theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට ලුණු හඳුන්වාදෙන්නේ කවදාද කියලා අම්මලා දන්නවාද?

4 අවම කියවීම
බෙදාගන්න :
•••
බබාට ලුණු හඳුන්වාදෙන්නේ කවදාද කියලා අම්මලා දන්නවාද?

බබාගේ කෑමට ලුණු එකතු කරන්නේ කොයි කාලෙද කියලා අම්මා දන්නවාද?

මගේ බබාගේ කෑම එකට ලුණු එකතු කරන්න පුලුවන්ද? බබාට ලුණු හඳුන්වාදීම කොහොමද කරන්නේ?

අම්මලාගෙන් වැඩි දෙනෙක් දන්නවා මේ කතාව. අවුරුදු එකට අඩු බබෙක්ට එයාගේ ආහාර වේලට අමුතුවෙන්ම ලුණු එකතු කරන්න හොඳ නෑ කියලා. ඒත් සමහර වෙලාවට අම්මා කෙනෙක්ට මේ කෑම වේලට ලුණු එකතු කරන නොකරන එක ගැන ගැටලු මතු වෙන්න පුලුවන්. බබාට ලුණු හඳුන්වාදීම ගැන අපි අද කතා කරමු.

බබාට ලුණු හඳුන්වාදීම

අපි බලමු කොහොමද මේ ලුණු වල අවශ්‍යතාවය හා බබාට ලුණු හඳුන්වාදීම  කියලා.

අවුරුදු එකට අඩු දරුවෙක්ට අමුතුවෙන්ම කෑමට ලුණු එකතු කරන්න අවශ්‍ය නැහැ. මොකද එවැනි වයසක දරුවෙක්ට දෛනිකව අවශ්‍ය වන ලුණු ප්‍රමාණය ඉතාමත් සුළු ප්‍රමාණයක්. ලුණු කියන්නේ සෝඩියම්. අවුරුදු එකක් වන තුරු දරුවෙක්ට දෛනිකව ලුණු අවශ්‍ය වන්නේ 1g (සෝඩියම් 0.4g)ටත් අඩුවෙන්.

ඒකට හේතුව තමයි අවුරුද්දක් වන තුරු දරුවෙක්ගේ වකුගඩු වලට දරා ගන්න බෑ ඊට වඩා ප්‍රමාණයක සෝඩියම් ප්‍රමාණයක්. අනිත් එක තමා කුඩා වයසින්ම දිවට ලුණු රස හුරු  දරුවා වැඩිහිටියෙක්වූ පසුවත් ලුණු රසයට ලොල් වෙන්න වැඩි ඉඩක් තියනවා. මේ නිසා බෝ නොවන රෝග යටතට වැටෙන අධික රුධිර පීඩනය වැළඳීමේ අවධානම ඉහල යනවා.

 

මාස 6න් කෑම දෙනකොට ලුණු නැතුව බබා කයිද?

සය මසක් වනතුරු මව් කිරි හරි ෆෝමියුලා හරි පමණක් බොන ළදරුවෙක් නම් කොහොමද? ඔව්. ඔහුට අවශ්‍ය වන සෝඩියම් ප්‍රමාණය මව් කිරි වලින් හරි ෆෝමියුලා වලින් හරි එයාගේ සිරුරට ලැබෙනවා.

මාස 6ක් සම්පූර්ණ වන විට අමතර ආහාර පටන් ගත් විට ලුණු දෙනවාද? අපොයි නෑ. ඒ කාලයේ දරුවෙක්ට අමුතුවෙන්ම ලුණු එයාගේ ආහාරයට එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. අම්මා කෙනෙක් ගොඩාක් හිතනවා නේ. බබාගේ කෑම එක රස නැති වේවිදෝ කියලාත් හිතාවි. ඒත් එහෙම හිතුනා උනත් ලුණු එකතු කරන්න යන්න එපා. ඔව්. පොඩ්ඩක් වත් ඕනි නෑ.  අලුතෙන් හ්ම්‍රසක් හඳුන්වාදෙනකල් බබා ඒ රස දන්නේ නෑ. මතක තියා ගන්න බබාට ලුණු හඳුන්වාදීම අවුරුද්දකට කලින් ඕනිම නෑ.

බබාට ලුණු හඳුන්වාදීම

 

එතකොට අවුරුද්දෙන් පස්සේ කෑමට ලුණු දෙනවාද?

දරුවාට අවුරුද්දෙන් පස්සේ උනත් මේ සෝඩියම් එයාගේ සිරුරට අවශ්‍ය වෙන්නේ ඉතා සුළු වශයෙන් තමයි. අවුරුද්දේ උපන්දිනයෙන් පස්සේ උනත්  බබාට ලුණු හඳුන්වාදීම කල දරුවාගේ කෑමට එකතු කරන්න ඕනි උපරිම ලුණු ප්‍රමාණය 2g (සෝඩියම් 0.8g). දරුවාට අවුරුදු 3ක් යනතුරු මේ ප්‍රමාණය තමා ගන්න පුලුවන් උපරිමය.

