මුළුතැන් ගෙයි භාජන පිරිසිදුව තියා ගන්නේ මෙහෙමයි

මුළුතැන් ගෙයි භාජන පිරිසිදුව තියා ගන්නේ මෙහෙමයි

දැන් දැලි ඉදුල් ‌තෙල් එක්ක ඔරවන් ඉන්න‌ේ නැතුව ‌මේ ක්‍රමයත් උත්සහා කරලා බලමු.

කුස්සියේ භාජන පිරිසිදුව ලස්සනට තියාගන අයුරු අද ඔබට කියා ‌දෙන්න‌ේ අනූූූූෂා ජීවනී මහත්මියයි. ඒ ගැන ඇය කියන වටිනා අදහස් ටිකක් ‌‌මෙන්න. 

කුස්සියේ භාජන මෙ විදියට තියගන්න මම යාලුවෝ දෙන්නෙකුගෙන් උදව් ගත්තා. ඒ කව්ද දන්නවද බේකින් සෝඩා & විනාකිරි . ‌

මේ දෙන්නා තමයි මගෙ අඹ යාලුවෝ දෙන්නා. මෙයාලගෙන් මම ගොඩාක් වැඩ ගන්නවා. ඒ දෙන්නට මාව එපා වෙන තරමට මම වැඩ ගන්නවා.

මුළුතැන් ගෙයි භාජන

කුස්සියේ භාජන පිරිසිදු කරමු

Non Stick බාජන වල ඇතුලෙ නම් අපිරිසුදු වෙන්නෙ නෑ නමු පිට පැත්ත දුඹුරැ පාට වෙනවා නේද?

එහෙනම් ඒක ලේසියෙන්ම යන ක්‍රමයක් මම කියන්නම්. පෑන් එක පිට පැත්ත හරවලා දුඹුරැ පාට වෙලා තියෙන තැන් වලට බේකින් සෝඩා ටිකක් දාලා ඉට උඩින් විනාකිරි ටිකක් දාන්න.

ගොඩාක් පාට වෙලා නම් විනාඩි 5 ක් ව් පෙඟෙන්න තියලා කම්බි දැලක් පාවිච්චි කරලා මදින්න.

කම්බි දැලකිිිින් භාජනයේ යට පැත්ත මැද්දා කියලා මොකුත් වෙන්නෙ නැහැ.

සෙරමික් බාජනයට වල කහට බැඳිලා තියනවා නම් ඒවටත් බේකින් සෝඩා විනාකිරි දාලා නෝමල් ස්පොන්ච් එකකින් හෙමින් මදින්න.

Image result for images appa soda

භාජනය ඇතු‌ලේ කහට තියනවානම් ඇතුලත් එහෙම කරන්න. බේකින් සෝඩා විනාකිරි වලට බැඳිලා තියෙන කහට බුරැල් වෙනවා.

Stainless Steel භාජනත් අනිත් භාජන වගේම බේකින් සෝඩා විනාකිරි දාලා ස්පොන්ච් එකකින් මදින්න.

භාජන වල ගොඩාක් කහට බැඳිලා නම් ටිකක් මහන්සි වෙන්න වෙයි.

පොඩි දෙයක් කියන්න කැමතියි. මම මෙච්චර ලස්සනට බාජන තියගන්න තව හේතුවක් තියනවා. ඒ තමයි මම බාජන හෝදලා ඒ වෙලෙම පිරිසිදු කිචන් ටවල් එකකින් පිහදානවා.  මෙච්චර ලස්සනට තියෙන්නෙ එහෙම කරන නිසයි. නැත්නම් බාජන ටික හෝදලා වතුර බේරෙන්න තියනවා එතකොට වතුර ටික එහෙමම වේලිලා සුදුපාට පිපිලා වගෙ වෙනවා.  හැමදාම මදින්න අවශ්‍ය නැහැ. ගොඩාක් අවපැහැ වෙනවා ව් නම් සතියකට සැරයක් මැදලා පිරිසිදු කරන්න. බේකින් සෝඩා අඩු මුදලට ගන්න පුළුවන්. හරිම ප්‍රතිඵලදායකයි ‌නේද? දැන් දැලි ඉදුල් ‌තෙල් එක්ක ඔරවන් ඉන්න‌ේ නැතුව උත්සහා කරලා බලමු.

මුළුතැන් ගෙයි භාජන පිරිසිදුව තියා ගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් බොහෝ කාරණා බලාපොරොත්තු වෙමු