theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිරිදගේ දරු ප්‍රසුතිය දුටු සැමියෙක්ට ලිංගික ජිවිතය එපා වුනේ ඇයි?

5 අවම කියවීම
බිරිදගේ දරු ප්‍රසුතිය දුටු සැමියෙක්ට ලිංගික ජිවිතය එපා වුනේ ඇයි?බිරිදගේ දරු ප්‍රසුතිය දුටු සැමියෙක්ට ලිංගික ජිවිතය එපා වුනේ ඇයි?

කාගෙවත් අවධානයට ලක් නොවි පිරිමින් තුල ගොඩනැගෙන මානසික ආතතියක් ගැනයි මේ

අපි හිතන්නේ ප්‍රසූතියෙන් පසු ලිංගිකත්වය කියන දෙය යලි  ගොඩ නගාගන්න අසීරුම මවකට කියලායි. ඒත් මේක ටිකක් වෙනස් කතාවක්.

සිය බිරිදගේ දරු ප්‍රසුතිය දෑසින් දුටු සැමියෙකුට ලිංගික ජිවිතය දිගු කාලයකට එපා වුනා.

අපි හිතන්නේ දරුවෙක් ලැබුන විට විවිධ මානසික කඩා වැටීම් අලුත් අම්මා ගෙන් දකිනවා කියලා.

නමුත් අපි කවුරුත් ස්පර්ශ කරනවා අඩු පැතිකඩක් තියෙනවා. ඒ තමයි අලුත් තාත්තා පිතෘත්වය කොහොමද පිළිගන්නේ කියලා.

අපිට මේ සදහා හොදම උදාහරනයක් දෙන්නේ ඩයනා හා මාර්න් යුවලයි.  අපි අද ඔවුන්ගේ කථාව බලමු.

ප්‍රසූතියෙන් පසු ලිංගිකත්වය එපා වුනේ ඇයි?

බිරිදගේ දරු ප්‍රසුතිය දුටු සැමියෙක්ට ලිංගික ජිවිතය එපා වුනේ ඇයි?

ඩයනා හා මාර්ටින් විවාහ වී වසර දහයක්ම  සාර්ථක ලිංගික ජිවිතයක් ගත කල යුවලක්.

විවාහයෙන් වසර 10 කට පසු ඔවුන්ගේ ආදරයේ සංකේතය වු සනී පුතා මෙලොවට බිහි කරන්නට ඩයනා සමත් වුනා.

ඩයනා එක්කම ප්‍රසුතිකාගාරයේ සිට දරු ප්‍රසුතිය බලා සිටි මාර්ටින් මානසිකව වැටුනා. ඔහුට ලිංගික ජිවිතය එපා වුනා.

පියෙක් වීම තුල ඔහු තුල සිටි පිරිමියා යටපත් කලා කියලා ඔහුට දැනුනා. බියක් , ලැජ්ජාවක් වැනි හැගීමකින් ඔහු පීඩා වින්දා.

යලිත් නිවසට ආවත් මාර්ටින්ට ඩයනාව කොතරම් අවශ්‍ය වුනත් ඔහු ඇයව ස්පර්ශ කරන්නවත් සමත් වුනේ නැහැ.

ඔවුන් දෙන්නාම නිහඩව සිටිය නිසා ඒ වෙනකොටත් වසරක් පමණ අඩාලවී තිබු ඔවුන්ගේ ලිංගික ජිවිතය නැවත පණ නැංවුනේ නැහැ.

ඩයනා සනීගේ කටයුතු එක්ක කාර්ය බහුල වෙද්දි මාටින් මානසික කඩා වැටීමක ලක් වෙමින් හිටියා.

ඇත්තටම සනීගේ එකතුවීම නිසා මාර්ටින් ලැබු වගකීම හා ඩයනාගේ අවධානය පුතුට යොමු වීම ඔහු තුල මානසික කඩා වැටීමක් ඇති කර තිබුනා.

ඒ නිසාම ඔහු මේ ගැන අන්තර්ජාලයේ සොයා බැලුවා.

එහිදි දෙමව්පිය අඩවි තුල කාන්තාවන් මාතෘත්වයට අනුගත වෙද්දි සැමියා ගෙන් මදක් ඈත් වීම හා ඔහු දෙස බලන කෝණය වෙනස් වීම ඔහුට පමණක් අත්දකින්න වෙන සිදුවීමක් නොවන බව ඔහු වටහා ගත්තා. 

අද බොහොමයක් තාත්තලා දරු ප්‍රසුතිය සිදු කරන තැනට සිය බිරිද සමග යාම සිය වගකීමක් කොට සලකනවා.

නමුත් දරු ප්‍රසූතිය නිසා ඇතිවෙන කම්පනය සහ සිය සහකාර්යගේ සිරුර කපන කොටන හැටි , ඉරෙන ඇදෙන හැටි බලා සිටීමෙන් සැමියාට හා ඔහුගේ මතු ලිංගික ජිවිතයට විනාශකාරි බලපෑම් ඉතිරි කරන්න පුළුවන්.

මාර්ටින් සිය අත්දැකීම් බෙදාගනිම්න් කියා සිටියේ දරු ප්‍රසුතියෙන් පසු ඇතිවෙන ලිංගික ජිවිතයේ පසු බැස්ම නිසා පවුල් ජිවිත සැහෙන ප්‍රමාණයක් බිද වැටෙන බව ඔහු නිරීක්ෂණය කල බවයි.

ඇත්තටම යාථාර්තය නොදැන සිය වගකීම ඉටුකිරීමට ප්‍රසුතිකාගාරයට යන සැමියන් මෙලෙස කම්පනයට පත් වීම අසාමාන්‍ය නොවන බව සායනික මනෝ විද්‍යාඥ  වෛද්‍ය රේචල් ඇන්ඩෲ පවසනවා.

ඇත්තටම මාර්ටින්ට ප්‍රසුතිකාගාරයේද සිදුවුයේ කුමක්ද?

බිරිදගේ දරු ප්‍රසුතිය දුටු සැමියෙක්ට ලිංගික ජිවිතය එපා වුනේ ඇයි?

අසීරු දරු උපතකින් උපන් සනී… ඡායාරූපය – www.dailymail.co.uk

 

ඩයනා හා මාර්ටින් පවුලට දරුවෙකු අවශ්‍ය බව මුලින්ම කිව්වේ ඔහුයි. ඩයනා ගැබ් ගෙන ඇති බව දැනගත් පසු ඔහු පියෙක් වීමට සුදානම් වෙන්න වුනා.

ඔහු ඒ පිළිබද පොත පත කියෙව්වා. පංති වලට සහභාගි වී උපත් ක්‍රම ගැන ඉගෙන ගත්තා.

නමුත් සත්‍ය ඒ ඉගෙන ගත් සියල්ලටම වඩා ඔබ්බෙන් බව ඔහු වටහා ගත්තේ ඩයනා විලි රුදාවෙන් වේදනා විදින විටයි. ඔහුට ඩයනාගේ වේදනාව ඉවසා සිටින්න බැරි වුනා.

දැඩි පරිශ්‍රමයක් දරමින් වෙහෙස වෙමින් ඇය ඇස් ඇර ගන්නවත් බැරිව  අන්තිමට දුර්වලව ඉන්නවා ඔහු දුටුවා.

හදිසි වෛද්‍ය කණ්ඩියමක් ඇයව වට කරගනිද්දී ඩයනා හා දරුවා මිය යාවි යැයි තිගැස්මක් ඔහුට ඇති වුනා.

අසීරු උත්සහායකින් පසු සාමාන්‍ය ලෙස දරුවා  බිහි කර ගත නොහැකි වු ඩයනා හදිසි සීසේරියන් සැත්කමකට මුහුණ  දුන්නා. 

ඔහු නිවසෙන් පිට වු මොහොතේ සිට අවසානය දක්වා සියල්ල විඩීයෝ කලා. එය ඔහුගේ මනසට පමණට වැඩි පියවරක් බව ඔහු තේරූම් ගන්නා විටත් ඔහු එය කර හමාරයි. 

ඩයනාගේ කුස කපා විවිර කරනු දෑසින් දුටු ඔහු ඊලගට දුටුවේ හුස්ම පොදක්ව් වැටෙන්නේ නැතුව උපන් සිය පුතුයි.

වෛද්‍යවරුන්ට දරුවා පණ ගන්වා ගන්නට තවත් මිනිත්තු ගණනාවක් සත්කාර කරන්න සිදු වුනා. ඔව් ඔහු ඒ සියල්ල දෑසින් දුටුවා.

ඔහු ප්‍රසුතිකාගාරයෙන් එළියට ඇවිත් දෙමව්පියන්ට දරුවා ගැන කියද්දි ඔහුට ඇඩුනා.

ඔහු ඩයනාගේ දෙමව්පියන්ගේ දෝතින් අල්ලා ගෙන ඔයාගේ දුවට කරපු දේට සමාවෙන්න යැයි කීව්වා.

ප්‍රසූතියෙන් පසු ලිංගිකත්වය නිවස තුලදි බිදි ගිය හැටි

බිරිදගේ දරු ප්‍රසුතිය දුටු සැමියෙක්ට ලිංගික ජිවිතය එපා වුනේ ඇයි?

බිරිදගේ දරු උපතේ වේදනව ඔහුට මානසික වදයක් වුනා.

දරුවා නිවසට ගෙන ගිය පසු තත්වය තවත් සංකීරන වුනා.

අලුත උපන් චර්යාව එක්ක සියල්ලන්ම කාර්ය බහුල වෙද්දි වේදනාකාරි දරු උපත ඇසින් දුටු මාර්ටින්ගේ  හිත හදන්න කවුරුත්ම හිටියේ නැහැ.

ඩයනාගේ අවධානය හා ආදරය වඩාත් දරුවා වෙත නැඹුරු වීමෙන් මාර්ටින් තවත් බිද වැටුනා.

දරුවෙකු පැමිණි පසු පෙර මෙන් යුවලක් අතර සමීපතාවය පවත්වා ගන්න අසීරුයි.

ඒ වගේම නින්දෙන් දරුවා යට වේවි කියා තිගැස්මෙන් ඔහු අඩ නින්දක පසු වුනා.

දරුවාගේ අගමනය එක්ක ඩයනාගේ සිරුරට සිදු වු වෙනස් කම් ඇයගේ ආකර්ෂණයද අඩු කර තිබුනා. 

සියල්ලම සිදුවෙමින් තිබුනේ ඔවුන් දෙදෙනාගේ ලිංගික ජිවිතය තුල පරතරයක් ඇති කරමිනුයි.

මාර්ටින් මිතුරන් හා විමසද්දි බොහෝ දෙදෙනෙක් මෙවන් තත්වයන් අත්විදිමින් තිබු අතර ඔවුන්ගේ එයට හේතු වු කාරණා එකිනෙකට වෙනස් වුනා.

ඇත්තටම මාර්ටින්ට ලිංගික ජිවිතය එපා කරන්න හේතු වුනේ ඩයනාගේ පෙනුම නම් නොවේ. ඇත්තටම එයට හේතු වුනේ ඔහු සියැසින් දුටු ඩයනාගේ වේදනාවයි.

ඩයනා ගැබ් ගත් ඔහු නිසා බැවින් ඇයගේ වේදනාවට ඔහු හේතු වුනා වැනි වරදකාරි හැගීමක් ඔහු තුල විය.

දරුවා හා සිටි නිසා මුල් මාස කිහිපය ඔහුගේ ලිංගික ආසාව නැති වීම නිරීක්ෂණය නොවිනි. 

ඔහු ඩයනා හා කතා කර මානසික ප්‍රතිකාර සදහා යොමු වුනා.

පිරිමින්  පශ්චාත් කම්පන සහගත මානසික ආතතියට සමාන රෝග ලක්ෂණ වාර්තා කරන බව ඔහුගේ වෛද්‍යවරිය  වු ඇන්ඩෲ පවසනවා. 

කාන්තාවන්ගේ පශ්චාත් ප්‍රසව විශාදය මෙන් නොව මෙය පුරුෂයන් තුල හට ගත් විට හදුනා ගැනීම පහසු නැහැ.

ඒ නිසා එය නිවැරදිව හදුනා ගෙන ප්‍රතිකාර නොකල හොත් ලිංගික ආශාව හා ආකර්ෂණය අඩුවීමෙන් විවාහයන් දික්කසාදයන් ගෙන් පවා අවසාන වෙන්න පුළුවන්.

මුලාශ්‍ර – www.dailymail.co.uk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • බිරිදගේ දරු ප්‍රසුතිය දුටු සැමියෙක්ට ලිංගික ජිවිතය එපා වුනේ ඇයි?
බෙදාගන්න :
  • දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

    දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

    දරු උපතින් පසු ඔබේ බිරිදට ලිංගික එක්වීම එපා වෙලාද? මෙන්න හේතු හා විසදුම් 10 ක්

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it