දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

දරුවන්ට විවිධ ප්‍රතිකාර ක්‍රම ලබාදීම හැරුණු කොට දෙමාපියන් හැමවිටම දරුවන්ට දිය යුතු ප්‍රථමාධාර ගැනත් දැනසිටීම ඉතා වැදගත්.

දරුවන්ට විවිධ ප්‍රතිකාර ක්‍රම ලබාදීම හැරුණු කොට දෙමාපියන් හැමවිටම දරුවන්ට ප්‍රථමාධාර දීම ගැන දෙමාපියන් දැනගත යුතු විශේෂ මේ දේවල් ගැනත් දැනසිටීම ඉතා වැදගත්.

දරුවන්ට ප්‍රථමාධාර දීම

මොකද්ද මේ යථාතත්වයට පත් කිරීම (recovery position)?

දෙමාපියන්ගෙන් 25% ක් පමණ මෙය දන්නා බව ඔබ දන්නවද? දරුවෙකු සිහිසුන්ව ඇද වැටුණු විට කරගන්නා 17% ක් දෙමාපියන් දරුවන්ව භයානක ඉරියව්වෙන් තබනවා.

ඒ නිසා දෙමාපියන් ඔවුන්ගේ දරුවන් සිහිසුන් වූ විට කළයුතු දේ ගැන හරියටම දැනගෙන සිටීම ඉතාම වැදගත්.

මෙලෙස දරුවා යථාතත්වයට පත් කිරීම පුදුම සහගත වගේම සරලයි.

ඉන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට එය හුඟක් ප්‍රතිඵලදායි වෙනවා.

දරුවන්ට ප්‍රථමාධාර දීමේදී අනුගමනය කළයුතු පියවර මොනවද?

සිහිසුන් වූ දරුවාගේ එක් අතක් ගෙන නොසෙල්වෙන ලෙස බෙල්ල යටින් තබන්න.

අනිත් අත සෙලවිය හැකි ලෙස තබන්න. එක දණහිසක් තරමක් උඩට කර දරුවා අනිත් පැත්තට පෙරලන්න.

ඔබට පුළුවන් ඔහුගේ කකුල අංශක අනූවක තත්වයට නොසෙල්වෙන ලෙස තබන්න සහ එම හැඩයෙන්ම හිස වාතයට නිරාවරණය වන ලෙස තරමක් උඩට ඔසවන්න.

මෙම ක්‍රමයෙන් සහතිකවම ඔබට ඔබේ දරුවා ස්ථාවර කිරීමට සහ ඔවුන්ට හදිස්සියේ වමනය කළහොත් සිරවීමක් හෝ  හුස්ම හිරවීම වැළකෙනවා.

දරුවන්ට ප්‍රථමාධාර දීම ගැන වැදගත් වන මෙම ක්‍රමය නිසා ඔබට දරුවාගේ හුස්ම ගැනීම ගැන බලන්න.

ඔවුන්ගේ හුස්ම ගැනීම සාමාන්‍යද නැතහොත් ගැටළුකාරීද ඇත්ද දැනගැනීමට උදවු වෙනවා.

මෙම වීඩියෝවෙන් එය කරන්නේ කොහොමද කියලා පැහැදිළිව පෙන්වනවා.

දැන් ඔබ ඔබේ දරුවාගේ තත්වය නරක අතට හැරේදැයි නිරීක්ෂණය කිරීම අවශ්‍යයි. උදව්වට කෙනෙකුට කතා කිරීම හෝ දරුවාගේ ආරක්ෂාව සහතික කර ගැනීමට ගිලන් රථයකට ඇමතීම වඩා සුදුසුයි.

මේ නිසා මන්ද සිහිය නැති වීමෙන් දරුවා වෙනත් පීඩාවන්ගෙන් පීඩා විඳීම වළකා ගන්න පුළුවන්.

හුඟක් මූලික ප්‍රථමාධාර මගින් ජීවිත බේරා ගැනීමට උදවු වෙනවා වගේම මෙය දෙමාපියන් හදිසි අවස්ථාවකදී ඔවුන් කළයුත්තේ කුමක්ද යන්න හරියටම දැන සිටීම අතිශයින් වැදගත් වෙනවා.

දරුවන්ට ප්‍රථමාධාර දීම

හදිසි අවස්ථාවකදී වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන තෙක් ලබාදෙන ප්‍රථමාධාර ඉතා වැදගත්.

අද මේ ගෙනා විශේෂ පණිවුඩය දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසයි theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ඔබට මේ තොරතුරු ගෙන ආවේ.

 

theAsianParent Philippines හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි