වස විෂ නැතිව පිරිසිදුව අයිස්ක්‍රීම් recipe එකක් හදමුද?
අද අපි පහසුවෙන් හදාගන්න පුළුවන් අයිස්ක්‍රීම් රෙසපි එකක් ඔබ ගෙන එනවා .
ඒවගේම තමයි අපිට සිනී රහිතව වැඩිහිටියන්ට වුනත් හදලා දෙන්න පුළුවන්.
ඒ වගේම අඩු වියදමකින් අයිස්ක්‍රීම් ගෙදරම හදාගන්න පුළුවන්.
මේ යෝගට් රෙසපිය අපිට ලැබුනේ මුහුණු පොතේ හමුවුන අපූරු තරුණියක ගෙන්.
ඇය දෙව්මිණි උමන්දායි. මෙම ලිපිය අප වෙබ් අඩවියේ පළකිරීමට නිහතමානිව අවසර ලබා දීම ගැන අපි ඇයට ස්තුතිවන්ත වන්නෙමු.
එක අයිස්ක්‍රීම් recipe කින් වර්ග 6 ක්
හැම රසින්ම අයිස්ක්‍රීම්ගෙදරදිම හදාගන්න පුලුවං. චුට්ටක් හිතන්න විතරයි ඕනෙ.
වැනිලා අයිස්ක්‍රීම් recipe
- සුදු කිරි පිටි 100g (හරියටම පුරෝපු අඩුකෝප්ප 1)
- සීනි 100g (අඩු කෝප්ප 3/4 ට වඩා මේස හැංදක් අඩුයි..වැඩි සීනි රසට කැමති නං මේස හැංදක් අයිං කරන්න එපා)
- ජෙලටින් - තේ හැදි 1
- වැනිල- තේ හැදි 1
- නටන උනු වතුර පුරෝපු අඩු කෝප්ප 1
- ඇල් වතුර අඩු කෝප්ප 1
- වෙනම උනුවතුර - මේස හැදි 1 (ජලටින් දියකරගන්න)
- තියනව නං කහ පාට කලරින් බිංදුවක්
අයිස්ක්‍රීම් recipe එක සකස් කරන ආකාරය

- ඉස්සරලම වතුර ටික කෙට්ල් එකක උනු කරගන්න තේ හදන්න ගන්න විදියටම.
- භාජයනකට කිරි පිටි,සීනි දාල උනුවතුර ටික එකතු කරල හොදට දිය කරගන්න
- ජෙලටින් තේ හැංද උනු වතුර මේස හැදි එකක දිය කරල මේකටම එකතු කරගන්න
- වැනිල ටිකත් දාගන්න මේකටම.
- මේ ඔක්කොම හොදට කලවං කරගෙන ඇල් වතුර අඩු කෝප්පය සහ (තියනව නං) කහ කලරිං බිංදුවක් දාගන්න.
- කලරිං නං අත්‍යාවශය නැහැ. අනික එකම එක බිංදුවක් හොදටම ඇති. නැත්තං වැනිල අයිස්ක්‍රීම් කන්න වෙන්නෙ අඹ අයිස්ක්‍රීම් පාටටයි
- මේ ටික නිවෙන්න තියන්න විනාඩි 10ක් විතර
- මේ විදියට තමයි අපි මූලිකම ටික කරන්නෙ.
අපි බලමු අපිට කරන්න පුලුවං වෙනස් කම් මොනවද කියල අනිත් රසවල අයිස්ක්‍රීම් හදන්න
චොක්ලට් අයිස්ක්‍රීම් හදනව නං කොකෝව පව්ඩර්-මේස හැදි 2 ක් දාගන්න කිරි මිශ්‍රණයට
ඊට වඩා අඩුවෙං දානව නං චොක්ලට් කලරිං ටිකක් දාල අපිට නියම පාට ගන්න පුලුවං
ඊට අමතරව මං චොක්ලට් එසන්ස් තේ හැංදක් වගේ එකතු කරා.( ඒක අත්‍යාවශ්‍ය නැහැ )

මැන්ගෝ අයිස්ක්‍රීම් හදනව නං ඇල් වතුර අඩු කෝප්පෙ වෙනුවට ඉදුනු අඹ බ්ලෙන්ඩ් කරල පල්ප් එක වගේ හදාගෙන අඩුකෝප්ප 1ක් ගන්න.
පාට එන්න කලරිං ටිකක් දාගන්නත් පුලුවං..ඒත් අඹ වල පාටත් ප්‍රමානවත්.
ඇත්තම මැංගො අයිස්ක්‍රීම් එකේ අඹ කෑලිත් හැපෙනව. එහෙම කැමති නං පල්ප් එකට අමතරව වෙනම ඉදුනු අඹ පොඩි කොටු කපල කප් එකක් විතර තියාගන්න දැම්ම දාන්න එපා.
ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් හදනව නං ස්ට්‍රෝබෙරි පල්ප් කෝප්ප එකක් ගන්න පුලුවං.
රෝසපාට කලරිං ටිකක්, ස්ට්‍රෝබෙරි එසන්ස් තේ හැංදක් පාවිච්චි කරන්න.
- ෆෘට් ඇන් නට්ස් අයිස්ක්‍රීම්

