theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

5 අවම කියවීම
ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

ඇය මව්ගුණ හදුනන්නියක් වුවාය. රෝගි දරුවා වේදනාවක් වුවත් ජිවත් වෙන්න අරගල කරන ඔහුගේ ජිවිතය සිදබිද දමන්න ඇය සිතුවේ නැහැ.

කාන්තාවක් ගැබ් ගන්නා ආකාරය විවිධාකාර වෙනවා.

සමහර කාන්තාවන් ස්භාවයෙන්ම ගැබ් ගන්නා අතර තවත් සමහර කාන්තාවන්ට විවිධ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ගැබ් ගැනීමට සිදුවෙනවා. 

මේ එලෙස සැමියෙකු නොමැතිව IVF සත්කාරයක් මගින් දරුවෙක් හදා ගැනීමට තීරණය කළ කාන්තාවකගේ ජිවිතයේ පියසටහන්ය. මේ ඇයගේ සංවේදි කථාවයි.

කාන්තාවක් ගැබ් ගන්නා ආකාරය: පියෙක් නොමැති දරුවෙක්

ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

දරුවෙක් බිහිකරන්න තීරණයක් ගත් කාන්තාවක්

මෙහි කතා නායිකාව මිෂෙල් සිටියේ ඇමරිකාවේයි. ඇමරිකාවේ සමාජීය තත්වය ආසියාවේ අපිට වඩා වෙනස්ය.

ඒහි තනි මවකට හෝ පියෙකුට (single parent) දරුවන් හදාවඩා ගැනීමේ හැකියාවක් ඇත. 

මෙම බටහිර රටවල පවතින මෙම ක්‍රමය නිසා දරුවන් අවජාතක වන්නේ නැහැ.

ඇත්තටම ඒ වෙන විට මේ 40 හැවිරිදි කාන්තාවට විවාහයක් හෝ පවුලක් තිබුනේ නැහැ.

විවාහය ගැන සිතන විටත් ඇය ඒ ගැනම සිහින මවමින් උමතුවට පත් වුවාය. තමන්ගේ තනිකම යෙහෙළියට පවසමින් ඇය කදුළු සැලුවේ වරක් දෙවරක් නොවේ.

නමුත් ඇයගේ යෙහෙළිය ඇයට අපූරු යෝජනාවක් ගෙනාවාය. දරුවෙක් හදාගන්න.

මිෂෙල් විශ්මයට පත් වුවාය. ඇයට විවාහයක් හෝ සැමියෙකු, සහකරූවෙකු සිටියේ නැත. තනි ඇය දරුවෙකු හදන්නේ කෙලෙස දැයි ඇය මිතුරිය ගෙන් විමසුවේ ඒ නිසයි.

මිතුරිය දුන් පිළිතුර ඇයගේ හදවත පුරා නිම්නාද දෙන්නට විය.

සැමියෙක් නැතුව මිෂෙල්ට මවක් විය හැකි බව පෙන්වා දුන් මිතුරිය දරුවෙකු හදා ගැනීමෙන් ඇයගේ තනිකම දුරුව යන බව පෙන්වා දුන්නාය.

මිෂෙල් දරුවෙකුට මූල්‍යමය වශයෙන් ආධාර ලැබිය හැකිද යන්න ගැනවත්, හදුනන යමෙකු මුණගැසුණොත් කුමක් සිදුවේද යන්න ගැනවත් ඇගේ පවුලේ අය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයිවත් දැන සිටියේ නැහැ. 

නමුත් ඒ කිසිම දෙයක් වැදගත් නොවන බව දැය තේරූම් ගත්තාය.

එවන් ප්‍රශ්න දාහක් ඔළුව පීඩාවට පත් කලත් පසුදින පහන් වෙද්දි ඇය තීරණයකට එළඹ තිබුනා.

කවුරු මොනවා කිව්වත් ඇය මවක් වන්නට තීරණය කර තිබුනාය.

කාන්තාවක් ගැබ් ගන්නා ආකාරය: IVF ප්‍රතිකාර

ඇය මේ නිශ්චිත හැගීම එක්කම  සමස්ත IVF ක්‍රියාවලිය පුරාම රැඳී සිටියා.

කාන්තාවක් ගැබ් ගන්නා ආකාරය කෙසේ වෙතත් ඇය අවසානයේදී ගැබ් ගත්තා

වයස අවුරුදු 40 දී පිළිසිඳ ගැනීමේ හැකියාව අතිශයින් අඩු වුවද, ඇයට දරුවෙකු ලැබෙන බව ඇය විශ්වාස කළාය.

මේ සදහා ශුක්‍රාණු ලබා ගැනීමට ඇය තමාට ගැළපෙන  පරිත්‍යාගශීලියෙකු තෝරා ගත්තා.

ටික දිනකට පසු මිෂෙල්ට ඩිම්බ මෝචනය සිදුවෙන බැවින් ඇයට IUI ප්‍රතිකාරය ලබා දුන්නා.

සති කිහිපයකින් වෛද්‍යවරුන් පැවසු අයුරින්  ඇය නිවසේදී ගර්භණී පරීක්ෂණයක් කළද  එය ධනාත්මක වුයේ නැහැ.

IVF බොහෝ විට පළමු වරට සාර්ථක නොවන බවට ඇයට වෛද්‍යවරු පවසා තිබුනා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නමුත් තවත් දින කිහිපයකට පසු ඇය ගැබ් ගෙන ඇති බව තහවුරු වුවා.

ඇය විවාහ වී හෝ ලිංගිකව හැසිරී නොතිබු නමුත් මවක් වෙන්නට වාසනාවන්ත වුවාය.

ඒ නිසා ඇය තබා ගැබ් ගෙන සිටින බව   ඇගේ ජීවිතයේ සෑම කෙනෙකුටම පැවසුවා.

ඇය මුලින්ම මේ බව කිව්වේ පිලිපීනයේ වෙසෙන ඇයගේ දෙමාපියන්ටයි. ඔවුන් මුල දී කම්පනයට පත් වු නමුත් පසුව 

සතුටට පත් වුනා. 

ජිවිතය වෙනුවෙන් සටන් කරන දරුවෙක්

ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

ඇයගේ හීනයට පණ පෙවු මැතෙව්

මිෂෙල්ගේ ගර්භණි සමයේදි මුලදී ඇය සිතුවේ ඇයට දියණියක් ලැබෙන්න සිටිනවා කියායි.

නමුත් ඇයට ලැබෙන්න ඉන්නේ පුතෙකු බව දැනගත් විට ඇය කම්පනයට පත් වුනා.

ඒ  විතරක් නොවේ එම  දරුවාට ඩවුන් සින්ඩ්‍රෝමය ඇති බව මිෂෙල්ට දැනගන්න ලැබුනා.

මෙම දැකි කම්පනකාරි මිදුවීම දරුවා ගබ්සා කිරීමේ සිතුවිල්ලක් මිෂෙල් තුල ඇති කිරීමට සමත් වුනේ නැහැ.

ඩවුන් සින්ඩ්‍රෝම් වැනි වර්ණදේහ අසාමාන්‍යතාවයක් ඇති බොහෝ ළදරුවන් සති 12 ක් ගත නොකලත් සිය දරුවා එසේ කල බවත් ඔහු ජිවිතය වෙනුවෙන් සටන් කරන දරුවෙක් බවත් මිෂෙල් පවසනවා.

මිෂෙල් එහෙම දෙයක් බලාපොරොත්තු නොවුනත් ඇයට දරුවා ලැබීම සොදුරු හමුවක් වුනා.

හදිසි සීසේරියන් සැත්කමකින් උපත ලද මිෂෙල්ගේ දරුවා දිගටම ජිවිතය වෙනුවෙන් සටන් කළාය.

දරු ප්‍රසූතිය පුරාම මිෂෙල් දරු ප්‍රසුතිය තල්ලු කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම දරුවාගේ හදවතේ ගැටළු මතු වුනා.

මිෂෙල් තම හොඳම මිතුරිය ගෙන්  දරුවා මිය යාමටද ආසන්නදැයි එක් අවස්ථාවක ඇසු බව ඇයට මතකයි.

නමුත් කුඩා මැතිව් ජිවත්වීමේ  උත්සාහය අත්හැරියේ නැහැ.

ඔහු ඉපදුනු පසු වෛද්‍යවරු දරුවාට ඔක්සිජන් ලබා දෙමින් හදිසි ළදරු දැඩි සත්කාර ඒකකය වෙත ගෙන ගියා.

ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්

මව් හා පුතු පළමු හමුව

ඔහු ඉපදී පැය පහකට පමණ පසු මේ අම්මායි පුතයි හදිසි ළදරු සත්කාර ඒකකයේදි මුණගැහුණා.

ඒ වෙනවිටත් මිෂෙල් සම්පුර්ණ සුවය නොලබා තිබුනු අතර ඔක්කාරය හා නිර්වින්දනයේ පසු ප්‍රතිඵල වලින් ඇය පීඩා විදිමින් සිටියා.

එය බොහොම මිහිරි හා අපුරු හමුවක් වුනා. තම කුස දැරු දරුවාගේ අත ඇල්ලීම තරම් අගනා වෙන කිසිවක් මෙලොව නැති බව මිෂෙල්ට සිතුනා.

සින්ගල් පේරන්ට් කෙනෙක් වෙන එක එතරම් අසීරු නැති බව මිෂෙල් තේරුම් ගත්තා.

දැන් මැතිව් බබාට වයස මාස හතරයි දින 15 ක් වෙනවා. එයා දැන් හදිසි ළදරු සත්කාර ඒකකයෙන් සමු අරන් ගෙදර ඇවිත් ටික කාලයක් වෙනවා.

දරුවා හදා වඩා ගැනීමේදි තමන් වෙහෙසට පතත්ව නැති බව මිෂෙල් පවසනවා.

මුළු කාලය පුරාම තමන් මැතිව්ව තෝරාගත් බව සිතුවත් ඇත්තටම ඔහු තම්ව තෝරා ගත් බව දැන් වැටහෙන බව ඇය පවසනවා. එය ඇයට ශක්තියක්ලු.

මැතිව් ඇය තුල වු ආදරයේ මායාව එළියට ගත් බවත් ඇය කිසිම දාක  නොදැන සිටි ආදරය කිරීම ඇයට කරන්න හැකි වුනා.

ඔහු දිගින් දිගටම ඇයගේ හදවතට ගෙනෙන ප්‍රීතිය සිහිනයක් වගේ මිෂෙල්ට දැනෙන්න වුනා.

ඇය මේ දේවල් වලට අලුත් වුනත් සින්ගල් පේරන්ට් කෙනෙක් වීම වත් විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් හදා වඩා ගැනීමවත් අසීරූ කටයුත්තක් නොවන බවයි ඇයගේ අදහසයි.

ඒ වගේම මැතිව් ඇයව තෝරාගැනීම ඇයට ලැබු ලොකුම ත්‍යාගය බවත් ඇය පවසනවා.

ටිකක් අමුතු කථාවක් නේද?

මෙහිදි  IVF ප්‍රතිකාරය වැරදි යැයි කියන්නේ නැහැ.  ඇත්තටම ඇයගේ වයස, සමහර විට ඇයගේ ජාන සහ ඇයට ශුක්‍රාණු දායක කල පුද්ගලයාගේ ජාන මේ කොහේ හරි තිබු වැරැද්දක් දරුවා ඩවුන්ස් සින්ඩ්‍රෝම් වීමට බලපාන්න ඇති.

ඇත්තටම කතා කල යුත්ත එය නොවේ.

හොදට හැදුනු වැඩුනු දරුවන් මිය යන්න පාරවල් ගානේ අත හැරලා යන අම්මලා අතර තම දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් කියලා දැන දැනත් බිහි කිරීමට තරම් ඇයගේ මව්ගුණය කොතරම් ප්‍රභල වෙන්න ඇතිද?

මිෂෙල්ගේ තීරණය හරිද වැරදි කියලා අපිට තීරණය කරන්න බැහැ.

සමහර විට එවන් රෝගී දරුවෙක් දුක් විදින්න මෙලොවට බිහි කිරීමට ගත් තීරණය වැරදියැයි ඔබ කියන්නට පුළුවන්. ඒ එවන් දරුවන් හා මව්පියන් ලෝකය තුල විදින දුක අපමණ වීම නිසයි.

නමුත් ඇත්තටම මිෂෙල් කියන්නෙත් අම්මා කෙනෙක්. ඇයගේ මව් හදවත පුංචි මැතිව්ස්ට ජිවිතය දෙන්නට තීරණය කරන්න ඇති.

අම්මා කෙනෙක්ගේ දරා ගැනීම හා ශක්තිය ඇයට මේ තීරණය ගන්නට රුකුළක් වෙන්න ඇති.

ටිකක් සංවේදි කතාවක්. සමහර විට ඇයගේ තීරණය කතා බහට ලක්වෙන තීරණයක්. ඒත් ඇයගේ මව්ගුණය නම් අගය කල යුතුමයි.

කවරයේ ඡායාරූප සහ ලිපිය ඇතුල ඡායාරූප සදහා ස්තුතිය www.kidspot.com.au

මුලාශ්‍ර – www.kidspot.com.au

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ඩවුන්ස් සින්ඩ්‍රෝම් දරුවා මෙලොවට බිහි කර හදා වඩා ගත් මවක්
බෙදාගන්න :
  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

    මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

  • IVF Treatment Goes Horribly Wrong For Hyderabad Couple, Wife Slips Into Coma

    IVF Treatment Goes Horribly Wrong For Hyderabad Couple, Wife Slips Into Coma

  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

    මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

  • IVF Treatment Goes Horribly Wrong For Hyderabad Couple, Wife Slips Into Coma

    IVF Treatment Goes Horribly Wrong For Hyderabad Couple, Wife Slips Into Coma

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it