theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියාට දැන් ඔබ ආකර්ෂණිය නැති වෙලා වගේද?

5 අවම කියවීම
සැමියාට දැන් ඔබ ආකර්ෂණිය නැති වෙලා වගේද?සැමියාට දැන් ඔබ ආකර්ෂණිය නැති වෙලා වගේද?

සැමියාගේ ආදරය හා ආකර්ෂණය ඔබගෙන් ගිලිහින බව දැනුනොත් මොකද කරන්නේ?

ජිවිතයේ විවිධ විවාහ ගැටළු අතර සැමියාගේ ආකර්ෂණය අහිමි ඔබට ලියමි.

ඊයේ ඔබ නිවසේ සියලුම වැඩ කටයුතු ඉවර කරලා ඔයා කාමරේ වාඩි වුනා නේද? දරුවන් හොදටම නින්දට වැටිලා. ඔබේ සැමියාත් නිදි. 

ඔයා ඇදේ පසෙකින් වාඩි වෙලා නිදා සිටින  ඔහු දෙස බලා සුසුම් හෙලුවා.  ඔහු අවදිව සිටියා නම් ඉස්සර වගේ ඔබට කතා කර කර ඉන්නා තිබුනා කියලා ඔබට සිතුනා.

ඒ අතීතය කොතරම් සුන්දරද? ඔයාගේ අත්දෙකම අල්ල ගෙන ඒ ඇගිලි තඩු වලින් ඔයාව ස්පර්ශ කරමින් ඔයත් එක්ක බොහෝ දේ දෙඩු හැටි ඔයාට මතක් වෙනවා.

ඇස් දෙකෙන් එකිනෙකා අල්ල ගෙන සෑම අකුරක් ගානෙම කියපු අතීතයක් ඔයාටත් තිබුනා.

උණුසුම් ලිංගික ඉරියව්

දිගු වෙහෙසකර දවසක් අවසානයේ දෙන්නා එක්කම ගෙදර ඇවිත් තියෙන දෙයක් රත් කරගෙන කාපු හැටි මතකයිද?

ඊට පස්සේ ඔයා එයාගේ උකුල මතින් හිස තියාගෙන ඉද්දි එයාගේ ඇගිලී අපුරුවට ඔබේ හිසකෙස් අතර දග කලා. දෙන්නා එක්ක එහෙමම තුරුල් වෙලා මූවී එකක් කොච්චර නම් ආශාවෙන් බැලුවාද?

අන් අයගේ ඇමතුමක් පවා කරදරයක් කියා හිතලා ඔයා දුරකථනය පවා ක්‍රියාවිරහිත කලා.

නිදන කාමරයට පවා යන්න හිත නැතිව දෙදෙනාම සෝපාව උඩම ආදරයෙන් හා සරාගයෙන් වෙළිලා හිටියා.

ඔබ දෙදෙනා එකිනෙකා වෙනුවෙන් කැපවෙමින් තුරුලේ රැදි සිටින විට එයා මේ ලෝකෙන් දැක්ක ලස්සනම කාන්තාව ඔයා නේද?

නමුත් සියල්ල කණ පිට හැරුනේ ඔබේ කැදැල්ලට දරුවන් එක් වීමත් සමගයි.

දරුවන් වටේ ඔබේ ලෝකය ගොඩ නැගෙද්දි ඔබ එකිනෙකා වෙනුවෙන් වේලාවක් ඔබ දෙපළටම නැති වුනා.

ඔබ මැදියම් රෑ වෙනකම් ඇහැරිලා ගෙදර වැඩ එක්ක නැහෙද්දි ඔහුත් ඒ වෙනකම්ම අවදිව ඔහුගේ දුරකථනය අස්සේ ජිවත් වුනා.

ඔයා තවදුරටත් මේ ගැන කතා කරන්නේ නැහැ.

ගර්භණීභාවය හා මාතෘත්වය වෙනුවෙන් කැප වු ඔයාගේ සිරුර වෙත  ඔහුගේ ඇස් ඇදෙන්නේ නැහැ. සරලවම කිව්වොත් ඔහු ඔබට ආකර්ෂණය වෙන්නේ නැහැ කියලා ඔබට විශ්වාසයි.

