සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

මෙම ලිපියෙහි ඇති ඉතා වටිනා අදහස් සෑම දෙමාපිය කෙනෙකු කියවිය යුතුමය.

අද සමාජය දෙස විමසිල්ලෙන් බැලුවොත් සහෝදර ප්‍රේමය වර්ධනය කිරීම තියා, එක බිම් අගලකට නැත්තම් මායිම් වැටකට තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය  මරා දමන අවස්ථා ඕන තරම් දැකිය හැකිය.

කුඩා කල සිට නිසි පරිදි සහෝදරයාත් සමග බෙදා ගැනීමේ පුරුද්ද වර්ධනය නොකල නිසාවෙන් හෝ කුඩා කල සිට සහෝදරයා වෙත නොපහන් හැගීම් වර්ධනය කල නිසාවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස අද මේ ඇති වී ඇති මේ අනුවේදනීය තත්වයෙන් පැහැදිලි වේ.

අනාගතයේ දිනෙක ඔබේ පුංචි පැටියාට එසේ නොවන්නට දැන්ම සිට අපි ඔවුන්ව පුහුණු කරමු.

සහෝදර ප්‍රේමය වර්ධනය කිරීම පළුදු කරන බේද මොනවාද ?

කුඩා දරුවන් අතර මත බේද ඇති කරන්නේ වැඩි හිටියන් වේ.

ඒ අතර දෙමාපියන් ද සිටීම කණගාටුවට කරුණකි. ඔබ වෙනත් දරුවන් ඔබේ දරුවා ඉදිරියේ වඩාගෙන දරුවාගේ අවධානය පිණිස සුරතල් කරයි නම් එය ඔබ කරන විශාල වැරැද්දකි.

සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

ඔබ දරුවාට ඊර්ෂ්‍යාව නැමති වැරදි පුරුද්ද පුරුදු කරනු ලබයි.

එමෙන්ම ඔබ දරුවන්ට යමක් දෙන විට මේක අක්කාට මේක මල්ලීට යනුවෙන් වෙන වෙනම ලබා දෙයි.එයද සුදුසු දෙයක් නොවේ.

එමගින් දරුවන් බෙදා ගැනීමේ පුරුද්ද  වෙනුවට මමත්වය පුරුදු වේ.

ලබා දෙන හැම දේම කුඩාකල සිට බෙදා ගන්නා පුරුද්ද කුඩා කල සිට ඔබේ දරුවාට ප්‍රගුණ කල යුතු වෙයි.

තවද  හැම විටම එක දරුවෙකු ඉදිරියේ අනික් දරුවා වර්ණනා කිරීම හෝ හෙලා දැකීම නොකල යුතුය.

මක් නිසාද යත් ඒ මගින් පුංචි හිත් අතර පරතරයක් ඇතිවේ. එමගින් කුඩා දරුවන් අතර ඊර්ෂ්‍යාව වැඩිදියුණු වීමද ,එකිනෙකා කුඩා කල සිට හෙලා දැකීමට පුරුදු වේ.

සහෝදරත්වයෙන් ලංවෙන්න දරුවාට කියාදෙන්න

පවුලට අලුත් පැටියෙක් එකතු වු විට අපට නොදැනීම වැඩිමල් දරුවා මදකට මග හැරේ.

එම හේතුව නිසාම ඔහු අලුත් බබාට ඊර්ෂ්‍යා කිරීමට පටන් ගනී. මුලින්ම කල යුත්තේ වැඩිමල් දරුවාට වැඩි අවධානයක් දෙන්න.

ඔහුට වඩා ලංවන්න.අලුත් බබා හුරතල් කරන්න ඔහුට ඉඩ දෙන්න .

සහෝදර ප්‍රේමය වර්ධනය කිරීම

අලුත් බබා වෙනුවෙන් නැලවිලි ගීයක් ගයනා කරන්න ඔහුට ඉඩ දෙන්න .ඔවුන් ටිකක් වර්ධනය වත්ම එකිනෙකාට ආදරය කරන්න පටන් ගනිවි.

තේරුම් ගත හැකි වයසට දරුවා පැමිණි විට සහෝදරයෙක්ගේ වටිනාකම දරුවාට උගන්වන්න .

ඔබට ඔබේ සහෝදරයා උදව් කල අවස්ථා ඔබේ දරුවාට පෙන්වා දෙන්න .එවිට සහෝදරත්වය හොදින් හදුනන දරුවා අනාගතයේ දිනෙක මුලු ලෝකයටම සහෝදරත්වයේ දෑත දිගු කරනු ඇත .

දරුවන් අතර සහෝදර ප්‍රේමය වර්ධනය කිරීම කරන්නේ කෙසේද?

"Blood is thicker than water" යන ඉංග්‍රීසි කියමන මදකට ඔබට මතක් කරන්නට මම කැමැත්තෙමි.

සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

බලන්න ලේ සම්බන්ධතාවයන් අනෙක් හැම සම්බන්ධතාවයන්ට වඩා සුවිශේෂී බව ඉන් මනාව පැහැදිලි කර දෙයි.

දරුවන් එකිනෙකා අතර සම්බන්ධතාවය ගෙන එන්නේ එක අම්මාට තාත්තාට උපත ලැබීමෙන් පමණක් නොවේ.

ඔවුන් එය ගෙන එන්නේ ලේ උරුමයෙනි. දෙමාපියන් වශයෙන් අප කල යුත්තේ ඒ සම්බන්ධතාවය වර්ධනයට අනුබල දීම පමණි. ඒ වෙනුවෙන් අපිට කල හැකි සරල ක්‍රියා කිහිපයක් බලමු.

  •  එක දරුවෙක් වර්ණනා කරද්දී අනෙක් දරුවාද එයට සම්බන්ධ කරගන්න." හොද පුතා ඔයත් අක්කා වගේ හොද දරුවෙක්
  •  යමක් දරුවන්ට දෙන විට අක්කාට මල්ලීට ලෙස නම් කර දෙනු වෙනුවට, මෙන්න පුතේ මල්ලීත් එක්ක බෙදා ගෙන කන්න.
  • එක එක දරුවන්ගේ වැඩ සදහා අනෙක් දරුවන් හවුල් කරගන්න.පුංචි පුංචි වැඩ ඔවුන්ට පවරන්න. එන්න පුතේ අපි මල්ලිව නාවමු.ඔයා මට උදව් කරන්න මේ බාත් ෂීට් එක අල්ලගෙන ඉන්න.
  • දරුවන්ට යමක් ලබා දීමේදී වැඩිමල්භාවය හෝ ස්ත්‍රි පුරුෂ භාවය සලකා විශේෂත්ව දැක්වීමෙන් වලකින්න.දෙදෙනාටම සමානව සැලකීමෙන් ඔවුන් සමානාත්මතාවය පුරුදු වේ.
  • හැකිනම් බෝවෙන රෝග නොමැති අවස්ථා වල දරුවන්ගේ කටයුතු එකට කරන්න .එක්කෙනෙකුට වත් විශේෂත්වයක් නොදක්වා එක පිගානේ කෑම බෙදා ගෙන එක වේලක්වත් ඔබට ඔවුන්ට කැවිය හැක. එය ඔවුන්ට විනෝදජනක අත්දැකීමක් වනු නොඅනුමානය.

මෙය ඉතා සුලු උදාහරණ කිහිපයක් පමණයි. ඔබේ දරුවන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරිම ඔබේ වගකීමක් බව හිතට ගන්න.

ඒ සදහා හැම විටම දරුවන් දිරිමත් කරන්න. එවිට කිසිවෙකුට ඔවුන්ගේ සම්බන්ධතාවය කිසි දිනෙක බිද හෙලීමට නොහැකි වනු ඇත.

සහෝදර ප්‍රේමය වර්ධනය කිරීමෙන් දරුවන්ට ලැබෙන ප්‍රතිඵල මොනවාද?

වගකීම් බෙදාගන්නට ඉගෙන ගන්නවා

දරුවන් වැඩෙත් ම ඔවුනට පවුල තුල පුංචි පුංචි වගකීම් හිමිවෙනවා. එත් ඔබේ දරුවා පවුලේ එකම දරුවා නම් ඔහුට විතරක් සමහර දේ දරන්න වීම ඔහුට පීඩනයක් විය හැකිය.

නමුත් මෙවන් අවස්ථාවක ඔහුට එක වෙන්න තවත් සහෝදරයෙක් සිටිනම් විටෙක ඔවුන් එම වගකීම විනෝද වන්නක් අයුරින් ඉටු කරන්නත් එය විඳින්නත් ඉගෙන ගන්න තියෙන ඉඩ කඩ වැඩියි.

දරුවන්ට පාළුව තනිකම දැනෙන්නේ නැහැ

නිවසක වෙනස් වයස් පරතරයන් වල දරුවන් සිටීම දෙමාපියන්ට වගේම දරුවන්ට විවිධ අත්දැකීම් ලබා දෙන්නක්. ඔබට කිසිවිටෙක පාළුවක් දැනෙන්නේ නැති තරම්.

ඒ නිසා දරුවන් සමාජානුයෝජනයට හුරු වීමත් එමෙන්ම ඔවුන් ඉතා විනෝදයෙන් සරලව ජිවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්නවා.

සහයෝගය ඉගෙන ගන්නවා

බොහෝ විට පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් විතරක් ඉන්නකොටත් නැතිනම් අක්ක නංගි තමන්ගේ ඇඳුම් හා අනෙකුත් දේවල් මාරු කරගන්න පුරුදු වෙනවා.

ඉන් ඔවුන් තුල සහයෝගය ගොඩනැගෙනවා.

ඉවසීම පුරුදු කරන්න පහසු වෙනවා

දරුවන් දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නකොට රණ්ඩු සරුවල් වලනම් අඩුවක් නැහැ. කතාව, වාද විවාද නිතර ඇහෙනවා.

එත් ඒවා සුළු වේලාවකින් අවසන් වෙනවා. අන්තිමට ඔවුන්ට ඔවුන්ව නැතිව බැරි වෙනවා.

ඒ නිසා කිසි දවසක ඔවුන් හුදකලා මිනිසුන් වන්නේ නැහැ.

පින්තූරු: Roshni's blog

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.