theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් අත් අකුරු නිසි ලෙස ලිවිම වැදගත් වන්නේ ඇයි?

4 අවම කියවීම
දරුවන් අත් අකුරු නිසි ලෙස ලිවිම වැදගත් වන්නේ ඇයි?දරුවන් අත් අකුරු නිසි ලෙස ලිවිම වැදගත් වන්නේ ඇයි?

තාක්ෂණය දියුණු වුවත් අත් අකුරු පුහුණු කිරීමෙන් දරුවන් ඈත් නොකිරීමේ වැදගත්කම හුවා දැක්වීමට මේ ලිපිය සකස් කළා.

කෙනෙක් ගේ අත් අකුරු ගොඩක් දේ කියා පානවා. කුඩා දරුවන්ගේ මොලය හා දැනුම වර්ධනයට ඒ දරුවන්ගේ අත් අකුරු නිසි ලෙස හුරුවීම ඉතා වැදගත්. අත් අකුරු හොඳින් ලිවීම වැඩිහිටියන් ටත් එකසේ වැදගත් වනවා. එබැවින් එය කුඩා කල දීම හුරු පුරුදු වීම වාසි සහගතයි.

අනිවාර්යයෙන්ම ඔබේ දරුවා පරිගණකයේ අකුරු ටයිප් කරමින් වැඩකරන්න කැමති වුනත්, එය අනාගතයේදී සිදුවුනත් ඉන් අත්අකුරු ලිවීමට ඉගෙනීම නොකළ යුතුයැයි කිසිසේත්ම සිතන්න බැහැ.

බොහෝ පරීක්ෂණ මගින්ද එය සනාථකර තිබෙනවා.

දරුවන්ගේ අත් අකුරු

 

දරුවන්ගේ අත් අකුරු ඔවුන්ගේ අවධානයට උදව් වෙයි

අවධානය හා අවබෝධයට අත් අකුරු කොයිතරම් වැදගත් දැයි අපහසුතාවයන් අධ්‍යනය කරන ජර්නලයක් මගින් කරන ලද සමීක්ෂණ මගින් මේ ගැන අවධානයට ලක්කර තිබුණා. මෙහිදී අපහසුතා මැද ලිවීම හා අපහසුතා ඇති දරුවන් ඇසුරෙන් අධ්‍යනය කෙරුණා.

වොෂින්ටන් සරසවියේ අධ්‍යන මධ්‍යස්ථානයේ මහාචාර්ය වර්ජිනියා බර්නින්ගර් විසින් නිව්යෝක් ටයිම්ස් වෙත අදහස් දක්වමින් අත් අකුරුලිවිම, අකුරු ගැළපීම මගින් මනසට ලියන භාෂාවට අවධානය දීමට ඔවුන්ට හැකිවන බව පැවසුනා.

පෙර ළමා සාක්ෂරතාව පිළිබඳ ෆ්ලොරිඩා සරසවියේ වෛද්‍ය ලෝරා ඩයින්හාට් විසින් මේ පිළිබඳ අදහස් දක්වා තියෙනවා. හොඳින් අත් අකුරු ලියන දරුවන්ගේ වැඩ ඉතා පිළිවෙල නිසා ගුරුවරුන්ට කියවීම පහසු වෙනවා. නමුත් අකුරු අමාරුවෙන් ලියන දරුවන්ට ඊට හුඟක් වෙහෙසීමට සිදුවන නිසා සන්ධර්භයට එතරම් වටිනාකමක් නොලැබී යනවා.

අත් අකුරු නිසා වෘත්තීය ආයතනික සාර්ථකත්වය ලැබිය හැකි බව වෛද්‍ය  ඩයින්හාට් විශ්වාස කරනවා. දිළිඳු පවුල් වලින් එන දරුවන්ගේ මෝටර් රථ යාන්ත්‍රණ ඥනය වැඩි දරුවන් පාසල් මට්ටමේදී වැඩි දක්ෂතා දක්වන බව ඔහු අධ්‍යනය කර තිබුණා. මේ නිසා වෛද්‍යවරයා දරුවන්ගේ විවිධ දක්ෂතා අතර හැසිරීම හා අකුරු ලිවිම ගැන වැඩි නැඹුරුවක් දක්වා තිබුණා.

අනෙක් අතට ඔබ මනසින් ලියන්නට යන අකුරු දැකීම තුළින් එය සටහන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා අත් අකුරු ලිවිම වෙනුවෙන් මොලයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය වන ක්‍රියාකාරකම් රැසක් මෝටර් රථ යාන්ත්‍රණයට  අමතරව දැනගත යුතු වෙනවා. වෛද්‍ය බෙනින්ගර් ට අනුව මෝටර් කාර්මික ඥානය පමණක් එයින් වැඩි දියුණු වන්නේ නැහැ.

මෙසේ සිතීම මිත්‍යාවක් ද??

ඇත්තෙන් ම එය මිත්‍යාවක්. අපි මොලය සමග මෝටර් කාර්මික ඥනය සම්බන්ධ කළත් මොලයේ කාර්යන් අතර දෘශ්‍ය හා භාෂාව යන අංශ දෙක එකට ක්‍රියාකිරීම වැදගත් වෙනවා. මෙහිදී මොලය දකින රූප මොලයේ සුවිශේෂී ප්‍රදේශයකින් අකුරක් ලෙස හා වචන ලෙස  සටහන් වී එය නිෂ්පාදනය වීමට කටයුතු කරනවා.

