පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන මේ සුවිශේෂී කාන්තාවන් තිදෙනා

පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන්න පුලුවන් සුවිශේෂී ගැහැණු තිදෙනෙක් ඉන්නවා. එම ගැහැණුන් තිදෙනා කවුරුන්ද? එම තිදෙනා සමග ගණුදෙනු කරන්නේ කෙසේදැයි බලමු.

පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන්න පුලුවන් සුවිශේෂී ගැහැණු තිදෙනෙක් ඉන්නවා. එම ගැහැණුන් තිදෙනා කවුරුන්ද? එම තිදෙනා සමග ගණුදෙනු කරන්නේ කෙසේදැයි බලමු.

මව

ඇය ඔහුට ජීවිතය දෙන්නිය වේ.තම ලෙයින් ජාතක කල පුතු වෙනුවෙන් අපමණ කැපවීම් කරයි. පුතා තේරුම් ගත යුතු වන්නේ මව වුවද ඇයද ගැහැණියක බවය.ඇයද සීයට සීයක් නිවැරදි නොවන බවත් අවබෝධයට ගත යුතුය .

බිරිඳ

පුරුෂයෙකුට දෙවැනි වර උපත ලබා දෙන්නිය වේ. තම ජිවිතයේ සියල්ල අතහැර තම සැමියා වෙනුවෙන් කැප වෙයි. තම බිරිඳද ගැහැණියක් බවත් ඇයත් සීයට සීයක් නිවැරදි නොවන බවත් සැමියා තේරුම් ගත යුතුය.

දියණිය

පුරුෂයෙකුගේ ලේ උරුමය වේ. ඔහුගේ ලෙයින් ජනිත වන ඕ පුරුෂයෙකුගේ ජීවිතයේ පළමු තැන ලබා ගනී. මවද, බිරිඳද පසෙකලා ඕ පෙරමුණට එයි. ඇයද ගැහැණියක බවත් ඕද සීයට සීයක් නිවැරදි නොවන බව සෑම පියෙක්ම අවබෝධ කරගත යුතුය.

මෙන්න මේ තිදෙනා සමග පුරුෂයෙක් ගණුදෙනු කල යුත්තේ කෙසේද ?

1.පක්ෂපාතී නොවන්න

කිසිම විටෙක එක් අයෙකුට  විශේෂත්වයක් දක්වන්න එපා. ඒ ඔබේ ආදරණීය අම්මා වන්නට පුලුවන් ,ආදරණීය බිරිද එසේත් නැත්තම් ආදරණීය දියණිය වෙන්න පුලුවන් .ඒ සියල්ලන්ම ඔබ වෙනුවෙන් අපමණ දේ  කැප කර තිබෙන බව අමතක නොකරන්න .කිසිවිටෙක එක් අයෙකුගේ පැත්ත ගෙන අනෙකාට හිංසා කරන්න එපා.

2.සවන්දෙන්න මැදිහත් නොවන්න

ඔවුන්ට ඔවුන් එකිනෙකා අතර ප්‍රශ්න ඇත්නම් සියලුම පාර්ශ්වයන්ට සවන් දෙන්න .ඔවුන් පවසන සියල්ලම සත්‍ය නොවන බැවින් ඒ මත පිහිටා කිසිම විනිශ්චයක් නොදෙන්න .ඒ වගේම ඒ ප්‍රශ්න වලට මැදිහත් වීමට යෑමෙන් ඔබ පීඩනයට පත්විය හැකිය .

3.සම සේ සලකන්න

ඔබ ඔබගේ මවට, දියණියට සලකන ලෙසම ඔබේ බිරිඳටද සලකන්න. ආහාර, බෙහෙත් ආදිය අරගෙන දෙන්න. හැමදෙනාටම ආදරේ අවැසි බව මතක තබා ගන්න. සම සේ සලකන විට ඔවුන් එකිනෙකා අතර ඊර්ෂ්‍යාව ඇති නොවේ.

ඒ තුලින් ඔබට ඔවුන් අතර ගැටුම් ඇතිවීම  වලක්වා ගත හැක.

4.ඔවුන්ගේ සැබෑ තත්වය හදුනගන්න.

මිනිසුන් තුල ඔවුන්ගේ පෙන්නුම් කරන ස්වරූපයට එහා ගිය ස්වරූපයක් ඇත.

එනම් ගැහැණු පිරිමි භේදයකින් තොරව සෑම කෙනෙක්ම වෙස්මුහුණක් පලදින බවය. ඔබට මුලු ජීවිත කාලයේම හොද මුහුණක් පෙන්වා ගෙන සිටිනවා විය හැකිය. හොඳම දේ නම් ඔබ සුවිශේෂී තිදෙනා පිලිබඳ මනා අවබෝධයක් ලබා ගෙන ඔවුන් හොදින් හදුනා ගැනීම ඔබට ජීවිතය පහසු කරනු ඇත.

5.ඉවසන්න

ඉවසීම කියන්නේ කරන්න ටිකක් අමාරු ඒත් කරන්න සිදුවෙන  දෙයක්. එක් කෙනෙක් කියු පලියට අනිත් කෙනාට කෝපයෙන් කෑගසමින් ඇයව අපහසුතාවයට පත් නොකරන්න. මදවේලාවකින් ඔබේ කෝපය නිවේවි. එහිත් පිටවු වචන යලිත් ඇද ගත නොහැක. ඔබේ ආදරණීය හිතක් දුකට පත් කරන ඒ වචන මොහොතකින් ඔබවද පසු තැවීමට පත් කරාවි. එම නිසා ඉවසීමෙන් සැනසීම ලගාකර ගන්න .

6.බුද්ධිමත් වෙන්න

බුද්ධිමත් වීම  මගින් ඔබට මේ තිදෙනාව මනාව කළමනාකරණය කර ගන්න හැකිය .මේ සදහා පුලුල් බුද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ .අවස්ථාවට උචිත ලෙස ඔබව හැසිරවීමට ඔබේ මොලයට පුලුවන් වෙන්න ඕනී.ඔබේ ක්‍රියා, ප්‍රතික්‍රියා සියල්ල ඔබේ ආදරණීයන්ට විවිධ අයුරින් බලපාන්න පුලුවන් .හිතක් දිනා ගන්න කොතරම් අමාරු වුනත් හිතක් කැඩෙන්න යන්නේ එක මොහොතක් බවත්,එම කැඩුන සිත යලි තිබුන විදියටම සකස් කල නොහැකි බවත් අමතක නොකරන්න.

7.ඔවුන් අතර මනා පරතරයක් පවත්වා ගන්න.

මේ ස්ත්‍රී චරිත තුන අතර මනා පරතරයක්  පවත්වා නොගන්නේ නම් ඉන් තැලී පොඩිවෙන්නේ ඔබම බව අමතක නොකරන්න .ඔවුන් ඉදිරියේ අනිකාගේ ගුණ හෝ දොස්  පැවසීමෙන්  සිත් බිදීම් ඇති වේ.එම නිසා ඔවුන් මනාව හැසිරවීමට ඔබ වග බලා ගත  යුතුය.

පුතෙක්, සැමියෙක්, පියෙක් විදියට ඔබේ මවට, බිරිදට හා දියණියට ඔබෙන් ඉටුවිය යුතු වගකීම් ගොඩාක් තියෙනවා .එයාලා හැමෝම ඔබ වෙනුවෙන් කැප වීම් කරලා තියෙනවා .ඒක නිසා එක් අයෙකුට වැඩි සැලකිලි නොදක්වා තිදෙනාම ආදරයෙන් සැලකීම ඔබේ වගකීමකි.