ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න.

Share this article with other mums

"මම හුඟක් පෝෂණීය කෑම වර්ග කෑවා වගේම මගේ කොණ්ඩයත් හොඳට බලාගත්තා..."

කරීනා කපූර් කුළුඳුලේ මව් පදවිය ලැබූ අලුත වුනත් ඇගේ සුන්දරත්වයේ වෙනසක් වෙලා නැහැ. ඇගේ සුන්දරත්වය එකසේ පවත්වා ගනිමින් සුන්දර සමක් හා නිරෝගී කෙස් කළඹක් පවත්වා ගන්න ඇයට හැකිවෙලා.

නමුත් ගර්භණි සමයේ ඇයටත් අනෙකුත් අම්මාලට වගේම අපහසුතාවයන් ඇති වුණා. ඇගේත් කොණ්ඩය වැටෙන්න ගත්තා. නමුත් ඇගේ පෝෂණවේදියා රුජුටා දිවේකර්ගේ උපදෙස් අනුව ඇය ලබාගත් ආහාර පාන වලින් ඇයට ඒ තත්වය පාලනය කරගන්න පුළුවන් වුණා.

දිවේකර් සමග පැවති සජීවී සංවාදයකදී ඇගේ සුන්දර කෙස් කළඹත් ඇගේ දියණියගේ සුන්දර කෙස් කළඹත් ලැබීමට ඇය හේතු පැහැදිළි කළා.

ඇය සඳහන් කළ ආකාරයට ඇය කිසිවිටකත් පෝෂණය සහිත කෑම වේල් ලබාගන්න අමතක කර තිබුණේ නැහැ. මම නිතරම මම ගන්න ආහාර පෝෂණයෙන් යුතු ඒවා වගේම විශේෂයෙන් කොණ්ඩයට ගුණ දායක කෑම කන්න යොමු වුණා. අපි හුඟක් වෙලාවට පෝෂ්‍යදායි කෑම අත්හරිනවා. බත්, කජු වගේ දේවල් මහත් වෙයි කියලා නොකා ඉන්නවා. ඒත් ඉන් ලැබෙන ඛනිජ ලවන හා අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක පෝෂණයට වැදගත්.

ඇගේ කෑම වේලට අන්තර්ගත කළ විශේෂ කෑම

  • බත් ( ශක්තිය වැඩිකරනවා)
  • පොල්
  • කජු මිටක් පමණ හැමදාම ( එහි යකඩ හා මැග්නීසියම් අඩංගු වෙනවා)
  • පැණි රස තල

ඇය ඩිම්පල් කපාඩියාව උදාහරණයට ගනිමින් ඇයට තවමත් ලස්සන කොණ්ඩයක් තිබෙන්නට මෙය හේතු වී ඇති බව කිව්වා. අපිත් කෑම වලට මේ දේවල් එක් කළොත් ඩිම්පල්ගෙ වගේ කොණ්ඩේ තියාගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩයට තෙල් සත්කාරයක් කිරීමත්, හොඳින් රැක ගැනීමත්, හොඳ ආහාර වගේම වැදගත් බව ඇය කියනවා.

ඩිම්පල් දිහා බලන්න. ඇය ඇගේ කොණ්ඩය ගැන හුඟක් හිතනවා. සතියකට වරක් තෙල් දැමීම කරන්න ඕනේ. ඇගේ සුන්දර කෙස් කළඹේ රහස් ගැන ඇය පැවසුවා. නමුත් මේ හොඳ ආහාරත් නිසි සත්කාරයත් ගර්භණි සමයේ සිදුවුනොත් සුන්දර කෙස් කළඹක් පවත්වාගෙන යන එක අමාරු නොවන බව ඇය කියනවා.

ගර්භණි සමයේ ආහාරයට ගත යුතු කෑම වර්ග 5 ක්

බෙන්ගාලුරු හි නාරිවේද විශේෂඥ උපදේශිකා වෛද්‍ය සුෂ්මිතා කේ පවසන ආකාරයට පෝෂණය ගර්භණි සමයට කෙතරම් වැදගත් දැයි පැහැදිළි කරනවා. මේ කාලය තුළ ආහාර පුරුදු වල ඇතිවන වෙනස්කම් විශේෂ ලක්ෂණයක්. සමහර කන්න ආසම කළ දේවල් මේ කාලයේ කන්න එපා වෙනවා. ඉස්සර අකමැති දේවල් වලට දැන් හුඟක් ආස වෙනවා. මේ අතරට ගර්භණි මවක් ගතයුතු ආහාර වර්ග කිහිපයක් ගැන ඇය කියනවා.

  • විටමින් A බහුල ආහාර – ගර්භණි සමයේ විටමින් A අඩංගු ආහාර ඉතා වැදගත්. වට්ටක්කා, කැරට්, බතල, ඇප්‍රිකොට් වල විටමින් A බහුලයි.
  • එළවළු හා පලතුරු – නිවිති වැනි යකඩ බහුල පලා ඇතුළුව හුඟක් එළවළු පලතුරු කන්න.
  • ඇට වර්ග, ධාන්‍ය වර්ග – පරිප්පු හා ධාන්‍ය වර්ග ගුණදායක වගේම මස් වර්ග ආහාරයට නොගන්නවා නම් ඉතා වැදගත්.
  • මස් මාංශ – ඔබ කැමති ඒවා තෝරා ආහාරයට ගන්න. ඉන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගන්න පුළුවන්.
  • මේදය – මේ කාලය තුළ සිරුරට ශක්තිය අවශ්‍යයි. වැඩෙන දරුවාටත්, ප්‍රසුතියටත් එය වැදගත්. ගී හා බටර් මේ කාලයේ ගැනීම ගුණදායකයි.

සුපිරි තරුවකට වුනත් මව් පදවිය සමානයි. ඒත් නිසි පෝෂණය ගැන අපි හැමෝම සාමාන්‍යයෙන් හිතන්නේ නැති නිසා කරීනා කපුර්ගේ කතාවෙන් කොටසක් ඔබට කියන්න theAsianparent Sri Lanka සිතුවේ ඔබේ ධෛර්යට අත්වැලක් වෙන්නයි.

 theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Bollywood celebs