ඉන්දියානු සරසවියේ මනෝ අධ්‍යයන  හා මොලය පිළිබඳ විද්‍යාඥ කාරින් ජේම්ස් දරුවන්ගේ අකුරු කියවීමට සහ ලිවීමට ඉගෙන ගත් පසු අකුරු ඉගෙනීම සමග කියවීමට ඇති හැකියාව තියුණු වෙනවා. ඉන් වැඩිහිටියන් ලෙස ඔවුන්ට කියවීම ක්‍රමයෙන් වේගවත් කර ගැනීමට අවස්ථාව උදාකරනවා.

මුලදී දරුවන් අකුරු ලියන ආකාර අවුල් සහගත වුනත් ඉන් දරුවන් ඉගෙනීමක් කරනවා. එය අත් අකුරු ලිවීමෙන් ලැබෙන විශාල ප්‍රයෝජනයක් බව වෛද්‍ය ජේම්ස් පවසනවා.

පාසලින් ලැබෙන රුකුල සහ අක්ශර වින්‍යාස පුහුණුව

පාසල තුළින් දරුවන් පුහුණුව ලබත්ම ඔවුන් විවිධ උපක්‍රම ඉගෙන ගන්නවා. අකුරු රවුම් කිරීම, සාක්ෂරතාවය , අධ්‍යාපනික හැකියාවන් මගින් ඔවුන්ගේ දැනුම පුළුල් වෙනවා.

අක්ෂර වින්‍යාසය ගැන අකුරු ගැලපීම් තුළින් වචන සාදා ගැනීම දරුවන් ඉගෙන ගන්න බව 2015 දී කළ අධ්‍යනයකින් සනාථ වෙනවා.

දරුවන්ගේ අත් අකුරු

අකුරු ඉගෙනීම සමග වචන රවුම් කිරීම හැඩ කිරීම ආදිය නිසා මොලයේ ඇතිවන උද්දීපනය අකුරු ටයිප් කිරීමේදී නොලැබෙන බව පැවසෙනවා. මෙහිදී වෛද්‍ය ඩයින්හාට් පවසන්නේ අකුරු ටයිප් කරන දරුවන්ට මතකය අඩු බවත් අතින් ලියන විට එසේ වන්නේ නැති බව ද පැවසෙනවා.

නිසැකවම ටයිප් කිරීමේ ක්‍රමයෙන් කිසිවෙක් මිදෙන්නේ නැත්තේ අත් අකුරු එතරම් වේගවත් නොවන නිසයි. නමුත් වෛද්‍ය වර්ජිනියා කියන්නේ දරුවන් මුල සිට වේගවත්ව ලිවීමටත් වචන හඳුනා ගැනීම හා කියවීමත් රවුම් කිරීම හා අක්ෂර වින්‍යාසය ගැන දැනුවත් වීමෙන් පසු ටයිප් කිරීමට යොමුවීම වැදගත් බවයි.

සරලව ඉන් මොලයට විශාල උද්දීපනයක් ලැබෙනවා. ඉන් ඉක්මනින් වචන හඳුනා ගැනීමට උදවු වෙනවා. මේ මගින් මොලයට හොඳ දැනුමක්, අධ්‍යාපනයක් ලබාගන්න පාර කැපෙනවා.

අත් අකුරු නිවැරදිව ලිවීමට නොහැකි වීම ආත්මාභිමානය හීනවීමකට හේතු විය හැකියි. එසේ වුවහොත් යමෙකුට තමන් ගැන තියෙන විශ්වාසය නැතිවී යාමට පුලුවන්.

දරුවන්ගේ අත් අකුරු

අත් අකුරු ගැන කතා කරන විට වැල් අකුරු ලිවීමට (cursive writing) හුරුවීම තුලින් ඩිස්ලෙක්සියාවෙන් (dyslexia) පෙලෙන දරුවන් හා වැඩිහිටියන් හට යම් තරමක සහනයක් ලැබෙන බව කියවෙනවා. ඩිස්ලෙක්සියාව යනු අකුරු කියවීමට, හෝ අර්ත නිරූපණය කිරීමට ඇති අපහසුතාවයක්. නිවැරදි ප්‍රතිකාරයක් නොකල හොත් එය නිසි අධ්‍යාපනයට තර්ජනයක් විය හැකිය.

ඩිස්ලෙක්සියා තත්ත්වයෙන් පෙලෙන අය, විශේශයෙන්ම එම දරුවන් සාමාන්‍ය අකුරු වල හැඩතල එකවර පහසුවෙන් හඳුනා ගන්නේ නැහැ. වැල් අකුරු එකිනෙකට වෙනස් වන නිසා ඒවා හඳුනා ගැනීම මොවුන්ට පහසුවක්.

තාක්ෂණය දියුණු වුවත් අත් අකුරු පුහුණු කිරීමෙන් දරුවන් ඈත් නොකිරීමේ වැදගත්කම හුවා දැක්වීමට theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මූලාශ්‍ර: www.magicalhandwriting.com

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සංස්කරණය: බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවන් අත් අකුරු නිසි ලෙස ලිවිම වැදගත් වන්නේ ඇයි?
බෙදාගන්න :
  • සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

    සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

    සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it