දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10

lead image

වෙන රටවල් වල දරු ප්‍රසූතියෙන් පසු කාලෙය්දී අම්මට සුවය ලැබෙන්න කරන පිළිවෙත් මොනවාද? අපි ඉන්දියාවට ගිහින් බලමු...

වසර ගණනකට පෙර දරු ප්‍රසුතියෙන් පස්සේ මට මගේ දේවල් කර ගන්නත් තනිව ඉඳ ගැනීමටත් හුඟක් අපහසු වුණා. නමුත් මගේ නෑදෑයන් හා මගේ අම්මල මට දරුවාට කිරි එරෙන්න වගේම පරණ පෙනුම නැවත ලබාගන්නත් වැදගත් උපදෙස් කිහිපයක්ම ලබා දුන්නා.

මේ මට හුඟක් උපකාර වුන එවැනි ඉන්දියානු පිළිවෙත් කිහිපයක්.

පළමු දින 40 අපූර්ව දින 40ක්

ඉන්දියානු කියමනක් තියෙනවා පළමු දින 40 ප්‍රවේසම් වුනොත් ඉදිරි අවුරුදු 40 ම සුවෙන් ඉන්න පුළුවන් කියලා. දින හතලිහ ගැන හරියටම කියන්න බැරි වුනත් මෙවැනි කාලයක ශරීරය හරියට සුවය ලැබෙන්නත්, මව්කිරි දීමට හුරුවීමටත් ගතවෙනවා. මෙහිදී දින 40 ක් ඇඳ විවේක ගැනීමත්, බර වැඩ නොකර සිටීමත් තමයි වැදගත්.

තෙල් සම්බාහනය

ඉස්සර නම් මගේ දින චර්යාවටම ඔයිල් මසාජ් ඇතුලත්වී තිබුණේ නැහැ. ඒත් ප්‍රසූතියෙන් පසු මෙලෙස ඔයිල් මසාජ් කිරීම සුලබයි. තල තෙල්, පොල් තෙල් එකී වටිනා තෙල් වර්ග මීට යොදා ගැනුණා. මේ ගැන සීමා දිලීප් අපිට කිව්වා. ප්‍රසුතියෙන් දින 2-4කට පසුව මට තල තෙල්, කහ, උළුහාල් මිශ්‍රණයකින් සම්බාහනයක් ලබා දුන්නා. ඉන් ශරීරයේ ලේ ගමනය වගේම තුවාල සනීප වීම, මාංශ පේෂින් ලිහිල් වීම ඉක්මන් කරනවා. තෙල් ඉවත් කිරීමට සබන් භාවිත කළයුතු නැහැ. උණුවතුරින් තෙමු කපු රෙදි කඩකින් තැවරුම පිස දැමුවා.

උණුවතුර ස්නානය

සම්බාහනයෙන් පසු නෑමෙන් සුවයක් ලැබෙනවා. මට උණුවතුර නෑමටත් විශේෂයෙන් පිටකොන්දේ පහළ හා මුත්‍රා පිවිසුම හා ප්‍රසුති පිවිසුම අවටත් තරමක් රස්නයෙන් සේදීම කළා. එය තරමක් උණුසුම් වුනත් ඉන් ඉක්මන් සුවය ලැබෙනවා. උණු වතුරට නීම් කොළ එකතු කර තිබුන අතර එය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරනවා.

බඩ වෙලීම

සෑම ස්නානයකටම පසුව මගේ බඩ රෙදි පටි වලින් තදින්ම වෙලුවා. එමගින් ගර්භාෂය ඇතුලට තල්ලුවී නිසි තැන තැබීමට උදවු වෙන බව විශ්වාස කරනවා. ඉන් බඩේ ගෑස් නැතිවී යාමක්ද වෙනවා. ඒ වගේම නිවැරදි ඉරියව්වෙන් කිරි දීමටත් උදවු වෙනවා වගේම උදරයේ මාංශ පේෂීන් පිටුපසට තල්ලු කිරීමක්ද සිදුවෙනවා. මෙය ඉක්මනින් යොදන තරමට ඔබේ උදරය ඉදිරියට නෙරා ඒම අඩු වුනත් සිසේරියන් සැත්කමක් නම් ඔබට එය ප්‍රමාද කිරීමට සිදුවෙනවා.

ආයුර්වේද පානයක්

මෙය ආයුර්වේදීය කසාය වර්ගයත් මට පානය කරන්න දුන්න අතර ඉන් ඉක්මන් සුවය ලැබෙන බව පැවසුවා. එමගින් ප්‍රතිශක්තිය හා මව්කිරි එරීම වැඩිවන බව විශ්වාස කරනවා. සුදුලූනු හා උළුහාල් ඉන්දියානු විශ්වාසය අනුව ප්‍රතිශක්තිය හා මව්කිරි වැඩිකිරීම බලාපොරොත්තු වෙනවා වගේම සුදුලූනු හා උළුහාල් ලබාදෙනවා. මම පොඩිකරගත් සුදුලූනු හා කිරි දිනකට දෙවරක් වත් බොනවා. දහවල් කෑම ගී සමග මුසුකර ළුණු තෙම්පරාදු කර අරගත්තා. ඊට මුරුංගා කොළද එකතු කළා.

ගී සහ පොල්

මේ හැමදේම ශරීරයේ සුවය සඳහා නිසා ඒ ගැන බිය විය යුතු වුනේ නැහැ. ගී හැමදාමත් ඉන්දියානු කෑම අතර ප්‍රචලිතයි. එය හුඟක් හිතකර මේදයන් අඩංගු වෙනවා. හන්ඳි ශක්තිමත් කිරීමට උදවු වෙනවා වගේම පොල් කිරිත් එතරමටම වැදගත්.

ඇටවර්ග හා තුනපහ

 මට තවමත් මතකයි මව්කිරි අඩු නම් උළුහාල් වැඩිපුර ලබාගන්න ලෙස වෛද්‍යතුමා කිව්වා. එයවිද්‍යාත්මකවද සනාථ කළ දෙයක්. මගේ යෙහෙළියක් උළුහාල්, පොල් හා හකුරු සමග මිශ්‍ර කර වැඩිපුර ගත්තා. වියළි පලතුරු හා වියළි පොල්ද ඉතා වැදගත් බව විශ්වාස කරනවා. ඒ වගේම ආමන්ඩ් ඇටත්, අඩුවෙන් මිරිස් ගැනීමටත්, ගම්මිරිස් භාවිතයටත් ළදරු පාසල් ගුරුතුමියක් වන ජෝති උපදෙස් දුන්නා.

මාළු සහ එළු මස්

මාළු හා එළු මස් වලින් මව්කිරි එරීම වේගවත් කරන අතර අස්ථි ශක්තිමත් කරනවා.

අවසාන වශයෙන් ඔබ ඇහුවොත් මේ පිළිවෙත් මට පිහිට වුනාද? කියලා. උත්තරය “ඔව්” කියන එකයි. ඉඳගන්නවත්  බැරුව හිටපු මට මාසයකදී හොඳට ඇවිදින්නත්, දරුවාගේ වැඩ කරගන්නත් පුළුවන් වුණා.

මව් පදවිය සතුටින් විඳින්න මට ලැබුණා. එවන් දහසක් අම්මාවරුන් වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