැදිලි කිරීමක් නැහැ.

නීනාගේ සිදුවීමේදි, ඇය තවදුරටත් ඔහුව තෘප්තිමත් නොකරන බව ඇගේ හිටපු සැමියා කියා සිටිනවා.

තමා ආදරය කළ හා විවාහ වූ කාන්තාව වීමට තවදුරටත් උත්සාහ නොකර අත්හැරීම ගැන ඔහු ඇයට දොස් පැවරුවා.

ඇත්තටම මේ අපෙත් යථාර්ථය නොවේද? බොහෝ විට රිදවූ තැනැත්තා ඔවුන් වැරැදි යැයි සිතනවා.

සැමියන් විසින් අත් හැර දැමු  කාන්තාවන් සිතට ගන්නා එකම දෙය මෙම ප්‍රමාණවත් නොවීම පිළිබඳ හැඟීම පමණක් නොවෙයි.

පිරිමින් විසින් වයස අවුරුදු 40 ඉක්මවූ පසු කාන්තාවන් අවතක්සේරු කරන බව සමහරු විශ්වාස කරනවා.

එයට හේතුව වන්නේ කාන්තාවන් සමහර විට බොහෝ වයසට යෑමට බිය වීමයි.

සරලව කිවහොත්, පිරිමින් තරුණ කාන්තාවන් පසුපස හඹා යන්නේ ඔවුන්ට තරුණ බවක් දැනීමට අවශ්‍ය නිසායි.

ඔබේ ස්වාමිපුරුෂයා ඔබ අත්හැර ළාබාල කාන්තාවක් වෙත ගියහොත් කුමක් සිදුවේද?

එය නොසලකා හැර අත්හැර දැමීම වෙන්න පුළුවන්. නමුත් එය සැමවිටම සුපරීක්ෂාකාරී විය යුතුය. ඔබට එය වළක්වා ගත හැක්කේ කෙසේද?

මැදි වයසට එළඹෙන යුවල වල විවාහ බිඳවැටීම සඳහා අවදානම් සාධක තුනක්  Psychology Today මගින් මේ වෙන විට පෙන්වා දෙනවා. අපි ඒ ගැන බලමු.

3

  1. යථාර්ථවාදී නොවන අපේක්ෂාවන්

විවාහය පිළිබඳව පුරුෂයින්ට හා කාන්තාවන්ට තමන්ගේම අපේක්ෂාවන් තියෙනවා.

මෙම අපේක්ෂාවන් සපුරා ගත නොහැකි වු විට ඔවුන් ඒවා හා කටයුතු කරන ආකාර විවිධාකාර වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සමහරු තම විවාහය වෙනුවෙන් සටන් කිරීමට තෝරා ගන්නා අතර තවත් සමහරු සියල්ල අත්හැර  යන්නේ ඔවුන්ට සතුටින් ගත කළ හැකි කෙනෙකු ඉන් පිටත සිටින බව සිතමිනි.

  1. තමන් ගැන පමණක් සිතීම

සමහර පිරිමින්, තමන් ගැන පමණක් සිතමින් වැඩි උද්යෝගයක් සඳහා ලාබාළ කාන්තාවන් සොයා යනවා.

සමහරුන්ට අගය කිරීමට ලක්වෙන්න, සුරතල් වෙන්න හා තම සහකාරියන් පාලනය කිරීමට අවශ්‍ය වුවා වෙන්න පුළුවන්.

මෙවන් අරමුනු වෙනුවෙන් ඔවුන්, ඔවුන් සිය  අවශ්‍යතා වලට තම බිරිඳගේ සහ පවුලේ අවශ්‍යතා වලට  වඩා ප්‍රමුඛස්ථානය ලබා දෙනවා .

ඔවුන් තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීමට අයිතියක් ඇති බව සිතනවා.

