අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

පුතාගේ ස‌ෛල අම්මාග‌ේ ‌මොළයට ගමන් කරනවා. ඒ ගැන වැඩි විස්තර කියවන්න.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

අම්මායි පුතයි ගැන අධ්‍යනයකින් හෙලි වු මේ අපූරු තොරතුරු බලමු.

ගැබිනි සමයේදී ඔබේ පුතාගේ සෛල සහ DNA ඔබේ මොළයට ගමන් කරන බව ඔබ දන්නවාද?

සියවස් ගණනාවක් තිස්සේ කාන්තාවන් තම දරුවන් සමඟ බුද්ධිමය සම්බන්ධතාවයක් පෙන්වනවා.

මවගේ බුද්ධිය සැබෑ විය හැකි බව දැන් විද්‍යාව පවා අනාවරණය කර ගෙන තියෙනවා.

අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

 

අම්මායි පුතයි අතර මෙම බුද්ධිමය සම්බන්ධතාවය තුල ශක්තිමත්

පුතුන්ගේ ජීවී සෛල ඔවුන්ගේ මව්වරුන්ගේ මොළයේ ඇති බව විද්‍යාඥයන්සො යා ගත්තා.

ඒ මගින් මෙම සම්බන්ධතාවයද මෑතකදී සොයා ගන්නා ලදී.

මවගේ බුද්ධියට වඩා ‌මේ මව සහ පුතා අතර සම්බන්ධතාවය සත්‍යක් ‌වෙනවා.

ගර්භනී මවකට තම දරුවා සමඟ තිබෙන්නේ ශාරීරික බැඳීමක් පමණක්ම නොවේ.

නූපන් දරුවාටද සිය මව වෙන්නට පෙරුම් පුරන්නිය හා මානසික බැඳීමක්  තියෙනවා.
ඒ උණුසුම, සුවපහසුව සහ ආරක්ෂාව උදෙසායි.
දරු ප්‍රසූතියෙන් පසුවද මවක් සහ ඇගේ දරුවා අතර ඇති බැඳීම දිගටම පවතින්න පුළුවන්  බව මෑතකදී සිදුකල අධ්‍යයනයකින් පෙන්වා දෙනවා.
 
PLOS ONE හි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ කතුවරුන්,  නූපන් පුතුන්ගේ භ්‍රෑණයේ DNA සහ සෛල අම්මාගේ  මොළයේ රුධිර  බාධකය  හරහා ගමන් කරන බව සොයා ගත්තා.
 
මොළයේ රුධිර බාධකය මඟින් මොළයට හානිකර ද්‍රව්‍ය ඇතුල් වීමෙන් ආරක්ෂා කරනවා.
 නමුත් ‌මේ මඟින් පිරිමි දරුවන්ගේ  සෛල හානිකර ලෙස හඳුනා නොගනියි.
ඒ නිසා මෙම සෛල මවගේ මොළය තුළ වාසය කරන්න අවස්ථාවක් ලබනවා.

අම්මායි පුතයි ගැන තව රසවත් දෙයක් 

මෙම සෛල එක් ප්‍රදේශයක පමණක් තැම්පත් වන්නේ නැහැ.
ඒවා අම්මාගේ මොළය පුරා විසිරී ඇති ඇති බව විද්‍යාඥයන් සොයා ගනු ලැබුවා.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් අපූරු දෙයක් තහවුරු වුනා.
 
ඒ එම පරීක්ෂණය සඳහා සහභාගී වු මව්වරුන්ගේ මොළ වලින් 63% ක්ම තම පුතාගේ ඩී එන් ඒ තැම්පත් වී තිබු බවයි.
 
පුතුන්ගෙන් මෙසේ ලැබෙන සෛල හා ඩී එන් ඒ අම්මා සමඟ ඇයගේ  ජීවිත කාලය සිටින්නට වරම් ලබනවා.
 
මෙම “පුතුන්ගේ සෛල” කරන බලපෑම පිළිබඳව විද්‍යාඥයන් තවමත් පර්යේෂණ කරමින් සිටිනවා.
නමුත් විද්‍යාවෙන් පරිබාහිරව චුට්ටක් හිතමු.
ඔබේ දරුවා ඔබ අසල නොසිටියද ඔහු කරන්නේ කුමක්දැයි ඔබ හරියටම දන්නේ ඒ නිසා වෙන්න පුළුවන් නේද?
 
ඔහු වේදනාවෙන් සිටින විට හෝ කනස්සල්ලට පත්වන විට සහ  ඔහුට සැනසිල්ලක් ලැබීමට  ඔබව  අවශ්‍ය වන්නේ ඒ නිසා වෙන්න පුළුවන් නේද?
 
එය අම්මලා සතුව ඇති සයවෙනි සංනිවේදනය  හෝ බුද්ධිය වෙන්න පුළුවන්.

අම්මායි පුතයි අතර සම්බන්ධය වැඩිකිරීමට තව කරන්න පුලුවන් දේවල්

පුතුන්ට මේවා කියන්න එපා

  • පිරිමි ළමයි වගේ ගොරෝසු, රළු සෙල්ලම් සෙල්ලම් කරන්න

පිරිමි දරුවන් තුළ විශේෂයෙන් දකින්නට ඇති දේ තමයි ඔවුන් රළු ක්‍රීඩාවන්ට කැමති වීම.

ඒ වගේ දහදිය වගුරමින් සෙල්ලම් කිරීම ඔවුන්ට විනෝදයක් වගේම සතුටක්.

ඒ වගේම පිරිමි ළමයි කට කොනකින් පොඩි සිනහවක් පාමින් සෙල්ලම් කළත් අවධානය ඇත්තේ සෙල්ලමට පමණයි.

ඔබටත් ටිකක් ඔවුන්ගේ සෙල්ලමට වැටෙන්න වෙනවා. ෆුට් බෝල් සෙල්ලම් කරන්න.

සුපර් මෑන් චිත්‍රපටියක ක්‍රියාදාම චරිත ඔබත් ඔවුන් එක්ව සම සමව සෙල්ලම් කරනවා නම් ඔවුන් කැමතියි.

ඒ වගේම කරාතේ පියවර කිහිපයක් පෙන්වීම වගේ දේවල් ඔවුන්ට හරිම විනෝදයක්. ඉතින් ඔබට එවිට ඔවුන්ගේ ඇස් වල දීප්තිය දැකගන්න පුළුවන්.

කාන්තාවන් වගේ පිරිමි ළමයින් ශබ්ධ නගා සිනාසෙන්නේ නැහැ.

ඔවුන් තුළින් හැඟෙන ඒ ඇගයීම් සහගත සිනහව ඔබ දැනටමත් ඔවුන් සමග හොඳ බැඳීමක් ඇති කරගන්න ඇති බවට සාක්ෂියක්.

  • පිරිමි ළමයින්ගේ භාෂාවෙන් කතා කරන්න

දරුවන් ඔවුන්ගේ කාටුන් වීරයන් නැතිනම් සමහර ක්‍රියාදාම චරිත ගැන විස්තර කළත් ඔබට ඊට එතරම් උනන්දුවක් නැති බව සත්‍යක්.

ඔබ මේ ගහගන්න ක්‍රියාදාම චරිත වලට අකමැති වෙන්න බෑ.

ඉතින් ඔහුගේ කතාවට ඔහු ඔලුව එහෙට මෙහෙට හරවමින්, වනමින් ඉන්නා විට ටික වෙලාවකින් ඔහු දැනගන්නවා ඔබ ඊට රුචිකත්වයක් නොදක්වන බව.

ඔබ ඔහුගේ මට්ටමේ හා ඔහුගේ රුචිකත්වයන්ට කැමති නැති බව වටහා ගන්නවා.

එයින් ඔබට ඔහු සමග සබඳතාවයන් ශක්තිමත් කර ගැනීමට ඇති ඉඩ ඇහිරී යන්න පුළුවන්.

ඉතින් ඔබ කළයුත්තේ කුමක්ද? ඔබේ රුචිකත්වයන් නොසලකා ඔබේ පුතාගේ රුචිකත්වයන්ට ඔබත් කැමති බව හඟවන්න.

ඔබට ඔබේ පුතාගේ භාෂාවෙන් කතා කරන්න ඉගෙන ගන්න උත්සාහ කරන්න.

  • ඔහුට කතා කරන්න වෙලාවක් හා ඉඩක් ලබා දෙන්න

පිරිමි දරුවන් කොහොමත් කතා කරන්නේ ශබ්ද නගලා. එපා කිව්වොත් ඊටත් වඩා ශබ්ධ නගා කතා කරනවා.

ඔබට මෙය කරදරයක් නිසා ශබ්ධය අඩු කරන්න නියෝග දුන්නත් ඔහුගේ නිශ්ශබ්දතාවය ඉවසා ගන්න බැරි දවසකුත් උදවිය හැකි බව මතක තබාගන්න.

දරුවාට ඔබට කතාකරන්න ඉඩක් වෙලාවක් ලබාදෙන්න. ඔබ දෙදෙනාම තනිව ඉන්න වෙලාවක් සොයාගන්න.

දුරස්ථ බවක් නැතිව ඔහුගේ ලෝකයට සවන් දෙන්න.

පිරිමි දරුවන් විවෘත වන්නේ ඔවුන්ට අපහසුතාවයක් නැතිව හා තද බවක් නොපෙන්වන අවස්ථාවන් වලදීයි.

ඔහුගේ හඬ පාලනයට වඩා ඔහුගේ හැඟීම් වලට සවන් දෙන්න.

ඒ වගේම ඔබ දෙදෙනාටම තනිව පාසලේ සිට ගෙදරට එන විට කතා කරන්න පුළුවන්.

ඒ වගේ ඔහු සමග නින්දට යන විටත් කතා කරන්න පුළුවන්.

පුංචි කාලෙම මෙහෙම කතා කරන්න ඇරඹීම තුළින් ඔවුන් යෞවනත්වය කරා යන තුරුම ඔබට එලෙස කරන්න පුළුවන්.

එය වැඩිහිටියෙකු දක්වා වෙන තුරුත් වෙන්න පුළුවන්.

ඒ නිසාම ඔහු අම්මා කතා කරන්න එන විට මග හරින්න ගන්නවා. ඊට කැමැත්තෙන් සවන් දේවි.

  • ඔබ දෙදෙනාටම දැනෙන දේවල් බෙදාගන්න

අම්ම සිකුරු නම් පුතා අඟහරු වෙන්න පුළුවන්. ඉතින් ඔබේ පුතාට මේ තද පිරිමි ගති තිබෙන්න පුළුවන්.

කේන්ති ගිය විට අතට අසුවන දෙයින් ගැසීම, ඔබට කෑගැසීම, කේන්ති ගැනීම හෝ කනස්සල්ලට පත්වීම සිදු වෙන්න පුළුවන්.

මේ ඔබත් දරුවාත් අතර බැඳීම පළුදු විය හැකි අවස්ථාවක්.

ඔබට කළහැක්කේ ඔහුට ආදර්ශවත් චරිතයක් වීමයි. ඔබට අපහසුකාරී තත්වයක් උදාවූ විට ඔබ ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන ඔබ පෙන්වන්න.

ඒ වගේම ඔබේ හැඟීමුත් ඔහුත් සමග බෙදාගන්න පුළුවන්. එවිට එවැනි අවස්ථාවන් වලදී ක්‍රියාකරන හැටි ඔහු ඉගෙන ගන්නවා.

  • ඔහුව සුරතල් කරන්න

අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

අයන් මෑන් වෙන්න ඔහු ආස කලත් ඔබ ඔහුව තුරුලට ගෙන තදින් වැළඳ ගන්න මොහොතකට ඔහු ප්‍රිය කරනවා.

වෛද්‍ය ගැරී චැප්මන් ට අනුව ආදරය පෙන්වන ප්‍රධාන ආදර භාෂා ක්‍රම අතර ආදරණීය ස්පර්ශය ඉතා වැදගත්.

ඔහුව සුරතල් කිරීම නිසා ඔබේ ආදරය ඔහුට දැනෙනවා වගේම ඔබත් ඔහුත් අතර ශක්තිමත් බැඳීමක් ඇති කරනවා.

කෙසේ වුවත් සෑම බැඳීමකම පදනම ආදරයයි. ඒ නිසා නිතර ආදරය පෙන්වීම ඔබ ගැන ඔහු තුළ හොඳ විශ්වාසයක් ගොඩනැගෙනවා.

 
නැතිනම්  අම්මායි පුතයි අතර ඇති  මේ අපූරු බැදීම වෙන්න පුළුවන්. අම්මලාගේ දියණියනි වරුනි අපට ඔබ අමතක වී නැහැ.
මෙම පර්යේෂයෙන් අවධානය යොමු කරන්නේ  අම්මායි පුතායි අතර  බැඳීමක් ගැන පමණක් වුවත් අම්මායි දුවයි අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය පැහැදිලි කරන අධ්‍යයනද තියෙනවා.
 
ඉදිරියේදී අපි ඒ ගැනත් සොයා බලමු. ඒ නිසා රැඳි සිටින්න.
 
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි