theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරුවන්ගේ උද්වේගකාරී හැසිරම දමනය කිරීමට කේට් මිඩල්ටන්ගෙන් අපූරු පාඩමක්

3 අවම කියවීම
ළදරුවන්ගේ උද්වේගකාරී හැසිරම දමනය කිරීමට කේට් මිඩල්ටන්ගෙන් අපූරු පාඩමක්ළදරුවන්ගේ උද්වේගකාරී හැසිරම දමනය කිරීමට කේට් මිඩල්ටන්ගෙන් අපූරු පාඩමක්

කේට් මිඩ්ල්ටන් දරුවන් හසුරුවන ආකාරය අප සියලුම දෙමාපියන්ට නව ඉසව්වක් පෙන්වනවා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් මිඩ්ල්ටන් අද්විතීය කාන්තාවකි. ඇය ප්‍රායෝගික වනවා පමණක් නොව ඇය මිනිසුන්ට සැලකිල්ලක් දක්වනවා මෙන්ම කම්කරු පංතියේ ජනයා සමග වුවත් කටයුතු කරන්න මැළිවෙන්නේ නැහැ.

කේට් මිඩ්ල්ටන් ඇයගේ සැමියා වන විලියම් කුමාරයා හා විවිධ සමාජ සේවා කටයුතු වල යෙදෙනවා දැකිය හැකිය. ඔවුන් දෙපලම ඩයනා ආර්යාව විසින් පටන් කටයුතු ඉදිරියට පවත්වගෙන යන්නෝ වෙලා.

කොහොම නමුත් මගේ ඇසින් මා දුටු ඇගේ ආකර්ෂණීයත්වය වන්නේ ඇගේ දරුවන් රැකබලා ගැනීමේ රටාව වන අතර දරුවන් හැදි වැඩෙන ආකාරයෙන් එය පැහැදිලි වේ. ඔවුන් ඔවුන්ගේ පියාගේ හා මාමාගේ පරණ ඇදුම් ආයිත්තම් වලින් සැරසි සිටිනු නිතර දැකිය හැකිය.

ඔවුන් අදින ඇදුම් ඔවුන්ට මිලදී ගත හැකි මට්ටමේ ඇදුම් වලට වඩා මිලෙන් අඩු බව මගේ බිරිද මට කිව්වා. රාජකීය දරුවන් මෝස්තර නිර්මාණ ශිල්පින්ගේ තේරීම් මගින් නරක් කර නොමැත.

නමුත් දෙමාපියන්ගේ නියම පරීක්ෂණය පැමිණෙන්නේ දරුවා උද්වේගකාරී ලෙස හැසිරෙන්නට වු විටය. රාජකීය හෝ නොවන සියලුම දරුවන් දවස අවසානයේ දරුවන්ම වෙනවා. ඔවුන් සංචාරය කිරීම නිසා වෙහෙස, කුසගින්න, කෝපයට පත්වෙනවා. අපි සැමටත් එසේ වෙනවා. නමුත් අපේ දරුවාගේ උද්වේගකාරී හැසිරීම ඡායාරූප ගත කිරීමට පිරිසක් අප වටා නැහැ.

සිද්ධිය

වාර්තා වලට අනුව, පසුගිය මාසයේ මේ පවුල ජර්මනියේ හා පෝලන්තයේ රාජකාරි සංචාරයක නිරත වුනා. මෙම සංචාරය අවසානයේදී මෙම පවුල ජර්මනියේ හම්බර්ග් ගුවන් තොටුපොළෙන් හෙලිකොප්ටරයකට ගොඩ වීමට නියමිතව තිබුනා.

www.instagram.com/p/BW0RN8pFLFB/

ඇය වෙහෙසට පත්ව සිටියා විය හැක. නැතිනම් ඇයට ඒ සදහා හැගීමක් නැතිවුවාද විය හැක. චාලට් කුමරියට හෙලිකොප්ටරයට නැගීමේ අදහසක් තිබුනේ නැහැ.

කුමක් හෝ හේතුවක් නිසා ඇය මාර්ගය මත නතර වී කෝපයෙන් පොළවේ අඩි ගසමින් හෙලිකොප්ටරයට නැගීම ප්‍රතික්ෂේප කලා. නමුත් තම අදහස ඉටු නොවන බව දුටු ඇය එතැනම උද්වේගකාරී ලෙස හැසිරෙන්නට තීරණය කලා.

එය සිදුවුනේ විනාඩියකට අඩු කාලයක්,  එය ඡායාරූප ගතවෙන්නත් වැඩි වේලාවක් ගියේ නැහැ. නමුත් මෙම මවගේ ආකල්ප, මෙය අපහසුතාවය දැනුන අවස්ථාවක් වන්නට ඇත. නමුත් ඇය අප සියල්ලන්ටම  කදිම පාඩමක් කියා දුන්නා.