චපල පිරිමින්

  1. නොසැලකිලිමත් හැසිරීම් සීමා

වසර ගණනාවක් පුරා, යුවළයන් සුවපහසු ලෙස නිදහසේ සිටිනවා වෙන්න පුළුවන්. එය ඇත්තටම නරක දෙයක් නෙමෙයි තමයි.

නමුත් මෙම නිදහස වැරදියට යොදා ගත් විට එතැන ගැටලුවක් පැන නගිනවා.

නිදසුනක් ලෙස, තරුණ සම සේවිකාවක සමඟ කරන හානිකර දැඩි සෙනෙහේවන්ත කම් පෑමට යෑමෙන්  ඔහු නොමඟ යමින් සිටින බව සැමියා නොදන්නවා වෙන්න පුළුවන්.

ඒ එය හානිකර හැසිරීමක් බව ඔහු ප්‍රතික්ෂේප කරන නිසායි.

ඔබේ සැමියා ළාබාල කාන්තාවක් වෙනුවෙන් ඔබව අත්හැර දැමුවොත් ඔබ එයට මුහුණ දෙන්නේ කෙසේද?

ඔබ ඔබේ ජීවිතය බෙදා ගැනීමට ඔබ පොරොන්දු වූ තැනැත්තා අතහැර යාම අතිශයින්ම වේදනාකාරියි.

නමුත් ඔවුන් ළාබාල කෙනෙක් වෙනුවෙන් ඔබ අත්හැර දැමු බව දැනීම ඊටත් වඩා වේදනාවක් ලබා දෙන්න පුළුවන්. 

මෙවන් තත්වයකදි ඔබට මෙම කඩා වැටීම හදාගන්න එක රැයකින් බැහැ.

එය දිගු ක්‍රියාවලියක් වන අතර ඒ සදහා කැපවීම සහ ඉවසීම අවශ්‍ය වෙනවා. නමුත් ආරම්භ කිරීමට ක්‍රම තියෙනවා.

  1. හස්බන්ඩ් දාලා ගියා කියලා ආත්ම අනුකම්පාවක් ඇති කරගන්න එපා

ඇත්තෙන්ම මෙය කරනවාට වඩා කියන්න පහසුයි. නමුත් එය කළ හැකි බව ඔබ දැන සිටියාද?

ඔවුන් තරුණ වුවත් නැතත් වෙනත් අයෙකු වෙනුවෙන් අතහැර දැමීමෙන් ඔවුන් ඔබේ වටිනාකම හෑල්ලුවට ලක්කරනවා.

ඔබටම ඔබ  දොස් පවරාගන්න පුළුවන්. එය සාමාන්‍යයි. නමුත් එයට ඔබේ හැගීම් පාලනයට ඉඩ දිය යුතු නැහැ.

හිත හදාගැනීමේ කාර්යය අඩාල කරගන්න එපා. පළමු පියවර ලෙස සැබවින්ම ඔබ  ඔබට සමාව දෙන්න.

ඔබ හිත හදාගත යුතු බව දැනගන්න. මෙම සිදු වු කඩා වැටීම යථා තත්වයට පත් කිරීමට පටන් ගත හැකි එකම ක්‍රමය මෙයයි. 

  1. හස්බන්ඩ් දාලා ගියා වුනත් ඔබේ රැකවරණයට ප්‍රමුඛත්වය දෙන්න

ඔබටම ආදරය කිරීමට පටන් ගන්න. ජිම් එකකට ඇතුල් වෙන්න, ස්පා ප්‍රතිකාර ලබා ගන්න, සංචාරය කරන්න.

ඔබේ ජීවන තත්වය ඉහළ නැංවීමට කළහැකි ඕනෑම දෙයක් කරන්න.

ඔබේ සැමියා ළාබාල කාන්තාවක් වෙනුවෙන් ඔබව අතහැර ගියත්, සරල ආකාර වලින් ඔබ වෙනුවෙන් දේවල් කිරීමෙන් ඔබේ වටිනාකම ඔබට මතක් කර දෙන්න පුළුවන්.