අම්මා කෙනෙක් විදියට ගොඩාක්ම පරිස්සම් වෙන්න ඕනි. බබාට කලින් පිසූ ආහාර ඒ කියන්නේ උදෑසන සීරියල් වර්ග එහෙම ලබා දෙද්දි. කලින් පිසූ ආහාර උනත් ඒවා විශේෂයෙන්ම බබාලට හදලා නැත්නම් දෙන්න එපා. මොකද ඒවායේ ඉහල ලුණු ප්‍රමාණයක් අන්තර්ගතයි.

වෙළඳපලේ තියන දරුවන්ගේ ආහාර දුන්නාට කමක් නැද්ද?

දරුවන් වෙනුවෙන්ම සැකසූ බෝතල් කල ආහාර, ළදරු සීරියල් වර්ග වල ලුණු ඉතා අඩුවෙන් තමා අන්තර්ගත වන්නේ. කොහොම උනත් නිවසේ සාදා ගන්නා ලද ආහාර තමා සුදුසුම. ඒවා හදද්දි අපි දන්නවා අපි කොහොමද හැදුවේ, මොනවාද දැම්මේ කියන එක. ඒක විශ්වාසනීයයි. ළදරුවන් වෙනුවෙන් පෙර සැකසූ ආහාර මිලදී ගන්නවා නම් පටලවා ගන්න එපා. ටිකක් ලොකු දරුවන්ට සැකසූ ආහාරත් එක්ක බබාලාගේ ආහාර පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද කලින් කිව්වා වගේම ඒවායේ ඉහල ලුණු ප්‍රමාණයක් අන්තර්ගතයි.

අනිත් එක තමා හොඳට මතක තියා ගන්න කුඩා දරුවාට

පෙර සැකසූ ලුණු අධික ආහාර දෙන්න එපා.

ඒ කියන්නේ;

  • ළමයින් හා වැඩිහිටියන් වෙනුවෙන් සැකසූ සීරියල් වර්ග
  • බිස්කට් වර්ග
  • ක්‍රැකර්ස් වර්ග
  • විවිධ රසකාරක එක් කරන ලද ටින් වල ඇති සුප් වර්ග
  • සෝස් වර්ග
  • පීසා වර්ග
  • බේකන්
  • ග්‍රේවී වර්ග

බබාට ලුණු හඳුන්වාදීම

මේ වගේ පෙර සැකසූ ආහාර වෙනුවට අපිට අපේ දරුවන්ට ස්වාභාවිකවම ඉතා අඩුවෙන් ලුණු අඩංගු වෙලා තියන ආහාර දෙන්න පුලුවන්. ඒ කියන්නේ;

  • පලතුරු
  • එලවලු සහ සලාද වර්ග
  • තෙල් රහිත මස් වර්ග
  • අලුත් මාලු
  • අලුත් කුකුල් මස්
  • බිත්තර
  • රනිල භෝග (මුං ඇට, කව්පි, කඩල වැනි)
  • මව් කිරි හෝ ෆෝමියුලා

තවද සහල් හා පැස්ටා වලත් ඉතා අඩු සෝඩියම් ප්‍රමාණයක් තියන නිසා කුඩා දරුවන්ට සුදුසුයි.

කුඩා දරුවන්ට ලබා දෙන කෑම වල ලුණු ස්වල්පයෙන් අඩංගු නිසා වයස අවුරුද්දට අඩු ඔබේ දරුවාගේ කෑමට ලුණු අමුතුවෙන් එකතු කරන්න ඕනි නෑ. බබාට ලුණු හඳුන්වාදීම කරන්න අවුරුද්දක් වෙන්නම ඕනි.

වෙළඳපලෙන් බබාට කෑමට දේවල් ගනිද්දි මේ ගැන හිතන්න.

අම්මලා විදියට අපි කඩේකට ගිහිල්ලා ඇසුරුම් කරලා තියන ආහාර අපේ දරුවෝ වෙනුවෙන් මිලදී ගන්නවා නම් පුරුද්දක් ඇති කර ගන්න ඒවායේ අඩංගු මොනවාද කියලා ලේබලයේ සඳහන් වෙලා තියන දේ කියවන්න. එතකොට ඉතා ඉක්මනින් දැන ගනීවි බබාට හොඳම දේ මොනවාද කියලා. දෙයක් ගන්නකොට ලේබලය බලන්න 100g ක අඩංගු සෝඩියම් ප්‍රමාණය කොච්චරක්ද කියලා.

  • ලුණු 2.5g කියන්නේ සෝඩියම් 1gක් කියන එක.
  • ඉහල ලුණු මට්ටමක් කියන්නේ 100g ක ලුණු 1.5g (සෝඩියම් 0.6g) වලට වඩා වැඩියෙන් තියෙනවා නම්.
    ක ලුණු 0.3g (සෝඩියම් 0.1g) වලට වඩා අඩුවෙන් තියනවා නම්.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

annnirmani

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • බබාට ලුණු හඳුන්වාදෙන්නේ කවදාද කියලා අම්මලා දන්නවාද?
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

    ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

    දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

single
  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

    ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

    දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor