theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්වාමිපුරුෂයන්ට පමණයි, ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි

4 අවම කියවීම
ස්වාමිපුරුෂයන්ට පමණයි,  ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවිස්වාමිපුරුෂයන්ට පමණයි,  ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි

ස්වාමිපුරුෂයනි, ඔබේ විවාහය විනාශ කළ හැකි හැසිරීම් ගැන පරෙස්සම් වන්න.

විවාහය අසීරු කටයුත්තක් බව ඔබ බොහෝ අසා ඇති, එය සැබෑවක් බව ඔබම අත්දැක වටහාගන්නා තෙක් ඔබට එසේ දැනෙන්නේ නැත. විවාහය බිද වැටීමට ඉඩ දීම පහසුය. හැමෝ අතින්ම වැරදි වන්නට පුළුවන්. නමුත් බිරිඳගේ හා සැමියාගේ අඩුපාඩු තේරුම් අරන් ඒවා හදාගත්තේ නැතිනම් හැමෝ අතින්ම වැරදි වන්නට පුළුවන්. නමුත් බිරිඳගේ හා සැමියාගේ අඩුපාඩු තේරුම් අරන් ඒවා හදාගත්තේ නැතිනම් විවාහය දෙදරා යාමට ඇති ඉඩකඩ වැඩියි.

ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් එකිනෙකා අතර ඇති සම්බන්ධය වඩා හොඳින් හා ශක්තිමත් කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කළ යුතු වන්නේ අන්න ඒ නිසයි.

කාන්තාවන්ද මේ දේවල් කලත් මෙම හැසිරීම් විශේෂයෙන්ම පිරිමින් අතර බහුල වේ. මෙම විනාශකාරී පුරුදු වළක්වා ඔබේ විවාහය රුකගන්න.

ස්වාමිපුරුෂයන්ට පමණයි,  ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි

මේ දක්වන සැමියාගේ අඩුපාඩු හදාගත්තොත් ලස්සන විවාහයක් ගොඩනගාගන්න පුළුවන්

1. සන්නිවේදනය නොකිරීම

කුඩා කාලය තුල ලැබු උපදෙස්  නිසා පිරිමින්ට ඔවුන්ගේ හැඟීම් ගැන කතා කිරීමේ ගැටලු ඇත. මෙය ගැටුම් නිරාකරණය කිරීම දුෂ්කර කරයි.

- ඔබ ඒවා කථා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ එය විසඳන්නේ කෙසේද? සමහර පිරිමින් වඩාත් අවශ්‍ය වෙන විට එය ප්‍රතික්ෂේප කරනවා. -  මෙය සම්බන්ධතා පර්යේෂකයෙකු වන ජෝන් ගොට්මන් විසින් "ගල් තාප්පය" ලෙස හදුන්වන ලදි.

මනෝවිද්යාඥ මාරී ස්පීස් පවසන පරිදි, "ගල් තාප්පය තෝරා ගන්නා පුද්ගලයා ස්වයං පිළිබිඹුවක් ඇති නොකරගන්නා අතර පෞද්ගලික වර්ධනයක් සඳහා තවදුරටත් සහභාගී නොවේ."

සබඳතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා වෙනුවට, සන්නිවේදනය ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට එහි ප්‍රගතියක් ලබා නොලැබේ . මීට අමතරව, ගල් තාප්පයක්  ලෙස කටයුතු කරන පුද්ගලයාට නොසලකා හරින බවක් වැදගත් නොවන බවක් දැනේ.

මෙම හැසිරීම අමනාපයක් ඇති කිරීමට මෙන්ම බොහෝ විට වෙන්වීම හෝ දික්කසාද වීමට හේතු වේ.

ස්වාමිපුරුෂයන්ට පමණයි,  ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි

2. ඇයව නොසලකා හැරීම

Paired life පෙන්වා දෙන පරිදි ඔබේ භාර්යාව ඔබව විවාහ කර ගත්තේ ඇයට ජීවිතයේ ඉතිරි කාලය ඔබත් සමග ගත කිරීමට අවශ්‍ය නිසාය.

ඔබ වැඩිපුර ඔබේ කාර්යාලයේ සේවය කරන්නේ නම්, සගයන් සමඟ බාර් එකේ විනෝද වන්නේ නම් ඉන්පසු  නිවසට ගොස් රූපවාහිනිය ඉදිරිපිට නොරුදි පවුලේ සාමාජිකයින් සමඟ වැඩිපුර කාලයක් ගත කරන්න යැයි ඔබේ බිරිඳ නගන මැසිවිලි වලට සවන් යොමු කරයි නම් ඔබ ඇය ගැන සලකන බවට එය සහතිකයක් වෙනවා.

ඔබේ බිරිඳ තනිකම හෝ අත්හැර දැමු බවක් දැනෙන්නට දෙන්න එපා.

ඔබට හිතෙනවා නම් ඔබේ විවාහය ඔබ හිතන පරිදි නොවන බව ඒ ගැන පරීක්ෂා කරනවා වෙනුවට ඒ සදහා වැඩි කාලයක් ගත කරන්න.

ඔබ ඔබගේ බිරිඳගේ ප්‍රමුඛතාවය ලබන්නා වන්නා සේම ඇය ඔබගේත් එසේ විය යුතුය.

