නිරෝගී දරුවෙක් හදන්න ජපන් ජාතිකයන්ගෙන් ඉගෙන ගන්න

නිරෝගී දරුවෙක් හදන්න ජපන් ජාතිකයන්ගෙන් ඉගෙන ගන්න

මේ වසරේ අධ්‍යනයකින් සොයාගෙන ඇති තොරතුරු වලට අනුව ලෝකයේ ජපන් ජාතික දරුවන් වැඩිම ආයුෂක් ජිවත් වෙන බව සොයාගෙන තියෙනවා. ඒ රහස දැනගන්න ඔවුන්ගෙන් ඉගෙන ගත හැකි මේ පාඩම් 5 ගැන සිතා බලමු.

දරුවන්ගේ ශරීර සෞක්‍ය තත්වය හා තනි පුද්ගලයෙකු වශයෙන් පැවැත්ම යනාදී සෑම කරුණකින්ම ජපන් දරුවන් ඉදිරියෙන් සිටි. මේ පිළිබඳ ගැඹුරින් පර්යේෂණ පවත්වන ලද නයෝමි මොරියාමා සහ විලියම් ඩොයිල් මෙය ජිවන රටාවන්ගේ මුසු වීමක් නිසා විය හැකි බව පවසනවා. ඉතින් නිරෝගී දරුවෙක් හදන්න මේ කරුණු වල සාරවත් බව උකහා ගැනීම ඔබේ වගකීමයි.

නිරෝගී දරුවෙක් හදන්න ජපන් ජාතිකයන්ගෙන් ඉගෙන ගන්න

නිරෝගී දරුවෙක් හදන්න ජපන් ජාතිකයන්ගෙන් ඉගෙන ගන්න

1. කුඩා ප්‍රමාණ වලින් පීරිසි ගණනාවක්

සම්ප්‍රදායික ජපන් ආහාර වල කෑම දිසි ගණනාවක් අඩංගුයි. ඉතින් දරුවන්ට හැම කෑම වර්ගයෙන්ම ටිකක් පිඟානට වැටෙනවා. පුංචි වුනත් කෑම වේල සමබරයි.

අනික බඩගිනි වුනත් නැතත් ඔවුන් බෙදාගත් කෑම වෙලා අහක දාන්න තහනම්. ඒ නිසා ඔවුන්ගේ ශරීරයට ඔවුන්ට උවමනා ප්‍රමාණයට වඩා කෑම වැටෙනවා. මේ කෑම බඳුන් කුඩා වුනාට එහි අන්තර්ගතයේ පෝෂණය විශාලයි.

2. වැඩිපුර පෝෂණයෙන් පිරි කෑම

බත් වල පෝෂණය හා සම්පුර්ණ බව වැඩියි. පැස්ටා, පාන් වැනි කෑම නිසා පෝෂණය අඩුවෙන් ලැබුනත් හුඟ වෙලාවක් යනතුරු දරුවන්ට බඩගිනි හැදෙන්නේ නැහැ. එය එතරම් හොඳ නැහැ.

බත් සමග අනිත් ගුණදායක කෑම එකතු වෙනකොට දියවැඩියාව වැනි රෝග ඔවුන්ට හැදෙන්නේ නැහැ. මස් වර්ග හා අනෙකුත් කෙටි ඉක්මන් කෑම වර්ග වලට වඩා එළවලු වලින් සාදන සේවරී වර්ග වන මියෙන්, ටොෆු, හ්ර්බ්ස්, මස්ටඩ්, ග්‍රීන් වැනි දේ සාදා මස් වර්ගයක් කුඩාවට එක් කරමින් හදාගන්නවා.

මින් සම්පුර්ණ පෝෂණයක් දරුවන්ගේ බඩට ලැබෙන අතර එහි වතුරත් අඩංගු නිසා තවත් ගුණදායකයි.

නිරෝගී දරුවෙක් හදන්න ජපන් ජාතිකයන්ගෙන් ඉගෙන ගන්න

3. දරුවා කන කෑම ගැන ඔහුට කියා දෙන්න

ජපන් ජනතාව තුළ ඔවුන් ගන්න ආහාර වලට විශාල ගෞරවයක් තියෙනවා. ඒ නිසා පුංචි කාලේ  ඉඳන්ම දරුවන් කෑම අපිට ලැබෙන තැන සිට මුළුතැන්ගෙයින් කෑම මේසයට එන ගමන ඔවුන් දැනගන්නවා.

ඔවුන්ගේ චර්යා රටාවන්ට කෑම මේසයේදී අනුගමනය කළ යුතු චාරිත්‍ර වගේම ගොවිපලකට ගිහින් එහි වෙන දේවල් දැනගැනීම අනිවාර්යයි. සංස්කෘතිය සමග බද්ද වෙන මේ සියලු දේ නිසා කෑම ගැනීම ඔවුන්ට රස විඳිය හැකි ක්‍රියා පිළිවෙතක්.

මේ නිසාම අපි ආස කෑම හා ආස නැති කෑම ගැන හිතනවට වඩා පෝෂණ ගුණය ගැන සිතීම නිසා අධික තරබාරුකම හා නිරෝගී නොවන කෑම රටාවන්ගෙන් ඔවුන් මිදෙනවා.

උවමනාවෙන් හා උනන්දුවෙන් කෑම හා එහි හොඳ නරක කියා දීම තුළින් වගේම අපිට ආහාර ලැබෙන ආකාරය හා ඒවායේ වස විස අඩංගු වීමෙන් ඇතිවිය හැකි රෝගාබාධ ගැනත් ඔවුන්ට කියා දෙනවා.  

4. කෙටි කෑම ගෙදරින් පිටුවහල් කරන්න

පෝෂණීය කෑම දෙනවා කියලා සම්පුර්ණයෙන්ම දරුවන්ගේ ආහාර වේලෙන්න් රසවත් අතුරුපස හෝ කෙටි කෑමක් සම්පුර්ණයෙන්ම ඉවත්කළ යුතු නැති වුනත් ගෙදර උවමනාවට වඩා ගබඩා කර තැබීම වළක්වන්න.

නැතිනම් දරුවන් හිතෙන හිතෙන වෙලාවට ඒවා අරගෙන කන්න පුරුදු වෙන්න පුළුවන්. මේ නිසා දරුවා ඒවා ඉල්ලලා අඬන විට ඔබට අපහසුතාවයට පත්වන්න වෙන්නේ නැහැ. මොකද ගෙදර ඒවා නැත්නම් ඔහුට ඒ ගැන අමතක වෙලා යනවා.

ජපන් දරුවන් බොහෝ වෙලාවට පුංචි පුංචි කෑම කන්නේ එළියට ගිය වෙලාවට විතරයි.එකත් පුරුද්දක් නොකරන්න ඔවුන් වගබලා ගන්නවා. ඉන් දරුවන්ට වඩා කන්න පුරුද්දක් ඇති වෙන්නේ නැහැ.

නිරෝගී දරුවෙක් හදන්න ජපන් ජාතිකයන්ගෙන් ඉගෙන ගන්න

5. ශාරීරික ව්‍යායාම හා ක්‍රියාකාරකම් වල වැදගත්කම ඔවුන්ට කියා දෙන්න

හුඟක් ජපන් දරුවන් පාසල් යන්නේ බයිසිකලෙන් නැත්නම් පයින්. එයින් හැඟවෙන්නේ ඔවුන්ට දිනකට අඩුම වශයෙන් පැයක පමණ ව්‍යායාමයක් ලැබෙනවා කියලයි. 

WHO උපදෙස් වලට අනුව දරුවෙකුගේ වර්ධනයට දිනකට පැයක පමණ වත් ශාරීරික ව්‍යායාමයක් අවශ්‍ය බව කියා වෙනවා. ඔබත් දරුවාගේ පාසල අසල ජිවත් වෙනවා නම්  ඔහු සමග ඇවිදීමට පුරුදු වෙන්න පුළුවන්.

නමුත් කාලය කළමනාකරණය සමග මෙය ඔබට කල නොහැකි නම් පැයක පමණ කාලයක් වත් දරුවන්ට ක්‍රියාකාරකම් වල නිරතවිය හැකි වාතාවරණයක් සකසා දෙන්න. සමහර විටෙක ළඟම තියෙන පාර්ක් එකේ පවුලටම ඇවිදින්න යන්න යොදාගන්න.

කිනම් ආකාරයෙන් වුවත් හොඳ සෞක්‍ය පුරුදු අපේ රටේ දරුවන්ටත් කියා දෙන්න පුළුවන්නම් එයයි වටින්නේ. ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka අපි උත්සාහ දරන්නේ ඒ වටිනාකම් ඔබේ ජිවිතයට එක් කරන්නයි.    

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