theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

3 අවම කියවීම
කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කෙට් මිඩ්ල්ටන් තම දරුවන්ට එකම විධියට ඇඳුම් පැළඳවීමට තුඩු දෙන විශේෂ හේතුන් පහක් තියෙනවා කියා ඔබ දැන සිටියාද?

කේට් මිඩ්ල්ටන් Kate Middleton එකම ඇඳුමින් කිහිප සැරයක් වුවත් සැරසෙන්නට පැකිලෙන්නේ නැති බව කවුරුත් දන්නා දෙයක්. ඇයගේ දරුවන්ටද මෙසේ එකම ඇඳුම කිහිප විටක්ම ඇන්දවීම ඇය අනුගමනය කරන බව අන්තර්ජාලයේ සංසරණය වනර චායාරුප හා පුවත් වලින් පසක් වනවා.

ඇත්තෙන්ම මෙය අහම්බෙන් සිදු වන්නක් නොවෙයි. ඇය මෙලෙස දරුවන්ගේ ඇඳුම් එක විධියට අන්දවන්නේ උවමනාවෙන්මයි. එංගලන්තයේ ඩේලි මේල් පුවත්පතට අනුව තම කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය වන කෙට් මිඩ්ල්ටන් මෙසේ තම දරුවන්ට එක විධියට ඇඳුම් අන්දවන්නේ විශේෂ හේතුන් පහක් නිසි.

කෙට් මිඩ්ල්ටන් Kate Middleton තම දරුවන්ට එක විධියට ඇඳුම් පැළඳවීමට තුඩු දෙන විශේෂ හේතුන් පහ

1. රාජකීය පවුලේ සාමාජිකයිනුත් ලෝකයේ අන් සියලු දෙනා මෙන්ම  සාමාන්‍ය පුද්ගලයින් බව ලොවට පෙන්වීමට.

කේට් විසින් නිල ඡායාරූපවලට පවා තම රාජකීය දරුවන් සරසවන්නේ වෙළඳපලේ සාමාන්‍ය පුද්ගලයින්ට මිලදී ගත හැකි සාමාන්‍ය ඇඳුම් වලින්. මෙය අති විශිෂ්ට ඩිසයිනර් ඇඟලුම් පැළඳීමට දැඩි උනන්න්දුවක් දක්වන හොලිවුඩ් තරුවලට වඩා බොහෝ වෙනස්.

කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

2 අලුත්ම වෙළඳ මාෆියාවක් ඇති වීම වැලක්වීමට

ලෝකප්‍රසිද්ධ පුද්ගලයින් විශේෂයෙන්ම විලාසිතා ලෝකය අද බැඳගන්න සමත් සුවිශේෂී චරිත දෙස වෙළඳපොලේ උකුසු ඇස් නිරතුරුවම යොමු වී තිබෙනවා.

තම දරුවන්ගේ ඇඳුම් පැළඳුම් සාමාන්‍ය දරුවකුගේ ඇඳුම් වලට සමාන කිරීමෙන් මේම රාජකීය දරුවන් වාණිජ ආකෘති බවට පත්වීම වැලැක්වෙනවා. ඇඳුම් වර්ග වැඩිපුර පාවිච්චි කිරීමෙන් තම දරුවන් නොදැනුවත්වම වෙළඳ නාම අනුග්‍රාහකයින් බවට පත් වන්නට ඉඩ තබන්නට යට අවශ්‍ය නැහැ.

මෙතරම් උපේක්ෂාවෙන් කටයුතු කලද රාජකීය දරුවන් වෙළඳ නාම අනුග්‍රාහකයින් බවට පත් වීම වලක්වන්නට බැහැ. හොඳම උදාහරණය වන්නේ ජෝජ් කුමරාගේ ක්‍රිස්තියානි උත්සවයට ඇඳි රතු සහ සුදු ඇඳුම පැය 24ක් යන්නට මත්තෙන් විකිනුන හැටියි.

3 ඇයගේ දරුවන්, අතීතයට සම්බන්ධ කරවීමට

රාජකීය පවුලේ අතීත විලාසිතා වලට පන පෙවීමෙන් පවුලේ ඉතිහාසය සමඟ අර්ථවත් සම්බන්ධතා ඇති කළ ගත හැකි බව කේට් අපේක්ෂා කරනවා. කෙයිට ප්රින්ස් ජෝර්ජ් ඇඳුමෙන් සැරසුණු ඇඳුම් ඇඳුමෙන් සැරසී සිටින බව දැන සිටියහ. විලියම් කුමරු කුඩා කල ඇඳි ඇඳුම් වලට සමාන ඇඳුම් වලින් කේට් ජෝජ් කුමරු සරසවන බව කවුරුත් දන්නා දෙයක්.

උදාහරණයක් ලෙස: චාලට්ගේ ක්‍රිස්තියානි කිරීමේ උත්සවය සඳහා කේට් ජෝජ් කුමරුට ඇන්දවූයේ, විලියම් වසර 30කට පමණ ප්‍රථම තම පුංචි සොයුරු විලියම්ව ප්‍රථම වතාවට දැක බලාගැනීමට ඇඳි ඇඳුමට සමාන ඇඳුමකි.

කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

4 මාධ්‍යය අවධානය අවම කිරීමට

දිවා රෑ පුරා තම දරුවන් වටා රොක් වන්නට මාන බලා සිටින පැපරාසි කරුවන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීම කේට්ගේ ලොකුම අභියෝගයක්. ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වෙනස් කිරීම සීමා කිරීමෙන් හා චාම් ලෙස ඇඳුම් ඇන්දවීමෙන් දරුවන් මාධ්‍යයට නිරාවරණය වීම අවම වනු ඇති බව ඇය විශ්වාස කරනවා.

කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

5 දරුවන්ගේ ඇඳුම් සරල ලෙස හා සාම්ප්රදායික ලෙස පවත්වා ගැනීමට කේට් මිඩ්ල්ටන් Kate Middleton කැමතියි

තම දරුවන් වෙළඳ ප්‍රවණතා හා ප්‍රචාරණ උපක්‍රම වලට හසු නොවී සාමාන්‍ය දරුවන් සේ ජිවත් වීමට සැලැස්වීම කේට්ගේ බලාපොරොත්තුවයි.

නමුත්, ඇය එක් ප්‍රවණතාවයක් අනුගමනය කරනවා: ඒ වඩාත් සාම්ප්‍රදායික ළමා ඇඳුම් සඳහා ඇයගේ ඇති තද ඇල්මයි.

මේ අභිප්‍රායට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෑත කාලයේ එංගලන්තය තුල සම්ප්‍රදායික ඇඳුම් සඳහා ඇති වූ ජනප්රියත්වයයි. මෙහි විශේෂත්වය වන්නේ ඇය මෙම සම්ප්‍රදායික ප්‍රවණතාවයන් ඉස්මතු කර ඇඳුම් නිර්මාණය කරන කුඩා සහ දේශීය වෙළෙඳ සන්නාම වලට විශාල සහයක් ලබා දීමයි.

කෙසේ නමුත්, තම දරුවන් මාධ්‍යයෙන් ඈත් කර තබන්නට කේට් කෙතරම් උත්සාහ කලද, මෙම රාජකීය දරුවන් කුමන ආකාරයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසුනත්, මෙම දරුවන්ගෙන් ක්ෂණයක දර්ශනයකින් පවා මහජනතාව ඔවුන්ගේ ස්වභාවික සුන්දරත්වය අප්‍රමාණව විඳගන්නට සමත් වනවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්
බෙදාගන්න :
  • විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

    විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

  • විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

    විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it