theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තව මාස  කිහිපයකින් දරු උපත් මිලියන 116 ක්

5 අවම කියවීම
තව මාස  කිහිපයකින් දරු උපත් මිලියන 116 ක්තව මාස  කිහිපයකින් දරු උපත් මිලියන 116 ක්

කොවිඩ් 19 නිසා නව දරු උපත් රාශියක් සිදුවෙනන් නියමිතයිලු.

කොවිඩ්-19ත් සමඟ සිදු ව ඇති දරු උපත් ඉහළ යාම  පෙන්වමින් දරු උපත් මිලියන 116ක් ඉදිරි මාස කිහිපය තුල දී සිදුවෙන්න නියමිත බව යුනිසෙෆ් ආයතනය අණාවරණය කරනවා.

කොවිඩ් නිසා දරු උපත් ඉහළ යාම 

COVID-19 වසංගතය මුළු ලොවම ගිල ගනිද්දී සමාජ දුරස්ථාවය අත්විදිමින් මිනිසා සමාජයෙන් ඈත් වී නිවෙස් වලටම කොටු වුනා.

ඒ තම පවුල සමගයි.

නිරන්තරයෙන්ම තමා කාර්‍යබහුල වු අනෙක් සියලුම සම්බන්ධතා මෙන්ම ක්‍රියාකාරකම් මෙලෙස ක්‍රියාවිරහිත වුනා

නමුත් ඒත් එක්කම පවුල තුල සමීපබාවය ඉහළ ගියේ නියැතින්.

මේ අතර ගෘහස්ථ හිංසනයද ඉහළ ගොස් ඇති බවද වාර්තා වුවා.

නමුත් නවතම අනාවරණය අනුව කොවිඩ් 19 විසින් ඇති කල සමීපතාවයේ ප්‍රතිඵලයක් ලෙස නව ළදරු මිලියන 116 ක් සිදුවෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

COVID-19 නිසා දැනට ලොව පුරා සෞඛ්‍ය පද්ධති සහ වෛද්‍ය සැපයුම් දාමයන්ගෙන් පීඩා විඳිනවා.

නමුත් COVID-19 මාර්තු 11 වන දින වසංගතයක් ලෙස පිළිගැනීමෙන් පසු මෙම පිලිසිද ගැනීම් සිදු වී ඒවා සති 40 ක් සම්පුර්ණ වු විට දරු උපත් සිදුවෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

කොවිඩ් වසංගතය ලක්ෂ ගණනක් ජිවිත සදහා ඛේදවාචකයක් වුනා.

තව මාස  කිහිපයකින් දරු උපත් මිලියන 116 ක්

නමුත් එය අලුතින් මව් පිය පදවි ලබන්නට පෙරුම් පිරුවන්ට ආශිර්වාදයක් වී තිබෙන බව පෙනෙනවා.

ඒ අනුව සියලුම රටවල් උපකරණ, සෞඛ්‍ය සේවකයින් ඇතුළු සෞඛ්‍ය සේවාව පුළුල් කරමින් මේ සදහා  මුහුණ දීමට සුදානම් විය යුතු බව යුනිසෙෆ් පෙන්වා දෙනවා.

ඒ වගේම මළ දරු උපත්, මාතෘ මරණ අවම කරමින් ඉදිරියට යාමට පවතින තත්වය අභියෝගයක් වෙනු ඇත.

කොවිඩ් 19 නිසා නියමිත පරිදි සායන පැවැත්ම දුෂ්කර වීම නිසා ගැබිනි මව්වරුන් නිසි ලෙස අධීක්ෂණය කිරීමට නොහැකි වීමද ගැටළුවකි.

එමෙන්ම කොවිඩ් 19 රෝගයට බියෙන් ගැබිනි මව්වරුන් රෝහල් හා සායන වලට යෑම අඩුවීමත් තවත් ගැටළුවකි.

ලෝකයේ මිලියන ගණන ක් නව මව්වරුන් හා නව මිනිස් ජිවිත බිහිවීමට මුලපුරනවා.

ඒ වෙද්දී කොවිඩ් සටන එක්ක හෙම්බත් වී සිටින සෞඛ්‍ය සේවයට නම් එය තවත් අසීරූ කාර්යයක්  වේවි

මෙම වසංගත ප්‍රකාශයෙන් පසු මාස ​​9 තුළ අපේක්ෂිත වැඩිම උපත් සංඛ්‍යාවක් ඇති රටවල් මෙසේයි.

  • ඉන්දියාව (මිලියන 20.1)
  • චීනය (මිලියන 13.5)
  • නයිජීරියාව (මිලියන 6.4)
  • පාකිස්තානය (මිලියන 5) 
  • ඉන්දුනීසියාව (මිලියන 4)

වසංගතයට පෙර සිටම මෙම රටවල් බොහොමයක අලුත උපන් ළදරු මරණ අනුපාතය ඉහළ මට්ටමක පැවතුනා.

නමුත්  COVID-19 තත්වයන් සමඟ මෙම තත්වය තව දුරටත් උග්‍ර වෙන බවක් පෙනෙන්නට තිබේ.

ධනවත් රටවල් පවා මෙම අර්බුදයෙන් පීඩාවට පත්ව සිටිනවා. 

අපේක්ෂිත දරු උපත් සංඛ්‍යාව අනුව හයවන ඉහළම රට වන එක්සත් ජනපදයේ, මාර්තු 11 සිට දෙසැම්බර් 16 දක්වා කාලය තුළ නව දරූපත්  මිලියන 3.3 කට වඩා සිදු වේ යැයි අනුමාන  කර තියෙනවා. 

ගර්භණී මව්වරුන්ට COVID-19 මගින් අනෙක් අයට වඩා වැඩි බලපෑමක් සිදු නොවන බවට සාක්ෂි තිබුණද, තවදුරටත් ඔවුන් ආරක්ෂා වීම සුදුසු වෙනවා. 

ඒ වගේම  රටවල පුර්ව ප්‍රසව, දරු ප්‍රසූතිය හා පශ්චාත් ප්‍රසව සේවාවන් හොදින් ක්‍රියාත්මක කල යුතුයි.  

රෝගී අලුත උපන් බිළිඳුන්ට මරණයේ ඉහළ අවදානමක් ඇති බැවන් අවශ්‍ය වෙන හදිසි සේවා  සුදානම් කල යුතුය.  

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ වගේම නව පවුල්වලට මව්කිරි දීම ආරම්භ කිරීමට සහ ඔවුන්ගේ ළදරුවන් නිරෝගීව තබා ගැනීමට සහය,  ඖෂධ, එන්නත් සහ පෝෂණය ලබා දීමද අවශ්‍ය වෙනවා.

මේ සදහා යුනිසෙෆ් විසින් රටවල් වල බලධාරින්ට හා ගර්භණී මව්වරුන්ට යෝජනා හා උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තියෙනවා.

කොවිඩ්-19 සමග දරු උපත් ඉහළ යාම ගැන රජය හා සෞඛ්‍ය අංශ වෙත

පවුල් සෞඛ්‍ය සේවිකාවන්

  • අවශ්‍ය පරිදි ගර්භනී කාන්තාවන්ට පූර්ව ප්‍රසව පරීක්ෂාවන්, පුහුණු දරු ප්‍රසූතිය, පශ්චාත් ප්‍රසව සත්කාර සේවා සහ COVID-19 සම්බන්ධ සත්කාර ලබා ගැනීමට උපකාර කිරීම
  • සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂණ උපකරණ ලබා දීම හා  වසංගතයේදී සියලුම ගර්භනී කාන්තාවන්ට සහ අලුත උපන් බිළිඳුන්ට උසස් තත්ත්වයේ ප්‍රතිකාර ලබා දීමට හැකි වන පරිදි COVID-19 එන්නත සොයා ගත් පසු ප්‍රමුඛතාවය  දී එන්නත් ලබා දීම
  • දරු ප්‍රසූතියේදී සහ ඉන්පසු සෞඛ්‍ය පහසුකම් වලදි සියලුම ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවර ක්‍රියාත්මක වන බවට සහතික වීම
  • සෞඛ්‍ය සේවකයින් ගර්භනී කාන්තාවන්ට සහ නව මව්වරුන්ට නිවෙස්වලට යාම සදහා අවසර දීම , දුර බැහැර ප්‍රදේශවල වෙසෙන කාන්තාවන්ට මාතෘ පොරොත්තු නිවාස භාවිතා කිරීමට දිරිගැන්වීම සහ දුරකථන සන්නිවේදන කුම මගින් උපදේශන ලබා දීම
  • සෞඛ්‍ය පහසුකම් ක්‍රියා විරහිත කර ඇති විට ගෘහ උපත් වලට සහභාගී වීම සඳහා සෞඛ්‍ය සේවකයින් පිරිසිදු උපත් කට්ටල ලබා දීම,  ඔවුන් පුහුණු කිරීම, ආරක්ෂා කිරීම
  • මාතෘ හා ළමා සෞඛ්‍ය සඳහා ජීවිතාරක්ෂක සේවා සහ සැපයුම් සඳහා සම්පත් වෙන් කිරීම

සියලුම ගර්භනී කාන්තාවන්ට

තව මාස  කිහිපයකින් දරු උපත් මිලියන 116 ක්

  • වෛරසයට නිරාවරණය වීමෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න.

COVID-19 හි රෝග ලක්ෂණ පිළිබඳව සමීපව කරන්න. රෝග ලක්ෂණ තිබේ නම් ළඟම ඇති ස්ථානයෙන් උපදෙස් ලබා ගන්න

  • COVID -19 ආසාදනය වීම වැළැක්වීමට  අනෙක් පුද්ගලයින් ගන්නා පියවරම ගන්න.

සමාජ දුරස්ථතාවය පවත්වා ගන්න.  රැස්වීම් වළක්වා ගන්න.  අන්තර්ජාල සෞඛ්‍ය සේවා භාවිතා කරන්න.

  • ඔබ පීඩාවට පත් හෝ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වෙනවා නම්,  උණ, කැස්ස හෝ හුස්ම ගැනීමේ අපහසුවක් තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
  • මව්කිරි සාම්පල වල වෛරසය සොයාගෙන නොමැති බැවින් ආසාදනය වී ඇතිනම්  හෝ ආසාධිත බවට සැක වුනත් දරුවාට මව්කිරි දීම දිගටම කරන්න.

COVID-19 සහිත මව්වරුන් තම දරුවා මව්කිරි ලබා දීමේදි මාස්ක් එකක් පළදින්න. දරුවා ස්පර්ශ කිරීමට පෙර සහ පසු අත් සෝදනන්. 

පුරුද්දක් ලෙස පිරිසිදු හා විෂබීජ නාශක යෝදා අපිරිසිදු විය හැකි පෘෂ්ඨ පිරිසිදු කරන්න.

  • අලුත උපන් බිළිඳාගේ සම ස්පර්ශ වෙන ක්‍රියාවන් නවත්වන්න.
  • දරු ප්‍රසූතිය සඳහා ආරක්ෂිතම ස්ථානය ගැන  පවුල් සෞඛ්‍ය නිළධාරිනිය ගෙන් හෝ වෛද්‍යවරයාගෙන් විමසන්න.

කාංසාව අවම කර ගැනීමටත්, නියමිත වේලාවට ඔවුන් එම ස්ථානයට පැමිණීම සහතික කිරීමටත් උපත් සැලැස්මක් සකස් කරගන්න.

  • දරුවා ඉපදුණු පසු සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ඇතුළු වෛද්‍ය ආධාර ලබා දෙන්න.

COVID-19 වසංගතයට පෙර පවා, ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම ගර්භනී කාන්තාවන් සහ අලුත උපන් දරුවන් මිලියන 2.8 ක් මිය යනවා. 

ගර්භණීභාවය, දරු ප්‍රසූතිය සහ උපතේදී ඇතිවන සංකූලතා වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා සෑම මවකටම සහ අලුත උපන් බිළිඳකුටම ආරක්ෂාව ලබා දීම සහතික කිරීම සඳහා නිවැරදි පුහුණුවක් සහිත සෞඛ්‍ය නිළධාරින් වහාම සුදානම්ර කරන ලෙස යුනිසෙෆ් ඉල්ලා සිටීනවා.

මුලාශ්‍ර - www.unicef.org

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • තව මාස  කිහිපයකින් දරු උපත් මිලියන 116 ක්
බෙදාගන්න :
  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it