theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු

5 අවම කියවීම
️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු

කොරොනා වලින් අපේ අනාගත පරපුර ආරක්ෂා කර ගනිමු.

මේ දවස් වල නිතරම ඇහෙනවා මේ කොරෝනා වෛරසය ගැන. කොරොනා සහ දරුවන් ගැන හිතද්දිත් බයයි නේද?

චීනයෙන් පටන් ගත්තාට දැන් ඒක ලෝකේ රටවල් කීපයකටම පැතිරිලා ඉවරයි.

තව කීයකට පැතිරේවිද දැන්නේ නෑ. දැන් ඒක ලංකාවටත් ඇවිල්ලා.

ඒ නිසා අපි වෙනදාට වඩා කල්පනාවෙන් ඉන්න ඕනි.

ඒ වගේම තමයි අපි වෙනදාට වඩා අපේ සෞඛ්‍ය පුරුදු ගැන සැලකිලිමත් වෙන්න ඕනි.

  • නව කොරෝනා වෛරසය ශරීරගත වෙලා දවස් 12ක් 14ක් යනකල් බාහිරට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන්නට පුලුවන්.
  • නමුත් මේ කාලයේදී කිස්ම රෝග ලක්ෂණයක් නොපෙන්නුවත්, ආසාදිතයෙක්ගෙන් නිරෝගී පුද්ගලයෙක්ට වැළඳෙන්නට පුලුවන්.
  • ඒ නිසා රෝග ලක්ෂණ මතු උනාට පස්සේ ආරක්ශිත උපක්‍රම පාවිච්චි කලාට වැඩක් වෙන්නේ නෑ.

බයම කාරණාව අපේ දරු පැටවුන්. අපේ පැටවුන්ට පොඩි හෙම්බිරිස්සාවක් හැදුණාත් දෙමව්පියන් විදියට අපි කොච්චර වද වෙනවාද?

අනේ ඒ නිසා කරුණාකරලා මේ තත්වය පාලනය කරනකල් හරි, මේ අයහපත් තත්වය සමනය වෙනකල් හරි දරු පැටවුන්ගේ ආරක්ෂාව හිතන්න.

ඒ වගේමයි වැඩිහිටි ඔබත්. ආරක්ශිත උපක්‍රම පාවිච්චි කරන්න.

කොරොනා සහ දරුවන්

කොරොනා සහ දරුවන්: කොහොමද අපියි දරුවොයි පරිස්සම් වෙන්නේ?

  • මේ දවස් වල ගමන් බිමන් යොදාගෙන තියනවා නම් ඒවා මේ තත්වය සමනය උනාම වෙන දවසක දා ගන්න. මේ දින වල දරුවොත් අරගෙන රට පුරා සංචාරය කරන්නට එපා.
  • යන්නට අවශ්‍ය අනිවාර්ය ගමනක් නම් සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න, නාසය, මුඛය වැසෙන විදියට ආවරණයක් පළඳින්න.
  • සෙනඟ ගැවසෙන තැන් වලට යන්න එපා. විශේෂයෙන්ම පොඩි දරුවන්ව නම් අරගෙන යන්නම එපා.

️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු

  • ගෙදරින් පිට ඕනෑම පිට තැනකට ගිහින් ආවාම දෑත්, මුහුණ සෝදා පිරිසිදු කර ගන්න.
  • රෝහල් වලට පොඩි දරුවෝ අරගෙන යන්න එපා ඔවුන්ට ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම්.

වැඩිහිටි ඔබත් ඒ වගේ රෝගීම් ගැවසෙන ස්ථාන මඟ හරින්න.

  • හැම වෙලාවේම ලොකු පොඩි හැමෝම ගෙදර කෑම පිලියෙල කර අනුභව කරන්න.
  • මස්, මාලු ආහාරයට ගන්නවා නම් වැඩි වේලාවක් පිස ගන්න. හැකි නම් මේ දින වල ඒවා අවම කරන්න.
  • නිවසින් පිටතට ගියාම නාසය ඇල්ලීමට, මුඛය ඇල්ලීමට, ඇස් කැසීමට නොයන්න.

තේරෙන වයසේ දරුවන්වත් එයින් වළක්වන්න.

ඔවුන්ටත් අත කටේ දමා ගැනීමට එහෙම නොදෙන්න. නිතරම දරුවෝ ගැන, එයාලාගේ ක්‍රියාවම් ගැන විමසිල්ලෙන් ඉන්න.

  • කිවිසුම් යන විට, කැස්සක් එන විට ඔබටම කියා ලේන්සුවක් හෝ ටිෂූස් ළඟ තමා ගෙන ඒවායින් නාසය, මුඛය ආවරණය වන ලෙස කිවිසුම් යැවීම හෝ කහින එක කරන්න.

ලේන්සුවක් හරි ටිෂූස් හරි ළඟ නැත්නම් ඔබේ අතේ වැලමිටෙහි ඇතුල් පැත්තෙන් නාසය සහ මුඛය ආවරණය කර ගන්න.

  • උණ රෝගීන්, හෙම්බිරිස්සාව, කැස්ස ඇති රෝගීන් සමඟ ළඟින් අත පත ගාමින් ආශ්‍රයට නොයන්න. ඔවුන්ට උපස්ථාන කරනවා නම් ඔබ ආරක්ශිතය උපක්‍රම භාවිතා කරන්න.

මෙම රෝගය වැළඳුන අය සමඟ කටයුතු කරනවා නම් ඔවුන් සමඟ භාණ්ඩ හුවමාරු කර නොගන්න.

කුමන හෝ රෝගීන් අසලින් දරුවන්ව ඈත් කරන්න. නැවත ඔබ දරුවන් කරා යාමට පෙර හොඳින් පිරිසිදු වී යන්න.

  • නිවසේ උනත් නිතර නිතර ස්පර්ශ වෙන දොරේ අගුල වැනි ස්ථාන විෂබීජ නාශක දියරයකින් නිතර පිස දමන්න.
  • දන්නා හඳුනන පිටස්තර අය මඟ තොටේදී හමු උනාම අතට අත දී, වැළඳගෙන ආචාර සමාචාර කිරීමට නොයන්න.

ඒ වගේම පිටස්තර අයට දරුවාව අත පත ගෑමට, හුරතල් කිරීමට නොදෙන්න.

  • නිවසින් බැහැරව ගොස් නැවත ආ සැනින් අත්, මුහුණ, කකුල් හොඳින් සබන් ගා සෝදා පිරිසිදු වන්න.

අත සෝදන විට අවම වශයෙන් තත්පර 20ක් වත් සබන් ගාලා සෝදන්න. ඇඟ සෝදා ගැනීමට හැකි නම් ඉතාමත්ම හොඳයි.

  • සංචාරකයන්, මිනිසුන් බහුල ස්ථාන වලට නොයන්න. හෝටල්, නැරඹුම් ස්ථාන, නාන තටාක ආදියෙහි නොයන්න.

සෙනඟ ගැවසෙන ඇඳුම් කඩ වලට, ආපනශාලා වලට, වෙළඳ සංකීර්ණයන් වලට දරුවන්ව රැගෙන යන්න එපා.

වැඩිහිටි ඔබත් නොගිහින් ඉන්න පුලුවන් නම් හොඳයි.

දරුවන්ව හැකි තරම් නිවසේම තබන්න. නිවසේ සිටීමයි ආරක්ෂිතම විදිය.

  • පාසල් යන වයසේ දරුවන් නම්, ඔවුන්ට උණ, හෙම්බිරිස්සාව , කැස්ස තිබේ නම් ඔවුන්ට සුව වන තෙක් නිවසේ ඉන්නට දෙන්න. වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ලබා ගන්න.
  • මේ දින වල පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න. අනේ හොඳ වෙයි කියලා ඉන්න එපා. දරුවන්ට විශේෂයි.
  • පොදු ප්‍රවාහන සේවය භාවිතයේදී මුඛ, නාස් ආවරණ පළඳින්න.

මාරක කොරෝනා වෛරසයේ මූලික රෝග ලක්ෂණ 

කොරොනා සහ දරුවන්

කැස්ස, උණ, හුස්ම ගැනීමෙ අපහසුව කියලා කියන්නේ.

ඊට අමතරව පාචනය, ඔක්කාරය, වමනය, ඇඟට සීතලක් දැනීම, වෙව්ලීම, විඩාබර ගතිය, මහන්සිය, තෙහෙට්ටු ගතිය, සෙම ගතියක් වගේ දැනෙන්නට පුලුවන්.

සංකූලතා වැඩි වත්ම සහ තත්වය බරපතල වත්ම නියුමෝනියා තත්වයන්ට වගේම වකුගඩු, හදවත අකර්මණ්‍ය වීමටත්, අවසානයේ මරණය ඇති වෙන්නටත් පුලුවන්.

දැනට මෙයට ප්‍රතිකාර ලෙස, දියර වර්ග වැඩිපුර දිය යුතුයි වගේම, විවේකය හරිම වැදගත්.

හුස්ම ගැනීමේ අපහසුව නැති කිරීමට ඔක්සිජන් දීම මෙන්ම, වේදනාව අඩු කිරීමට වේදනා නාශක ඖෂධ ලබා දීම වෛද්‍ය උපදෙස් මත සිදු කරන්න පුලුවන්.

කොහොම උනත් පොඩිම හරි සැකයක් මතු උනොත් මේ ලෙඩේ තමයි හැදිලා තියෙන්නේ කියලා හැකි ඉක්මනින් රෝහල් ගත වෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ වෙනකල් මේ රෝගය වැළක්වීමට එන්නතක් හෝ ඖෂධයක් හොයාගෙන නෑ.

ඒ නිසා කරන්න පුලුවන් එකම දේ යහපත් සෞඛ්‍ය සනීපාරක්ෂක කටයුතු පුරුදු වීමයි. එමඟින් රෝගය පැතිරීම අවම කර ගන්න් පුලුවන්.

අපේ දරුවන්ව පරිස්සම් කර ගමු.

ඒ වගේම දරුවෙක් කුස දරාගෙන ඉන්න අම්මලාටත් චූටි දරුවෙක්ව පරිස්සම් කරන විදියටම පරිස්සම් වෙන්න වෙනවා.

ලොව පුරා ඇති වෙලා තියන මේ තත්වය ඉක්මනින් හොඳ ඇතර හැරෙන්න කියලායි, ආසාදිත හැම කෙනෙක්ගේම ජීවිත ආරක්ෂා වෙන්න කියලයි, තව අයට මේ වෛරසය ආසදනය නොවේවා කියලායි ප්‍රර්තනා කරමු.

කොරොනා සහ දරුවන් ගැන මුල් ලිපිය: අම්මයි බබයි(Ammai babai)

දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?මෙම ලිපිය ලියූවේ අපගේ හිතවත් පාඨක ඈන් නිර්මාණි විසින්. මෙහි මුල් ලිපිය අම්මාවරුන්ගේ සමූහය නම් ඇයගේම ෆේස්බුක් සමූහයේ පළ වුනා. ඈන් උපාධිධරිනියක් මෙන්ම ගුරුවරියක් වන අතර ඇයගේම ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන කාර්‍යබහුල මෙන්ම ආදරණීය මවක්.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ️මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් අපිත් බේරී අපේ දරුවනුත් බේරා ගනිමු
බෙදාගන්න :
  • කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

    කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

    කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it