විවාහ ගැටළු හිත පෙලන අතීත මතක

සැමියාට දැන් ඔබ ආකර්ෂණිය නැති වෙලා වගේද?

ඔයා එයා දිහා බලාගෙන අතීතයට පිය මනිද්දි ඔයාගේ ඇස් කදුළින් බර වෙනවා මට පේනවා.

ඒත් ඔහුට ඔබේ කදුළු පෙනෙන්නේ නැහැ. ඔබ කලින් මෙන් ඔහුගේ ස්පර්ශයට ලොබ බැද ඔබ හෙලන මෘදු සුසුම් ඔහුට ඇහෙන්නේ නැහැ.

නමුත් මට ඒ දුක තේරෙනවා. මෙන්න මේ දේ නම් මට ඔබට කියන්න අවශ්‍ය වෙනවා.

පුතෙකු සිටීමේ වාසි

ඔබ හරිම ශක්තිමත්. ඔහුගේ දරුවන් ඔබ කුස තුල හදාගත්තා. ඔබේ ලෙයින් ඒ දරුවන් පෝෂණය කරමින් රැකබලා ගත්තා.

දරාගත නොහැකි වේදනාවන් දරා ගනිමින් ඔවුන්ව මෙලොවට බිහි කළා.

පියයුරු වලින් ඔවුන් පෝෂණය කරමින් දෑතින් ඔවුන් සුරක්ෂිත කරමින් හඩින් ඔවුන් සුවපහසුකරමින් රැකබලා ගත්තේ වෙන කවුරුත් නොව ඔබවයි. ඔව් ශක්තිමත් ඔබයි.

ඔබ ඔබේ පවුලේ ආරක්ෂක පවුරයි.

ඔබේ පවුලට හානියක් කිරීමට යමෙකු උත්සාහ කළහොත්, ඔබ ඔවුන්ව එක් ක්ෂණයකින්  විනාශ කරන බව ඔබ දන්නවා.

ඔබේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔබේ ජිවිතය පවා කැප කරන්න සුදානම්.  ඔබ ඔවුන් වෙනුවෙන් මියයන්න වුවත් සුදානම්. ඔබ මානුෂිකත්වයෙන් ඉහළයි.

එහෙත්, ඔබ මෘදු යි. එක බැල්මකින්, ස්පර්ශයකින්,එක මිමිණිමකින්  සැනසීම ලබා දිය හැකි බලය ඔබට තියෙනවා.

ඔබේ ගර්භාෂයේ තුල සිටින ඔබේ දරුවන්ට සුරක්ෂිතතාවයේ හැගීමක් දුන් ඔබේ හද ගැස්ම ඉපදුන පසුවත් ඔවුන්ට සැනසීම ලබා දෙනවා. 

ඔබේ පපුවට ඔවුන්ගේ කම්මුල් තබන විට ඔවුන් සැනසෙන්නේ ඒ නිසයි.

ඔබ ඉස්තරම් කෙනෙක්.

අතීතයේ මතක සටහන් ඔබේ මුවට එක්කරන අලංකාර සිනහව, ඔබේ දෑස් ආලෝකමත් වන ආකාරය සහ ඔබේ දියණියන්ගේ සිගිති වැඩ, ඔබ ඔබේ පවුල දෙස බලා සිටින විට ඔබේ හදවතේ ඇති වෙන ආඩම්බරය යන සියල්ල ඔබ සමගයි

ඔබ මවක් සහ බිරිඳක් වීමට පෙර කාන්තාවක් බව ඔහුට මතක් කරන්න. ඔබ තුල සිටි ඒ ගැහැණු ළමයා දැන් පරිණතයි.

ඔබේ සැමියා සමග තෘප්තිමත් වු කාලය සිහි ගැන්වෙන විට ඔබේ ඇස් මත ඇදෙන ආශාව, ඔබේ පිරුනු ඉගටිය ක්ෂයවීම, ඔබේ පියයරු විසල් වීම, ඔබේ සිරුරේ රැලි වැටීම් සියල්ල එක්කම ඔබ තාමත් ලස්සනයි.

විවාහ ගැටළු  ඇතිකර නොගැනීමට නම්

ඔයාගේ ඔළුව උස්සගෙන ඉන්න අම්මේ,  ඔබේ සැමියා දුටු විට හිස  පහත් කොට බිම  බලන්න එපා.

ඔබේ සිරුර ගැන ලැජ්ජා වන්න එපා.  ඔබේ සැමියාට වැරදි හැගීමක් දෙන්න එපා . 

ඒ වෙනුවට ඔබ ඔහු පසුකර යන විට ඔහුව මෘදු ලෙස පිරිමදින්න, සරාගී කෙටි පණිවිඩයකින් ඔහුව පුදුමයට පත් කරන්න. 

ඔහු ආසා කරන සිනිඳු, සරාගී යට ඇඳුම් හැද එක රාත්‍රියක් ගත කරන්න.

ඔබ කාන්තාවක් වීමට පෙර, ඔබ මවක් සහ බිරිඳක්  වීමට පෙර ඔබ තුල සිටි ගැහැණු ළමයා  පරිණත වී  නමුත් තවමත් ඔබ තුලම සිටින බව ඔහුට මතක් කරන්න. 

ඔබ අඩුපාඩු ලෙස දකින දේවල් සුන්දරත්වයේ සලකුණු ලෙස පිළිගන්න.

ඔබේ කුස පුරා ඇදි  ඇදුනු සලකුණු ඔබේ සී සේරියන් සැත්කමේ  සලකුණ සියල්ල ඔබ ඔබේ ආදරණිය දරුවා මෙලොවට ගෙන ඒමට කල විප්ලවයේ සලකුණුයි.

ඉතින් එවා  ආඩම්බරයෙන් ඔහුට පෙන්වන්න.

ඔබ දැන් සිටින කාන්තාව ලෙස ඔබව දැකීමට ඔහුට අභියෝග කරන්න.

ඔහුගේ දරුවන්ගේ මව සහ ඔහුගේ හදවතේ ආදරණිය රැකවලා ලෙස දකින්න ඔහුට ඉඩ සලසන්න.

මේ ආදරණිය විවෘත ලිපිය අපි ඔබ වෙත ගෙන ආවේ දරුවන් ලැබීමෙන් පසු ඔබගේ ආකර්ෂණය අඩු වී ඇති බවට ඔබ තුල ඇති වෙන හීනමානය දුර ලීමට රුකුලක් ලෙසයි. 

අපි මව්පදවියත් එක්ක අපේ සිරුර කැප කලේ ඔහුගේ ආදරණිය සලකුණ හදා වඩා ගන්නයි.

විටෙක සිරුර ඉරී යද්දි නැතිනම් තියුණු පිහි තලයකින් කුස දෙබෑ වෙද්දි ඉවසා සිටි ඔබගේ රුව විවාහ වු මුල් කාලයේ මෙන් නොවේවි. 

එය ස්වභාව දහමේ ක්‍රමයයි. එය ඔබට පමණක් නොව සමස්ථ සියලුම මව්වරුන්ට මුහුණ දීමට වෙන ක්‍රියාවලියයි. ඒ ගැන ශෝක වීමෙන් හෝ දුක් වීමෙන් ඵලක් නැහැ.

ඒ නිසා විවාහ ගැටළු ඇති කරගන්න එපා.

නමුත් දරුවන් ලැබීමෙන් පසුත් ඔබ අදින පළදින විදිය, ඔබේ රුව ගැන හා සිරුරේ හැඩය ගැන සැලකිල්ල එක්ක ඔබට ආකර්ෂණියවත් ඉන්න පුළුවන් බවත් අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

මුල් රචනය: Nalika Unantenne

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියාට දැන් ඔබ ආකර්ෂණිය නැති වෙලා වගේද?
බෙදාගන්න :
  • “Your wife needs you”: An open letter to all dads

    “Your wife needs you”: An open letter to all dads

  • ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්

    ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • “Your wife needs you”: An open letter to all dads

    “Your wife needs you”: An open letter to all dads

  • ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්

    ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it