දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

මෙම ලිපිය කියවා මේ ගැන වැදගත් තොරතුරු දැනගන්න.

දරුවාගේ කැස්ස ඔබටත් දරුවටත් හරිම අමාරු තත්වයක් බව අපි දන්නවා.

ඒ බව දන්නා අපි දරුවන්ගේ කැස්සට කල යුතු පිළියම් හා නිවසේදීම අනුගමනය කල හැකි අත් බෙහෙත් හා ඔබ දරුවාව වෛද්‍යවරයා ළඟට නොගෙන යා යුතු අවස්ථා පිලිබඳ මෙමගින් දැනුවත්  වෙන්න පුළුවන්.

අම්මලා කිහිප දෙනෙක් දරුවාගේ කැස්ස ගැන මෙහෙම අදහස් දැක්වුවා.

"පායන කාලයට මගෙ බබාලා දෙන්නටම කැස්ස නිසා හුඟක් අසනීප වුණා. හෙම්බිරිස්සවත් එක්ක එන කැස්සයි හෙම්බිරිස්සාවයි හොඳ වෙන්නෙම නැහැ.

ඒ වගේම මගේ මගේ පුංචි පුතාට එයාගේ අමාරුව හරියට කියාගන්නවත් තේරෙන්නේ නැහැ. අම්මා කෙනෙක් විදිහට හෙම්බිරිස්සවයි  කැස්සයි හැදුනම එක වියළි කැස්සක් වුනත් සෙමත් එක්ක එන කැස්සක් වුනත් ඒක අහගෙන ඉන්න හරිම අමාරුයි. වැඩිපුරම රෑට අපි කාටවත් නින්දක් නැහැ."

"දරුවන්ට ඇති වෙන කැස්ස නිසා ඒ ගොල්ලෝ හරියට දුක් විඳිනවා කියලයි හිතන්නේ. වේලිච්ච කැස්ස රෑට හුඟක් වැඩි වෙනවා. සෙමත් එක්ක හැදෙන කැස්ස හොඳ කරගත්තේ නැත්තම් කක්කල් කැස්සට වුනත් හැරෙන්න පුළුවන් කියලයි කියන්නේ."

කැස්සට අපිට ඕන තරම් සිරප් වර්ග ෆාමසි වලින් ගන්න පුළුවන් වුනත් ඒවා කොයි තරම් දුරට අපේ දරුවන්ගේ අභ්‍යන්තර පද්ධතියට හිතකර ද කියල විශ්වාස කරන්න අමාරුයි.

cough4

දරුවාගේ කැස්සට ෆාමසි වලින් සිරප් වර්ග ගැනීම අත් හැරිය යුත්තේ ඇයි?

විශේෂඥයින් සඳහන් කරන ආකාරයට දරුවන්ගේ කැස්සට හා සෙම්ප්‍රතිශ්‍යාවට දෙන බෙහෙත් වර්ග ගැනීම එතරම් සුදුසු නොවන බවයි. ඉන් අතුරු අබාධ ඇති විය හැකි අතර විශේෂයෙන් වැඩිමහල් දරුවන්ට සුදුසු නැති බව පැවසෙනවා.

විශේෂඥයන්ට අනුව,

  • dextromethorphan (DM) අඩංගු බෙහෙත්
  • guaifenesin අඩංගු බෙහෙත්

කැස්ස සඳහා නුසුදුසු බව කියනවා.

ඔබට සිරප් වර්ග වල වෙළඳ නාම හෝ සාමාන්‍යයෙන් හඳුන්වන නම් මතකයේ නැත්නම් එහි අඩංගු ද්‍රව්‍ය පරික්ෂා කිරීම වැදගත්. ඉන් ඔබට එය සුදුසු නුසුදුසු බව තීරණය කල හැකි වෙනවා.

අනෙක් කාරණය නම් මෙම සිරප් වර්ග හා බෙහෙත් වර්ග පිලිබඳ වැඩිහිටියන් යොදා මිස දරුවන් යොදා පරීක්ෂණ පවත්වා නොතිබීමද මෙම බෙහෙත් අනුමත නොකිරීමට හේතුවක් වෙනවා. මන්ද දරුවන් හා වැඩිහිටියන් ට මෙය ග්‍රහණය කරගන්නා ආකාරය වෙනස් නිසයි.

දරුවාගේ කැස්ස ට මේ බෙහෙත් භාවිතයෙන් ඇතිවිය හැකි නරක ප්‍රතිඵල මොනවද?

  • දරුවාට දෙන මාත්‍රාව අත් වැරද්දකින් වැඩි වුනොත්.
  • වෙනස් වෙළඳ නාම දෙකක භාවිතා කරන විට එහි අඩංගු දෑ වෙනස් විය හැකි වීම.
  • දෙමාපියන් අතින් රෑ මැදියමක වැනි අවස්ථාවන් වල වැරදි ලෙස ලබාදීම. ( අඩුවෙන් හෝ වැඩියෙන්)

මේ නිසා විශේෂඥයන් අවුරුදු 4 ට අඩු දරුවන් සඳහා මෙම ෆාමසි වල ඇති බෙහෙත් හිතුමතේ දීම අනුමත කරන්නේ නැහැ. බොහෝ විට මෙම බෙහෙත් නිසා කැස්ස අඩු වීමක් හෝ පාලනය වීමක් සිදුවන්නේ නැහැ.

සමහර විටෙක මෙම බෙහෙත් වර්ග මගින් සෙම සහිත කැස්ස යටපත් කිරීමෙන් නිව්මෝනියාව හා කක්කල් කැස්ස වැනි තත්වයන් ඇති වීමේ අවධානමක් තියෙනවා.

නමුත් ඔබට ගෙදරදීම ඔබේ දරුවාගේ කැස්ස අඩු කර ගන්න මිල අධික නැති ලෙහෙසියෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතයෙන් හදාගත හැකි බෙහෙත් වර්ග තියෙනවා.

1. මී පැණි

මී පැණි කැස්සට ඉතා හොඳ බෙහෙතක්. රාත්‍රී කාලයේ දරුවන්ට ඇති වන කැස්සට මී පැණි වල ඇති විශේෂ සංඝටකයන්ට ශරීරයේ ඇති සෙම්ප්‍රතිශ්‍යයා  විෂබීජ සමග සටන් කිරීමට හැකියාව ලැබෙනවා.එමගින් වියළි කැස්ස උගුරේ අසාදන සමනයට උදවු වෙනවා.

ප්‍රවීණයන්ට අනුව,

  • වයස 2-5 දක්වා දරුවන්ට මී පැණි හැඳි ½ ක්
  • අවුරුදු 6-11 දක්වා දරුවන්ට මී පැණි හැඳි 1 ක්
  • අවුරුදු 12 ට වැඩි දරුවන්ට මී පැණි හැඳි 2 ක්

නමුත් අවුරුද්දට අඩු දරුවන්ට මී පැණි සුදුසු නොවන තර ඉන් අවදානම් තත්ත්ව ඇති බව කියවෙනවා.

2. හුමාලය ඇල්ලීම

හුමාලය ඇල්ලීමට සාදන ලද යන්ත්‍රයක් නැත්නම් හොඳින් නාන කරාමයේ උණු වතුර නළය විවෘත කර එහි හුමාලය අග්‍රහණය කරන්න.

නැත්නම් හුමාලය වෙපර්රයිසර්යක් ක්‍රියාත්මක කර වාතයට මුදා හැරීමෙන් දරුවාගේ නහය බර ගතිය නැතිවී කැස්සට සහනයක් ලැබෙනවා.

3. කුකුල් මස් සුප්

කුකුල් මස් වලින් හදන සුප් කැස්සට ඉතාම හොඳයි. විශේෂඥයින්ට අනුව ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතුලත් වන විෂබීජ  වර්ධනය වීම හා වේගවත් වීම පාලනයට හා කුකුල්මස් වල සෙම වලට එරෙහි ක්‍රියාකිරීමේ ඇති බලයක් ඇති බව පැවසෙනවා.  

දරුවාගේ කැස්ස වෛද්‍යවරයෙකු හට පෙන්විය යුත්තේ කොයි අවස්ථාවේද?

  • කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇත්නම්.
  • කැස්ස සමග තද උණ ඇත්නම්.
  • හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇත්නම්.
  • කැස්ස සති 4 කට වඩා ඇත්නම්.
  • ඉතා තදින් කැස්ස ඇත්නම් හා කැස්ස ඇති විට 'whoop' ශබ්දය නැගෙයි නම්.

ඔබ දරුවා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යායුතු බව විශේෂයෙන් මතක තබා ගන්න.

දරුවාත් ඔබත් වෙහෙස කරවන කැස්ස මුල් අවස්ථාවේම හඳුනාගෙන මේ උපදෙස් පිළිපදින්න උත්සහ කරන්න. theAsianparent Sri Lanka අපේ කැමැත්තත් ඔබේ දරුවා නිරෝගිව සිටිනු දැකීමයි.   

*සැම විටම ඔබේ දරුවාගේ වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත් දරුවාට එම උපදෙස් වලට අනුව ලබා දෙන්න. 

කියවන්න:  පුංචි පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු ගැන දැනගන්න

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි