theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මවකට Influenza A හැදිලා. ගයත්‍රි ඇගේ කතාව අපිට කිව්වා.

4 අවම කියවීම
ගැබිණි මවකට Influenza A හැදිලා. ගයත්‍රි ඇගේ කතාව අපිට කිව්වා.ගැබිණි මවකට Influenza A හැදිලා. ගයත්‍රි ඇගේ කතාව අපිට කිව්වා.

ඇගේ දරු ගැබට සති 20 ක් ගෙවෙන විට ගයනිට ඉන්ෆ්ලුවැන්සා වැළඳී ඇති බව සොයා ගැනුණා....

ඇගේ දරු ගැබට සති 20 ක් ගෙවෙන විට ගයත්‍රිට ගැබිණි සමයේ influenza (ඉන්ෆ්ලුවැන්සා*) වැළඳී ඇති බව සොයා ගැනුණා.

හැමතැනම බෝවෙන රෝග ආසාදන පැතිරී යන මේ කාලයේ ඔබේ හා දරුවාගේ ආරක්ෂාව උදෙසා theAsianparent Sri Lanka ගැබිණි සමයේ influenza ගැන ඔබව දැනුවත් කරන්න හිතුවා.

විශේෂයෙන් ගර්භණි අම්මලා වගේම දරුවාත් ඉන් ආරක්ෂා වීම වැදගත්. ඒ වගේම ඔබත් මෙවැනි සිදුවීම් වලට මුහුණ දුන්නා නම් ඔබේ අත්දැකීම් බෙදාගන්නට ආරාධනා කරන්නේ ඉතා කැමැත්තෙන්. මන්ද ඉන් පාඩමක් අපේ අනෙක් දෙමාපියන්ට ඉගෙන ගන්නට හැකියාව ලැබෙන නිසා.

ගයාත්‍රි ඇගේ පෞද්ගලික අත්දැකීම බෙදාගත්තේ ඉන් අන් අයටත් දැනුවත් වෙන්න පුළුවන් නිසයි.

ගැබිණි සමයේ influenza: ගයාත්‍රිගේ කතාවයි.

මම අවුරුදු එක හමාරක බබෙක්ගේ මවක් වගේම දැනට මම සති 22 ක ගැබිනියක්. මගේ තත්වය නිසා මට පර්යේෂණ කිහිපයක් සඳහා ප්‍රධාන රෝහල් දෙකකටම යන්න සිදුවුණා.

ඒ එක්කම ඒ සතියේ මගේ දුවත් අසනීප වුණා. ඒ කාලේම මටත් හෙම්බිරිස්සා ගතිය හා කිවිසුම් යාම එක්ක ඇඟේ රස්නයකුත් ආවා. ඒ එක්කම මට වමනය යන්න පටන් ගත්තා. ඒ වෙනකොට දුව උණ හෙම්බිරිස්සවෙන් සුවය ලබමින් හිටියා.

මගේ ශරීරයේ උෂ්ණත්වය වැඩිවෙන්න ගත්තත් මම රෝහලකට නොයා හිටියා. රෝහලට එන තවත් රෝගී අයගෙන් මම තවත් රෝගී වෙයි කියන බයටයි එහෙම කළේ. 

ඒත් තුන්වෙනි දවසෙත් මට සුවයක් නැති නිසා මම මගේ ප්‍රසව හා නාරී වෛද්‍යවරයා හමුවීමට වෙලාවක් යොදාගත්තා. ඇය මට ඉන්ෆ්ලුවැන්සා වැළඳී ඇති බව අනුමාන කරමින් නාසය හරහා කරන විශේෂිත පරීක්ෂණයකට භාජනය වන ලෙස දැනුම් දුන්නා.

මම පරීක්ෂණාගාර සේවිකාවකගේ  සහය ඇතිව පර්යේෂණයට ගියේ මට හුඟක් ක්ලාන්ත ගතිය දැනුන නිසාත් මම ගර්භණි නිසා අනතුරක් වේදැයි කියන බියත් නිසයි.

මගේ වාර්තාවලට අනුව මට ඉන්ෆ්ලුවැන්සා A තත්වය වැළඳී ඇති බව සඳහන්ව තිබුණා. මගේ නාරී වෛද්‍යවරියට අනුව නිර්දේශ කළ කායික රෝග වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන්  එක් අයෙකුගෙන් වෙලාවක් ලබාගැනීමට උත්සාහ කළත් ඊට අවස්ථාවක් ලැබුනේ නැහැ.

නැවතත් රෝහලෙන් තවත් වෛද්‍යවරයෙකු ගැන විමසා බැලුවත් ඔහු හමුවීමට තවත් කාලයක් රැඳී සිටිය යුතු වන බව දැනගත්තා.

නමුත් එහි ඉන්න හෙදියට මගේ තත්වය හා වාර්තා ඉදිරිපත් කරලා ඒ ගැන වෛද්‍යවරයාගේ අදහස් හා මාව ඔහුට බලන්නට හැකි දැයි අසන ලෙස ඉල්ලුවා. ඒත් මගේ තත්වය අනුව කෙසේ ප්‍රතිකාර කළයුතු දැයි ඔහුට අනුමාන කළ නොහැකි බව කියා තිබූ අතර ඔහු මට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඉන්පසු තවත් කායික විශේෂඥයෙකු හමුවීමට පැය දෙකක් පමණ රැඳී ඉඳලා අවසානයේ හෙදියට මගේ වාර්තා හා තත්වය පැහැදිලි කළා. වෛද්‍යවරයා කරුණු විමසා බලා ඉක්මනින් මාව පරික්ෂා කළයුතු බවට දන්වා තිබුණා. මගේ තත්වය මත ඔහුට ඒ වන විටත් රෝගීන් රැසක් පරික්ෂා කිරීමට සිටියත් ඔහු අවංකවම මගේ තත්වයේ ඇති බරපතලකම තේරුම් ගෙන තිබුණා.

මගේ තත්වය අනුව රෝහල් ගත වීම අවශ්‍ය බව ඔහු දන්වා සිටියා. දින දෙකකට පස්සේ මගේ උණ තත්වය පහව ගොස් කෑම රුචිය ඇති වුණා.

මට ගෙදර යන්න පුළුවන් බවට නිර්දේශ වුණා. මගේ බබාට මේ නිසා බලපෑමක් ඇති නොවුන එක මගේ ලොකු වාසනාවක්. මේ අවදානම් සහිත අත්දැකීමත් එක්කම මට සුවය ලැබීම ගැන මට ලොකු සැනසිලිදායක බවක් දැනෙනවා.

ඉන්ෆ්ලුවැන්සාවෙන් සුව වන්නටත් සුවවෙමින් සිටින විටත් අපි නොකළ යුතු දේවල් මොනවද?

  • රෝහල් ගතවූ විට අමුත්තන්ට මාව බලන්න එන්න එපා කියලා කිව්වා වගේම ගෙදර ගියහම මගේ දුව ළඟටත් මම ගියේ නැහැ.
  • වෛද්‍ය නිර්දේශය මත මම නිතරම මුඛආවරණයක් පැළඳ ගත්තා.
  • ගර්භණි මවක් නම් මේ අවස්ථාවේ එළිමහනට කිසිසේත්ම නොයා යුතු වෙනවා.
  • අත් නිතර හොඳින් සෝදා ගැනීම වගේම සැනිටයිසර් වර්ගයක් යොදා ගැනීමත් නාසය හා මුව ස්පර්ශ කිරීමෙන් වැළකීමත් කළයුතු වෙනවා.
  • ඔබ ගර්භණි සමයේ පසුවන අයෙක් නම් සෙම්ප්‍රතිශ්‍යාව ගතියක් දැනෙන විට අත් බෙහෙත් හෝ වෙනත් සෙම්ප්‍රතිශ්‍යාවට ගන්න ඖෂධ ගැනීමෙන් වැළකි ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හෝ පවුලේ වෛද්‍යවරයා හැකි ඉක්මනින් හමුවෙන්න.
  • හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් රෝගය සුවකර ගත හැකි අතර ගර්භණි සමයේ පර්යේෂණ වලට භාජනය වීම සීමා සහිත නිසා ඒ ගැන යුහුසුළු වීම වැදගත්. මන්ද රෝගය උත්සන්න වීමෙන් ඇතිවන අනෙකුත් සංකුලතා හඳුනා ගැනීම මේ සමයේ අපහසුවන නිසා.
  • නිතරම රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර සායන වලට ගර්භණි කාලයේ සහභාගී නොවීමත් ඒෂියන් පේරන්ට් ශ්‍රී ලංකා හරහා මට ප්‍රතිකාර කළ මහාචාර්ය වෛද්‍යවරයා හමුවීමටත් ඔබට යොමුවෙන්න පුළුවන්.
  • ඉන්ෆ්ලුවැන්සා උණ වැළඳීමේදී පහළ වන රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් ළඟට යාම හා ඔවුන් ඇල්ලීමෙන් වළකින්න.

මම අවසාන වශයෙන් ඔබට දෙන පණිවිඩය වන්නේ කිසි විටකත් මේ රෝගය ගැන සුළුවෙන් හිතන්න එපා කියලයි. ගැබිනි මව්වරුන් හා දරුවන් මේ අතර විශේෂයි.

ඔබට රෝග ලක්ෂණ මතුවෙත්ම වෛද්‍ය උපදෙස් සහ පිළිවෙත් අනුගමනය කරන්න.

*මෙම ඉන්ෆ්ලුවැන්සා A, B, C විශේෂයෙන් කාණ්ඩ තුනකට වෙන්වන අතර ඉන්ෆ්ලුවැන්සාව H1N1 රෝගයේම එක් උණ කාන්ඩයක් වන අතර ඒ වගේ රෝගය වැළඳුන අය ගර්භණි මව්වරුන් සහ දරුවන් අතර ගැවසීම නොකළ යුතු වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ගයාත්‍රි,  theAsianparent Sri Lanka අපි සමග ඇගේ මේ අත්දැකීම බෙදා ගැනීම ගැන සතුටු වන අතර බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා වගේම ඊට ඔබටත් ඉඩ ඇති බව සතුටින් දන්වා සිටිනවා.

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ගැබිණි මවකට Influenza A හැදිලා. ගයත්‍රි ඇගේ කතාව අපිට කිව්වා.
බෙදාගන්න :
  • Must-know facts for parents about the H1N1 flu virus (swine flu)

    Must-know facts for parents about the H1N1 flu virus (swine flu)

  • "Here's what happened when my child got influenza": A Sri Lankan mum's story

    "Here's what happened when my child got influenza": A Sri Lankan mum's story

  • Must-know facts for parents about the H1N1 flu virus (swine flu)

    Must-know facts for parents about the H1N1 flu virus (swine flu)

  • "Here's what happened when my child got influenza": A Sri Lankan mum's story

    "Here's what happened when my child got influenza": A Sri Lankan mum's story

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it