theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්කිරි දීම: සියලු වේදනාවන් දරා ගනිමින් අනතුරකට ලක්ව සිටියදීත් මව්කිරි දුන් අම්මා

5 අවම කියවීම
මව්කිරි දීම: සියලු වේදනාවන් දරා ගනිමින් අනතුරකට ලක්ව සිටියදීත් මව්කිරි දුන් අම්මාමව්කිරි දීම: සියලු වේදනාවන් දරා ගනිමින් අනතුරකට ලක්ව සිටියදීත් මව්කිරි දුන් අම්මා

කකුල බිදවැටී ඇඹරී අනතුරකට ලක් වු අම්මා ඇගේ දරුවාට මව්කිරි දීම කලාය.

දරුවෙකුට අම්මා කෙනෙක් මව්කිරි දීම කරන්නේ දේවකාර්යයක් තරම් පූජනීය හැගීමෙන්. දරුවාට බඩගිනියි නම් තැන නොතැන බලමින්, වේදනා දරාගෙන අනතුර මැද්දේ දරුවාට මව්කිරි දරුවා වෙනුවෙන් තම ලැම පාන අම්මා නම් අපූර්ව ගැහැනිය ඇත්තටම ස්වභාව දහමේ විශ්මිත නිර්මාණයක්.

ඇය නිර්මාණය වෙන්නේ දරා ගැනීම නොඅඩුව ලබමින්, කැප කිරීමට මුලිකත්වය දෙමින්.

ඉතින් අපි මේ කතා කරන අම්මාගේ උතුම් ගතිගුණ යලිත් විදහා දක්වමින් මේ අම්මා පෙන් වු දරු සෙනෙහස ගැනයි මේ කථාව.

වේදනාව නොතකා අනතුර මැද්දේ දරුවාට මව්කිරි වලට ලෙය හැරවු දිරිය ගැහැනිය

බ්‍රසීලයේ බිහිසුනු අනතුරකින් පසුව  තුවාල ලැබූ මේ අම්මා ඇගේ දරුවා දරුවාට මව්කිරි දීම කල අතර මවකගේ නොසැලෙන මානසික ශක්තිය  පිළිබඳ කදිම උදාහරණයක් බවට පත්වුවාය.

වාර්තාවලට අනුව ඇය බරපතල අනතුරකට ලක්ව ඇත.

මවට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය  වූවද, ඇය අන් කිසිවක් කිරීමට  පෙර   මවක් ලෙස සිය රාජකාරිය පළමුව ඉටු කළාය.

තුවාල වූ මේ සිය ඇඹරී තුවාල වු කකුලද නොතකා  දරුවාට මව්කිරි  ලබාදීම කරන අපූරු මොහොතේ  පටිගත  වු  මේ  වීඩියෝව  සමාජ මාධ්‍ය  හරහා ලොව පුරා පැතිර යන ලදී.

අනතුරින් තුවාල වු අම්මා වැටී සිටි ස්ථානයට එය දුටුවන් වට විය.

තුවාල වූ  මේ අම්මා ඇගේ කකුල කැඩී හා ලේ ගලා ගියද ඇගේ දරුවාට මව්කිරි ලබා දුන්නාය

සමීපව විඩියෝව  පරීක්ෂා කර බැලූ විට, ඇගේ  කකුලේ  වළලුකර   ඇඹරී  ලේ ගලමින් තිබුනද ඇයගේ  දරුවාට දිගින් දිගටම මව්කිරි ලබා දුන්නාය . ඇයගේ තුවාල බරපතල  බව පෙනුනද ඇය අපහසුතාවයක් නොපෙන්නුවාය.

එක් අවස්ථාවක දී, ඇය මව්කිරි ලබා දීම සදහා  දරුවාට පහසුවෙන පරිදි ඉරියව්ව  මාරු කල අතර  කුමක් වුවත් ඇය දරුවෙකුට  මවකගේ භක්තිය සදහා ජීවමාන සාක්ෂියකි.

අපි මේ බ්‍රසීලියානු කාන්තාව හා ඇය වැනි  තමන්ගේ සැකයන් හෝ අපහසුතාවයන් නොතකා ඔවුන්ගේ කුඩා දරුවන් නිරෝගීව හා සතුටින්  වැඩෙන  බවට වගබලා ගැනීම සඳහා ඔවුන්ගේ මුළු පැවැත්ම කැපවී කල අනෙකුත්  මව්වරුන්ට  ප්‍රණාමය පුදකරමු.

අනතුර මැද්දේ දරුවාට මව්කිරි ලබා දීම යන සුවිශේෂී අත්දැකීම මවකට සීමා කරමින් ඇය විළිබිය පසෙකලා ප්‍රසිද්ධියේ මව්කිරි ලබා දීම හෙලා දැකීම වෙනුවට ප්‍රසංශා ලැබිය යුත්තක්ම විය යුතුය.

මව්කිරි වල සුවිශේෂී ගුණයන් 7ක්

තවමත් මව්කිරි වල ඇති සුවිශේෂී ගුණයන් 7ක් ගැන අසා නොතිබෙන්නට පුළුවන්. ඔබ මේ ගැන දැනගත්තොත් පුදුමයට පත්වන්නට පුළුවන්.

මව්කිරි වල ඇති ආශ්චර්යය ගැන අපි කවදත් කතා කරන මාතෘකාවක්.
ලොව පුරා විද්වතුන් මව්කිරි වල අමිල ගුණ ගැන කතා කරන බව ඔබ මේ වන විටත් දන්නවා.නමුත් තවමත් ඔබ එහි ඇති තවත් සුවිශේෂී ගුණයන් 7ක් ගැන අසා නොතිබෙන්නට පුළුවන්. ඔබ මේ ගැන දැනගත්තොත් පුදුමයට පත්වන්නට පුළුවන්.

1. මව්කිරි දීම මව්කිරි පිළිකා සුව කරනවා අනතුර මැද්දේ දරුවාට මව්කිරි

1

ස්වීඩන් ජාතික මහාචාර්ය වරයෙකු විසින් තම කණ්ඩායම සමග දශක ගණනාවක් පුරා කරන ලද පර්යේෂණ වලට අනුව මව්කිරි වල ඇති ප්‍රෝටීන් විශේෂ මගින් පිළිකා සෛල විනාශ කරන අතර නිරෝගී සෛල වලට ඉන් හානියක් නොවන බවත් සොයාගනු ලැබුවා.

ඔවුන් විසින් මෙම ප්‍රෝටීනය හැම්ලට් ලෙස නම් කර ඇත. 

වර්තමානයේ එමගින් පිළිකා සමග සටන් කළහැකි ඖෂධයක් දක්වා වර්ධනය කිරීමට ඇති හැකියාව ගැන සොයා බලනවා.

2. පැටියාට අසනීප වූ විට මව්කිරි ඒ බව දැනගන්නවා

මව්කිරි වලට දරුවාගේ අවශ්‍යතාවය අනුව හැඩගැසීමේ හැකියාව තිබෙනවා.

කෙට් හයින්ඩ් නම් ජීව විද්‍යාඥයාට අනුව දරුවා හරහා මවගේ තනපුඩුවට ස්පර්ශ වන දරුවාගේ කෙළ මගින් දරුවාගේ ශරීරයේ තත්වය සන්නිවේදනය වෙනවා.

පියයුරු වල ඇති ග්‍රන්ථින් හරහා මෙම සන්නිවේදනය ලබාගැනෙන අතර එමගින් අවශ්‍ය ලෙස කිරි අම්මගේ ශරීරය තුළ නිපදවෙනවා.

3. උණුසුම් දිනයන්හි මව්කිරි වල ජලය වැඩිපුර තියෙනවා

2

මව් කිරි වල 88% ක් ජලය ඇති නිසා මාස 6ක් යනතුරු බබෙකුට අමතර ජලය ලබාදීම අවශ්‍ය නැහැ.

මව්කිරි වලින් දරුවෙකුට ශරීරයට අවශ්‍ය පානීය ජලය අවශ්‍යතාවය සපුරනවා.

