theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?

3 අවම කියවීම
නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?

නිවාඩු දවස් වලට සැමියා නිවසේ  රඳවා ගන්න ටිකක් අමාරුයි. මොකද්ද අපිටකරන්න පුලුවන්?

නිවාඩු දවස් වලට සැමියා නිවසේ  රඳවා ගන්න ටිකක් අමාරුයි. යාළුවො හම්බ වෙන්න යන්න,  විවිධ අවශ්‍යතාවයන්ට  හේතු හදාගෙන ඔවුන් නිවසෙන් පිටට යන්න බලනවා. ඒකට හේතුව වන්නේ පුරුෂයන්  ස්වභාවයෙන් ම  එක තැනක රැඳී සිටින්න ආසයි නැහැ.  ඒගොල්ලෝ නිවසේ බිත්ති හතරට කොටු නොවී එම  පරිසරයෙන් ඉවත් වෙලා ඈතට ගිහිල්ලා විවිධ අත්දැකීම් ලබන්න කැමතියි.

මෙන්න මේ කාරණාව ඔබගේ සැමියා තුළ පමණක් නොව ඔබගේ පුංචි පුතා දිහා විමසිල්ලෙන් බැලූ විට  ඔබට  දකින්න ලැබෙනවා.  ඔහු කැමති නිවසින් පිටට ගිහිල්ලා සෙල්ලම් කරන්න. විවිධ ක්‍රියාවල යෙදෙන්න.

තාත්තාට උයන්න පුළුවන් කෑම

එහෙත් ඔබේ  තත්ත්වය මීට හාත්පසින්ම  වෙනස්, ඔබට සතියක් වැඩි කරලා හරිම වෙහෙසයි. ඔබ නිවාඩු දවසක් එනකම් බලා සිටින්නේ දරුවෝ එක්ක රැඳෙන්න. විවේකයක් ගන්න.

මොකද්ද අපිටකරන්න පුලුවන්?

ඔබ සැමියා සමග නිවසින් පිටට යා යුතුයි. එහෙම නැතිනම් නැති නම් ඔහුව නිවසේ රඳවා ගත යුතුයි.

සැමියාව ගෙදර රදවාගන්න පුලුවන් ආදරණීය ක්‍රියාකාරකම් කිහිපයක් මෙන්න.

1. නිවාඩු දවස් වල ඔහුට ඇති තරම් නිදාගන්න දෙන්න

පිරිමි අය නිදා ගන්න කැමතියි. විශේෂයෙන් බර වැඩ කරන නිසා  ඔවුන්ගේ ශරීරය විවේකයක් ඉල්ලනවා.ස්වභාවයෙන්ම නිදාගන්න කැමතියි .

කොතරම් නිවසෙන් එලියට යන්න රාත්‍රියේ සැලසුම් හැදුවත් නිදා ගන්න අවස්ථාවක් ලැබුනොත් එහි උපරිම ප්‍රයෝජන ගන්න ඔහු පසුබට වෙන්නේ නැහැ . ඔබට කරන්න තිබෙන්නේ ඉතාම සුළු දෙයක්, ඔවුන්ට බාධා වන දරුවන්ගේ කෑකෝ ගැසීම් වලින් තොර වූ පරිසරයක ඔවුන්ට  නිදා ගන්න අවස්ථාව ලබා දෙන්න.

නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?

2. රසවත් ඔහු කැමති පානයක් නිතර ලබා දෙන්න

එය කොලකැද කෝප්පයක් , කිරි තේ, ප්ලේන් ටී , ඉගුරු තේ හෝ පලතුරු යුෂ වෙන්න පුලුවන්. ඔහු කැමතිම පානය නිතර බීමට සකස් කර දීමෙන් නිවසේ පරිසරය ඔහුට සුවපහසුව දනවනවා.

නිවසේ සිටියොත් නිතර ඔහුගේ ප්‍රියතම පානය ලැබෙන බව දන්න නිසා ඔහු නිවසේ රැදෙන්න බලනවා.

3. රසවත් කෑම වේලක් පිලියෙල කර දෙන්න.

නිවාඩු දවස් වලට ඔහු කැමති කෑම සමග විශේෂ කෑම වේලක් පිලියෙල කරන්න පුරුදු වෙන්න. හවසට ඔහු කැමතිම රසකැවිල්ලක් පිලියෙල කරන්න.

ඔබ මේ දේවල් කරන්නේ ඔහු වෙනුවෙන්ම යන්න වටහා ගැනීම තුලින් ඔහු ප්‍රීතියට පත්වෙනවා මෙන්ම නිවසේ රැදි සිටින්න උත්සහ කරනවා.

නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?

4. දරුවන් සමග ආදරණීය කාලයක් ගත කිරීමට ඔහුට අවස්ථාව දෙන්න.

කවුරු කොහොම ඔහුගේ ජීවිතයේ හිටියත් දරුවෝ තමයි ඔහුගේ ජීවිතයේ වැදගත්ම  දේ වෙන්නේ, ඒක නිසා දරුවන්ගේ පුංචි සුරතල් වැඩ නරඹන්න දරුවොත් එක්ක සෙල්ලම් කරන්න අවස්ථාවක් ඔහුට ලබා දෙන්න.

රාජකාරි කටයුතු කටයුතු වලින් බොහෝම හෙම්බත් වෙලා සිටින ඔහුට දරුවන් සමඟ වැඩ කටයුතු කිරීමෙන් විනෝදයක් මෙන්ම සතුටක්ද ලබන්න පුළුවන්. එම නිසා දරුවන්  සමග දවස ගත කිරීමට ආශාවක් ඔහු තුළ ඇති වෙනවා. ඔව් එය අනිවාර්යයෙන්ම ඔහුව නිවසේ රදවාගන්න උදව් කරාවි.

5. ඔබේ පුංචි පුංචි රාජකාරි වලට ඔහුව හවුල් කර ගන්න.

ඔබේ දවසේ තියෙන පුංචි රාජකාරි වැඩ කරන්න ඔහුව හවුල් කරගන්න. ඔබ මුලුතැන්ගෙය වැඩ කරන විට මුලුතැන් ගෙට එන  ඔහුට පුංචි පුංචි රාජකාරි පවරන්න. ඔහු වේවි ඔබේ ලගින් ගැවසෙන්න ඔහුත් කැමති වේවි.

එම නිසා අන්න ඒ වගේ පුංචි පුංචි අවස්ථා ලබා ගන්න ඔහුට නිවසේ ඉන්න හිතනවා.

6.ඔහු නොදන්න ඔබ දන්න දේවල් ඔහුටත් කියන්න.

ඔබ ළඟ තියෙන පුංචි පුංචි ආරංචි දැනගන්න ඔහු හරි කැමතියි.ඔහුට ලෝකයේ,පවුලේ, ඥාතීන්ගේ,අලුත් තොරතුරු රාජකාරි කටයුතු එක්ක  දැනගන්න ලැබෙනවා අඩුයි. එම නිසා ඔබේ මේ වගේ පුංචි පුංචි ආරංචි වලට ඇහුම්කන් දෙන්න ඔහු ඔබ අසලින්ම ගැවසේවි.

7.ඔහු කැමති රූපවාහිනි වැඩසටහන් බැලීමට ඉඩදෙන්න.

ඔහු කැමති ක්‍රීඩා වැඩසටහන් බොහෝ විට ක්‍රිකට් තරගයක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ක්‍රීඩා තරගයක් වෙන්න පුළුවන්,එහෙමත් නැත්නම් චිත්‍රපටියක් වෙන්න පුළුවන් ඔහුට ඔහු කැමතිම වැඩසටහන් නිදහසේ නැරඹීමට ඉඩ ලැබීම මඟින් නිවස තුළ ඇති නිදහස පිළිබඳ අවබෝධයක් ඔහුට ඇති වෙනවා. එම නිසා ඔහු එම නිදහස ලබා ගැනීමේ අරමුණින් නිවසේ රැඳී සිටින්න උත්සාහ කරනවා .

කොයි කොහොම වුණත් සැමියන් නිවසේ  රඳවා ගන්න අපි කොයි කවුරුත් කැමතියි. ඉතින් මෙන්න මේ වගේ පුංචි ඉඟි උත්සහ කරලා බලන්න. ඔබ ළඟත් මේ වගේ ක්‍රම තියෙනවද? එහෙම නම් පහලින් සටහනක් යොදා අපත් සමග ඒවා බෙදාගන්න .

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?
බෙදාගන්න :
  • සැමියා සමග චරිත හතක්

    සැමියා සමග චරිත හතක්

  • විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?

    විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?

  • සැමියා සමග චරිත හතක්

    සැමියා සමග චරිත හතක්

  • විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?

    විවාහය තුළ අසතුටින් සිටිනා සහකරුවෙකු දනින් නොවැටී රඳවාගන්නේ කෙසේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it