theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

3 අවම කියවීම
ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්නගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

"මම හුඟක් පෝෂණීය කෑම වර්ග කෑවා වගේම මගේ කොණ්ඩයත් හොඳට බලාගත්තා..."

කරීනා කපූර් කුළුඳුලේ මව් පදවිය ලැබූ අලුත වුනත් ඇගේ සුන්දරත්වයේ වෙනසක් වෙලා නැහැ. ඇගේ සුන්දරත්වය එකසේ පවත්වා ගනිමින් සුන්දර සමක් හා නිරෝගී කෙස් කළඹක් පවත්වා ගන්න ඇයට හැකිවෙලා.

නමුත් ගර්භණි සමයේ  කරීනා කපූර් ටත් අනෙකුත් අම්මාලට වගේම අපහසුතාවයන් ඇති වුණා. ඇගේත් කොණ්ඩය වැටෙන්න ගත්තා. නමුත් ඇගේ පෝෂණවේදියා රුජුටා දිවේකර්ගේ උපදෙස් අනුව ඇය ලබාගත් ආහාර පාන වලින් ඇයට ඒ තත්වය පාලනය කරගන්න පුළුවන් වුණා.

දිවේකර් සමග පැවති සජීවී සංවාදයකදී ඇගේ සුන්දර කෙස් කළඹත් ඇගේ දියණියගේ සුන්දර කෙස් කළඹත් ලැබීමට ඇය හේතු පැහැදිළි කළා.

ඇය සඳහන් කළ ආකාරයට ඇය කිසිවිටකත් පෝෂණය සහිත කෑම වේල් ලබාගන්න අමතක කර තිබුණේ නැහැ:

"මම නිතරම මම ගන්න ආහාර පෝෂණයෙන් යුතු ඒවා වගේම විශේෂයෙන් කොණ්ඩයට ගුණ දායක කෑම කන්න යොමු වුණා. අපි හුඟක් වෙලාවට පෝෂ්‍යදායි කෑම අත්හරිනවා. බත්, කජු වගේ දේවල් මහත් වෙයි කියලා නොකා ඉන්නවා. ඒත් ඉන් ලැබෙන ඛනිජ ලවන හා අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක පෝෂණයට වැදගත්."

කරීනා කපූර් 

ගේ කෑම වේලට අන්තර්ගත කළ විශේෂ කෑම

  • බත් (ශක්තිය වැඩිකරනවා)
  • පොල්
  • කජු මිටක් පමණ හැමදාම (එහි යකඩ හා මැග්නීසියම් අඩංගු වෙනවා)
  • පැණි රස තල

ඇය ඩිම්පල් කපාඩියාව උදාහරණයට ගනිමින් ඇයට තවමත් ලස්සන කොණ්ඩයක් තිබෙන්නට මෙය හේතු වී ඇති බව කිව්වා.

අපිත් කෑම වලට මේ දේවල් එක් කළොත් ඩිම්පල්ගෙ වගේ කොණ්ඩේ තියාගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩයට තෙල් සත්කාරයක් කිරීමත්, හොඳින් රැක ගැනීමත්, හොඳ ආහාර වගේම වැදගත් බව ඇය කියනවා:

"ඩිම්පල් දිහා බලන්න. ඇය ඇගේ කොණ්ඩය ගැන හුඟක් හිතනවා. සතියකට වරක් තෙල් දැමීම කරන්න ඕනේ." ඇගේ සුන්දර කෙස් කළඹේ රහස් ගැන ඇය පැවසුවා. නමුත් මේ හොඳ ආහාරත් නිසි සත්කාරයත් ගර්භණි සමයේ සිදුවුනොත් සුන්දර කෙස් කළඹක් පවත්වාගෙන යන එක අමාරු නොවන බව ඇය කියනවා.

ගර්භණි සමයේ ආහාරයට ගත යුතු කෑම වර්ග 5 ක්

නාරිවේද විශේෂඥ උපදේශිකා වෛද්‍ය සුෂ්මිතා කේ පවසන ආකාරයට පෝෂණය ගර්භණි සමයට කෙතරම් වැදගත් දැයි පැහැදිළි කරනවා.

මේ කාලය තුළ ආහාර පුරුදු වල ඇතිවන වෙනස්කම් විශේෂ ලක්ෂණයක්. සමහර කන්න ආසම කළ දේවල් මේ කාලයේ කන්න එපා වෙනවා. ඉස්සර අකමැති දේවල් වලට දැන් හුඟක් ආස වෙනවා. මේ අතරට ගර්භණි මවක් ගතයුතු ආහාර වර්ග කිහිපයක් ගැන ඇය කියනවා.

  • විටමින් A බහුල ආහාර - ගර්භණි සමයේ විටමින් A අඩංගු ආහාර ඉතා වැදගත්. වට්ටක්කා, කැරට්, බතල, ඇප්‍රිකොට් වල විටමින් A බහුලයි.
  • එළවළු හා පලතුරු - නිවිති වැනි යකඩ බහුල පලා ඇතුළුව හුඟක් එළවළු පලතුරු කන්න.
  • ඇට වර්ග, ධාන්‍ය වර්ග - පරිප්පු හා ධාන්‍ය වර්ග ගුණදායක වගේම මස් වර්ග ආහාරයට නොගන්නවා නම් ඉතා වැදගත්.
  • මස් මාංශ - ඔබ කැමති ඒවා තෝරා ආහාරයට ගන්න. ඉන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගන්න පුළුවන්.
  • මේදය - මේ කාලය තුළ සිරුරට ශක්තිය අවශ්‍යයි. වැඩෙන දරුවාටත්, ප්‍රසුතියටත් එය වැදගත්. ගී හා බටර් මේ කාලයේ ගැනීම ගුණදායකයි.

සුපිරි තරුවකට වුනත් මව් පදවිය සමානයි. ඒත් නිසි පෝෂණය ගැන අපි හැමෝම සාමාන්‍යයෙන් හිතන්නේ නැති නිසා කරීනා කපුර්ගේ කතාවෙන් කොටසක් ඔබට කියන්න theAsianparent Sri Lanka සිතුවේ ඔබේ ධෛර්යට අත්වැලක් වෙන්නයි.

 theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Deepshikha Punj

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න
බෙදාගන්න :
  • මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

    මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

    ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

  • මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

    මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

    ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it