theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

3 අවම කියවීම
බෙදාගන්න :
•••
ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

මේ මොනවද කියා දැනගන්න මෙම ලිපිය දැන් කියවන්න

ඔබේ දරුවා නැතිනම් ඔහුගේ සමහර මිතුරන්ට කොයිවෙලෙත් විවිධ ලෙඩ රෝග හැදෙනවා වෙන්න පුළුවන්. නැතිනම් හුඟක් වෙලාවට විවිධ අවස්ථාවන් උත්සව වලට යන්න සුදානම් වෙලා ඉන්නකොට එක පාරටම ලෙඩ වෙනවා. ඉතින් අනෙක් අම්මලාත් ඒකට බය වෙනවා. මොකද බෝවෙන ලෙඩ රෝග වලින් දරුවන් ආරක්ෂා කරගන්න තමයි හැම දෙමාපියෙකුම උත්සාහ කරන්නේ. ඉතින් මෙහෙම නිතර ලෙඩ වෙන්න හේතු තියෙනවා. ඔවුන්ගේ නිරෝගී බවට එය බලපෑමක් වෙනවා. දරුවා නීරෝගීව තබාගන්නේ කොහොමද?

ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

1. ප්‍රමාණවත් නින්දක්

ළදරුවන් හා පෙරපාසල් වියේ දරුවන්ට අවම වශයෙන් කෙටි නින්දක් දහවල් ඇතුළුව පැය 10-12 දක්වා නින්දක් අවශ්‍යයි. ප්‍රාථමික අවධියේ දරුවන්ට නම් පැය 8-10 දක්වා ලැබීම වැදගත්. ඒ වගේම එය දිගටම සිදුවීමත් හරිම වැදගත්.

2. ආහාර රටාව

දරුවන්ට පෝෂණීය ආහාර වේලකට නම් ප්‍රෝටීන් අඩංගු ආහාර අවශ්‍යයි. නැවුම් පලතුරු, එළවළු, කාබෝහයිඩ්රේට් ධාන්‍ය වගේම ආහාර වලින් ලබාගන්න තෙල් වැනි දේවල් ආහාර රටාවට සමබර ලෙස යොදාගැනීම වැදගත්. නමුත් ඉඳහිට දරුවන්ට පැණි රස කෑම වගේම වෙළඳපළේ ඇති අනෙකුත් කෑම දුන්නට වරදක් නැහැ. මෙය හදිස්සියකදී ඔබට ඔවුන්ට, වෙනසකට අවස්ථාවක් ලබාදෙන්න පුළුවන්.

දරුවන්ගේ ආහාර

දරුවා නීරෝගීව තබාගන්නේ කොහොමද? 

3. නිවසින් පිටතට යන්න

නිතරම නිවාස තුළ නැතිනම් පරිගණකය, රූපවාහිනිය ඉදිරියේ කාලය ගෙවන්න දරුවන්ට ඉඩදෙන්න. එය ඔවුන්ට නැවුම් හිරුඑළිය වාතය ලබාගන්න ඉඩ අවස්ථාව සලසා දෙන්න. සමහර විට කාලගුණික වෙනස්කම් තිබුනත් ඒවාට පුරුදු වෙන්න ඔවුන් ඔවුන්ට ඉඩ හරින්න. ඔන්චිල්ලාවක් වගේ එළිමහනේ සෙල්ලම් කළ හැකි සෙල්ලම් බඩු ඔවුන්ට ලබා දෙන්න. හැදෙන දරුවන්ට හිරු එළියෙන් විටමින් D වගේම හොඳ වාතාශ්‍රයක්, ව්‍යායාමයත් මේ නිසා ආයාසයකින් තොරවම ලැබෙනවා.

4. කුණු ගාගන්න ඉඩක් දෙන්න

දරුවන් මඩ, කුණු ගාගත්තහම කලබල වෙන්න එපා. ඒ වගේම සබන් දමා නිතරම දෑත් සෝදමින් ඔවුන් පසුපසම යන්න එපා. අපේ ශරීරයේ ස්වභාවයෙන්ම විෂබීජ හා බැක්ටීරියාවන් සමග සටන් කළ හැකි ලෙස සුදානම්ව තියෙනවා. ඒ නිසා විෂබීජ හා බැක්ටීරියා සමග සටන් කරන්න ඔවුන්ට ශක්තිය ස්වාභාවිකවම ලැබෙනවා. කිසි විටෙකත් දරුවෙක් කුණු කෑල්ලක් කටේ දමාගත් පමණින් හෝ සුරතලෙකු සමග සෙල්ලම් කළ පමණින් මරණ ළඟා වූ දරුවන් ගැන අපට වාර්තාවන්නේ නැහැ.

ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

5. දෑත් සේදීම

කෑමට පෙර සෙල්ලම් කිරීමෙන් පසු නැතිනම් පොදු ස්ථාන වලට ගිය පසු , වැසිකිලියට ගිය පසු දෑත් සේදීමට දරුවා පුරුදු කිරීම ඉතා වැදගත්.

6. මේවා බෙදාගන්න එපා කියන්න

එකම හැන්ද, වතුර බෝතලය, කෝප්පය වගේ දේවල් යහළුවන් සමග එකට පාවිච්චි නොකරන ලෙස දරුවාට අවවාද කරන්න.

7. කොණ්ඩයට පළඳින ආයිත්තම් බෙදාගන්න එපා

හිසේ උකුණන් ඇතිවිට බෝවිය හැක්කේ මෙවැනි ආයිත්තම් මගිනුයි. ඉන් ප්‍රවේසම් වීම වැදගත්.

8. ප්‍රතිශක්තිකරණ එන්නත්

දරුවන්ට නියම දින වකවානු වලදී එන්නත් ලබාදීම වැදගත්.

9. අමතර විටමින්

දරුවන්ට මල්ටි විටමින් වර්ගයක් දිනපතා ලබාදීම ඔවුන්ගේ වර්ධනයට වැදගත්.

හැමදේටම බෙහෙත් දෙන්න එපා. පුංචි කැස්සක් හෙම්බිරිස්සාවක් දින දෙකක් යනතුරු සුව අතට හැරේදැයි බලන්න. නැතිනම් බෙහෙත් ලබාදීම සුදුසුයි.

10. නිවසට හොඳ වාතාශ්‍රය ලබාගන්න

ජනෙල් දොරවල් විවෘත කර තැබීමෙන් නිවසට දිනපතා හොඳ අලුත් වාතාශ්‍රය ලැබෙනවා. ගෘහස්ත පැළ වර්ග නිවාස තුළ දහවල් කාලය තුළ තැබීම නිසාත් නිවාස තුළට හොඳ වාතාශ්‍රයක් ලබාගන්න පුළුවන්.

11. සැහැල්ලුවෙන් ඉන්න දෙන්න

දරුවන්ට දරුවන් ලෙස හැසිරෙන්නත් නිතරම හැමදේම තහංචි දැමීමත් ඔවුන්ගේ වර්ධනයට එතරම් සුදුසු නැහැ.

හැමදේම පිළිබඳ සීමාවක් ඇතිව ක්‍රියා කිරීම දරුවන්ගේ වර්ධනයට හිතකර වගේම ඔවුන්ව සතුටින් තබනවා. theAsianparent Sri Lanka මේ අදහස් ගෙන ආවේ ඒ වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?

    මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?

  • නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

    නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

single
  • මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?

    මේ සුප්‍රසිද්ධ ආහාර පිළිකාකාරක විය හැකි බව ඔබ දන්නවාද?

  • නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

    නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor