theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අත් සේදීම මගහැරුනොත් අත් වල රැඳෙන විෂබීජ ඔබේ බිළිඳාගේ මරණය වුවත් ළඟා කරයි

5 අවම කියවීම
අත් සේදීම මගහැරුනොත් අත් වල රැඳෙන විෂබීජ ඔබේ බිළිඳාගේ මරණය වුවත් ළඟා කරයිඅත් සේදීම මගහැරුනොත් අත් වල රැඳෙන විෂබීජ ඔබේ බිළිඳාගේ මරණය වුවත් ළඟා කරයි

පිරිසිදු නොකළ දෑත් නිසා තම දරුවෙකුට ඇති වු භයානක ඉරණම ගැන පියෙකුගේ පසු සටහන.

අත් සේදීම කියන්නේ කොතරම් වැදගත් දෙයක්ද කියන එක මේ වසංගත සමයේ අපි උගත් හොදම පාඩමයි. දැන් මාස ගණනක් තිස්සේ විවිධ ආකාරයෙන් අත් සේදීමේ වැදගත් කම ලෝකයටම යලි යලිත් මතක් කරද්දි සෑම තැනකම අත් සේදීමට පහසුකම් සලසා දෙද්දි  බෝවෙන රෝග වලින් ආරක්ෂා වීමට අත්සේදීම කොතරම් වැදගත් පුරුද්දක්ද කියලා හැමෝටම වටහා ගන්න පුළුවන් වුනා.

මේ අත් සේදීම වැදගත් බව ‌දෙමව්පියන්ට මතක් කරන තවත් වැදගත් කතාවක් තමයි

‘RSV’ රෝගය ගැන ඔබ අහල තියෙනවද? නොතිබෙන්න පුළුවන්.

නමුත් මොකද්ද මේ අත් සේදීම හා RSV රෝගය අතර ඇති සම්බන්ධය?

මේ මාරාන්තික ස්වසන රෝගය ඇමෙරිකාවේ මිචිගන් නගරයේ එක තාත්තා කෙනෙකුගේ පුංචි බබාට හැදුනා.

ඒ චූටි පැටියා නැතිවෙන්නත් ගියා මේ රෝගය නිසා. මේ, ඒ තාත්තාගේ කතාවයි.

සමහරවිට අප කල යුතු ඉතා සුළු දේවල් පවා අපිට විටෙක අමතක වෙනවා. අත් සේදීම ඒ අතර විශේෂයි.

අත් ‌සේදීම

කෑමට පෙර, වැසිකිලි යාමෙන් පසු, නිවෙස පිරිසිදු කිරීමෙන් පසු අදී විවිධ අවස්ථාවන් වලදී අපිට ගොඩක් කුණු අතේ රැදිලා තියෙනවා.

නොදැක්කත් නොපෙනෙන බොහෝ විෂබීජ අත තුළ රැදෙන්න පුළුවන්.

අත් සේදීම මගහැරුනොත් අත් වල රැඳෙන විෂබීජ ඔබේ බිළිඳාගේ මරණය වුවත් ළඟා කරයි

අපේ කතාවේ තාත්තාටත් මේ අත පසු වීමෙන් ඉතා අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා.

ඔහු දෑත් පිරිසිදු නොකර තම බිලිඳු දරුවා වඩාගෙන තිබුණා. ඔහුගේ දරුවා RSV නිසා මාරාන්තික ස්වසන රෝගයෙන් බේරුණේ අනුනවයෙන්.

RSV කියන්නේ ශ්වසන නාල අවහිර කරමින් මාරාන්තික තත්වයක් දක්වා වැඩිකරන රෝග තත්වයක්. එමගින් පෙනහළු අකර්මන්‍ය  වි මරණය ඇතිවෙනවා.

අපි ඉහතින් සඳහන් කල තාත්තා ඔහුගේ දරුවාව මෙනින්ජයිටිස් රෝගය නිසා ඉස්පිරිතාල ගත කරලා තිබුනා.

ඔහුගේ සමාජ වෙබ් අඩවියක සදහන් කර තිබුණේ "සඳුදා වන විට අපිට අපේ දරුවා ගැන විශ්වාසයක් තැබිය නොහැකි තරමට ඇය දුර්වල වුණා.

වෛද්‍යවරු පවා ඒ ගැන විශ්වාසය අත්හැරලයි තිබුනේ වාසනාවකට ඇගේ ජීවිතය බේරුණා".

මේ දරුවා RSV ට අමතර මේ සමගම තවත් දරුණු ස්වසන රෝග ගණනාවකටම ගොදුරු වි තිබුණා.

දකුණු පෙනහැල්ල සම්පුර්ණයෙන් ම වගේ අකර්මන්‍ය වෙලා තිබුණා.

"ඇය හුඟක් දුක් වින්දා. එත් දැන් ඇය හුඟක් හොඳින් ඉන්නවා. ඇය මේ අභියෝගය අශිර්වාදයකින් වගේ ජය ගැනීම නිසා මට මගේ දුව ගැන තවත් ආඩම්බර හිතෙනවා".

ඔහු තව දුරටත් කියා සිටියේ "RSV කියන්නේ විහිළුවක් නෙමෙයි.

මගේ දුව පසුගිය සතියේ ජීවිතයත් මරණයත් අතර යෙදුන සටනේදී තමයි මම මේකේ භයානකකම අත්දුටුවේ".

"පුංචි දරුවොත් එක්ක වැඩ කරන්න පෙර අත් සෝදන්න කියල මම හැම කෙනෙකුගෙන්ම ඉල්ලන්නේ අපි එහි භයානකකම අත්දැකපු නිසාමයි" කියා ඔහු පැහැදිලි කරයි.

අත් සේදීම මගහැරුනොත් අත් වල රැඳෙන විෂබීජ ඔබේ බිළිඳාගේ මරණය වුවත් ළඟා කරයි

ටෙක්සාස් හි ළමා රෝග විශේෂඥ වුරි බ්‍රවුන් පවසන්නේ මෙය ඉතාම දරුණු වෛරසයක්.

97% ක් දරුවන්ට ඉතා දරුණු කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ වලින් පසු සති 6 කට පමණ පසුව සුවය ලබන්නට පුළුවන් වුවත් සමහර දරුවන්ට එය එසේ වෙන්නේ නැහැ.

සමහර දරුවන්ට කෘතිම ලෙස ඔක්සිජන් ලබා දීම පවා සිදුකරන්න වෙනවා.

එසේම RSV රෝගය වැළඳුන අයෙක් කැස්ස, කිවිසීම, වැනි රෝග ලක්ෂණ වලින් තවත් අයෙකුට එය බෝවීමේ අවදානම ඉතා වැඩි බව සොයාගෙන තිබෙනවා.

RSV රෝගය කියන්නේ  දෑත්  පිරිසිදුව තබා ගන්නට අපිට මතක් කරන එක් රෝගයක් පමණයි.  මේ පුරුද්ද නැතිකමින් තවත් රෝග ගණනාවක් අපේ සෞඛ්‍යයට තර්ජනයක් වෙන අවස්ථා තියෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ නිසා මේ රෝග වලින් නිකරුනේ  විඳවනවට වඩා සැමවිටම දරුවන් ස්පර්ශයට පෙර අත සෝදන්න පුරුද්දක් කර ගැනීම අතිශය වටිනා කාරණයක් බව දැන් ඔබට වැටහෙනවා නේද?

මෙය ඉතා සුළු දෙයක් ලෙස පෙනුනත් අපේ දරුවන් වෙනුවෙන් මෙවැනි පුංචි පුරුද්දක් ඇති කර ගැනීම ඔවුන් ජිවිතයට අතිශය වැදගත්කමක් එක් කරන බව දැන් ඔබ තේරුම් ගෙන ඇති.

අපි හැමදාමත් ඔබව මෙවැනි කරුණු වලින් දැනුවත් කරන්නේ දරුවන්ව රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක් ලෙස සිතන නිසයි.

අපේ දරුවන්ටත් අත් හොදින් පිරිසිදු කිරීමේ වැදගත්කම කියාදෙමු

දැන් නිතර පැතිරි යන භයානක වෛරස් වලින් ආරක්ෂාවෙන්න නිතර හොදින් අත් සෝදන්න කියලා කියන වේලාවක අපේ දරුවන්ට මෙම සනීපාරක්ෂක පුරුද්ද ඇතිකිරීම ආරම්භ කරමු.

ඔබ අත් නිතර සේදීම මේ දිනවල වැදගත් වෙනවා.

ඒ වගේම ඔබේ පුංචි කුඩා ප්‍රාණින්ද නිරෝගීව තබා ගන්න ඔවුන් තුල හොද සනීපාරක්ෂක පුරුදු කුඩා කාලයේ සිටම ඇති කිරීම වැදගත් වෙනවා.

සබන් යොදා අත් පිරිසිදු කරගැනීම දරුවෙකුට කියා දිය හැකි සරල වගේම ඔවුන්ට තේරුම් ගන්න හා පිළිපදින්න පහසු සනීපාරක්ෂක පුරුද්දක්ද වෙනවා.

අත් සේදීම අනිවාර්යයෙන්ම කල යුතු අවස්ථා

මේ දිනවල වසංගත තත්වය හේතුවෙන් අපිට නිතර අත් පිරිසිදුව තබා ගැනීම මතක් කලත් එය වසංගතයක් නැති විට පවා භාවිතා කල යුතු වටිනා සනීපාරක්ෂක පුරුද්දක්.

පහත අවස්ථා වල ඔබ නිතර හොදින් දෑත් පිරිසිදදුව තබා ගන්න මතක තබා ගන්න.

  • ආහාර ගැනීමට පෙර හා පසු
  • ආහාර පිසීමට පෙර හා පසු
  • වැසිකිළි භාවිතයෙන් පසු
  • දරුවාගේ නැපිය මාරු කිරීමෙන් පසු
  • දරුවා ස්පර්ශ කිරීමට පෙර
  • රෝගියෙකු ස්පර්ශ කිරීමෙන් පසු
  • තුවාලයකට බෙහෙත් දැමීමෙන් පසු
  • අපිරිසිදු ද්‍රව්‍ය හෝ පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් පසු
  • කිවිසුම් යැමේදි, කහින විට හෝ නාසයෙන් සොටු සීරූ විට අත් භාවිතා කිරීමෙන් අනතුරු
  • පුද්ගලයෙකුට අතට අත දීමෙන් පසු
  • සතුන් ස්පර්ශයෙන් පසු

හොඳින් අත් සේදීම කරන ආකාර

  • මුලින්ම අත් වතුරෙන් තෙමාගන්න.
  • සබන් අතේ හොදින් ගාන්න.
  •  තත්පර 20ක් හොඳින් අත් අතුල්ලන්න.
  • ඉන්පසු තත්ත්පර 10ක් අත වතුරෙන් සෝදන්න.
  • පිරිසිදු වියලි තුවායකින් හෝ ටිෂූ එකකින් පිසදාගන්න.

ඔබ ඔබේ දරුවාට පෙනෙන ලෙස නිතර අත් සෝදන්න. ඒ මගින් දරුවාට ආදර්ශයක් වෙන්න. දරුවාටද නිවැරදිව අත් සෝදන්න කියා දෙන්න.

මෙවන් සරල සනීපාරක්ෂක පුරුදු දරුවාට පුරුදු කිරීම තුලින් බොහොමයක් රෝගාබාධ වලින් දරුවාට ආරක්ෂාව ලැබෙනවා.

ඔබට ගැටලුවක් ඇතිනම් හෝ අදහසක් දක්වන්න අවශ්‍ය නම් පහතින් ඇති කමෙන්ට් තීරූව භාවිතා කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අත් සේදීම මගහැරුනොත් අත් වල රැඳෙන විෂබීජ ඔබේ බිළිඳාගේ මරණය වුවත් ළඟා කරයි
බෙදාගන්න :
  • විෂබීජ පැතිරෙන ක්‍රම: ඔබේ  තුවායත් විෂබීජ පතුරවන මධ්‍යස්ථානයක්ද?

    විෂබීජ පැතිරෙන ක්‍රම: ඔබේ තුවායත් විෂබීජ පතුරවන මධ්‍යස්ථානයක්ද?

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • විෂබීජ පැතිරෙන ක්‍රම: ඔබේ  තුවායත් විෂබීජ පතුරවන මධ්‍යස්ථානයක්ද?

    විෂබීජ පැතිරෙන ක්‍රම: ඔබේ තුවායත් විෂබීජ පතුරවන මධ්‍යස්ථානයක්ද?

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it