ෆෘට් ඇන් නට්ස් අයිස්ක්‍රීම් කොල පාට කලරිං බිංදු කීපයක්, කෑලි කපපු කජු ටිකක්, පෘට්ස් කැබලි , කොටු කකපු පුහුල් දෝසි,ප්ලම්ස් වගේ කැමති දෙයක්.(මේවගෙං කලරිං ටික ඇර අනිත් එව එකතු කරගන්නෙ පස්සෙ.දැම්මම දාන්න එපා)
කිතුල් පැනි අයිස්ක්‍රීම් නං අමුතුවෙං වෙනස් කරන්න දෙයක් නෑ. .සීනි මේස හැදි දෙකක් වගේ අඩු කරල වැනිල අයිස්ක්‍රීම් එක හදාගෙන කිතුල් පැනි ටිකක් දාගන්න කන්න කලිං ඒක නං වෙනම රසක්.. කාපු අය දන්නව රහ
අයිස්ක්‍රීම් හදමු
- හරි දැං නිවෙන්න විනඩි 10-15ක් තිබ්බ කිරි ටික උස භාජනේකට දාගන්න.
- මං මේ ප්‍රමාන වලිං ලීටර් 1.4ක් හැදුව..ඒ තරම් ප්‍රමානයක් අල්ලන බාජනයක් ගන්න.
- දැං ෆ්‍රීසර් එකේ (ෆ්‍රිජ් එකේ උඩ කොටස) පැය දෙකක් තියන්න.
- හරියටම පැය දෙකකිං මේක ටිකක් හයි වෙලා තියෙයි.
- ෆ්‍රිජ් එකට දාන්න කලිං අපි බීට් කරේ නෑ හොදේ.
- පැය දෙකකිං එලියට අරං විනාඩි 10ක් අඩු වේගයේ ඉදල වැඩිම වේගය දක්වා හොදට බීට් කරන්න
- එතකොට හොදට පෙන තියන උකු මිශ්‍රනයක් හම්බෙනව අපිට
- ආයෙ පැය 2ක් ෆ්‍රීසර් එකට දාන්න
- මේවගේ තුම් පාරක් බිට් කරන්න ඔනෙ.පැය දෙකෙං දෙකට.
- තුංවෙනි පාරත් බීට් කරාම හම්බෙන ප්‍රමානය තමයි අපිට අවසානෙටත් හම්බෙන්නෙ....
- දැං අපිට කැමති දෙයක් එකතු කරගන්න පුලුවං....
ටුටි ෆෘට්ස්
ප්ලම්ස්
කොටු කපපු අඹ,කජු
මේ වගේ ඕන දෙයක්
- දැං පැය 10ක් විතර ෆ්‍රීසර් එකේ තියල ගන්න
- හවස හැදුවොත් උදේට කන්න ගන්න පුලුවං
වැනිල අයිස්ක්‍රීම් එකට කිතුල් පැනි තියනව නං ටිකක් දාගන්න කන්න කලිං
පුංචි කාරණා ටිකක්
- බීට් කරන්නැතුව බ්ලෙන්ඩ් කරොත්?
ඔව් පුලුවං. ඒත් බ්ලෙන්ඩ් කරපු අයට මේ ප්‍රමානය ටිකක් අඩුවෙං ආව කියල තමයි කිවෙ
තව වැඩියෙං බ්ලෙන්ඩ් උනොත් අයිස් එකේ කිරි,වතුර වෙන් වෙලා වතුර මිදෙනවා. මම නං කියන්නෙ එක පාරකට විනාඩි 10ක් උපරිම බීට් කරාම ඇති කියල.
- මේ අයිස්ක්‍රීම් කඩේ රසටම එනවාද?
ඔව්. කැමති නං තව කිරි පිටි මේස හැංදක් වැඩියෙං දාගන්න..
කඩේ ඒවටත් වඩා මාරම රසයි
- ෆ්‍රීසර් එක මැක්සිමම් දාන්න. ෆ්‍රිජ් එකෙං ෆ්‍රිජ් එකට සෙට් වෙන්න ගත වෙන කාලෙ වෙනස් වෙන්න පුලුවං.
- ෆ්‍රීසර් එකේ දානකොට පියනකිං වහන්න හොදද?
එහෙම අවුලක් නෑ මං දෙවිදියටම කරල බැලුව. .පියනක්ම ඕන්නැ ලන්ච් ශීට් එකකිං කවර් කරන්න (ෆ්‍රීසර් එකේ මිදෙන අයිස් බාජනේට වැටෙන්න පුලුවං නිසා)
- කෝන් ෆ්ලා දාන්න ඕන්නෑ
- ටුටි ෆෘට්ස් ගන්න තියෙන්නෙ කොහෙද?
කේක් බඩු කඩවල හා ටිකක් ලොකු ග්‍රොසරිස් වල ගන්න තියනව. පොඩිම පොඩි මුදලක් වෙන්නෙ
- ජෙලටිං වෙනුවට කඩේ එක ජෙලි පැකට් එකේ එන ජෙලි වලිනුත් හදපු අය හිටිය
ඒ ජෙලි එකෙත් තියෙන්නෙ ජෙලටිං හා ෆ්ලේවර්ස් මික්ස්චර් එකක් නිසා ඒකත් බොහෝ විට සාර්තකයි. එහෙම ගන්නව නං තේ හැදි එක හමාරක් ගන්න.
- ආහ් අනික ෆ්‍රීසර් එකේ දාල තියන අතරෙ නිතරම අරින්න යන්න එපා..එතකොට සෙට් වෙන්න වෙලා යනව කූල් එක පිට වෙන හංද
ඔබත් අදම මේ අයිස්ක්‍රීම් recipe එක හදලා බලන්න. වියදම හරිම අඩුයි. ඔබත් හදලා බලන්න.
මුල් සටහනට
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය