theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිදහස සමරන්න, නිදහසට ගරු කරන්න, අන් අයට කරදරයක් නැති දරුවෙක් රටට බිහිකරන්න

4 අවම කියවීම
නිදහස සමරන්න, නිදහසට ගරු කරන්න, අන් අයට කරදරයක් නැති දරුවෙක් රටට බිහිකරන්නනිදහස සමරන්න, නිදහසට ගරු කරන්න, අන් අයට කරදරයක් නැති දරුවෙක් රටට බිහිකරන්න

"මුල අමතක නොකිරීම ගැන ඔවුන්ට මෙය අපූරු පාඩමක්. ගෙදර සිංහ ධජය ඔසවලා අපිත් දරුවනුත් එකතු වෙලා ගෙදර ඉඳන් මේ දවස සමරන්නේ ඒකයි. මේක බරපතල ඉතිහාසය හා බැඳුනු ක්‍රියාවලියක් වුවත් දරුවන්ට මේ සරල ලෙස කළගුණ දැක්වීමේ අගය අපිට කියාදෙන්න පුළුවන්." නිදහසට ගරු කරන්න, අන් අයට කරදරයක් නැති දරුවෙක් රටට බිහිකරන්න

වසර 72 කට පෙර අධිරාජ්‍යවාදයෙන් මිදිලා අපේ රට නිදහස් වුණා. එදා ඒ ලැබූ නිදහස් දිනය එදා ජීවත් වූ බාල මහළු හැම දෙනෙකුටම දැනෙන ආකාරයෙන් අද අපට නොදැනෙන්නට පුළුවන් වුවත් අපි ඒ අභිමානය සිහිකරන්නේ ඒ වෙනුවෙන් දහදිය,. ලේ ජීවිත පරිත්‍යාග කළ අපේ මුතුන් මිත්තන් මෙන්ම අපේ ප්‍රෞඩත්වය හා ගාම්භීරත්වය ද සිහි කරමිනුයි.

ඒත් අපේ පුංචි දරුවන්ට මේ බව නොතේරෙන්න පුළුවන්. දශක ගණනාවකට එහා ඔවුන් වගේම පුංචි දරුවන් හා දෙමාපියන් රටේ නිදහස නොමැතිකමින් පීඩා විඳි හැටි අද පුංචි දරුවන්ට හරි වැටහීමක් නොවෙන්න පුළුවන්.

ඒත් හැම ආඩම්බර, සාර්ථක ගමනකටම ඉතිහාසයේ මතකය දරුවන්ට වැදගත් පාඩම් කියාදෙනවා.

ඒ කළගුණ සැලකීම ගැන නිදහස් දිනයේ අපි අපේ දරුවන්ට කියාදෙමු.

ඒ වගේම ලද නිදහස තුළ ජීවිතයේ නිදහස දරුවන්ට ලබාදීමත් දෙමාපියන් ලෙස අපෙන් ඉටුවිය යුතු වගකීමක්.

අතීතය අමතක නොකර ඉන්න දරුවන්ට කියාදෙන්න නිදහස් දිනය

ඇයි නිදහස් දිනයට දිනයක් ? විශේෂ දිනයක් සැමරීම හා නිදහස් දිනයත් එවැනිම විශේෂ දිනයක් ලෙස රටම සැමරීමට හේතුව දරුවන්ට කියාදෙන්න.

ඒ තුළින් දරුවන් රටට හා අපේ මුතුන් මිත්තන්ට ගරු කරන්න ඉගෙන ගන්නවා.

අනෙක් අතට එදා අපි වෙනුවෙන් වෙහෙස වූ මිනිසුන් අද නැති නිසා ඒ කළගුණ සැලකීම එක් දිනයකදී රටක් ලෙස එකට එක්වී සමරන බව දරුවන්ට කියාදෙන්න.

කළගුණ සැලකීම නිදහස් දිනය

කළගුණ සැලකීම අපිට එක් එක් අයුරෙන් කරන්න පුළුවන්. නිදහස් දිනයත් එවැනි දිනයක්. ඒත් අපි එදාට කාටවත් ඒ වෙනුවෙන් තෑගි දෙන්නේ නැහැ. අපි එදාට රටට, අපේ මුතුන් මිත්තන්ට ගෞරව කරන එක තමයි තෑග්ග.

ඉතින් මුල අමතක නොකිරීම ගැන ඔවුන්ට මෙය අපූරු පාඩමක්.

ගෙදර සිංහ ධජය ඔසවලා අපිත් දරුවනුත් එකතු වෙලා ගෙදර ඉඳන් මේ දවස සමරන්නේ ඒකයි.

මේක බරපතල ඉතිහාසය හා බැඳුනු ක්‍රියාවලියක් වුවත් දරුවන්ට මේ සරල ලෙස කළගුණ දැක්වීමේ අගය අපිට කියාදෙන්න පුළුවන්.

ඒ කාරණා අපි හැමවිටම අපට ලැබුණු දේවල් වලට ස්තූතිවන්ත වෙන්න කියාදෙන්න පුළුවන්.

අනෙක් අතට එහි ඇති ආඩම්බරය, අභිමානය ඔවුන්ට කියාදෙන්න පුළුවන්.

අපේ දරුවන් කෙතරම් හොඳට හැදුනත් කළගුණ නොදන්නා දරුවන් වීමෙන් ප්‍රතිඵලයක් නැති බව දෙමාපියන් ලෙස අපි වටහා ගත යුතු වෙනවා.

රටට ආදරේ දරුවන් හැමදාමත් අම්මට ආදරේ කරන බව කළගුණ සලකන බව කතාවටත් කියනවා.

අන් අයගේ නිදහසට ගරු කරන්නනිදහස් දිනය

නිදහස යන වචනයේ සැබෑ අරුත සමග අපේ රට වගේම අපේ ජීවිත වලට බැඳී තියෙනවා.

රට නිදහස් වුනත් රටේ ජීවත් වන හැමෝගෙම සිත් නිදහස් විය යුතුයි.

අන් අයගේ නිදහස ගරු කරන්න අපි ඉගෙන ගත්තොත් අන් අයත් අපට පෙරලා අපේ නිදහසට ගරු කරන බව ඔවුන්ට කියාදෙන්න.

ගෙදර පුංචි දෙයකින් ඔබට ඒ කතාව කියාදෙන්න පුළුවන්

දරුවා සෙල්ලම් කරන අතරතුර ඔබ පොතක් කියවන්න පටන් ගන්නවා. නමුත් ඒ එක්කම දරුවා මේ දැන් කාලා ඉවරවෙලා හිටියත් ඔහුට බඩගිනි බව කියනවා. ඔබේ අවධානය ගන්න ඔහු මෙය කරන බව දන්නවා.

ඒත් මොහොතෙන් අම්මා පුතාට දුන්න නිදහස වගේම අම්මාත්  නිදහසේ මේ පොත කියවන්න කැමති බව දරුවට කියාදෙන්න.

දරුවා යමක් තේරුම් ගතහැකි අවධියක ඉන්නවා නම් ඔහුට මෙය තවමත් තේරුම් ගන්න බැරි නම් දැන් ඔබට ඔහුගේ සෙල්ලමට බාධා කර බලන්න පුළුවන්. “දැන් ඇති අපි කෑම කමු” ඉන් දරුවාට හැඟෙන දුක, කේන්තිය අම්මාටත් පෙරලා දැනෙන බව කියාදෙන්න.

නිදහස් දිනය

ඔබටත් මටත් නිදහස වටින්නේ ඒ නිසා බව කියා දෙන්න. එවිට දරුවන් වැඩිහිටියන් වූ විට කාටත් කරදරයක් නැති දරුවන් බවට පත්වීමේ අනර්ඝ සතුට දෙමාපියන් ලෙස ඔබට භුක්ති විඳින්න පුළුවන්.

අවුරුදු 72 ක් පරණ මේ අතීතයේ අපට නිදහස නැති වීමට හේතුවත් එයම බව ඔබට වැටහේවි.

තවත් ජාතියක් නැතිනම් රටක් අන් අයගේ නිදහසට ගරු නොකිරීම නිසා ඔවුන්ට අපේ රට පාලනය කරන්නට හා අයිති කර ගන්නට සිතුනේ මේ සිතුවිල්ලේ දැඩි අවස්ථාවේදී බව දැන් ඔබට වැටහේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ නිසා අපේ පුංචි පැටවුන්ට අන් අයගේ නිදහසේත් තමන්ට ඇති නිදහසේත් සීමාවන් වටිනාකම් කියාදීම හරිම වැදගත්.

අපේ සීමාව ඉක්මවා යාමත් අන් අයට ඊට ඇති අයිතියත් ගැන ගෙදරින් ඉගෙන ගන්න පාඩම් ඔවුන් හෙට දවසේ ලෝකයට ගෙන යනවා.

ඉන් ඔවුන් වගේම තවත් පිරිසක් දුකට පත්වීම අපි නොකළ යුතු බව ඔවුන්ට කියාදෙන්න.

සෙල්ලමෙන් නිදහස ඉගෙන ගන්න

අයියා කැමති ක්‍රීඩාවට මල්ලි අකමැතියි. මල්ලිත් එහෙමයි. ඉතින් දෙන්නා දෙන්නට කැමති ක්‍රීඩාව කරන්නත් අයියට නිදහස දෙන්නත් ඔබට කියාදෙන්න පුළුවන්.

අනෙක් අතට පුංචි පුංචි සත්තු නිදහසට කොයි තරම් කැමතිද කියලා ඔවුන්ව සිරකරගෙන ඉන්න කොට ඔවුන්ට කොයිතරම් පීඩාවක් ද කියලත් ඔබට කියාදෙන්න පුළුවන්.

නිතරම එය තමන්ට වුනොත් දරුවාට හිතෙන දේ ගැන ඔහුට  සිහිකර දීමෙන් ඔහු එහි ගැඹුර වටහා ගන්නවා.

ජීවිතයට නිදහස දෙන්න

නිවස තුළ අපි එකිනෙකාට නිදහස දීම තුළින් නිවස සාමකාමී පරිසරයක් වන බවත් ඔබට මේ නිදහස් දිනයේ දරුවට කියාදෙන්න පුළුවන්. ඊට ඔබේ යොමුවීම හුඟක් වැදගත්.

දරුවන්ට නිදහස

නිවාස තුළදී ඔහුට කැමති දෙයක් කරන්න යම් කාලයක් ලබාදීම තුළින් ඔවුන්ගේ සිතට නිදහසක් දැනෙනවා.

අප දෙමාපියන් වූ පමණින් අපට ඔවුන්ගේ නිදහස හැසිරිය හැකිද? නිදහසේ හැදෙන දරුවෙකු හා නිවස තුළ සිරවී හැදෙන දරුවන් අතර විශාල වෙනස්කම් තිබෙනවා.

නිදහස කිව්වත් සීමාවන් තුළ දරුවෙකු හැදීම, වැඩීම වැදගත් වුවත් එහි පමණ අපි අවබෝධ කරගත යුතුයි.

නිදහස් දරුවන් නිර්මාණශීලි, කලහකාරී නොවන සෞම්‍ය දරුවන් බවට පත් කරනවා.

දිගුකාලීනව මේ නිසාම දරුවන් කාටත් කරදරකාරී නැති දරුවන් බවට පත් වෙනවා.

රටට, නිදහසට අන් අයගේ නිදහසට ගරු කරන්න කියාදෙන්න. එවිට ඔහු ඔහුට, ඔබට, රටට ආදරය කරාවී. මේ 72වන  නිදහස් දිනයේ theAsianparent Sri Lanka අපෙන් ඔබට නිදහස් අදහසක්.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • උත්සව
  • /
  • නිදහස සමරන්න, නිදහසට ගරු කරන්න, අන් අයට කරදරයක් නැති දරුවෙක් රටට බිහිකරන්න
බෙදාගන්න :
  • වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

    වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

  • දරුවන්ට  දරුවන් වෙන්න ඉඩදෙමු.

    දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.

  • වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

    වානිජකරණයෙන් මිදී සැබෑ ආදරණීය අරුතකින් වැලන්ටයින් දිනය සමරමු!

  • දරුවන්ට  දරුවන් වෙන්න ඉඩදෙමු.

    දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it