බිරිද සමගින් වදනක් නොදොඩා ජංගම දුරකථනයට පෙම් බැදි සැමියානනී,

බිරිද සමගින් වදනක් නොදොඩා ජංගම දුරකථනයට පෙම් බැදි සැමියානනී,

දුරකථනය භාවිතය උග්‍ර වීම දෙපසකට කරන්නේ ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය පමණක් නොවේ. එය ඔබ හා ඔබේ ආදරණීය පවුල ඈත් කරන යෝධ පවුරක් මෙන් නැගී සිටිනවා.

දුරකථනයට ඇබ්බැහි වීම විවාහයක් විනාශ කළ හැකිද?...

විනාඩියක්.

ඔව් ඒ සියල්ලටම ගත වුනේ විනාඩියක් පමණයි.

සමහර විට ඊටත් අඩුවෙන්, ඔබගේ බිරිඳ සහ දරුවා හුවමාරු කරගත් වටිනා අවස්ථාව අහිමි කිරීමට ගත වුනේ එක විනාඩියයි.

පුංචි පුතා බටයක් පාවිච්චි කරන්න ඉගෙනගත්තා. මම ඒක දැක්කා.

ඔබේ ආදරණීය බිරිඳ ඇයගේ තොල් චලනය කරමින් පෙන්වමින් සිටි අතර ඔබේ දරුවා එය හරියට කලේ නැහැ.

තත්පරයක් යන්න කලින් ඔහුගේ මුවට ආ සීත සෝඩා වලින් ඔහු පුදුමයට පත් වුනා.

අවසානයේදී ඔවුන් සොයා ගත්ත අලුත් හැකියාවෙන් සතුටට පත්වුනා.

ආගන්තුක මම අත් පුඩි ගහමින් කාමරයට ඇතුලට ආවා. ඔබේ ඇස් ඔබේ දුරකථනයේ කිදා බැස තිබුනා.

මම විනිශ්චය නොකරමි. ඔබ ඉතා වැදගත් කාර්යයක හෝ පණිවිඩයක නියැලි සිටිනවා විය හැකිය, කුමක් වුවද මම ඔබට චෝදනා  නොකරන අතර  මට ඔබ ගැන කණගාටුයි.

කොතරම් සංධිස්ථාන ඔබට මග හැරී තිබෙනවාද? ඔබේ පුතා අනුමත කිරීම හෝ සහතික කිරීම වෙනුුවෙන් කී වතාවක් ඔබ දෙස බලපු ඔබ නොදුටු අවස්ථා කොපමණද?

ඔබ අවධානය යොමු නොකළ නිසා ඔබේ බිරිදට ඒකම ප්‍රශ්නය නැවත නැවත කී වාරයක් අහන්න වුනාද? ඔබට ආදරයෙන් පිලියෙල කල රාත්‍රී ආහාරය කී වරක් සීතල වුනාද?

මෙම අහිමි වූ අවස්ථා සියල්ලම ඔබේ පවුලේ සතුට උදුරා දමා තිබේ.

බිරිද සමගින් වදනක් නොදොඩා ජංගම දුරකථනයට පෙම් බැදි සැමියානනී,

මම ඔබව දන්නේ නැහැ, නමුත් ඔබේ දුරකථනය සමග ඔබේ සම්බන්ධතාවය දැනටමත් ඔබගේ පවුල සමඟ ඇති සම්බන්ධතාවය රිදවන බව ඔබ දැන ගන්න මට අවශ්‍යයි.

මට ඔබ  දැනගන්න අවශ්‍ය වන්නේ ඔබේ බිරිඳ සහ ඔබේ කුඩා දරුවා වෙනුවෙන් එක මිනිත්තුවක් දුරකථනය ඉවත දැමීම අවශ්‍ය බව පමණයි.

ඔවුන් දෙස බලන්න. ඔවුන්ට කතා කරන්න. ඔවුන්ව වැලඳගන්න. සිනාහව බෙදාගන්න.

දුරකථනය භාවිතය වෙනුවෙන් වු කාලය ඔබේ බිරිඳ ඇය වෙනුවෙන්  ඉල්ලා සිටින විට, එය හිරිහැරයක් හෝ වරදක් නොවේ - එය සහය සඳහා වු හඩාවැටීමකි.

අවධානය යොමුකරන්න. ඇයට ආපසු ඔබව අවශ්‍යයි.

බිරිද සමගින් වදනක් නොදොඩා ජංගම දුරකථනයට පෙම් බැදි සැමියානනී,

ඔබගේ ෆේස්බුක් එක පසුව බලන්න. අන් අයගේ දේවල් සොයා යනවා  වෙනුවට ඔබේම මතක සටහන් තබන්න.

ඔබේ ෆැන්ටසි කෙටුම්පත මදක් පමා කල හැක. ඔබට වටයක් අහිමි වනු ඇත. නමුත් ඔබ ඔබේ පුතාගේ  ප්‍රශංසාව දිනා ගනීවි.

ඔබගේ ප්‍රධානියාගේ ඊමේල් එක බැලීම ප්‍රමාද කල හැක. එය ඔබේ පවුල වෙනුවෙන් කරන සියලුම වැඩ නොවේ නේද?

මොකද ඔබ ඔබගේ පවුල නවතා තබනවා නම්, ඔබ අහිමි කර ගන්නේ මොනවාදැයි සිතන්න.

දුරකථනය භාවිතය

ජීවත කාලයටම එකක්. අපි ආදරය කරන අය සමඟ මේ පොළව මත ඉන්න අපිට ලැබෙන්නේ එක අවස්ථාවයි. ඔබට ස්වාමිපුරුෂයෙක් සහ පියෙක් විදියට ඉන්න ලැබෙන්නේ  එක අවස්ථාවයි.

සෑම විටම, මවාගත්  ලෝකයෙන් වෙන් වී, ඔබේ බිරිඳ සහ පුතා සීතල සෝඩා බොමින් අලුත්  ගීත ඉගෙන ඉගෙන ගන්නා සැබෑ ලෝකයට එන්න.

දෙමාපියන් දුරකථනය භාවිතය ඇතුලු නව තාක්ෂණ උපකරණ වලට ඇබ්බැහි වීම තුල ඔවුන්ට අහිමි වන ලෝකය ගැන මේ පෙන්වා දීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි