theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

3 අවම කියවීම
ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

මව්කිරි බිව්ව පුංචි පැටියා ඉස්සෙල්ලාම බත් කන්නයි ලෑස්තිය. පුංචි පැටියාට හොඳ වේලාවක කන්න පටන් ගත්තේ නැත්තම් එයා කන්න හොර වෙනවාලු.

ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය ගැන පුංචි මගප‌ෙන්වීමක්. මව්කිරි බිව්ව පුංචි පැටියා ඉස්සෙල්ලාම බත් කන්නයි ලෑස්තිය. පුංචි පැටියාට හොඳ වේලාවක කන්න පටන් ගත්තේ නැත්තම් එයා කන්න හොර වෙනවාලු. ආච්චි අම්මා එහෙම කියලා දුවලා යන්නේ සුභම සුභ නැකතක් බලාගෙන එන්න.

මොකද්ද මේ ඉඳුල් කට ගෑම නැතිනම් ප්‍රථම බත් කැවීම කියන්නේ?

දරුවාට ඉස්සෙල්ලාම ඝන ආහාර හදුන්වා දීම සුභ වේලාවකින් කිරීම ඈත අතීතයේ සිටම අප සංස්කෘතිය තුල පැවත එන්නක්. මේ හා බැදුන චාරිත්‍ර වාරිත්‍ර බොහොමයක් තියෙනවා. නමුත් මේ චාරිත්‍ර ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට යම් යම් වෙනස් කම් පවතිනවා.

මේ සඳහා සුදුසු වයස

පිරිමි දරුවන්ට වයස 6, 8, 10, වැනි ඉරට්‌ටේ මාසයකින්ද ගැහැණු දරුවන්ට වයස මාස 7, 9, 11 ආදී ඔත්තේ මාසයකින්ද ඉඳුල් කටගෑම සිදු කිරීම සුදුසු වෙනවා.

ඉඳුල් කට ගෑමේ චාරිත්‍ර

ඉඳුල් කට ගෑම

  • දරුවාගේ වේල පත්කඩය අනුව සුභ දවසක්, සුභ වේලාවක් හා සුභ දිශාවක් තෝරා ගන්න. නැකැත් දින දහවල් 12ට පෙර ඉඳුල් කට ගෑම සුදුසුයි.
  • ඇල් සහල් හෝ හීනටි හෝ සුවදැල්, සම්බා හෝ රතු කැකුළු සහල් අලුත් මුට්ටියක පිස ගන්න.සමහර ප්‍රදේශ වල කිරි බතක් සහ සියලු තුනපහ දාපු කිරි හොද්දක් පිළියෙළ කරනු ලබනවා.
  • දරුවා පිරිසිදු කර සුදානම් කරන්න. සමහර ප්‍රදේශ වල දරුවාට සුදු පැහැ වස්ත්‍ර ඇන්ඳවීම කරනවා. ගෙබිම අතුගා කහ දියර ඉස පිරිසිදුකර ගෙන එහි මැද පැඳුරක් එලා ඒ මත පොල්තෙල් පහනක් දල්වන්න.
  • ඉන්පසු පැඳුර මත කැවුම්, කිරි බත්,බත්, ව්‍යාංජන, පළතුරු, රෙදි පිළි,රසකැවිලි, ක්‍රීඩා භාණ්‌ඩ පොත් පත්, රං රිදී, මුදල්, මුහුණ බලන කණ්ණාඩියක්, යන සියල්ල තබන්න.
  • දරුවා සුභ දිශාවට මුහුණලා වාඩි කරවන්න. ඔබේ ආගම අනුකූලව ආගම සිහිකරන්න.බෞද්ධ නම් බුදුන් වැද සියළු දෙවියන්‍ට පින් අනුමෝදන් කරන්න.
  • සුභ මොහොත එළඹුන පසු සුභ දිශාව දෙස බලා පුතාට මව විසින්ද දුවට පියා විසින්ද ඉඳුල් කට ගෑම කරන්න පුළුවන්.
  • ඉන්පසු දරුවාට පැඳුර මත වු දේවල් වලින් කැමති දෙයක් අතට ගන්න ඉඩදෙනු ලබනවා.

මේ හා බැදුනු විවිධ මතිමතාන්තර 

ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

පිරිමි දරුවන්ට වයස ඉරට්‌ටේ මාසයකින්ද ගැහැණු දරුවන්ට වයස ඔත්තේ මාසයකින්ද ඉඳුල් කටගෑම සිදු කරනවා.
සමහර පිරිස් දරුවාට මාස හයෙන් පසු ඝන ආහාර ලබාදීම කරන අතර ඉඳුල් කටගෑම සිදුකිරීමේදී කුළුබඩු හා පොල්කිරි යෙදු ආහාර පළමු වරට දරුවාට හඳුන්වාදෙනවා.
සාමාන්‍යයෙන් පුතාට මව විසින්ද දුවට පියා විසින්ද ඉඳුල් කට ගෑම සිදු කල යුතු යැයි සැලකෙනවා.
අම්මා, තාත්තා හැරුනු කොට දරුවාට වඩාත් ආදරය කරන  වැඩිහිටියකු මේ ඉඳුල් කටගෑම කරන අවස්ථා තියෙනවා.
දරුවා පැඳුර මතදී අතට ගන්නා දේවල් අනුව ඔහුගේ හෝ ඇයගේ අනාගතය ගැන යමක් පෙන්නුම් කරන බව සැලකෙනවා.
එදිනට දරුවාට ආදරය කරනු ලබන වැඩිහිටියන්ට පමණක් ආරාධනා කරනු ලබන අතර උත්සවයක් නොගන්නේ දරුවාට ඇස්වහ කටවහ වදිවී යැයි ඇතිවෙන බිය නිසායි. සමහර ප්‍රදේශ වල මාසික ශුද්ධිය සිදුවෙන කාන්තාවන් මේ අවස්ථාවට සහභාගී කර ගන්නේ නැහැ.
දරුවා මුලින් ම කටට දමා ගන්නා දේ නුසුදුසු  දෙයක් නම්  එය දරුවාට අසුභ යැයි විශ්වාස කරනු ලබනවා.

ඉඳුල් කට ගෑම හා නුතන සමාජය 

ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

ඉඳුල් කට ගෑම අද වෙන විට සමාජයෙන් ඈත් වී යන චාරිත්‍රයක්, දෙමාපියන් කාර්‍යබහුල වීමත් සමඟ මාස 6 වෙද්දී දරුවාට ඝන ආහාර හඳුන්වා දීමත් දරුවාගේ පෝෂණ අවශ්‍යතා අනුව අනෙක් ආහාර ඒ හා යමින් හඳුන්වා දීමත් නිසා බොහෝ දුරට ඒ සඳහා නැකතක් වෙනුවෙන් දෙමාපියන් බලාගෙන ඉන්නේ නැහැ .
තවද බොහෝ නාගරික නිවෙස් වල මෙම චාරිත්‍ර හුදෙක් චාරිත්‍රයක් ඉටු කිරීම සේ සලකා සම්ප්‍රදායෙන් ඔබ්බට යමින් තමන් කැමති ආකාරයට ඉටු කරනු ලබනවා.
සමහර දෙමාපියන් රාහු කාලය හැර දරුවාට මංගල බත් පිඬ මුව තබන අතර සමහර දරුවෙන් එම චාරිත්‍ර ඉටු කිරීමක් වෙන්නේ නැහැ. ඔබ දරුවාට ඉඳුල් කට ගෑම නොකලේ යැයි ඔබ දැන් කණගාටු වෙන්න එපා.
ඉඳුල් කට ගෑම දරුවාගේ ආහාර ගැනීමේ රටාවට හෝ අනාගතයට කිසියම් බලපෑමක් කරන්නේ නැහැ. එය අපේ සම්ප්‍රදාය හා බැදුනු චාරිත්‍රයක් පමණයි. එය කිරීම හෝ නොකිරීම ඔබේ මනාපය අනුව ඔබට තීරණය කරන්න පුළුවන්.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
Featured image: YouTube
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • උත්සව
  • /
  • ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 
බෙදාගන්න :
  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • අලුත උපන් දරුවාට ඝන ආහාර නොදිය යුත්තේ ඇයි?

    අලුත උපන් දරුවාට ඝන ආහාර නොදිය යුත්තේ ඇයි?

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • අලුත උපන් දරුවාට ඝන ආහාර නොදිය යුත්තේ ඇයි?

    අලුත උපන් දරුවාට ඝන ආහාර නොදිය යුත්තේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it