theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

4 අවම කියවීම
මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

කීටෝ ඩයට් කියන්නේ ‌මොනවාද? ඒවා හැමෝටම සුදුසුද? ‌මෙන්න ඔබ දැන ගත යුතු සියල්ල.

ශ්‍රී ලාංකික අපි කැලරි ලබාගන්න ප්‍රධාන ආකාරය කාබෝහයිඩ්‍රෙට් නේද? ඔන්න එහෙනම් අපි අද කියන්න සුදානම් වෙන්නේ අපිට චුට්ටක් විතර වෙනස් ආකාරයේ ආහාර ක්‍රමයක් ගැනයි. කීටෝ ඩයට් (Keto Diet) ගැන ඔබ අහලා තියෙනවාද?

කීටෝ ඩයට් යනු කුමක්ද?මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

ඉස්සර අපිම කරගත් වැඩ කටයුතු බොහොමයක් අද යන්ත්‍ර සුත්‍ර කරද්දි එකතැන පුටු රත් කරන අපි තරබාරු විම, කුස ඉදිරියට නෙරා ඒම, පාරම්පරික නොවන දියවැඩියාව ගැන වද වෙනවා නේද? දශක ගණනාවක් තිස්සේ විවිධ ක්‍රම වලින් මේවා මට්ටු කරන්න ගිහින් අපිම මට්ටු වෙලා නේද?

ආහාර පාලනය, ව්‍යායාම කිරීම, ආහාර සැලසුම් වගේ දාහකුත් ඒවා කරන අතර මේ කීටෝ ඩයට් එකකට මාරු වෙලා බලමුද?

මෙම ඩයට් එකෙන් කරන්නේ කාබෝහයිඩ්රේට් කන ආහාර වලින් සෑහෙන ප්‍රමාණයක් අඩු කිරීමයි.

එවිට ඔබේ ශරීරය ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස භාවිතා කරන්නේ කාබෝහයිඩ්රේට් නොවන අතර ඒ සදහා මේදය දහනය කරනු ලබයි. එවිට ඔබේ ශරීරය කෙටෝසිස් (ketosis) නැමති තත්වයට පත් වී ඔබේ බර සීඝ්‍රයෙන් අඩු වේ.

මෙහිදි සිදුවන්නේ ඔබ වැඩිපුරම මේදය හා ප්‍රෝටීන්, හා කාබෝහයිඩ්‍රේට් ස්වල්පයක් පමණක් අනුභව කිරීමයි. සාමාන්‍ය කීටෝ ආහාර වේලක මේද 75%, ප්‍රෝටීන් 20% සහ කාබන් 5% ක් අඩංගු වෙනවා.

සාමාන්‍ය කීටෝ ආහාර වේලක අඩංගු වෙන ආහාර

මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

  • මස්
  • බිත්තර
  • සම්පූර්ණ මේද සහිත කිරි
  • පලා වර්ග සහ පිෂ්ඨය අඩංගු නොවන එළවළු
  • ඇට වර්ග
  • අලිගැට පේර
  • ඔලිව් තෙල්
  • බෙරි ස්වල්ප ප්‍රමාණයක්

ඔබ කීටෝ ඩයට් එකක් ගන්නා විට කාබෝහයිඩ්‍රෙට් වෙනුවට මේදය දහනයට යොදා ගන්නා අතර එහිදි අනවශ්‍ය තරබාරුව වළක්වා ගත හැක.

ඒ වගේම කිටෝ ඩයට් ගන්නා විට සිරුරේ සිනී නියාමනය කරන ඉන්සියුලින් ඒ සදහා සංවේදි වෙන බැවිනි දෙවැනි වර්ගයේ දියවැඩියාව පාලනයට මෙය සුදුසු බව හෙලි වී තියෙනවා. 

කීටෝ ආහාර ලබා ගැනීම ආරම්භයේදි ඔබේ බර අඩුවෙනවා. මෙසේ වන්නේ මෙම ආහාර ජලය රදවා ගැනීම අඩු නිසා ජල බර අඩු වීමෙනි.

කීටෝ ආහාර වේලක අතුරු ආබාධ 

මෙම ආහාර වේලක් ගන්නා විට ඔබට පහත සදහන් අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්.

  • කට ගඳ ගැසීම 
  • මලබද්ධය
  • හිසරදය
  • ඔක්කාරය
  • වමනය
  • නිදාගැනීමේ ගැටළු

කීටෝ ඩයට් එකක් හිතුමතේ ගන්න බැහැ.

  • ඔබ කීටෝ ආහාර වේලකට යොමුවීමට පෙර දියවැඩියා රෝගය සදහා ගන්නා ඖෂධ එයට ගැලපෙන පරිදි සකස් කරගැනීමට ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුය.
  • සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු කීටෝ ආහාර ලබා ගැනීම අවශ්‍ය නැති නමුත් ඔවුන්ගේ ආහාර වේලෙහි කාබේහයිඩ්‍රෙට් අඩු කිරීම කිරීමෙන් වාසි ලබාගන්න පුළුවන්.

කීටෝ ඩයට් සදහා නුසුදුස්සෝ

  • පෝෂණ ඌනතාවයන් ඇතිවිය හැකි බැවින් දරුවන් හා නව යෞවනයන්
  • හෘද රිද්මයේ ගැටළු හෝ ඒ සදහා අවදානමක් තිබෙන පුද්ගලයින්
  • මව්කිරි දෙන, ගැබිණි හා අලුත් අම්මලා

විටමින් බහුල ආහාර වන බෝංචි, රනිල කුලයට අයත් පලතුරු වැනි ආහාරවල ද අධික ලෙස කාබේහයිඩ්‍රෙට් අඩංගු වෙනවා. ඔබ සෞඛ්‍ය සම්පන්නව වුවත් දිගු කාලීනව එම ආහාර වලින් වැළකී කීටෝ ආහාර ගැනීමේදි විටමින් B සහ C ඌනතාවයන් ඇතිවෙන්න පුළුවන්.

ඔබ නිවැරදි පෝෂ්‍ය පදාර්ථ ලබා නොගන්නේ නම්, කීටෝ ඩයට් එක බර අඩු කිරීම වෙනුවට ඔබව  බර වැඩිවීමට යොමු කරන්න පුළුවන්.

අවවාදයයි: කීටෝ ආහාර වේලක් සෑම කෙනෙකුටම සුදුසු නැහැ. එය ආරම්භ කිරීමට පෙර ඔබ සහතික කළ පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබාගන්න.

කීටෝ ආහාර ‌වේල් සදහා අදහස්

මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?

කීටෝ බිත්තර සලාදය

අමුද්‍රව්‍ය

  • මයෝනීස් තේ හැදි 3
  • දෙහියුෂ තේ හැදි 2
  • සිහින්ව කැපු ලූනු කොළ තේ හැදි 1
  • කුඩුකර ගත් ගම්මිරිස්
  • ලුණු
  • හොදින් තම්බා ගත් බිත්තර 6
  • පොඩි කර ගත් අලිගැට පේර ගෙඩි 1
  • සැරසිමට සලාද කොළයක් සහ පිස ගත් බේකන් පෙත්තක්

සාදන ක්‍රමය

  • බදුනක මයෝනීස්, දෙහි යුෂ හා ලුණු කොළ දමා එයට ලුණු හා ගම්මිරිස් දමන්න
  • දැන් එය කැබලි කර ගත්  බිත්තර හා පොඩි කර ගත් අලිගැට පේර මෘදුව එකතු කරන්න
  • සලාද කොළය හා බේකන් පෙත්ත සමග බිත්තර සලාදය පිළිගන්වන්න.

අලිගැට පේර පිරවුම

  • ඉදුණු අලිගැට පේර 4 ක්
  • දෙහි ගෙඩියක යුෂ
  • සුපිරිසිදු ඔලිව් තෙල් තේ හැදි 1
  • කපා ගත් මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක්
  • අඹරා ගත් හරක් මස් 500g
  • ටකෝ කුළුබඩු පැකට් 1
  • ලුණු
  • අඹරා ගත් කළු ගම්මිරිස්
  • ඉරා ගත් මෙක්සිකානු චීස්
  • ඉරා ගත් සලාද කොළ
  • තක්කාලි ඉස්ම

සාදන ක්‍රමය 

  • අලිගැට පේර අගෙඩිය දෙකට කපා මැද ඇති ඇටය ඉවත් කර එහි කුහරය පදා ගන්න.. දැන් කහට පිපීම වැළැක්වීමට දෙහි යුෂ ඉසින්න.
  • භාජනයක් ලිප තබා තෙල් රත් කරන්න. එයට ලූනු  එකතු කර විනාඩි 5 ක් පමණ බැදගන්න. අඹරාගත් හරක් මස් හා කුළු බඩු පැකට් 1  එකතු කරන්න. ලුණු හා ගම්මිරිස් එකතු කර හරක් මස් හොදින් තැම්බෙන තෙක් විනාඩි 6 ක් පමණ පිසගෙන ලිපෙන් බාගන්න.
  • සෑම අලිගැට පේර භාගයටම හරක් මස් මිශ්‍රණය පුරවන්න. ඉන්පසු  එය මතට චීස්, සලාද කොළ, තක්කාලි යුෂ ඉසින්න.

මෙවැනි ‌බොහෝ ආහාර වට්ටෝරු ඔබට අන්තර්ජාලයෙන් ‌සොයාගන්න පුළුවන්.  ඔබ ලගත් ‌මෙවැනි ආහාර වට්ටෝරු ඇත්නම් අප හා ‌බෙදාගන්න.

මුලාශ්‍ර- insider delish

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සැලසුම්
  • /
  • මොනවද මේ කීටෝ ඩයට් කියන්නේ?
බෙදාගන්න :
  • ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

    ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

  • සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

    සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

  • ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

    ගර්භණි සමයේ දෛනිකව ආහාර ගත යුත්තේ මෙහෙමයි

  • සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

    සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it