theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

3 අවම කියවීම
මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

යෞවනයේ දොරකඩ ඉන්න පුංචි දූගේ මල්වර දිනයට ලොකු සාදයක් ගන්නවාට වඩා දෙමාපියන්ට කළහැකි හුඟක් දේවල් තියෙනවා.

යෞවනයේ දොරකඩ ඉන්න පුංචි දූගේ මල්වර දිනය ට ලොකු සාදයක් ගන්නවාට වඩා දෙමාපියන්ට කළහැකි හුඟක් දේවල් තියෙනවා.

අපේ සම්ප්‍රදායට පිටින් යන්නට අපි ඔබට කියන්නේ නැහැ. නමුත් එය යථාර්තයට ඔබින ලෙස මුහුණ දෙන්නට පුළුවන් යැයි අපි හිතනවා.

දැරියකගේ මල්වර දිනය  මංගල්‍යක් ලෙස සැමරීම ලංකාවේ චාරිත්‍රයක් ලෙස නිදන්ගත වුනත් එහි යථාර්තය දුවට තේරුම් කරල දීම ඊට වඩා වැදගත් යැයි අපි හිතනවා.

මල්වර දිනය: දියණිය දැන් ටිකක් ලොකු වෙලා

පුංචි දියණියගේ ශරීරයේ පුංචි පුංචි වෙනස්කම් වෙනකොට අපේ සමහර අය අම්මලාට කියන්නේ දැන් උත්සවයක් ළඟයි කියලයි. එතනදීම අපි සමාජයක් ලෙස ගැහැණිය දිහා බලන හැටි වෙනස් විය යුතු බව ඔබට තීරණය කරන්න පුළුවන්. මල්වර වීමේ විද්‍යාත්මක පැත්ත ඔබ දූට කියා දුන්නද?

මල්වර දිනය: ජිවිතේ පළමු ඔසප් වීම

දියණියකගේ ජිවිතයේ පළමු ඔසප් වීම මංගල්‍යක් ලෙස සැමරිය යුතුද? නැතිනම් එය ඊට වඩා වැදගත්ද? හුඟක් වෙලාවට පුංචි දුව ඇයට මොනවද වෙලා තියෙන්නේ කියලවත් දන්නේ නැතිව අසරණ වෙනවා. ගෙදර අය මහ ලොකු සාදයකට ලෑස්ති වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබ දෙමාපියන් ලෙස දියණියකට කියා දිය යුත්තේ මොනවද?

  • මෙය ඕනෑම ගැහැණු දරුවෙකුට සිදුවෙන ඉතාම සාමාන්‍ය දෙයක් බව ඇයට මුලින්ම වටහා දෙන්න.
  • කාන්තාවක් මවක් වීමට මෙම ක්‍රියාවලිය ශරීරය තුළම ස්වභාවිකව සිදුවන නිසා ඇය දැන් ප්‍රවේසම් විය යුතු බව ඇගේ වයස අනුව ඉතා සරලව කියාදෙන්න.
  • වෙනත් නොදන්නා අයගෙන් ඇය ප්‍රවේසම් විය යුතු ආකාරය කියා දෙන්න.
  • ඔසප් චක්‍රය ගැන කියා දෙන්න.
  • ඒ දින වලට ඇය පිරිසිදුව සිටිය යුතු පිළිවෙත් ගැන දැනුවත් වෙන්න.
  • ඇය හොඳ පෝෂණීය ආහාර වේලක් ලබාගත යුතු බව කියා දෙන්න.

මල්වර දිනය: මේ ගැන රටටම ඇසෙන්න බෙර ගැසිය යුතුද?

  • අපට සම්ප්‍රදායෙන් ලැබුණු චාරිත්‍ර දෙමාපියන් ලෙස දූට ඉටු කිරීමේ කිසිදු වරදක් නැහැ.
  • නමුත් ඒ ගැන ලෝකයම දැනගත යුතු නැති බව ඔබ අවබෝධ කරගන්න.
  • තම දියණියට පළමු ඔසප් වීම සිදුවීම මධුවිත පානය කරමින් සැමරිය යුතු අවස්ථාවක් නොවන බව වටහා ගන්න. ඥාතීන්ටත් ඒ ගැන අවබෝධ කර දෙන්න.
  • ඇයට තෑගි බෝග දීම වගේම ඇය දැන් වෙනදාටත් වඩා වටිනා පුංචි දෝනිය බව හඟවන්න. දැන් ඇය ලොකු ළමයෙක් බව කියා ඔබේ උණුසුමෙන් ඇයව ඈත්කරන්න එපා.
  • වෙනදා වගේම තාත්තා ළඟ අයියා ළඟ නිදහසේ ඇයට දුව පැන නටන්න ඉඩ දෙන්න.
  • ලෝකය මේ බව දැනගත යුතු කාරණයක් නොවුනත් ඔබේ වගකීම් ගැන ගැඹුරින් සිතන්න.
  • ඔබේ වගකීම ලෝකයටම ඇසෙන්නට රටම රැස්වී සාදයක් ගැනීම නොව තම දියණියගේ ආරක්ෂාව ගැන වගකීම් ගැන පෙරට වඩා සිතීම බව සිතන්න.

සම්ප්‍රදායට ගරු කරමින් එය යථාර්තයට අනුව ගලපා ගන්න පුළුවන් නම් දෙමාපියන් ලෙස ඔබට ඔබේ දියණියට ජීවිතය පිළිබඳ වටිනා පාඩම් රැසක් කියා දෙන්න පුළුවන්. 

එසේ කරන ඔබ ඔබේ දියණියට

  • ජීවිතයේ සැබෑ යථාර්තය කියා දෙනවා.
  • ඇය තම යෞවනත්වය හොඳින් වටහා ගන්නවා.
  • ඇගේ ආරක්ෂාව ගැන දැනුවත් වෙනවා.
  • සමහර දරුවන්ට මෙවැනි උත්සව ලැජ්ජාවක් වන්නට පුළුවන් නිසා ඇගේ ආත්ම විශ්වාසය අඩු කිරීම වැළකෙනවා.
  • ඇයට ඇති අභියෝග හා කඩයිම් ගැන ඇය මනා අවබෝධයක් ලබා ගන්නවා.
  • යෞවනියක වුනත් ඔබත් ඇයත් අතර ඇති බැඳීම ශක්තිමත් වෙනවා.

ඇගේ ලෝකය මල්බර කරන්න අලුතෙන් හිතන්න. theAsianparent Sri Lanka ලෝකය ගැන අරුත්බරව දකින නිසාම මේ පණිවිඩය ඔබට කියන්නට සිතුවා.  

(Featured image credit: Transitional Justice in Sri Lanka)

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • වර්ධනය
  • /
  • මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.
බෙදාගන්න :
  • දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

    දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

    මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

  • දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

    දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

    මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it