ඔබත් කරීනා කපූර් වගේ අලුත් අම්මා කෙනෙක්ද ? එසේනම් මව් කිරි දීම පිළිබඳ කරුණු 11 ගැන දැනුවත් වෙන්න.

lead image

මේ පිළිබඳ දන ගන්න වෛද්‍ය වර්ෂා පාඩ්කේ සහ වෛද්‍ය සුජාතා කන්හේරා සමග කතා කර මව් කිරි දීමේ වැදගත්කම තවදුරටත් දැනුවත් වීමක් වුණා.

දෙමාපිය පදවිය කුළුඳුලේම ලැබූ කරීනා හා සයිෆ් එයින් හුඟක් සතුටින් හා නැවුම් බවකින් ඉන්න බව පේනවා. මේ දරාගත නොහැකි සතුට නිසාම ඔවුන් තමන්ගේ ළඟම හිතවතුන්ට නත්තල් සාදයක් පැවැත්තුවා වගේම පුංචි බිළිඳාව තමන්ගේ ප්‍රේක්ෂකයන්ටත් පෙන්නුවා.

ඒ වගේම ඔවුන් දෙදෙනා මේ සාදයේ අවස්ථාවන් රසිකයන් සමග බෙදාගත් අතර එක් අවස්ථාවක රුවින් සතුටින් බැබලෙන කරීනාගේ රුව දැකගන්න ලැබුණා. ඇගේ සමීපම යෙහෙලියන් වන අම්රිතා අරෝරා සහ මලයිකා අරෝරා ඛාන් දා එම ඡායාරූප වල දකින්නට ලැබුණා.

කරීනා මව් පදවිය සමග හුඟක් සතුටින් ඉන්න බව පෙනුනා වගේම හුඟක් අවස්ථාවන් වල ඇය පවසා තිබුණේ ඇය දරුවා වෙනුවෙන් කැප වෙන්න සූදානමින් ඉන්න බවත් ඊට තොරතුරු වලින්  ඇය සන්නද්ධ බවත් .

දරුවා බිහිකරන්න ඉතා අසන්න වකවානුවකදී ඇය ඉතා ලිබරල් අදහස් රැසක් ගර්භණීභාවය  ගැන හා මව් පදවිය ගැන සඳහන් කර තිබුණා.

"මම මේ තත්වය ඉතාම ස්වභාවික දෙයක් ලෙසයි දකින්නේ. මට සැලසුම් නැහැ. මම පෙර සැලසුම් සමග මගේ ගර්භණීභාවය මනින්න යන්නේ නැහැ. ඒ වගේම මම මේ මොහොතට මුහුණ දෙන තුරු පෙර කියන අවවාද අනුශාසනා ඔලුවට දාගන්නේ නැහැ. මම හිතන්නේ ගර්භණීභාවය කියන්නේ අතිශයින් පෞද්ගලික ගමනක්. එය මට දැනෙන්න ඕනේ. ඒ නිසා ඒ ගැන වෙන වෙන අදහස් මුලදී හිතට දාගන්න මම කැමති නැහැ."

අලුත් අම්මා කෙනෙක් දැනගත යුතු කරුණු තියෙනවා

නමුත් යන විදිහට යන්න අලුත් අම්මා කෙනෙකුට බැහැ. ඇය හැම අතින්ම අලුත් බබා ගැන දැනුමින් සම්පූර්ණ විය යුතුයි. විශේෂයෙන් මව් කිරි දීම. මේ නිසා හැම අලුත් අම්මා කෙනෙකුට මව් කිරි දීම ගැන උදවු වෙන ආකාරයේ ප්‍රශ්නාවලියක් අහලා තොරතුරු දැනගන්න අපි මුම්බායි හි K.J.Somaiya Medical College හි වෛද්‍ය වර්ෂා පාඩ්කේ හා වෛද්‍ය සුජාතා කන්හේරා, ළමා රෝග අංශයේ හා Neonatology අංශයේ ප්‍රධානිගෙන් මේ ගැන විමසුවා.

මව් කිරි ගැන

දරුවෙකුට ලැබෙන පළමු ආහාරය මව් කිරි. පෝෂණය වගේම මව් කිරි වලින් ලැබෙන අතුරු ප්‍රයෝජන බොහොමයි. ඒ නිසයි අම්මා කෙනෙක් දරු පැටියා ඉපදුන මොහොතේම මව් කිරි දීම වැදගත් ලෙස සලකන්නේ. ඒ නිසා දරුවා ඉපදී පැය භාගයක් ඇතුළත මව් කිරි දීම ඇරඹිය යුතුයි වෛද්‍ය පාඩ්කේ පවසනවා. ඒ විතරක් නොවෙයි තවත් වැදගත් ප්‍රශ්න රැසක් අපි අම්මලා වෙනුවෙන් ඇහුවා.

ප්‍ර : මම කොච්චර වාරයක් මව් කිරි දෙන්න ඕනෙද ?

උ : දරුවා ඉල්ලන හැම වාරයකම මව් කිරි දිය යුතුයි. සාමාන්‍යයෙන් හැම පැය 2-3 ක් දක්වා මව් කිරි දීම සුදුසුයි.

ප්‍ර : දරුවා හොඳින් කිරි උරා බොන බව දැනගන්නේ කොහොමද ?

උ : තනපුඩුව සමග කළු පැහැති රවුම් කොටස දරුවාගේ මුවට ඇතුල්වන ලෙස ලබාදෙන්න. ඒ වගේම හොඳින් කිරි උරා
     බොන බව ඔබට දැනෙනවා.

ප්‍ර : මව් කිරි දරුවාට ප්‍රමාණවත් දැයි දැනගන්නේ කොහොමද?

උ : උපතින් දින 10 ක් පමණ ගතවන විට උපත් බරින් 10% ක් පමණ බර අඩුවෙනවා. පසුව නැවත දරුවාගේ බර වැඩිවීම ආරම්භ වෙනවා. මේ ආකාරයට දරුවාගේ බර වැඩිවීමත් දිනකට 10-12 වතාවක් මුත්‍රා පිටකිරීමත් 5- 4 වාරයක් පමණ මළපහ පිට කිරීමත්, නොනවත්වා ඇඬීමත් නොකරයි නම් දරුවාට ප්‍රමාණවත් ලෙස මව් කිරි ලැබෙන බවට අනුමාන කරන්න පුළුවන්.

ප්‍ර : පිටිකිරි තිබිය දීත් මව් කිරි දිය යුත්තේ ඇයි?

උ : දරුවාට සුදුසුම වන්නේ මව් කිරියි. එය පිටි කිරි වලට සමකළ නොහැකි අතර ඉන් දරුවාටත් ලැබෙන ප්‍රයෝජන
      බොහෝයි.  

මව් කිරි දීමෙන් මවට ලැබෙන ප්‍රයෝජන

  1. දරුවා සහ මව අතර සබඳතාවයක් ගොඩනගයි.
  2. පසු ප්‍රසූත විශාද තත්වය අඩු කරයි.
  3. පසු ප්‍රසූත සංකූලතා අවම කරනවා.
  4. මව් කිරි දීම තුළින් ස්වභාවික උපත් පාලනයක් සිදුවෙනවා.
  5. ඇඟේ හැඩය පවත්වාගන්න උදවු වෙනවා.
  6. ඔස්ටියෝපොරෝසිස් හැදීමේ අවධානම අඩු කරනවා.
  7. ආරක්ෂිතයි, ලාබයි සහ පහසුයි.
  8. දරුවාගේ අවශ්‍යතාවය අනුව නිපදවෙන අතර පිටි කිරි වලින් එලෙස සිදු වන්නේ නැහැ.

මව් කිරි දීමෙන් දරුවාට අත්වන වාසි

  1. බඩයාම, සෙම්ප්‍රතිශ්‍යාව, ගැස්ට්‍රයිටිස් තත්ත්ව හා ක්ෂණික මරණ වැනි රෝග ඇති වෙන්නේ නැහැ.
  2. පළමු කිරි වල ඇති කොලෙස්ට්‍රම් වල ඉමියුෆොග්ලොබින්ස් 1GA අඩංගු නිසා දරුවන් විවිධ ලෙඩ රෝග හා අසාදන වලින් වළකනවා.
  3. යහපත් වර්ධනයකට මග පාදනවා.
  4. දරුවන්ගේ දැනීම වර්ධනය කරනවා.
  5. අසාත්මිකතා වළක්වනවා.
  6. නිතරම සපයා ගන්න පුළුවන්.
  7. අමතර ජලය දීමට අවශ්‍ය නැහැ.
  8. දරුවාට උණුසුම හා සුරක්ෂිත බව දැනෙනවා.

ප්‍ර : හැමවිටම කිරි එක වගේද ?

උ : පළමුව ලැබෙන කිරි ඝනත්වයෙන් වැඩි අතර කහ පාටින් යුක්තයි. එය කොලෙස්ට්‍රම් ලෙස හඳුන්වනවා. මේ මගින් ශරීරයට ඇතිවන අසාදන වළක්වනවා. ඒ වගේම මව් කිරි පහත ආකාරයට කොටස් කරන්න පුළුවන්.

  1. පළමු කිරි - වතුර වගේ, පිපාසය නිවනවා.
  2. මැද කිරි - තරමක් උකුවන අතර ප්‍රෝටීන් හා ප්‍රතිශක්තිය ඇති කරනවා.
  3. අවසන් කිරි - එය උකු වන අතර මේදය අඩංගු අතර ඉන් පරිපූර්ණ බවක් සහ ශක්තියක් ගෙන දෙනවා.

මේ කාණ්ඩ තුනේම කිරි දරුවාට ලබාදීම අවශ්‍ය වන්නේ ඉන් ප්‍රතිශක්තිය නිපදවීම හා වර්ධනයට ඉවහල් වන නිසයි. මවක් ලෙස එක තන පුඩුවකින් කිරි උරා බී අවසන් වූ පසු අනෙකින් කිරි දීම කළ යුතුයි. දෙවන වර පළමු වර නොදුන් තන පුඩුවෙන් කිරි දීම කළ යුතුයි.

ප්‍ර : මව් කිරි දීමේදී මතක තබා ගත යුතු කරුණු මොනවද?

උ : - මව් කිරි දීමට පෙර වතුර හැකි පමණ බොන්න.
      - තන පුඩුව සේදීම හා මව් කිරි දීමට පහසු යට ඇඳුම් තෝරාගන්න.
      - පහසු ඉරියව්වකින් සිටීම හෝ කොට්ට භාවිතා කරන්න.
      - සන්සුන්ව හා සතුටින් ඉන්න.
      - පෝෂ්‍යදායි ආහාර පැය 2-3 කදී ලබාගන්න.

ප්‍ර : මව් කිරි දිය යුත්තේ කෙසේද?

උ : ඔබට පහසු ඉරියව්වක් මේ සඳහා තෝරා ගන්න පුළුවන්. ඉඳගෙන කිරි දීම ඉතා හොඳයි. ඒ වගේම දරුවාගේ ගුඩුස්
      යැවීම සෑම කිරි වාරයකටම පසුව කරන්න.
      රාත්‍රියේදීත් මව් කිරි දිය යුතු අතර රාත්‍රී කාලයේ මව් කිරි නිෂ්පාදනයේ වේගවත් බවක් ද තිබෙනවා.

ප්‍ර : මව් කිරි දෙන විට ඇතිවිය හැකි ගැටළු හා ඒවාට පිළියම් මොනවද?

උ : හරි ආකාරයට මව් කිරි දීම තුළින් ගැටළු ඇතිවීම අවම කරගන්න පුළුවන්. එහෙත් මෙවැනි තත්ත්ව ඇති වුවහොත්
      මේ පිළියම් ගැන සිතා බලන්න.

  • තන පුඩු පැතලි ස්වභාවයක් ගැනීම: 
    එය අතින් හැඩගැසීම හා සම්බාහනය කළහැකියි. සිරින්ජයක ආධාරයෙන් එනම් සිරින්ජයේ අග කොටස කපා ඉවත් කර එය තන පුඩුවට ඇතුල් කර පීඩනයක් ලබාදීම මගින්ද තන පුඩුව ඉදිරියට නෙරා එන ආකාරයට සකසන්න පුළුවන්.
  • තන පුඩු තුවාල වීම ඉරි තැලීම:
    නිසි ලෙස මව් කිරි ලබා නොදීම මීට හේතුව විය හැකියි. පොල්තෙල් හෝ පසු කිරි තන පුඩුව මත ආලේප කරන්න. වෙනත් ක්‍රීම් වර්ග ආලේප කරන්න එපා. තාවකාලික විසඳුමක් ලෙස තන පුඩුව උණුසුම් කර කිරි දොවා ගන්න.
  • තන පුඩුවේ සැරව ගෙඩි හට ගැනීම:
    මෙය තන පුඩු වල ඇතිවන අසාදන තත්වයක්.

ප්‍ර : කාර්යාලයට සේවයට යන විට මව් කිරි දෙන්නේ කොහොමද ?

උ : කාර්යාලයට යාම ආරම්භ කළ පසුත් ඔබට මව් කිරි දෙන්න පුළුවන්. මව් කිරි දොවා ගැනීමෙන් ශිතකරණයෙන් හෝ කාමර උෂ්ණත්වයට රත් කර හැන්දකින් පොවන්න පුළුවන්. නමුත් භාවිත කරන උපකරණ වල පිරිසිදු බව ගැන තහවුරු කර ගන්න. වෛද්‍ය පාඩ්කේ පවසනවා.

ප්‍ර : කොපමණ කාලයක් මව් කිරි දිය යුතුද ?

උ : පළමු මාස 6 තුළ මව් කිරි පමණක් ලබා දිය යුතු අතර ඉන් පසුව ඔබේ කැමැත්ත පරිදි කැමති කාලයක් මේ කිරි දිය හැකියි. සාමාන්‍යයෙන් අවුරුදු 2 ක් දක්වා මව් කිරි දීම සිදු වෙනවා විශේෂඥයන් පවසනවා.

මව් කිරි වල ඇති ආශ්චර්යය කොතරම් විස්තර කළත් එහි නිමක් නැහැ. ඒ නිමක් නැති ගුණය වෙනුවෙන් theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

Deepshikha Punj

app info
get app banner