theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අන්තර්ජාලය භාවිතයේදී ආරක්ෂා විය යුතු මේ කරුණු 10 ගැන ඔබේ දරුවාට කියා දෙන්න

3 අවම කියවීම
අන්තර්ජාලය භාවිතයේදී ආරක්ෂා විය යුතු මේ කරුණු 10 ගැන ඔබේ දරුවාට කියා දෙන්නඅන්තර්ජාලය භාවිතයේදී ආරක්ෂා විය යුතු මේ කරුණු 10 ගැන ඔබේ දරුවාට කියා දෙන්න

අන්තර්ජාල සාමාන්‍ය ජීවිතයට ඉතා වටිනා දෙයක් වුවත් එය නිවැරදිව පරිහරණය කිරීම තුළින් එයින් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකි බවත්, අනිසි දේවල් ඈත් කළයුතු බවත් දරුවන්ට කුඩා අවදියේ සිටම ඉගැන්විය යුතුයි.

අපට බොහෝ දේ ලබාගත හැකි වුවත් අන්තර්ජාලය අඳුරු සහ භයානක ස්ථානයක් විය හැකි බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසයි අපේ දරුවන්ට අන්තර්ජාලයේදී ආරක්ෂාව ගැන කියාදීම වැදගත් වන්නේ. Parent Herald, uKnowKids සහ safekids  මගින් අන්තර්ජාලයේ ආරක්ෂාව ගැන සමහර දේවල් අපේ දරුවන්ට ඉගැන්විය යුතු බව සඳහන් කරනවා.

පෞද්ගලික තොරතුරු පිටට දීමෙන් වළකින්න

ඔබේ අවසරය නැතිව දරුවන්ට ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලිපිනය, දුරකථන අංකය ආදිය කිසි විටෙකත් අන්තර්ජාලයේ ප්‍රදර්ශනය නොකළ යුතු වෙනවා.

අන්තර්ජාලයට මුදාහරින හැම දේම එහිම රැඳෙනවා

ඔබ අන්තර්ජාලයට මුදාහරින ඡායාරූප, වීඩියෝ, අදහස් ආදිය එහිම රැඳෙනවා. ඒවා ඕනෑම අයෙකුට ඩවුන්ලෝඩ් කරගැනීමට තිරය මගින් ඡායාරූප ලබා ගැනීමට හෝ ඕනෑම දෙයක් ඔබගේ ඡායාරූපයට ඇතුලත් කිරීමටත් පුළුවන්. ඔබේ මනාපය නැතිව වුවත් එය ඕනෑම අයෙකුට කරන්න පුළුවන්.

සයිබර් අවකාශයේ අශෝභන විහිළු වලට ලක්වීම

අන්තර්ජාලයේ නිර්නාමිකව සිටින පුද්ගලයන් අශිෂ්ඨ හා වැරදි හැසිරීම් වලට තොරතුරු භාවිතා කරන්න හැකියාව තියෙනවා. අන්තර්ජාලය හරහා ඔවුන්ට ඕනෑම ආකාරයකට අපව යොදාගත හැකි බවත් එවැනි හැසිරීම් වලින් ප්‍රතිවිපාක ලැබෙන බවත් ඔබේ දරුවාට කියාදෙන්න.

ඔබ නොදන්නා පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන්න එපා

ඔබේ දරුවන්ට නොදන්නා අයගෙන් ලැබෙන කෙටි පණිවිඩ ආදියට පිළිතුරු දීමට යෑම නොකළයුතු අතර ඒවා පරික්ෂා කිරීමද නොකළයුතු බව කියාදෙන්න. අන්තර්ජාලයේ ඔබේ දරුවන් දකින මුහුණු හා පුද්ගලයන් සැබෑ පුද්ගලයන් නොවන බව දරුවන්ට කියාදෙන්න.  

ඔබේ දෙමාපියන් හැර වෙන අයට ඔබේ ගිණුමේ රහස් අංකය ලබාදෙන්න එපා

ඔබේ දරුවන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත යුතුයි. නමුත් සමහර වෙලාවට ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ඔබට හැකිවිය යුතුයි.

විවිධ ප්‍රචාරණයන් නැරඹීමෙන් වළකින්න

ඔබේ නුසුදුසු දේවල් වලට යෑමෙන් ආරක්ෂා වන එකම ක්‍රමය මෙය නොවුනත් පරිඝනකය අනාරක්‍ෂිත පිවිසුම් වලින් වළකා ගත යුතුයි.

ඔබේ දෙමපියන්නේ අවසරයකින් තොරව කිසිවක් ඩවුන්ලෝඩ් කර ගැනීමට හෝ පිහිටවා ගැනීමෙන් වළකින්න

මෙයට ඔබේ පරිඝනකය ප්‍රධාන වශයෙන් ආරක්ෂිතව තැබීමට හා පෞද්ගලික තොරතුරු ආරක්‍ෂිත ලෙස ගබඩා කර තැබීම සඳහාත් බව මතක තබා ගන්න.

අන්තර්ජාලයේ ඇති හැමදේම සත්‍ය නොවේ

මෙය වැඩිහිටියන්ට පවා වැදගත් වන දෙයක්. ඕනෑම කෙනෙකුට වෙබ් පිටුවක් සකස් කිරීමටත් එයට කරුණු ඇතුලත් කිරිමටත් හැකියි.  ඒ නිසා ඕනෑම දෙයක් අන්තර්ජාලයේ සත්‍ය යැයි සිතන්න එපා. 

අන්තර්ජාලයේ ඇති අසභ්‍ය කෘති ගැන දන්නවද ?

ඔබේ දරුවා අන්තර්ජාලයේ සර්ෆ් කිරීමට පෙර ඔවුන් සමග ඉඳගෙන අන්තර්ජාලයේ ඇති භයානක අසභ්‍ය කෘති ගැන ඔවුන් සමග කතා කිරීම වැදගත්. ඔබේ වචන ඔවුන්ගේ වයස අනුව භාවිත කළ යුතු අතර එය සවිස්තර කිරීම අවශ්‍ය නැහැ. නමුත් ඔවුන් මේ අසභ්‍ය කෘති ගැන දැනගෙන හිඳිම වැදගත්. මේ නිසා වැඩිහිටියන් වු පසු එමගින් ඔවුන්ගේ ලිංගික ජිවිතයට අනිසි බලපෑම් ඇතිවිය හැකි බව ඔබ තේරුම් ගැනීම වැදගත්.

ඔබ නුසුදුසු දෙයක් දුටුවොත් වැඩිහිටියෙකුට කියන්න

දරුවන්ට බැලීමට අදහස් නොකරන ඔවුන්ට නුසුදුසු සමහර දේවල් ඔවුන්ගේ ඇස ගැටෙනවා. නමුත් එය ඔබට කීමට ඔවුන් ලැජ්ජා විය යුතු නැති බව පහදා දෙන්න. නැතිනම් ඉන්පසු ඔවුන් පරිඝනකය ක්‍රියා විරහිත කර වැඩිහිටියෙකුට ඒ බව කීමට නොපැකිලෙන ලෙස කියා දෙන්න. ඔවුන් පසු කරගෙන ආ මේ අපහසුකාරී හැඟීම් ඇති කරන දේවල් ඔබට කීමද අවශ්‍ය වන බව ඔවුන්ට තේරුම් කරන්න.

අන්තර්ජාල අපට සාමාන්‍ය ජීවිතයට ඉතා වටිනා දෙයක් වුවත් එය නිවැරදිව පරිහරණය කිරීම තුළින් එයින් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකි බවත් අනිසි දේවල් ඈත් කළයුතු බවත් දරුවන්ට කුඩා අවදියේ සිටම ඉගැන්විය යුතු නිසයි theAsianparent Sri Lanka මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • අන්තර්ජාලය භාවිතයේදී ආරක්ෂා විය යුතු මේ කරුණු 10 ගැන ඔබේ දරුවාට කියා දෙන්න
බෙදාගන්න :
  • අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

    අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

  • අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

    අන්තර්ජාලය තුළ දරුවාගේ පින්තූර වලින් ගොඳුරු සොයන්නන් සොයන්නේ මොනවද?

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it