3. ඇය නිතරම විවේචනය කිරීම

අදහස් වචනයට නැංවීම (හොඳ සන්නිවේදනයක් තුල සිදුකරන) හා  පුද්ගලයාගේ චරිතය හා පුද්ගලයාට පහර දීම අතර විශාල වෙනසක් ඇත.

අහස උසට ගොඩ ගැහුනු බලාපොරොත්තු ඉටු නොවීම ගැටලුවේ කොටසක් වන අතර ඇයව අනෙක් කාන්තාවන්ට සමාන කිරීමද එසේ වේ.

ඔබ අකමැති ඇය කරන සෑම කුඩා දෙයක් වෙතම අවධානය යොමු කරනවා වෙනුවට, ඇගේ ශක්තීන් ගැන අවධානය යොමු කර ඇයව ගොඩනඟන්න.

ඇය තුළ ඇති යහපත දැකිමට ඔබ පුරුදු වු පසු , විවේචනය හා විනාශකාරී රටාවෙන් ඔබට ඈත් විය හැකිය.

සැමියා සමග ගැටුම්

4. ඇය ලිංගික වස්තුවක් ලෙස සැලකීම

ඔබ ලිංගිකව හැසිරීමට අවශ්‍ය වු විට පමණක්  ඇයට අවධානය යොමු කරන්නේ නම් ඔබේ බිරිඳට එය වැටහෙනු ඇත.

Family share අනුව, ඔබ ශාරිරික එකතු වීමකට පෙර හැගීම්බර සම්බන්ධතාවයක් මෙන්ම විශ්වාසයක් ගොඩනගා ගන්න.

එවිට ලිංගිකත්වය එය වියයුතු පරිදිම තෘප්තිමත් වේවි...

මීට අමතරව, ඔබ ඔබේ බිරිද සමග ලිංගිකව එක්වෙන විට ඔබේ අවශ්‍යතා පමණක් නොසිතිය යුතු අතර ඇයගේ සතුටත් ඔබගේ  සතුට තරම්ම වැදගත් වේ.

5. ඔබේ කෝපය පාලනය නොකිරීම

ඔබ ආදරණීය ස්වාමිපුරුෂයෙකු විය හැකි අතර දරුණු තරහා යනවා විය හැක.

නමුත්, සියල්ල අහිමි නොවේ. ඔබ විශ්වාස කරන දෙය වෙනුවෙන් ඔබට වෙනස් විය හැකි අතර, ඔබ වෙනස් විය යුතුය.

කෝපය යනු පිළිගත හැකි හැගීමක් වන නමුත්, එය නිවැරදිව ප්‍රකාශ කළ යුතුය.

Greater goods නිර්දේශ කරන්නේ, එය හඳුනා ගැනීමෙන් ඔබේ කෝපය පාලනය කර ගැඹුරු හුස්මක් දෙකක් ගෙන සහ ප්‍රතිචාර දැක්වීමට පෙර නැවත වරක් සිතා බලන්න.

ඔබේ ආදරණීයයන්ට දරුණු ලෙස රිදවන ඕනෑම දෙයක් කියන්නට හෝ කරන්නට ඔබට අවශ්‍ය නැත.

6. නිවසේ කටයුතු වලට උදව් නොකිරීම

ලන්ඩන් ආර්ථික විද්‍යා අධ්‍යයනයකට අනුව, ස්වාමිපුරුෂයන් නිවසේ කටයුතු වලට උපකාර කළහොත් විවාහයන් සාර්ථකව ක්‍රියාකරනු ලබයි.

ඔබ නිවසම ගෘහ මුලිකයා වුවත්  ඔබේ භාර්යාව ඔබගේත් දරුවන්ගේත් සියලු වැ කටයුතු කරන තුරු ඔබට කම්මැලිව නිවස රැඳී සිටිය හැකි බව ඉන් අදහස් නොවේ.

ඇය ඔබේ සේවිකාවක් හෝ කෝකියා නොවේ, ඇය ඔබේ සහකාරිය වන අතර ඔබ දෙදෙනා එක් කණ්ඩායමක් වේ. එලෙස පටන් ගන්න.

7. සමාව නොඉල්ලීම

සමාව ඉල්ලීම ඔබ ඉදිරියට ගොස් සාමය හා සමගිය සමාදානය සොයන බවට සලකුණක් වෙන බව Paired life පෙන්වා දෙනවා.

සමාව ඉල්ලන්නා පරාජිතයාද සමාව දෙන්නා ජයග්‍රාහකයාද නොවේ.

එය දුර්වලකමේ සංඥාවක්ද නොවේ. එය ඔබගේ සුවපත් කිරීමට මෙන්ම එය නැවත යථා තත්වයට පත් කර ගත හැකි ක්‍රමයක්ද වෙනවා.

ඉතින් චුට්ටක් නම්‍යශිලි වෙලා සැමියාගේ අඩුපාඩු හදාගන්න ඔහුට පුළුවන් නම්, විවාහය තුල ඔවුන්ට විශාල සාර්ථකත්වයක් අනිවාර්යෙන්ම ලබන්න පුළුවන්.

මේ තොරතුරු theAsianparent sri lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ස්වාමිපුරුෂයන්ට පමණයි, ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it