සෑම සැමියෙක්ම බිරිදගෙන් බලාපොරොත්තු වෙන දේවල් පහක්

සැමියන්ට මෘදු ආදරණීය සැලකිලිමත් වීමක් අවශ්‍ය වෙනවා. ඔබ ඔබේ සැමියා ඔබෙන් බලාපොරොත්තු වෙන මෙන්න මේ දේවල් පහ ලබා දිය යුත්තේ අන්න ඒ නිසයි.

ඔබේ සැමියා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?මෙන්න මේ දේවල් පහ ඔබට වැදගත් වේවි කියලා අපි හිතනවා .

ඔබේ සැමියාට දුකේදි පවා ලග ඉන්න සදාකාලික සහකාරියක් අවශ්‍යයි

ඔබට මෙන්ම ඔබේ සැමියාටද ඔහු කැමති දේ තියෙනවා .සමහර විට එය ක්‍රීඩාවක් නැත්තම් සති අන්තයේ ඔහුගේ මෝටර් රථයේ කටයුතු කිරීම වෙන්න පුලුවන් .ඔහුගේ කැමැත්ත ඇවිදීම නැත්තම් ඡායාරූපකරණයේ නිරතවීම වෙන්න පුලුවන්.

ඔබගේ සැමියාගේ විනෝදාංශය කුමක් වුවත් ඒ පැත්තෙනුත් ඔබ ඔහුගේ ජීවිතයේ කොටසක් වීමට උත්සහ කිරීම  වැදගත් වෙනවා.

ඔහු ඔහුගේ විනෝදාංශ වල යෙදෙන සෑම විටකම  ඔහු ඔබ සමග සිටීම අවශ්‍ය නෑ.නමුත් සහයෝගය පෙන්වීම හා අව්‍යාජ කැමැත්තක් දැක්වීම තුලින් ඔබගේ සැමියාට ඔහු කැමැත්ත දක්වන දේ ගැන සැලකිලිමත් වන ඒ ගැන අදහස් හුවමාරු කරගත හැකි සදාකාලික සහකාරියක් ඉන්න බව ඔහු වටහා ගනිවි .

ඔබේ සැමියාට සමීපවීමක් අවශ්‍යයි

ඇත්තෙන්ම සමීපවීම සම්බන්ධතාවයකට ඉතාම වැදගත් වෙනවා .ලිංගික අවශ්‍යතා සම්පුර්ණ කිරීමද විවාහ ජීවිතයේ වැදගත් අංගයක් වෙනවා .වෙනස් දෑ තුලින් ඔබේ සැමියා විශ්මයට පත් කරන්න. ලිංගිකත්වය තුල සැමියාගේ කැමැත්ත අකමැත්ත වටහා ගැනීමට උත්සහ කරන්න.

මෙහි වැදගත්ම දේ වන්නේ සංසර්ගයේ භෞතික පැතිකඩට වඩා යුවලක වශයෙන් ඔබ දෙපල අතර ඇති බැදීමයි

ඔබේ සැමියා පැසසුම් ලබන්න කැමතියි.

ඔබේ  සැමියා රැකියාවක් කරන්නෙකු වුවත් නිවසේ රැදෙන්නෙකු වුවත්  ඔහු ඔබගේ ඇගයීම් ලබන්නට හා ඔහුගේ මහන්සිය පැසසුමට ලක්වෙනවාට කැමතිය.

ඔහුට ඔබ ආදරය කරන බව පැවසීම සහ ඔහු ඔබේ පවුලට කරන සියලු දෑ ඇගයීම තුල ඔහු පවුලට අවශ්‍ය කෙනෙක් බවත් ඔබගේ ජීවිතය තුල ඇගයීමට ලක් වන්නෙකු බවත් වටහා ගනිවි .

පුංචි දෙයකට ලොකු ප්‍රතිඵලයක් දෙන්න පුලුවන් .විශේෂයෙන්  ස්තුතිවන්ත වීමකදී එය එසේ වෙනවා.

ඔබගේ සැමියාට නිවසේදී ඔබගේ සහය අවශ්‍යයි

විවාහ වීම තුලින් ඔබ  දෙපල නිවසේ කටයුතු කළමනාකරණය බෙදා ගන්නවා.ඔබ පමණක් නොවේ ඔබේ සැමියාද නිවසේ සියලු කටයුතු කරනවා .ඔබ ඔබගේ සැමියාට ඔබගේ සැමියාට අවශ්‍ය විට සහය දිය යුතු වන්නේ අන්න ඒ හේතුව නිසයි.ඔහු පිගන් සෝදා දෙනවිට ඔබට ඒවා පිස දමන්න පුලුවන්.

නැතිනම් නිවස පිරිසිදු කිරීමේ කටයුතු සදහා ඔහුට ඔබගේ සහය දෙන්න පුලුවන් .

ඔබේ සැමියාට ඔබ ,ඔබ ගැන සැලකිලිමත් වීමත් අවශ්‍යයි.

ඇත්තෙන්ම ඔබේ සැමියාට ලෝකයේ ඉන්න ලස්සනම කාන්තාව ඔබයි. නමුත් එම නිසා ඔබ , ඔබ ගැන සැලකිලිමත් වීම අත්හල ‍යුතු නෑ. සැමියාගේ  සෞඛ්‍ය, නිරෝගී බව හා පෙනුම වෙනුවෙන් වෙන් කරන කාලය මෙන්ම ඔබටත් ඒ සදහා කාලයක් වෙන් කරගන්න.

ඔබගේ සැමියා පමණට වඩා ස්ථුල යැයි ඔබට හිතෙනවා නම් ඔහුවත් සහභාගි කරගෙන ව්‍යායාම වල යෙදෙන්න .

ඇත්තෙන්ම ඔහුට වාසනාවන්ත බිරිදක් ලැබී ඇති නිසා විනෝදය හා පුදුම කිරීම් තුලින් ඔබ වන් බිරිදක් ඔහුට ලැබීම ඔහුගේ වාසනාවක් බව ඔහුට දැනෙන්න ඉඩ දෙන්න .

මුලාශ්‍ර - Familyshare.com

ඔබත් ඔබේ සැමියාත් අතර සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඔබ ඔබේ සැමියාව තේරුම් ගැනීම හරිම වැදගත්. The Asianparent Sri Lanka මේ තොරතුරු ආදරයෙන් ඔබත් සමග බෙදා ගන්නේ අන්න ඒ නිසාමයි .

The Asianparent Phillipines අනුමැතිය ඇතිව නැවත ප්‍රකාශයට පත් කරන ලදී.