theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

චූටි පැටියාට මාස 6න් කෑම පටන් ගන්නේ මෙහෙමයි

5 අවම කියවීම
චූටි පැටියාට මාස 6න් කෑම පටන් ගන්නේ මෙහෙමයිචූටි පැටියාට මාස 6න් කෑම පටන් ගන්නේ මෙහෙමයි

බබාට මාස 6න් ළදරු කෑම දෙන්නද යන්නේ?

බබාට මාස 6න් ළදරු කෑම පටන් ගත්තම මුලින්ම දෙන බත් තලපේ ගැන කියන්නයි යන්නේ. ඒත් ඊට කලින් බබාගේ කෑම හදද්දී අම්මාලා පිළිපැදිය යුතු කරැණු ටිකක් කියන්නම්,

  •  බබාගේ මාස 6න් කෑම හදන්න ගන්න  කොට ඒ  තැන අනිවාර්යයෙන් ම ගොඩක් පිරිසිදු තැනක් වෙන්න ඕන
  • ඒ වගේම අම්මත් පිරිසිදු ව සබන් දාලා අත් හෝදගෙන පිරිසිදු ඇදුමක් ඇදගෙන ඉන්න ඕන.
  • අනිත් කාරණය තමයි බබගේ කෑම එකට අම්මාගෙ ලස්සන කොණ්ඩය වැටෙන්න නම් දෙන්න හොද නෑ ඒ නිසා කොණඩෙ වැටෙන්නෙ නැති විදියට බැදගෙන කෑම හදන්න පටන් ගන්න
  • බබාගේ බඩු කලින් හෝදලා තිබුනනත් කෑම හදන වෙලාවට ආය හෝදලා ගන්න.
  • වැදගත්ම කාරණය අවුරුදු 1 යන තුරු බබාගේ කෑමට ලුනු සීනි එකතු කරන්න එපා
    මේ දේවල් ටික හරියට කර ගත්තොත් බබාට විසබීජ වලින් තොරව කෑම හදා ගන්න පුලුවන්.

මාස 6න් කෑම

දැන් බලමු මාස 6න් ළදරු කෑම ට දෙන  බත් තලපය ගැන.

අපිට බබාට මාස 6න් ළදරු කෑම දෙන්න  බත් තලපේ හදන්න දේශීයදේශීය හාල් වර්ග ඒ කියන්නේ,

  • සුවදැල්
  • කළු හීනටි
  • කුරුලු තුඩ
  • මා වී
  • පච්චපෙරුමල්
  • රතු කැකුලු
    මේ වගේ තව හාල් වර්ග තියෙනවා. මේ හාල් වර්ග බබාලට ගුණදායකයි වගේම බර වැඩි වීමටත් බලපානවා.

කෑම පටන් ගත්ත මුල් දවස් දෙක තුන

මාස 6න් කෑම දෙද්දි බබාට මුල්ම දවස් දෙක තුනේ දෙන්නේ කෑම වේල් 2ක් තේ හැදි 2,3 ප්‍රමාණයක් පමණයි.

ඉන්පසු ක්‍රමයෙන් කෑම වේල් 3ක් අමතර ආහාර වේල් 2ක් ලබා දිය යුතුයී. තේ හැදි ප්‍රමාණයද 3,4 වැඩි කල යුතුයි.

බෙරි බත හදන විදිය

ඔයාල ගන්න හාල් හොදින් හෝදලා වතුර ටිකක් වැඩිපුර දාලා ලිපේ තියා ගන්න.වතුර වැඩියෙන් දාන්නේ බත් ඇට බෙරි ගතියට උයා ගන්නයි. බත් හොදට බෙරි උනාම කැද තියෙද්දීම ලිපෙන් බා ගන්න.ඊට පස්සේ කැද චුට්ටකුත් එක්ක බත් ටික මත් ගා ගන්න.

බබාට පුරුදු රස දැනෙන ඔයාගේ මව් කිරි ටිකකුත් දොවලා මත් ගාපු තලපෙට කලවම් කර ගන්න.

මාස 6න් කෑම

බබාට කවලා වතුර වෙනුවට බත් කැද දෙන්නත් පුලුවන් නැත්තම් අම්මගේ කිරි ටිකක් දෙන්නත් පුලුවන්.

හැබැයි කවන කවන කට ගානේ දෙන්න යන්න නම් එපා එතකොට බබාගේ බඩ ඒවගෙන්ම පිරිලා බත් කන්නේ නැති වෙයි.

 

මාස 6න් ළදරු කෑම දෙද්දී අම්මාලට බත් තලපේ ගැන තියන ප්‍රශ්න.

1. බත් මත් ගෑම කියන්නේ මොකක්ද?

සරලව කිව්වොත් බත් තලවයක් වෙන සේ පොඩි කර ගැනීම. බෙරි වන විදියට බත් උයා ගත්තත් ඒක අපේ චූටි පැටියට එහෙම්මම කන්න බෑ.

ඒ නිසා අපි නෑඹිලියේ හෝ යකඩ පෙනේරෙන් බත් ටික පොඩි කර ගන්න ඕන. ඒකට කියන්නේ බත් මත් ගා ගන්නවා කියලා.

2. බත් තලපයට කී දවසක් යනකම් මව් කිරි එකතු කරන්න ඕනද?

බබාගේ බත් තලපය ට මව්කිරි දාන්නේ ඒක මුලින්ම දෙද්දි මාස 6ක් බීපු කිරි රසට වඩා ඒ රස බබාට නුහුරු නිසා.

ඉතිං බබාට බත් තලපයේ රස අදුන ගන්නකම් විතරයි මව්කිරි ටිකක් එකතු කරන්න ඕන.ඒ නිසා බබාගේ මුල් කෑම වේල් දෙක තුනට පමණක් මව්කිරි එක් කිරීම ප්‍රමාණවත්.

3. බත් වලට අනෙකුත් දෑ එක් කරන්නේ කවදා ඉදන්ද?

බබාට අලුත් ආහාර හදුන්වා දෙන්නේ දවස් 3කට සැරයක්. ඒ කියන්නේ අපි බත් තලපේ දවස් 3ක් දෙනවා.ඊට පස්සේ 4 වෙනි දවසේ පරිප්පු එකතු කරනවා.

ඒක දවස් 3ක් දෙනවා.ඊට පස්සේ බත් ,පරිප්පු සමග එළවලු එක වර්ගයක් එකතු කරනවා.

ඒ වගේ ක්‍රමයෙන් තමා බබාට අලුත් කෑම එකතු කරන්නේ. මාස 6න් කෑම දෙද්දි අම්මලාට දැන ගන්න අලුත් දේවල් ගොඩායි.

එහෙම කරන්නේ බබාට ඒ එකතු කරන දෙයින් අසාත්මිකතාවයක් ඇති උනොත් පහසුවෙන් අදුනා ගන්න පුලුවන් වෙන නිසා.

එක දවසේ අලුත් ආහාර 2ක් හදුන්වා දීලා බබාට අසාත්මිකතාවයක් ඇති උනොත් මොකෙන්ද එහෙම උනේ කියලා අපිට අදුන ගන්න අමාරුයි.

4. මගේ බබා කෑම පටන් ගත්තට පස්සේ කක්කි දාන්නේ නෑ.දවස් තුනකට සැරයක් දාන්නේ, හරිම අමාරුවෙන් තටමලා දාන්නේ , ඝනකමට දාන්නේ ඒ ඇයි?

අම්මා මේ හැම දෙයක්ම බොහෝ වෙලාවට බොහොම සාමාන්‍ය දේවල්. සමහර අවස්ථා වලදී පමණක් බබාට දිරවීමේ අපහසුතා නිසා එහෙම වෙනවා.

එවැනි අවස්ථා වලදී doctors උපදෙස් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය අවස්ථා වලදී බබාට පලතුරු, වට්ටක්කා වගේම තන්තු සහිත කෑම දෙන්න පටන් ගත්තට පස්සේ ඒ වගේ දේවල් හරි යනවා.

මාස 6න් කෑම

5. බබාට කෑම පටන් ගත්තට පස්සේ කක්කි සමඟ ලේ යනවා.ඒක සාමාන්‍ය ද doctor එක පෙන්නන්න ඕන ද?

අනිවාර්යෙන්ම පෙන්නන්න ඕන එක සාමාන්‍ය කරුණක් නෙමෙයි.බබාට දිරවීමේ අපහසුතා ආමාංශය ගැටලු තිබ්බොත් තමා එහෙම වෙන්නේ.ඒ නිසා අනිවාර්යයෙන් ම වෛද්‍ය සහය පතන්න.

6.බබාට කෑම පටන් ගන්න මුල් දවසෙම බටර් එක් කළ හැකි ද?

බැහැ. මුලින්ම දෙන්නෙ බත් තලපය විතරයි.දවස් දහයකට පසු කෑමට මේද වර්ගයක් එක් කළ හැකියි.එවිට ගෙදර සාදාගත් පොල්තෙල්,තල තෙල්, සූරියකාන්ත තෙල්, ඔලිව් තෙල්,පොල් කිරි,ලුණු රහිත බටර් එක් කරගත හැකියි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

7. බබාට මුල්ම දවසේ ඉඳලා දිය යුතු කෑම වේල් ගණන කොපමණ , කොපමණ තේ හැදි ප්‍රමාණයක්ද ලබා දිය යුතුද?

බබා ට මුල් දවසේ කෑම වේල් එකක් හෝ දෙකක් ලබා දෙන්න.ඉන්පසු කෑම වේල දෙකේ සිට තුන සහ අමතර ආහර වේල් දෙක දක්වා වැඩි කරන්න.

එවිට දරුවාට දවසට ලබා දිය යුතු කෑම වේල් ගණන 5කි.ප්‍රධාන ආහාර වේල් තුනක් ආහාරවේල් තුනට අමතරව ආහාර වේල් දෙකක් ලෙස.

තේ හැඳි ප්‍රමාණය 2 සහ 3 සිට තුන හතර ලෙසත් ක්‍රමයෙන් වැඩි කර ගත යුතුයි.

චූටි පැටියාට මාස 6න් කෑම පටන් ගන්නේ මෙහෙමයි

 

මෙය ලියූවේ අපගේ මගේ හිතවත් පාඨක සංදීපනී දුලන්ජනා විසිනි.මෙහි මුල් ලිපිය අම්මගෙන් පුංචි පැටියට නම් ඇයගේම ෆේස්බුක් සමූහයේ පළවුනා.ඇය පුංචි පැටියෙකුගේ මවක් මෙන් ම ගෘහණියක්.

 

 

TheAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

annnirmani

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • චූටි පැටියාට මාස 6න් කෑම පටන් ගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • මාස 6 බබාට කෑම (ඝන ආහාර) හඳුන්වා දිය යුත්තේ කෙසේද?

    මාස 6 බබාට කෑම (ඝන ආහාර) හඳුන්වා දිය යුත්තේ කෙසේද?

  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

  • මාස 6 බබාට කෑම (ඝන ආහාර) හඳුන්වා දිය යුත්තේ කෙසේද?

    මාස 6 බබාට කෑම (ඝන ආහාර) හඳුන්වා දිය යුත්තේ කෙසේද?

  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it