theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

3 අවම කියවීම
අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

මෙවැනි ගොඳුරු සොයන්නන් කොයිතරම් සූක්ෂම ලෙස දරුවන් සොයන්නේ ඇයි ඔබට පුදුම සිතෙන්න පුළුවන්.

අපේ සමීපතමයන් බොහෝ විට අපෙන් දුරස්ව ලෝකයේ නොයෙකුත් රටවල් වල හා රට තුළ විවිධ ප්‍රදේශවලත් ජීවත් වෙන නිසාම ඔවුන්ව දකින්න තොරතුරු දැනගන්න ආසාවෙන් ඉන්නවා.

මේ නිසාම වර්තමානයේ ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස් බුක් වැනි සමාජ ජාල හරහා දෙමාපියන්ට තම දරුවන්ගේ සුරතල් ලෝකයේ එහා කෙළවරේ ඉන්න හිත මිතුරන් හා බෙදාගන්න අවස්ථාව උදාවෙලා.

මේ ක්‍රමය ඉතාම පහසු වගේම ඉන් අත්විය හැකි අනිසි ඵල විපාක ගැනත් දෙමාපියන් දැනුවත්ව සිටීම ඉතාම වැදගත්. අන්තර්ජාලය හරහා දරුවන්ගේ තොරතුරු හා පින්තූර බෙදාගැනීමේ දී සිදුවන හානිකරම සිදුවීම වන්නේ දරුවන්ට ගොඳුරු අල්ලන මානසික රෝගීන්ගෙන් දරුවන් බේරා ගැනීමයි.

බරපතල කාරණය වන්නේ මෙවැනි අපරධකරුවන් දවසින් දවස එන්න එන්නම වැඩිවීමත් සමහර වෙබ් අඩවි තුළින් ඔවුන්ට ඉතා සූක්ෂම ලෙස මේ කාර්යයන් කිරීමට මග පෙන්වීම් ලැබීමත් සත්‍ය කාරණයක්.

නමුත් ඔබ මෙවැනි සිදුවීම් ගැන දැනුවත් නම් දරුවන්ගේ පින්තූර අන්තර්ජාලයට මුදාහරින්නත් ඉන් ගැලවිය හැකි ආකාරය ගැන දැනුවත්ව අවධානයෙන් සිටින්නටත් පුළුවන්.

අන්තර්ජාලයේ සැරිසරන මේ විකෘති පුද්ගලයන් ගැන ඔබ දැනුවත් වෙන්න.

ස්ථානය

අද කාලයේ ස්මාට් ෆෝන් එකකින් පින්තූර අන්තර්ජාලයට මුදාහැරීම ඉතාම පහසු දෙයක් බවට පත්වෙලා. ඒත් මේ පිළිබඳ තාක්ෂණික අංශයෙන් සොයා බැලීමේදී මෙටාඩේටා හරහා අවශ්‍යනම් කෙනෙකුට එය ලබාගත් තැන, ලබාගත් කැමරාව, වෙලාව, දිනය, ස්ථානය දැනගන්න පුළුවන් බව පැවසෙනවා.

ඉන් කියන්නේ ඔබ නොකියන බොහෝ කාරණා මේ විකෘතිකර ගොඳුරු සොයන්නන්ට දැන ගැනීමට හැකියාවක් ඇති බවයි.

ආකර්ශණයෙන් පැහැදිළි කිරීම් කරනවා.

සම්පුර්ණයෙන් ඇඳුම් අන්දවා නැති විට දරුවන්ගේ සුරතල් බව තව තවත් මතුවී පෙනෙනවා. මේ සුරතල් බව නිසා කාගේත් නෙත් පැහරගන්නවා. මෙවැනි පින්තූරයක් අන්අය අතර හුවමාරු වීම මගින් ලෝකයේ හැමදෙනා අතරටම හුවමාරු වෙනවා.

ඒ නිසා දෙමාපියන් ලෙස දරුවන් කලිසමක්, ඩයපර් එකක් පමණක් ඇඳ සිටින විට මෙවැනි විකෘති මිනිසුන්ට එම පින්තූර වෙනස් කර දරුවන් නිරුවත් කර තම විකෘති ආශාවන් ඉටුකර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පිහිණුම් ඇඳුමින් ඉන්න දරුවන්ගේ පින්තූර වලටත් මේ තත්වය අදාල වෙනවා.

අපි නොසිතන ආකර්ෂණීය දේවල් ඔවුන්ට ආකර්ෂණීය වන්නට පුළුවන්.

මෙවැනි විකෘති මිනිසුන්ගේ මනස ක්‍රියාකරන්නේ වෙනත් ආකාරයකටයි. සමහර දරුවන් හොඳින් ඇඟ වැසෙන සේ එහෙත් තරමක් වැඩිමහල් පෙනුමක ඇඳුමක් ඇඳ සිටින විට ඔවුන් ඒ පෙනුම සමග දරුවන් ලිංගික ක්‍රියාවක යොදවන ආකාරයට එය වෙනස් කර ගන්නවා. සමහර විට දරුවන් ඉන්න ඉරියවුවට කරන ඉතා අශ්ලීල ප්‍රකාශනයකින් වුනත් ඔවුන් විකෘති කර ආශාවන් සංසිඳවා ගන්නවා.

සමහර විට දරුවා එසේ ඇඳුම් වලින් සැරසී නොසිටියත් ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ලෙස සමාජ ජාලයේ ආරක්ෂක විධික්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන්. 

ගොඳුරු සොයන විකෘති මිනිසුන්ගේ ක්‍රීඩාව පරද්දන්නේ කොහොමද?

දෙමාපියන් ලෙස ඔවුන්ගේ මේ ක්‍රීඩාව ගැන අවබෝධයෙන් සිටීමෙන් ඔබට බල ගැන්වෙන්න පුළුවන්.

  • මෙවැනි පින්තූර පළකරන විට එහි තොරතුරු විස්තර ඉදිරිපත් කරන පහසුකම අක්‍රිය කරන්න.

සමහර විටක් ඔබ නොසිතන ඔබේ සමීපතම අයෙකු පවා මෙවැනි ක්‍රියාවලට යොමුව තිබෙන්නට පුළුවන් නිසා මෙය ලෝකයෙන් වසන් කරනවට වඩා මෙවැනි දැනුවත් වන්නට පුළුවන්.

  • දරුවන්ගේ නිරුවත් ඡායාරූප පළකරන්න එපා.

අඩනිරුවත් හෝ නිරුවත් ඡායාරූප පළකිරීමෙන් ඔබ වැළකීම වැදගත්. එය දරුවන්ගේ සුරතල් බව නිසා වුවත් ඔබේ හිතවතුන් අතර එය හුවමාරු කිරීමට ඊමේල් හෝ වෙනත් පෞද්ගලික මාධ්‍යක් යොදාගන්න.

  • දරුවන් ඡායාරූපයකට පෙනී සිටිය යුතු සීමාව ගැන ඔබ තීරණය කරන්න.

දරුවන් නොදැනුවත්ව ඔබේ ඇඳුම් ආයිත්තම් හෝ වෙනත් ඇඳුම් වලින් සැරසී ඊට පෙනී සිටියත් විකෘතිකර මිනිසුන්ට මෙය අවස්ථාවක් වන්නට පුළුවන්. ඒ ගැන නැවත නැවත සිතන්න.

  • ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ආරක්ෂක පියවර.

මෙවැනි පින්තූර හැමදෙනාටමත් යහළුවන්ගේ යහළුවන්ටත් දැකීමට අවස්ථාව සලසන්න එපා. මන්ද එලෙස නිරුවත් පින්තූරයක් පළකිරීමෙන් එය කා අතර හුවමාරු වෙනවාදැයි ඔබ දැනුවත් නැහැ.

මේ තොරතුරු සොයා ආවේ ඔබේ දරුවන්ගේ සොඳුරු මොහොතවල් යහළු මිතුරන් හා බෙදාගැනීම නැවතීමට නොවුනත් ඒ ගැන ඔබේ වැඩි අවධානයක් යොමු කිරීමට theAsianparent Sri Lanka උත්සාහ කළා.

මේ ලිපිය Sweatdepot blogspot හි කතෘ හා MMA උපදේශකයෙකු හා මෙහි ගොඳුරු සොයන්නන් පිළිබඳ පර්යේෂණාත්මක අත්දැකීම් ඇති අයගේ දැනුම හා උදව්වෙන් සැකසුණා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?
බෙදාගන්න :
  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

    ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

  • ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

    ගොදුරු සොයන විලෝපිකයන් සමාජ ජාල වල දරුවන්ගේ ඡායාරූප වලින් සොයන්නේ මොනවාද!

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it