theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

3 අවම කියවීම
එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

ඒ බව දැනගන්න සරල ඉඟි 8 ක්.

ඔබ දෙදෙනා වසර ගණනාවක් එකට ජිවත් වුවත් දශකයක් එකට හිටියත් දිනපතා ඇතිවන විවිධ හැලහැප්පීම්, නොරිස්සුම්, වාද, හරඹ අත්දකින්න ලැබෙනවා. එත් මේ අතරේ ඔබේ සැමියා සැමියා තවමත් ආදරෙයි ද කියල ඔබ සැක හිතනවා නේද? ඔහු ඔබට ආදරෙයි කියලා කිවුවත් සමහර විට ඔහු කරන කියන සමහර දේවල් වලින් එහි ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්.

සැමියා තවමත් ආදරෙයි ද? සරල ඉඟි 8 ක්

1. ඔහු තරහෙන් හිටියත් ඔබ සමග රණ්ඩුවට පැටලෙන්නේ නැහැ

විවාහක දෙන්නෙක් අතර රණ්ඩු සරුවල් නැහැ කියල කිවුවොත් ඒක පුදුමයක්. එත් ඔබට හුඟක් ආදරේ කරන සැමියෙක් නම් තරහ ගිය පලියට ම එය ලොකු කරගෙන රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. සමහර විටෙක මදකට තරහව අමතක කරනවා. සුභවාදී ලෙස ඉදිරියට යන්න උත්සහ කරනවා.

2. ඔබට අවශ්‍ය නම් ඔහුට කොතරම් අවශ්‍ය වුවත් ඔහු ගෙදරම රැඳෙනවා

ඔහුට යහළුවන් සමග එළියට යන්න ඕනේ කියල හිතුනත් ඔහු ඔබත් සමග ගෙවන කාලය ඊට වඩා වටිනවා කියල හිතනවා. ඔහු යහළුවන් සමග කාලය ගත කරාවී. එත් ඔබත් එක්කත් රැඳෙන්න කියලා අමුතුවෙන් ඉල්ලන්න වෙන්නේ නැහැ. ඔබට ඔහු එච්චර ආදරෙයි නම් ඔහු ඔබ වෙනුවෙන් කෙසේ හෝ කාලය සොයාගන්නවා.

3. සැමියා තවමත් ආදරෙයි ද? ඔබ වෙනුවෙන් ඔහුත් පුංචි කැපවීම් කරන්න ඉදිරිපත් වෙනවා

ඔබ දෙදෙනා TV බලමින් ඉන්නකොට ඔබට දන්නෙම නැතුව නින්ද යනවා.ඔබට එය නීරසයි. එත් සැමියත් ඔබ වෙනුවෙන් ඔබත් එක්ක වෙනත් දෙයකට යොමු වෙන්න හෝ නැතිනම් නින්දට යන්න කැමති වෙන්නේ ඔබේ ඉල්ලීමක් නැතුව නම් එය තවත් ඉඟියක්.

 4. ඔබ ආදරයෙන් වෙළුන මොහොතක නිතර ඔබේ මුල් නමින් අමතනවා නම්

විවිධ සුරතල් නාමයන් වගේම ඔබ දෙදෙනා එක්වන අතිශය පුද්ගලික අවස්ථාවන් වලදීත් ඔහු ඔබේ නම කියමින් ඔබට ආදරය පානවා නම් ඔහු තවමත් ඔබට එදා වගේම ආදරේ බව පෙන්වන තවත් ඉඟියක්.

5. සැමියා තවමත් ආදරෙයි ද? ඔහු ඔබට හැර වෙනත් වස්තූන් හා ඇලිලා ගැලිලා ඉන්නවද?

ඔහු ඔබට ඇත්තටම තවමත් ආදරෙයි නම් ඔබ දෙදෙනා සිටින අවස්ථාවන් වලදී ඔහු ඔහුගේ දුරකතනයේ හෝ ලැප්ටොප් එකේ වැඩක යෙදෙන්නේ නැහැ. ඔහුගේ මුළු අවධානයම ඔහු දෙන්නේ ඔබටයි.

ඔබත් එක්ක අදහස් හුවමාරු කර ගන්නයි. ඔහු වෙනත් සමාජ ජාලයන්හි ගැවසෙද්දී  ඔබත් සමග ඒ දේවල් බෙදාගනිමින් රස විඳිනවා. ඔහු ලබන අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගැනීමත් ඔබේ සබඳතාවය අලුත් කරන ශක්තිමත් කරන තවත් එක අවස්ථාවක්.

6. ඔහු කිසි විටෙක වෙන් වෙනවා කියන වචනය මුමුනන්නේ හෝ වත් නැහැ

ඉතාම නරක දවසක් වුවත් ඔබ දෙදෙනා ඉතා තරහින් වචන හුවමාරු කර ගත්තත් වෙන් වෙනවා කියන වචනය ඊට නොගෙන ඉන්න ඔහු වග බලාගන්නවා. ඔහු නිතරම ඔබට ඇති ආදරය හිත යට තියාගෙන තරහ පෙන්වන බව ඔබට පේනවා.

 7. අභියෝග බාර ගන්න උදවු වෙනවා

ඔබට ඔහේ නිකන්ම නිකම් මන්දගාමී විදිහට ජිවත් වෙන්න ඉඩ හරින්නේ නැහැ. පුරුදු ප්‍රබෝදය ඔබට හැකි උපරිම ලෙස ප්‍රබෝදයෙන් ඉන්න උදවු දෙනවා.එවිට ඔබේ බලාපොරොත්තු අත් හරින්න ඔබට හිතෙන්නේ නැහැ.

 8. ඔහු ඔබව පුදුමයට පත් කරනවා

පුංචි දේවල් වලින් වුනත් ඔබව පුදුමයට පත් කරන්න ඔහු උනන්දු වෙනවා. ඒ දේවල් විචිත්‍රවත්, මිල අධික දේවල් නොවෙන්න පුළුවන්. නමුත් ඔහු ඔබට එදා වගේම ආදරෙයි නම් පුංචි දෙයකින් වුනත් ඔබේ මුහුණේ සිනහවක් රඳවනවා.

 විවාහය සමග ආදරය රඳවා ගන්න එක එතරම් ලෙහෙසි නැහැ. එත් මේ දේවල් ඔබ අධ්‍යනය කළොත් ඔබ අතිනුත් ගිලිහෙන සමහර දේවල් ඔබට නිවැරදි කරගන්න පුළුවන් වේවි. theAsianparent Sri Lanka  ඔබේ හොඳම මිතුරිය ලෙසින් ඔබ ළඟින්ම ඉන්නේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it