theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන IUI ප්‍රතිකාරය

4 අවම කියවීම
මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන IUI ප්‍රතිකාරයමව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන IUI ප්‍රතිකාරය

IUI ප්‍රතිකාරය යනු කුමක්ද, එය සිදු කෙරෙන ආකාරය, එයට සූදානම් වන ආකාරය සහ ලංකාවේ IUI ප්‍රතිකාරය සිදුකරගත හැකි රෝහල් ආදිය ගැන වටිනා විස්තරයක්

ගෙදරට කිරිකැටියෙකු ගෙන ඒම හැම අම්මා කෙනෙකුගේම සිහිනයක්. ඉතින් නොයෙක් හේතුන් මත ඇති මදසරු භාවය නිසි දරුඵල පමා වීම හෝ නොමැති වීම නිසා බොහෝ කාන්තාවන් මානසිකව පීඩාවට පත්වනවා. නමුත් නූතන කාලයේ තාක්ෂණය හා සවර්ධනය නිසා දැන් සෑම අම්මෙකුටම වගේ දරු සුරතල් බැලීමේ වාසනාව හිමිවී තියෙනවා. IUI ප්‍රතිකාරය කියන්නෙත් මව්වරුන්ට දරුඵල දෙන්නට උපකාරී වන එවැනි අගනා ප්‍රතිකර්ම ක්‍රමයක්.

මෙම IUI ප්‍රතිකාරය යනු කුමක්ද?

IUI කියන්නේ ඉංග්‍රීසි බසින් (Intra Uterine Insemination) ‍යන්න හඳුන්වන කෙටි නම. මෙයින් සිදු කෙරෙන්නේ පියාගේ ශුක්‍රාණු, මවගේ ඩිම්භ සමඟ ක්ෘතිම ලෙස සංසේචනය කිරීමයි.

කෙසේ නමුත් මෙම ප්‍රතිකර්මය සිදු කිරීමේ සුදුසු නුසුදුසු බව තීරණය කෙරෙනුයේ ඔබේ වෛද්‍යවරයා අතිනුයි.

IUI ප්‍රතිකාරය කෙරෙන්නේ කෙසේද?

මුලින්ම කෙරෙන්නේ පුරුෂයාගේ ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරය තුල තේරීමකට ලක් කිරීමයි. මෙය ඉංග්‍රීසි බසින් “sperm washing” ලෙස හඳුන්වනවා.

ඉන්පසුව එම ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරනවා.

මෙම ප්‍රතිකාරය කෙතරම් දුරට සාර්ථකද?

එක්වරකදී මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථකවීමට ඇති හැකියාව 15%ක් පමණ වනවා.

ඉහත වර්ගීකරණය කළ ශුක්‍රාණු අතරින් හොඳම ශුක්‍රාණු ගෙන මවගේ ගර්භාෂය තුළටඇතුළු කර එහි තැන්පත් කරනවා.

මෙම තැන්පත් කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ ඩිම්බ මෝචනය වන කාලය තුළදීයි.
ඒ මෙම කාලය තුළටදී ශුක්‍රාණුවට ඩිම්භය කරා ළඟා වීම ඩවඩාත් පහසු වන නිසයි. එවිට ශුක්‍රාණු ගමන් කළ යුතු කාලය හා දුර අඩු වන බැවින් සංසේචනය වඩාත් පහසු කරයි.

වෛද්‍ය නිගමනය අනුව ඩිම්භ මෝචනය කෘතිම ලෙස උත්තේජනය කිරීමට අවශ්‍ය නම්, ඊට අදාළ ඖෂධ ලබා දෙනු ඇති.

ඉහත සූදානම් කිරීම් සාර්ථකව සිදු වී නම් මීළඟ පියවර වන්නේ සංසේචනයයි.

මෙම ක්‍රියාවලියේදී සාර්ථකව සංසේචනය වන ඩිම්භය, ගර්භාශ බිත්තියේ තැන්පත් වීමෙන් පිළිසිඳගැනීම සාර්ථක වනවා.

IUI ප්‍රතිකාරය මිළෙන් අධිකද?

IUI ප්‍රතිකාරය කියන්නේ අනෙක් ප්‍රතිකාර ක්‍රම අතුරින් සරල තාක්‍ෂණික ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන, වෙනත් වර්ගවල සශ්‍රීක ප්‍රතිකාර වලට වඩා අඩු වියදමෙන් කරගත හැකි ප්‍රතිකාර ක්‍රමයක්.
මෙම ක්‍රමය මගින් කාන්තාවක් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වනවා. නමුත් සෑම කෙනෙකුගේම ශරීරය වෙනස් බැවින් IUI 100% සාර්ථක වන බව තහවුරු කරන්නට බැහැ.

IUI ප්‍රතිකාරය කරගැනීමට පෙර ඔබ සූදානම් විය යුත්තේ කෙසේද?

පුරුෂයාගෙන් IUI සඳහා මුලින්ම ශුක්‍රාණු සාම්පලයක් ලබා ගත යුතුයි. ඊට පෙර දින 3ක් පමණ ශුක්‍රාණු පිට කිරීමෙන් වැලකී සිටීම වඩා සුදුසුයි. ශුක්‍රාණු සාම්පලය හැකි ඉක්මණින් රසායනාගාරයට බාර දීම එහි ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට හේතු වෙනව.

ඔබට IUI ප්‍රතිකාරය කිරීමේ සුදුසු නුසුදුසු බව ගැන අවබෝද කරගැනීමට විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ පරීක්ෂාවට ලක්වීම අවශ්‍ය වනවා.

මෙම ප්‍රතිකාරයේ සාථකත්වය කාන්තාවගේ වයස, කාන්තාවට ඇති රෝග තත්වයන්, පුරුෂයාගේ ශුක්‍රාණු ප්‍රමාණය සහ එහි ගුණාත්මක බව වැනි කරුණු බලපානවා.

එම නිසා මෙම ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර මූලික පරීක්ෂණ කිහිපයකට යොමුවීම අවශ්‍යයි.

එමගින් ශුක්‍රාණු වල තත්වය, කාන්තවගේ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවේද යන්න වැනි කරුණු සොයා බලනු ලබනවා.

ඉහත නිරීක්ෂණ වලින් අනතුරුව බොහෝවිට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනු ඇති.

මේවා පෙති ලෙස හෝ නික්ෂේපන ලෙස ලබා දේවි. පෙති වශයෙන් බහුලවම ලබා දෙනුයේ Clomiphene Citrate යන ඖෂධයයි. මෙය ඔසප් වීම ආරම්භ වූ දිනට පසු දින සිට දින පහක් ලබා ගැනීමටයි සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබනවා.

ඇතම් විට ඩිම්බ මේරීම උත්තේජනය සඳහා මීට අමතරව හෝමෝන ඖෂධ නික්ෂේපනයක් අවශ්‍ය වෙන්නත් පුළුවනි.

ඔසප් වීමෙන් දින 11කට පසු ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් මෙම ඖෂධ නිසි ලෙස ක්‍රියාත්මක වී ඇතිදැයි දැනගත හැකි වන්වා.

එම අවස්ථාවේදී අවශ්‍ය ප්‍රමාණයට ඩිම්බ මේරීම සිදුවී ඇත්දැයි දැනගන්නට පුළුවන්. ඉන්පසුව ඩිම්බ පිටවීම නියමිත වේලාවට සිදුකර ගැනීමට hCG (Human Chorionic Gonadotropin) හෝමෝනය නික්ෂේපනයක් ලෙස ලබාදීම සිදු කරනව.

එම නික්ෂේපනය ලබා ගෙන පැය 36කින් පමණ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සිදු වෙනව. ඩිම්බ පිටවෙන කාලය අනුව IUI ප්‍රතිකාරය සඳහා සුදුසු කාලය තීරණය කරනු ලබනවා.

ප්‍රතිකාරය සිදු කිරීමෙන් පසුව

සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියේදී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීමෙන් පසු සුළු වෙලාවක් වැතිර සිටීමට උපදෙස් ලබා දෙනු ඇති. ඉන් පසු සායනයෙන් පිටත් විය හැකියි.

මෙම ප්‍රතිකාරයෙන් පසු සමහර කාන්තාවන්ට සුළු උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. කෙසේ නමුත් දිගටම පවතින අධික වේදනාවක් හෝ වෙනත් අපහසුතාවයක් වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

බොහෝ කාන්තාවන්ට කිසිම ඖෂධ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි පමණක් ඖෂධ ලබා ගත යුතුයි.

IUI ප්‍රතිකාරයෙන් සති 3කට පසුව නැවත ඔසප්වීමක් සිදු වුනේ නැති නම් ගර්භණීදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිකාරය කරගත හැකි ‍රෝහල්

1. කාසල් වීදිය කාන්තා රෝහල, කොළඹ 8, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ

දුරකථන: +94 112 696231/2

වෙබ් අඩවිය: https://www.cshw.health.gov.lk

2. නවලෝක රෝහල, දේශමාන්‍ය H K ධ‍ර්මධාස මාවත, කොළඹ 2

දුරකථන: +94 115 577 111

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
වෙබ් අඩවිය: www.nawaloka.com

3. ශ්‍රී ජයවර්ධනපුර රෝහල

රෝහල පාර, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ

දුරකථන: +94 112 778 610

4. වින්දන ප‍්‍රජනක සෞඛ්‍ය මධ්‍යස්ථානය, 9 බාන්ස් පෙදෙස, කොළඹ 7

දුරකථන: +94 112 667 422

ලංකා රෝහල, 578 ඇල්විටිගල මාවත, කොළඹ 5

දුරකථන: +94 115 430 000

5. නයින්වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය 55/1 කිරිමණ්ඩළ මාවත,කොළඹ 5

දුරකථන: +94 11 520 999

ලංකාවෙ තවත් මාතෘ රෝහල් ගැන විස්තරයක් මෙතැනින්ද බලාගන්න්ට පුළුවන්. ඉතින් ඉස්සර වාගේ නොවෙයි අද කාලයේ සෑම කාතාවකටම පාහේ මව්පදවිය ලබාගැනීමේ හැකියාව නූතන තාක්ෂණය නිසා තිබෙනවා.

ඉතින් අම්මා ඔබේ කිරි සිහිනය සැබෑ කරගන්න අදම ක්‍රියාත්මක වන්න.

 

පින්තූරු: international.hegdefertility.com වෙතින්

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන IUI ප්‍රතිකාරය
බෙදාගන්න :
  • IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

    IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

    මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

  • IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

    IUI ප්‍රතිකාරය අසාර්ථක වීමට හේතු 

  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

    මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it