theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

3 අවම කියවීම
ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

ඔබ එම අවශ්‍යතාවයන් ඉටු කරනවද?

ශුංගාරය සමග දෙදෙනෙකු එකට එක්වීම ඔවුන් දෙදෙනාගේ බැඳීම අනිත් හැම දෙයටම වඩා ඔවුන්ව ළංකරනවා. එය ඔබේ සැමියාට හුඟක් වැදගත් නම් එය ඔබටත් වැදගත් විය යුතුමයි. මැස්ලෝගේ මූලික අවශ්‍යතා පිරමීඩයට අනුව අප අනුන්ගේ උවමනාවන් පිරි නොමසා ඔබේ උවමනාවන් ඉටු කර ගැනීමට සිතීම නිෂ්ඵලයි. මානසික අවශ්‍යතා , ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා, තමන්ව අනෙකාට අවශ්‍ය බව හා ආදරය, ගෞරවය හා ගෞරව ලැබීම මේ ප්‍රධාන අවශ්‍යතා අතර තියෙනවා. ඉතින් සැමියාගේ අවශ්‍යතා හා මේවා අතර සම්බන්ධතාවයක් තිබේද?

ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

සැමියාගේ අවශ්‍යතා: විවාහයටත් එය සාපේක්ෂයි

ඔබට හා ඔබගේ අවශ්‍යතා ඉටු වන්නේ ඔබ අන් අයගේ මූලික අවශ්‍යතා ඉටුකලොත් පමණයි. ඉතින් ඔබේ සැමියාටත් මේ මූලික අවශ්‍යතා නැතුව බැහැ. බිරිඳක් ලෙස සැමියාගේ අවශ්‍යතා තේරුම් ගැනීම වැදගත්.

ඔබේ සැමියාගේ සිතැඟි ඉටු කිරීම ඔබ පහත් තත්වයට පත් වීමක් නෙවෙයි, Becky Squire Family Share හි පවසනවා. ඔබ ඇත්තටම ඔහුට ආදරේ නම් මේ දේවල් කරන්න පෙළඹෙනවා.

1. සැමියාගේ අවශ්‍යතා: මිත්‍ර සම්බන්ධයක් නිර්මාණය කරන්න

මමයි මගේ මහත්තයයි අරගෙන බැලුවොත් අපි දෙන්නම කැමති කිසිම දෙයක් නැති තරම්. විශේෂයෙන් විනෝදාංශ ගත්තොත්, Becky කියනවා.

අපි දෙන්න අපි කැමති විනෝදාංශ කරලා සතුටු වෙනවා. ඒක විවාහයට හොඳ දෙයක්. එත් ඒ කියලා මං ඔහුගේ විනොදාංශ වලට නිකං වත් උදවු කරන්නේ නැහැ කියලා හිතන්න එපා. ඉඳල හිටලා ඔහු වෙනුවෙන් මං කාලය යොදවනවා. ඒක ඇත්තටම කරන්නේ හදවතින්මයි. අපිට දෙයක් ලබාගන්න නම් අපි අපේ යුතුකම් ඉටු කළ යුතුයි.

2. ලිංගික අවශ්‍යතා සැපිරීම

මමයි මගේ සැමියයි මේක ඉගෙන ගත්ත පාඩමක්. ශුංගාරය හා බැඳීම කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි. එක දඬුවමක්, කරදරයක් විදිහට හිතන්න හොඳ නැහැ Becky කියනවා.

ඉන් ඇති වන්නේ පශ්චාත්තාපය හා කණගාටුවයි. ශුංගාරයෙන් බැඳුනම, බැඳීම් අලුත් වෙනවා වගේම ශක්තිමත් වෙනවා. ඒක ඔබේ සැමියාට වැදගත් වගේම ඔබටත් වැදගත් විය යුතුයි.

සැමියාගේ අවශ්‍යතා

සැමියාගේ අවශ්‍යතා

3. සැමියාගේ අවශ්‍යතා: අගයන්න

මගේ සැමියා දවසට පැය 8-10 ක් වත් වැඩ කරනවා. ඊට පස්සේ ඉස්කෝලෙට යනවා නැත්නම් ගෙදර වැඩක් කරලා දෙනවා. ඔබ හැමදාම ගෙදර වෙනුවෙන් ඔහු කරන දේවල් නොදකින්න පුළුවන්.

ඉන් ඔහු ගන්න උත්සාහයන් නොසිතාම අමතක වෙන්නත් පුළුවන්. ඔබ ඒ නිසා ඔහු කරන දේවල් අගය කරන්න. ඒ ගැන කියන්න. ඒ විතරක් මදි එය පෙන්වන්න.

ඔබ දෙදෙනා වෙනුවෙන් විතරක් කාලය යොදවන්න. සමහර විට උදේ තේ එක බොන්න තරමට වත්. ඒ වගේ හෙට අඳින ඇඳුම් ලෑස්ති කරලා දෙන්න.එවැනි පුංචි දේවල් ඔහුට වටිනවා.

ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5

4. ගෙදර වැඩට උදවු

මේ නිසා ගෙදර සාමකාමී නිදහස් පරිසරයක් ගොඩනැගෙනවා. ගෙදර පරිපාලනය ගැන ඔබ දෙදෙනාටම අවබෝධයක් එනවා. සැමියා සමහර වෙලාවට යම් යම් නිවසේ වගකීම් දරන අතරතුර, ඔහුගේ අවිවේකි බව නිසා වෙනත් වගකීම් ඔබට පවරන්න පුළුවන්.

ඒ නිසා ඔබ ඔහු වෙනුවෙන් රසට කෑමක් හදන්න. ගෙදර පිරිසිදු කරගන්න වගේ දේවල් කරන්න. ඉන් ඔබේත් ඔහුගේත් වගකීම් බෙදී යාම නිසා එය හොඳ සම්බන්ධයකට පාර කියනවා.

5. ආකර්ෂණීය වෙන්න

ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් දෙකේ කියලා කතාවකුත් තියෙනවා. එත් ඔබේ ආකර්ෂණය පවත්වා ගැනීම සබඳතාවයකට වැදගත් වෙනවා.

මේවට විවිධ මත තිබුනත්  ඔබ ගැන සොයා බලන්න ලස්සනට ඉන්න වෙලාවක් ගත්තට වරදක් නැහැ. දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක් හැටියට දවසම රාත්‍රී ඇඳුම් පිටින්ම දවසේ වැඩ කරන්න තියෙනවා නම් පහසුයි.

මොනවා වුනත් විනාඩි ගණනකට හරි කාලය අරගෙන අලුත් ඇඳුමක් ඇඳගන්න එක හරිම අස්වැසිල්ලක්. ඒ නිසා රාත්‍රී ඇඳුමෙන් දවස පුරාම ගතකරන්නේ නැතිව වැඩ අතරේ ඔබ වෙනුවෙන් කෙසේ හෝ කාලය වෙන්කරගන්න. ඊට සැමියා කැමති වෙයි.

 කොයි දේ කළත් සමහර සම්බන්ධතා කාලයත් සමග නැතිවී යන්නේ අපේ නොදන්නාකම නිසා වෙන්න පුළුවන්.

theAsianparent  Sri Lanka  ඔබේ හොඳම මිතුරිය විදිහට ඔබව දැනුවත් කරන්න හිතුවේ මේ නිසාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ සැමියාගේ මූලික අවශ්‍යතාවයන් 5
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it