නමුත් උණුසුම් කාලගුණයක් ඇති දිනයන් වලට මේ ප්‍රතිශතය වැඩිවන අතර පරිසර උෂ්ණත්වය අනුව දරුවන්ට ඇතිවන පිපාසය සංසිඳුවීමට මව්කිරි ප්‍රමාණවත් වන අතර අමතර ජලය දීමට අවශ්‍ය වන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අම්මා කළ යුත්තේ මව්කිරි දෙන වාර වැඩිකිරීම පමණයි.

4. බැක්ටීරියාවන්ට එරෙහිව සටන් කරනවා

ඇමරිකා එක්සත් ජනපදයේ සවුත් ඩෙවෝන් කොලේජ් හි පළමු වසර ජීව විද්‍යා අංශයේ විකි ග්‍රීන් එම් ලුටෙස් නමැති බැක්ටීරියාව මාස 15 සහ අවුරුදු 3 දරුවන්ගේ මව්වරුන්ගෙන් ලබාගෙන ඊට මුසු කර බලනවා.

ෆේස් බුක් වල දක්වා ඇති පින්තූර වල මව්කිරි හා බැක්ටීරියාව අතර විශාල බිත්තියකින් ආවරණය වී තිබීම පැහැදිලිව දකින්නට තිබුණා.

මේ පර්යේෂණය මගින් මව්කිරි වලට බැක්ටීරියාවන්ට එරෙහිව යමින් ක්‍රියා කිරීමට ඇති ශක්තිය තහවුරු කරන බව ග්‍රීන් පවසනවා.

5. මව්කිරි දීම කුරුලෑ සුව කරනවා අනතුර මැද්දේ දරුවාට මව්කිරි

වෙනත් කිසිදු පිළියමකට වඩා කුරුලෑ වලට සාර්ථක සත්කාරය මව්කිරි බව පැවසෙනවා.

කැලිෆෝනියා සරසවියේ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණ වලින් පසු මව්කිරි වල ඇති ලෝරික් ඇසිඩ් මගින් කුරුලෑ සුව කිරීමේ හැකියාව ඇති බව සොයා ගැනුණා. සරලව මව්කිරි ස්වල්පයක් ඒ මත ගල්වා වියළීමට හැරීමෙන් පැහැදිළි වෙනසක් බලාපොරොත්තු විය හැකි වෙනවා.

6. මව්කිරි දීම වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා

3

දරුවෙකු අඬන විට ඕනෑම මොහොතක අම්මාගේ මව්කිරි වලින් සැනසෙනවා. මෙය ශරීරයේ උණුසුම හා අම්මව දැනීම මත ඇතිවන දෙයක්. ඔබේ සුවඳ උණුසුමට දරුවා හරිම කැමතියි.

ඒ වගේම මව්කිරි වල ඇති එන්ඩොර්ෆින් මගින් ශරීරයේ වේදනාවද සමනය කරනවා.

7. මව්කිරි දීම අඩු මාසයෙන් පෝෂණයට හොඳම විසඳුම

පුංචි පැටියා බිහිවූ දා සිට අම්මලා තැවෙන්නේ දරුවාගේ පෝෂණය ගැන සිතමිනුයි. නමුත් අඩු මාසයෙන් දරුවෙකු ඉපදුනහම අම්මගේ සිතට තවත් බර වැඩිවෙනවා.

නමුත් අඩු මාසයෙන් ඉපදෙන දරුවෙකුට අම්මගෙන් එරෙන කිරි වල ප්‍රෝටීන් වැඩිපුර අඩංගු වෙන බව සොයාගෙන තිබෙනවා

මව්කිරි දීම සම්බන්ධ‌යෙන් ඔබගේ වටිනා අදහස් අප හා ‌බෙදාගන්න අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මව්කිරි දීම: සියලු වේදනාවන් දරා ගනිමින් අනතුරකට ලක්ව සිටියදීත් මව්කිරි දුන් අම්මා
බෙදාගන්න :
  • "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

    "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

  • ඔබේ බිරිඳට ආදරය පෙන්විය හැකි ක්‍රම 8 ක්

    ඔබේ බිරිඳට ආදරය පෙන්විය හැකි ක්‍රම 8 ක්

  • "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

    "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

  • ඔබේ බිරිඳට ආදරය පෙන්විය හැකි ක්‍රම 8 ක්

    ඔබේ බිරිඳට ආදරය පෙන්විය හැකි ක්‍රම 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it