මව්වරුන්ට, තම දරුවන් රැකබලා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමද මේ සදහා උපකාරී වෙනවා.

ඇත්තෙන්ම, ඔබ වේදනාවෙන් සිටියත් ඔවුන්ට හොඳම සැලකිල්ල ලබා දීමට ඔබ කෙරෙහි විශ්වාසයක් ගොඩ නගනවා.

  1. හස්බන්ඩ් දාලා ගියා වුනත් ඔබේ රුචිකත්වයන් හා ආශාවන් ඉටු කරගන්න

ස්වයං රැකවරණයට අනුකූල වෙමින්  සම්බන්ධතාවයක සිටියදී ඔබ ඈත් කල දේවල් සහ කැපකිරීම් කෙරෙහි අවධානය යොමු කරන්න.

ඔබේ සැමියාට ඔහුගේ  වෘත්තියෙහි විශිෂ්ටත්වයට ලගා වෙන්න ඉඩ දී ඒ වෙනුවෙන් ඔබ ඔබේ හීන අතහැර දැමුවාද?

එසේ නම් ඔබ නතර කල තැනින් යලි පටන් ගන්න. ඔබ ප්‍රමාද වැඩි නැහැ.

ඔබ ඔබේ සම්බන්ධතාවය වැඩ කරන්න. ඔවුන් පවසන පරිදි, සමහර විට ඔබට විශ්වාස කළ හැකි එකම තැනැත්තා වන්නේ ඔබයි.

  1. හස්බන්ඩ් දාලා ගියා කියලා සිදු වු දෙය සිතන්න යන්න එපා

සම්බන්ධතාවයක් අවුල් වූ විට, වැරදුණු තැන් සොයන්න උත්සහ කිරීම ස්වාභාවිකය.

නමුත් ඒවා සොයා යාමෙන්  බොහෝ විට වන්නේ යහපතකට වඩා අයහපතකි.

වෙන්වීම් අවුල් සහගත වන අතර විවාහය අවසන් වන්නේ ඇයිද යන්න පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් සොයාගන්න බොහෝවිට අසීරුයි.

බොහෝ විට පිළිතුරු නොලැබෙන ප්‍රශ්න සහ වචන තියෙන්න පුළුවන්. පිළිතුරු පිළිබඳ පොරොන්දුවකින් තොරව ඉදිරියට යාමට තරම් නිර්භීත වන්න. 

  1. හස්බන්ඩ් දාලා ගියා නම් ඔබේ ආඩම්බරය පසෙකලා උදව් ලබාගන්න.

අම්මලා මොනවා වුනත් ශක්තිමත්ව ඉන්න අවශ්‍ය වෙනවා. නමුත් අපි හැමෝටම එක් වරක් හෝ පුංචිම පුංචි උදව්වක් අවශ්‍යයි.

විවාහය අවසන් වීමෙන් පසු උදාවෙන හද කම්පා කරවන කාල පරිච්ඡේදයේදි කාන්තාවකට  ඇයට ලබා ගත හැකි සියලු සහයෝගය අවශ්‍ය වෙනවා.

එහිදි විශ්වාසදායක පවුලේ අය සහ මිතුරන්ගේ සහයෝගය ලබා ගෙන මෙම දුෂ්කර කාලය ගෙවාගන්න.

දරුවෙකු ඇති දැඩි කිරීම අසීරු කටයුත්තක්. ඔබේ සහකරු ඔබව අත්හැර දැමීමට තීරණය කළ පසු දරුවා හදා වඩා ගැනීම සඳහා ඒ හා සමාන සහයෝගයක් අවශ්‍ය වෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ලාබාල පෙම්වතිය නිසා සැමියා විසින් අත්හැර දැමු ඇය‌ගේ ඉරණම ‌‌කෙලෙස විසදේවිද?
බෙදාගන්න :
  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it