කේට් මිඩ්ල්ටන් දරුවන් හසුරුවන ආකාරය

මම පැවසු ලෙස, දරුවන් රාජකාරි වුනත් ඔවුන්ගේ පෞරුෂත්වය මදක් පෙන්වීමට උත්සහ දරනවා. ඇත්තෙන්ම ඔවුන් යමක් නොකල යුත්තේ ඇයි යන්න තේරුම් ගන්න තරම් දරුවන් වයසින් වැඩෙන තුරු යහපත් චර්‍යාවන් ක්‍රියාත්මක  කල නොහැකි අතර එය නොකල යුතුද වෙනවා.

මෙම ආදිපාදවරිය භාවිතා කල සුවිශේෂී ක්‍රමය නම් හැකිතාක් සාමාන්‍ය විදියට හැසිරීමයි. තමන්ගේ පොදු ජීවිතය දෙස බොහෝ ඇස් යොමු වී  ඇති අයෙකුට මෙය අසීරු කාර්යයක් වෙනවා. තමන්ගේ වටා ඇති කැමරා ඉදිරියේ ආරක්ෂාකාරිව හැසිරෙන්න රාජකීයත්වය ඔවුන්ට උරුම කරලා තියෙනවා.  මේ අම්මා හැසිරුනේ මෙහෙමයි.

ඇය දරුවන් සංසුන් කිරීමට පිලිගත් තාක්ෂණයක් භාවිතා කලා.

• තරහා ගන්නවා වෙනුවට කුමරියගේ අවධානය වෙනතකට හැරවීම සදහා කථා කරන්න පටන් ගත්තා.

• ඇය දනින් වැටී නොඉවසිලිමත් කුමරියගේ මට්ටමට පැමිණියා.

• ඇය ඉක්මන් වුනේ නැහැ. ඒ වෙනුවට ඇය කුමරිය හා කථා කරමින් සැමියාගේද උදව් ඇතිව ඇයගේ හිත වෙනස්කර ඇයව හෙලිකොප්ටරය වෙත ගෙන ගියා.

උද්වේගකාරී හැසිරිමේ ස්වභාවය 

ළදරුවන් ඔබ යන එන ඕන තැනක උද්වේගකාරී ලෙස හැසිරෙන්න පුලුවන්. මේ වේලාවේ ඔබට කල හැකි හොදම දෙය ව්‍යාකූලත්වය නොපෙන්වීමයි. දරුවන්ට දෙමාපියන්ගේ කෝපය හදුනාගන්න පුලුවන්.

ඉතා කුඩා දරුවන් පවා ඔවුන්ට විශ්වාස නැති කෙනෙක් අතට ගත්විට අඩන්න පටන් ගන්නවා. ඒක හැගීමකින් තොරව වන්නක්, පුංචි දරුවාට අඩු විශ්වාසයකින් තමන්ව අතට ගන්නා පුද්ගලයා තමාව බිමට වට්ටවන්න හැකි බව හැගෙනවා. එමනිසා කවුරුත් හෝ විශ්වාසවන්තයෙකු අතට ගන්නා තුරු ඇය අඩනවා.

මේ සමානවම ව්‍යාකූලත්වයට පත් වුවෙක් ඉදිරියේ ළදරුවනගේ උද්වේගකාරී හැසිරීම නවතින්නේ නැහැ. කේම්බ්‍රිජ් ආදිපාදවරියගේ ක්‍රමයට උද්වේගකාරීත්වය හැසිරවීමට ඔබට කලහැකි දේවල් තුනක් මෙන්න,

• ව්‍යාකූලත්වයට ඉදිරියේ සංසුන් වෙන්න. ඔබේ සංසුන් කම ඔබ අවට සිටින පිරිස මෙන්ම ළදරුවාද සංසුන් බවට පත්කරනවා. 

• දරුවාගේ ඇස් මට්ටමට පහත් වෙන්න.

• සාමාන්‍ය මෘදු ස්වරයකින් කථා කර දරුවාගේ අවධානය වෙනස් කරන්න උත්සහ කරන්න.

උද්වේගකාරීත්වය අවසන් වු විට දරුවාට කෙටි කෑමක් හෝ කෙටි නින්දක් ලබා දෙන්න. එවිට ඔහුගේ සිතුවිලි යථා තත්වයට පත්වේ.

රජ මැදුරේ ඉපදුනත් දුගී පැලෙත් ඉපදුනත් දරුවා උද්වේගකාරී ලෙස තම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න පැකිලෙන්නේ නැහැ. theAsianparent Sri Lanka විසින් රජ පවුලෙන් ලැබුන මේ අපුරු ආදර්ශය ඔබ වෙත ගෙන ආවේ ඔබේ උද්වේගකාරී දරුවා හා ඔබට කටයුතු කිරීමට පහසුවෙනු පිණිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ළදරුවන්ගේ උද්වේගකාරී හැසිරම දමනය කිරීමට කේට් මිඩල්ටන්ගෙන් අපූරු පාඩමක්
බෙදාගන්න :
  • කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

    කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

    කේට් මිඩ්ල්ටන් විසින් ඇගේ දරුවන්ට අලුත් ඇඳුම් නොගැනීමට හේතු 5ක්

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it