theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා කාමුක දර්ශන නරඹනවා ඔබේ අතට අසු වුවහොත්...

6 අවම කියවීම
දරුවා කාමුක දර්ශන නරඹනවා ඔබේ අතට අසු වුවහොත්...දරුවා කාමුක දර්ශන නරඹනවා ඔබේ අතට අසු වුවහොත්...

අභියෝගයක් වුවත් දරුවා කාමුක දර්ශන නැරඹීමට යම් දිනෙක යොමු වනවා ඇති. එවන් අවස්ථාවකට මුහුණ දෙන්නට ශක්තිමත්ව සහ උපේක්ෂාසහගතව සුදානම්ද?

දරුවා කාමුක දර්ශන නරඹන්නට යොමු වෙයිද? ඇත්ත තිත්තයි. නමුත් කිව යුතුයි. දරුවාගේ කුතුහලය සයිබර් අවකාශයේ ලිංගික දර්ශණ මෙන්ම කාමුක දර්ශණ ගවේෂණය කරන දවසක් උදා වෙන බව අප පිළිගැනීමට අකමැති සත්‍යයක්.

මෙවන් ගවේෂණයක යෙදෙන දරුවා ඔබේ අතටම අසු වන දවසකුත් එන්නට බැරි නැහැ. මෙය ඔබ මුහුණ දෙන්නට සුදානම් වන අවස්ථාවකවත් කිසි සේත්ම ප්‍රසන්න අවස්තාවක්වත් නොවනු ඇත. ඔබ වාසනාවන්ත නම් දරුවා නරඹමින් සිටියේ මෘදු කාමුක දර්ශනයක් වන්නට පිළිවෙන.

නමුත් ඉතා වගකීමෙන් කිව හැකි වන්නේ, දරුවකුට සාමාන්‍යයෙන් ඇති කුතුහලය නිසාම මෙවන් කාම දර්ශණ මෙන්ම උග්‍ර ඝනයේ අසභ්‍ය දර්ශන වලට පවා දරුවා යොමු විය හැකි ඉඩකඩ නැතුවා නොවේ. මෙය දුර දිග නොයාමට නම් හෝ එවන් උග්‍ර කාම දර්ශණ වලට දරුවා යොමු වීම වැලක්වීමට දෙමාපිය අපට කල හැකි යමක් තිබේ නම් කෙතරම් අගනේද?

මීට දශකයට හෝ වසර කිහිපයකට පෙර නම් දරුවන්ට තබා වැඩිහිටියන්ටවත් මෙවන් කාම දර්ශණ වලට ප්‍රවේශ වීමට අවස්ථාව හෝ ඉඩකඩ නොලැබුන තරම්. එකල තිබු කාමුක සඟරා හා වීඩියෝ වල තේමාවන් පවා ඔවුන් අද කාලයේ තරම් බරපතල ලෙස අසභ්‍ය ඒවා නොවේ.

නමුත් අද කාලයේ කාමුක දර්ශන වෙබ් අඩවි වල භයානක පැතිකඩ වන්නේ ඒවා නරඹන්නන් වහලුන් සේ ඇබ්බැහි කරගන්නට උගුලක් ලෙස ක්‍රියා කරන වෙබ් අඩවි වීමයි.

ඔවුන් ප්‍රවේශ වූ වෙබ් අඩවිය පමණක් නොව තවත් අනේකවිධ දැන්වීම් සහ අනේකවිධ තිර එකකට පසු එකක් තිරයේ මතු වන්නේ නරඹන්නාගේ හැඟීම් උද්දීපනය කරමින් යළි පසු නොබලා එම අවකාශයේ ගිජුව රඳා තබන්නටයි.  

මෙය සාමාන්‍ය මනසට හානිකර වන අතර ඒවා සැලසුම් කර ඇත්තේ පුද්ගලයෙකු අකමැත්තෙන් වුවත් එම වෙබ් අඩවියේ රැඳී සිටින්නට සුර්වල කරන්නටය.

දරුවා යම් හෙයකින් කාමුක මාධ්‍ය වලට නිරාවරනය වී ඇත්නම් එය පාලනය කිරීම සඳහා තිබෙන්නේ එකම ක්‍රමවේදයක් පමණි.

ඒ, ඒ ගැන අවබෝධයෙන් සහ සෘජුව දරුවා සමඟ කතා කිරීමයි. දරුවා දකින දෙය යතාර්ථය නොවන බව පහදා දෙන්න. දරුවාට ඇති ගැටළු වලට උපක්‍රමශීලිව පිළිතුරු දෙන්න. මේ සියල්ලටම වඩා,  ලැජ්ජාව සහ ලිංගිකත්වය වෙන්කර කතා කිරීමට මෙය අවස්තාවක් කරගන්න.

ඔබේ දරුවා කාමුක දර්ශනවලට නිරාවරණය වී ඇත්නම්, ඔබ කළ යුතු දේවල් 5 ක්

1. ක්ෂණිකව ප්‍රතික්‍රියා කරන්නට එපා!

සිදු වූ දෙය වෙනස් කල නොහැකියි. ඔබ අවේගශීලි වීමෙන් සිදු වූ දෙය මකාලන්නට බැහැ. මෙයකේ ඔබ ජිවිතයේ මුහුණදෙන්නට සිදු වූ අපහසුකාරීම අවස්තාව වුවත් ඊට සන්සුන් මනසකින් ප්‍රතිචාර දැක්වීම ඉතාමත්ම වැදගත්.

දරුවා අසභ්‍ය දේ නරඹමින්/අත්හදාබලමින් සිටින විට ඔබ එය දුටුවේ නම් එය නුසුදුසු ක්‍රියාවක් බවත්, ඔබට ඒ ගැන දරුවා සමඟ සාකච්ඡා කරන බවත් දරුවාට පවසන්න. නමුත් මෙය තර්ජනාත්මක ආකාරයකින් නොකරන්නට වග බලාගන්න.

ඔබේ සහකරු/සහකාරිය සමඟ මේ ගැන සාකච්ඡා කරන්න. ඔබ කතා කල යුතු අංග ගැන කඩදාසි කැබැල්ලක සටහන් කරගන්න. මේ කාරනාව ඒ මොහොතේම නුවත් එම දිනයේදීම කතා කිරීම වැදගත්. කල් දමන්නට එපා.

මෙම ගැටළුව විසඳා ගත යුතු අතරම දරුවාට සරල අකාරයකින් කාමුක දර්ශණ සැබෑ ජිවිතයෙන් වෙනස් දෙයක් බවට ඒත්තු ගැන්විය යුතු වනවා.

2. ඔබේ දරුවා සමඟ කාමුක මාධ්‍යය ගැන සාකච්චා කරන්න.

ඔබ සටහන් කරගත් කරුණු සහ කාමුක දර්ශන සහ කාමුක මාධ්‍ය ගැන දරුවා සමඟ කතා කරන්න.

මෙය මනංකල්පිත වන්නට කාලයක් නොවේ. අවංක වන්න. කාමුක මාධ්‍ය වල යොදාගන්නා අවයව හැඳින්වීමට පාවිච්චි කරන අශෝභන වචන වෙනුවට සුදුසු ජීව විද්යාත්මක නම්වලින් අදාළ ඉන්ද්‍රියයන් සහ අවයව ආමන්ත්‍රණය කරන්න.

ඒ නිසා අවයව අනුසාර කතා බහේදී ‘ශිෂ්ණය', 'යෝනිය' සහ 'පියයුරු' වැනි වචන යොදා ලෙස අවයව ආමන්ත්‍රණය කල හැකියි. මේ ආකාරයට, ඔබේ දරුවා ලිංගික සංසර්ගය යනු ශරීර කොටස් සඳහා නින්දාසහගත වචන භාවිතා කිරීම මගින් අවමානයට ලක් නොවීමට උපකාර කල හැක.

දරුවා කාමුක දර්ශන

ඔබගේ සාකච්චාව මේ පියවර අනුව පවත්වාගන්න.

පියවර 1 දරුවා කාමුක මාධ්‍ය වලට ප්‍රවේශ වූවා කියා ඔබ දන්නා  බව දරුවාට කියන්න.

පියවර 2: ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීමට ලැජ්ජා විය යුතු නැති බව දරුවාට පවසන්න. ඒවායින් හැඟීම් උත්හෙජනය වීම සාමාන්‍ය දෙයක් බව පවසන්න.

ළමයින් බොහොමයක් ලිංගික කාරණා ගැන කතා කිරීමට කැමති නමුත් ඔවුන් එසේ කතා කිරීමට කාව තෝරා ගන්නේදැයි ව්යාකුලව සිටිති. ලිංගික සංසර්ගය සිදුවන්නේ කෙසේද සවිස්තරාත්මකව කතා කිරීම නොව, නමුත් දරුවන්ගේ කුතුහලය ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු වලින් උපකාර කිරීමට හැකියාව ඇති හොඳම ප්‍රභවය වන්නේ දෙමාපිය ඔබයි.

පියවර 3: සැබෑ ලිංගික සංසර්ගය කාමුක මාධ්‍ය වල පෙන්වන ජවනිකා වලට වඩා හාත්පසින් වෙනස් බව දරුවාට වටහා දෙන්න. එය ශාරීරික එක වීමකට වඩා සෙනෙහස, ආදරය තුළින් උද්දීපනය වන ක්‍රියාදාමයක් බව වටහා දෙන්න. ලිංගික කාරණා ගැන ඔබේ අදහස් හුවමාරු කරගන්න. ශාරීරික සම්බන්ධතාවයේ මානසික දෘෂ්ඨිය අවධාරණය කරන්න.

පියවර 4: කාමුක දර්ශන තුළින් සැබෑ ජීවිතය නිරූපණය වන්නේ ඉතාමත්ම කලාතුරකින් බව දරුවාට පසක් කර දෙන්න.  ළමයින්ගේ ශරීර වෙනස් වන බවත් එය කාමුක රූප රඟපාන්නන්ගෙන් සහමුලින්ම වෙනස් වන බවත් තේරුම් කරන්න.

මේ නිසා කාමුක මාධ්‍ය තුළ දකින පුද්ගලයින් සහ ජවනිකා තම ජිවිතයේ මිනුම් දඬු කර නොගන්නා ලෙසටත් ඔහුගේ/ඇයගේ ආත්ම අභිමානය මැනීමට එය මාපකයක් නොවන බවත් පහදා දෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

3. පසු ප්‍රශ්ණ ගැටළු සඳහා ධෛර්යමත් කිරීම

දරුවාගේ මනස ගැටළු වලින් පිරෙනු ඇත. පිටස්තර අය වෙත යොමු වනවා වෙනුවට ඔහුට/ඇයට ඇති ගැටළු ඔබ වෙත යොමු කරන්නට උනන්දු කරන්න. දරුවාට නොබියව සෘජුව පිළිතුරු දීමට හැකි තරම් උත්සාහ කරන්න. දරුවාගේ විශ්වාසය දිනාගෙන එම මෙවන් ගැටළු ඔබ වෙතට ඉදිරිපත් කරන්නට එය ඔබට උපකාර කරනු ඇත.

වැදගත්ම දෙය නම් යලිත් අවධාරනයෙන් කියන්නේ, ළමයාගේ මනස තුළ බියක් හෝ ලජ්ජාවක් ඇති කරන්නට එපා. ඔබ එසේ කිරීමෙන්දරුවා කාමුක දර්ශන නැරඹීම නතර කරන්නේ නැත. ඔබ එය නොහැඟවීමට දරුවා සහතික වනු ඇත. එය විනාශකාරී විය හැකිය.

4. කාමුක දර්ශන නැරඹීම කිසි සේත්ම නුසුදුසු යයි දරුවාට අවධාරණය කරන්න

අවසාන වශයෙන්, දරුවා කුඩා දරුවෙකු බව අමතක කරන්න එපා. මේ නිසා කාමුක දර්ශනවලට වඩා සුන්දර දේවල් බොහොමයක් ඇති බව දරුවාට පහදා දෙන්න. මත්පැන් පරිභෝජනය සඳහා සුදුසු වයසක් ඇති සේම කාමුක දර්ශන නැරඹීම සඳහාද නිර්දේශ කල හැකි වයසක් ඇති මුත් මෙය මත්පැන් පරිභෝජනය සේම නුසුදුසු ක්‍රියාවක් බව තේරුම් කර දෙන්න.

5. අනාගතදී කාමුක දර්ශණ වලට යොමු වීම අධීක්ෂණය කිරීම

මීළඟට කළ යුතු දේ මූලාශ්‍රය පරීක්ෂා කිරීමයි. දරුවාට මිට ප්‍රවේශ වීමට මග සැලසුණු අකාරය සොයා බලන්න. එය අන්තර්ජාල පිරික්සිමකින් සිදු වූවාද? වෙනත් කෙනෙකු ප්‍රවේශ වූ අඩවියකට අහම්බෙන් යොමු වුවාද? වෙබ් අඩවියේ ඉතිහාසය පිරික්සීමේන් මේ ගැන පහසුවෙන් සොයා බලන්නට පුළුවන්. මෙය මුලින්ම ඇරඹුනේ කවදාද? ඔබේ දරුවා යොමු වූ වෙනත් අඩවි තිබේද?

ඔබ ඊළඟට කල යුත්තේ වෙබ් අඩවි පාලනය කිරීමේ ආරක්‍ෂිත ක්‍රමයක් ස්ථාපිත කිරීමයි. ගූගල් සෙවුම් ප්‍රතිඵල බොහෝ දුරට පාලනය කළ හැකි වුවද, ඔබගේ සියලු උපාංග සඳහා NetNanny වැනි මාපිය පාලන පද්ධතියක් අන්තර්ගත කිරීම වඩාත් සුදුසුය.

දරුවා විද්‍යුත් උපාංග වල රැඳී සිටින කාලය විශාල ලෙස පාලනය කරන්න. අවම කරන්න. පරිගණකය විසිත්ත කාමරයේ තබා ගන්න. මෙය සිදු කිරීමෙන් ඔබේ දරුවා අනවශ්‍ය ලෙස සයිබර් මාධ්‍යයේ සැරිසරනවාට වඩා  තමාගේම ව්යාපෘති වල නියැලෙනවා.

ඔබ කුඩා ළමයෙකු සිටී නම්, අනාරක්ෂිත තිර කාලය මඟහරවා ගන්න. මක්නිසාද දරුවා ඉදිරියේ කොයි මොහොතේ මොන අකාරයේ අන්තර්ගතයන් දිස් වේදැයි නොදන්නා සමාජයක අප වෙසෙන බැවිනි.

ඉතින් අම්මේ තාත්තේ, මේ ඔබ කවදා හෝ මුහුණ දිය හැකි තත්වයකි. ඒ සඳහා නැණවත් ලෙස සූදානම් වීම ඉතා යෝග්‍යයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවා කාමුක දර්ශන නරඹනවා ඔබේ අතට අසු වුවහොත්...
බෙදාගන්න :
  • විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

    විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

  • ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

    ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

  • විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

    විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

  • ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

    ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it