theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

3 අවම කියවීම
වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

බබාට අවශ්‍ය තරම් මව් කිරි නිපදවෙන විදිහට සුළු සුළු උපායන් අම්මලාට කරන්න පුළුවන්. ඒ මොනවාද කියා මෙම ලිපියෙන් දැනගන්න.

වැඩියෙන්  මව්කිරි එරීම ගැන හොයා බලන ගොඩක් අම්මලා බබාට මව් කිරි මදිද නැද්ද කියලා හුඟක් තැවෙනවා. එත් මේක මහා ලොකු ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. බබාට අවශ්‍ය තරම් මව්කිරි එරීම සඳහා සුළු සුළු උපායන් අම්මලාට කරන්න පුළුවන්.

සත්‍යම කතාව නම් අම්මලාගෙන් ඉතාම පොඩි ප්‍රතිශතයකට විතරයි මව් කිරි නිපදවන්න බැරි වෙන්නේ. ආරම්භයේදීම නැති වුනත් ක්‍රමයෙන් ඔබේ ශරීරය මේ ක්‍රියාවලියට හැඩ ගැහෙන කොට ඔබට හිතේ හැටියට මව් කිරි දෙන්න පුළුවන් වෙනවා. එත් ඔබේ හිතට තවත් අස් වැසිල්ලක් ලබා ගන්න මේ ක්‍රම 10 ගැනත් සැලකිලිමත් වෙන්න.

වැඩියෙන් මව්කිරි එරීම සඳහා ඉඟි 9ක්

1. ඔබේ දරුවාට මව් කිරි දෙන වාර ගණන වැඩි කරන්න

දරුවා මව් කිරි බොන වාර ගණන වැඩි වෙන්න වැඩි වෙන්න අම්මට කිරි එරෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද දරුවා මව් කිරි බොන කොට අම්මගේ හෝමෝන උද්දීපනය වෙලා මව් කිරි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරනවා.

වෙනත් විදිහකට කියනවා නම් මව් කිරි දුන්නොත් දරුවට මව් කිරි වැඩියෙන් දෙන්න ලැබෙනවා.

2. අතර මැද කාලයන් වල මව් කිරි දෙන්න නොහැකි වේලාවට, එරෙන කිරි අස්කළාට වරදක් නැහැ

නැතිනම් එය ශීතකරණයක ගබඩා කර තබන්නත් පුළුවන්. ඉන් ශරීරය නොනවත්වා කිරි නිපදවීමේ ක්‍රියාවලියට හුරු වෙනවා.

3. මව්කිරි එරීම සඳහා දෙතන සම්බාහනය කරන්න

දෙතන පිරිමැදීම, සම්බාහනය කිරීමෙනුත් මව් කිරි නිපදවීමේ ක්‍රියාවලියට හොඳ උත්තරයක් ලැබෙනවා. ඔබ නාන අවස්ථාවට හා දරුවට කිරි දෙන වෙලාවන්ටත් මේක කරන්න පුළුවන්.

 4. සමබර ආහාර වේල්

දරුවෙකු බිහි කල පසු ඔබට හිතෙන පළමු දේ තමයි බර අඩු කරගන්නේ කොහොමද කියලා. නමුත් මව් කිරි දෙන විට ඔබ හරි ප්‍රමාණයක් පෝෂණයෙන් යුතු කෑම ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. කබෝහයිඩ්රේට්, ප්‍රෝටින්, මේද, විටමින් හා ඛණිජ ලවන අඩංගු ආහාර මේ අතර වීම අත්‍යවශ්‍යයි.

කිරි දෙන අම්මලා ආහාර පාලනය එතරම් සුදුසු නැහැ. ඉන් ඔබට නිපදවෙන කිරි ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. ඔබට ඔබේ බර ගැන ශරීරයේ හැඩය ගැන ප්‍රශ්නයක් ඇත්නම් හිතුමතේ ආහාර පාලනයට නොගොස් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

5. අමතර පෝෂණීය පානයන් හෝ විටමින් වර්ග ලබා ගන්න

ඔබ දරුවාට කිරි දෙන විට අමතරව විටමින් වර්ග හා පෝෂණය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ ඔබ ලබාගත් මල්ටි විටමින් වර්ග හා ඔබ ගර්භණි කාලය තුළ ලබාගත් විටමින් වර්ග දිගටම ලබා ගැනීම කළ යුතුයි.

මව් කිරි වැඩියෙන් එරෙන්න oatmeal ගොඩක් හොඳයි

මව්කිරි එරීම සඳහා oatmeal ගොඩක් හොඳයි

6. මව්කිරි එරීම සඳහා විවේකය හා නිරවුල් මනසක්

 

පර්යේෂණ මගින් තහවුරු කර තිබෙන විදිහට මවට විවේකයක් හා නිරවුල් මනසක් තිබීම මව් කිරි නිෂ්පාදනය වැඩි කිරීම හා අඩු කිරිමට හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් හොඳ නින්දක් ලබන්න. ඔබව පිඩාවට පත් කරන හේතුන් වලින් ඈත් වන්නත් උත්සහ කරන්න.

 7. මධ්‍යසාර, කැෆේන් අඩංගු පාන සහ දුන් පානය

කිරි දෙන මවකට මේ කිසිවක් යෝග්‍ය වන්නේ නැහැ. ඔබ කන බොන හා ආග්‍රහණය කරන දේවල් ඔබේ දරුවාගේ මව් කිරි වලටත් එකතු වෙන බව මතක තබා ගන්න.

 8. මව් කිරි දීම පිලිබඳ විශේෂඥයෙකු හට කතා කරන්න

ඔබ මව් කිරි එරීම වැඩි කරගන්න කල හැකි හැම උත්සාහයක්ම අරගෙන ප්‍රතිඵල රහිත නම් ඒ පිලිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකුට මේ බව පවසන්න. එය ඔබට උදවුවක් විය හැකියි.

 9. දිනපතා ඕට්මීල් (oatmeal) ආහාරයට ගන්න

ඕට්මීල් දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් කිරි නිෂ්පාදනය වැඩි වෙන බව කියවෙනවා. මෙය විද්‍යාත්මකව සනාථ කර නැතත් International Board Certified Lactation consultant Kelly Bonyata ට අනුව බොහෝ මව් වරුන්ගෙන් මේ පිලිබඳ ඉතා සුභදායී ප්‍රතිඵල වාර්තා වෙලා තියෙනවා.

අපි හැමදාමත් කියන්නේ මව් කිරි දීම ආශ්චර්යමත් ක්‍රියාවලියක්. ඒ සුන්දර හැඟීම ඔබටත් දරුවාටත් තිලිණ කරමින් theAsianparent Sri Lanka අපි ඔබේ පැටියා වැඩෙන හැටි අසාවෙන්, ආදරයෙන් බලාගෙන ඉන්නවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්
බෙදාගන්න :
  • මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

    මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

  • මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

    මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

  • මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

    මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

  • මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

    මව් කිරි සතුන්ට දෙනවා අහලා තියෙනවද? මිනිස්කමේ සීමාව ඇත්තේ කොතනද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it