theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

4 අවම කියවීම
දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

මේ සුලබ වැරදි හතර වළකාගන්නේ කෙසේදැයි සොයා බලන්න.

හැම දෙමාපියෙකුම තමන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් ඉහළට යනවට කැමතියි. හුඟක් දෙමාපියන් තමන්ගේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගනිතැයි සිතා ඔවුන්ව නොයෙක් ක්‍රියාකාරකම් වලට තල්ලු කරනවා.

හැම දෙමාපියෙකුටම උවමනා ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් ඉහළ යනවාටයි. එය ඔවුන්ට හුඟක් අවස්ථාවන් උදා කරනවා. සමහර වෙලාවට හුඟක් වෙලාවට එයාලගේ දරුවන්ව අමතර පන්ති වලට යොමු කිරීමත් ඔවුන්ව ඉහළ ලකුණු ගැනීමට තල්ලු කිරීමත් නිසාම දරුවන්ගේ ගෙදර වැඩ හා පැවරුම් දෙමාපියන් කර දෙන අවස්ථාවන් ද තියෙනවා.

සරලව කියතොත් මේ තත්වය යථාර්තවාදී නැතුවා වගේම මෙවැනි දරුවන් කෙරෙහි තබන බලාපොරොත්තු වල සීමවන්ද ඉතා ඉහළයි. නමුත් මෙලෙස සිදු කිරීම නිසාම දරුවන්ව අධ්‍යාපනයෙන් පහළ ප්‍රතිඵල ලබාගැනීමට දෙමාපියන් ඔවුන්ව තල්ලු කරනවා. වර්තමානයේ ඇමරිකාවේ මනෝවෛද්‍ය සංගමය මගින් පළකළ අධ්‍යනයකින් මේ බව වාර්තා වෙනවා.

දරුවන්ට ඉහළ ප්‍රතිඵල: සීමාව ඉක්මවූ බලාපොරොත්තුව

මෙම අධ්‍යනය මගින් දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඍණාත්මක හා ධනාත්මක ප්‍රතිඵල පළවෙනවා. දිගු කාලීනව පැවති අධ්‍යනයකදී 2002-2007 කාල වකවානුව තුළ ද්වතීය අධ්‍යාපනය ලබන දරුවන් 3530 ක් ඇසුරෙන් අධ්‍යනයක් සිදුකර තිබුණා. ඉන් 49.7% ක්ම ගැහැණු දරුවන් බව වාර්තා වුණා. ජර්මනියේ දරුවන් ඇසුරෙන් මේ පරීක්ෂණය සිදුකර තිබුණා.

ගණිතය ඇසුරෙන් මෙම පරීක්ෂණය සිදුකරන ලද අතර සිසුන් එම විෂය සඳහා ලබාගත් සමාර්ථය හා දෙමාපියන් අපේක්ෂා කළ සමාර්ථය මෙහිදී වසර අවසානයේ ඇගයීමට ලක්කළා. පර්යේෂක කොවු මුරායමට අනුව දෙමාපියන්ගේ බලාපොරොත්තු වැඩි දරුවන්ගේ ප්‍රතිඵල ඉහළට ගොස් තිබුණා. එම බලාපොරොත්තු සීමාවන් එහා ගිය ඒවා ඇති දෙමාපියන්ගේ ප්‍රතිඵල අඩුවී තිබුණා. පර්යේෂකවරයාට අනුව දරුවන් ගැන බලාපොරොත්තු තැබීම යහපත් වුවත් එය සීමා රහිත වීම හරියට විසක් කැවීම හා සමාන වෙනව බව පවසනවා.

දරුවන්ව සාමාර්ථයන් සඳහා ඍණාත්මකව බලපෑම් ඇති කිරීමට දෙමාපියන් විසින් කරන අත්වැරදි

දරුවන් බලාගැනීමේ විශේෂඥ මාක් පැපදාස් පවසන ආකාරයට හුඟක් දෙමාපියන්ව දරුවන්ගේ ප්‍රතිඵල වැඩි කිරීම සඳහා ක්‍රියාවන් හුඟක් ගැනීමට සිදුවුනත් එය ඔවුන්ට කරන උදව්වක් ලෙස දෙමාපියන් සලකන බව පැවසෙනවා.

1. සීමාව ඉතා ඉහළට දැමීම

සමහර විට මාධ්‍ය තුළින් සුවිශේෂී දක්ෂතා දක්වන දරුවන් ගැන අහන්න දකින්න ලැබෙනවා. නමුත් හැම දරුවාගෙන්ම එය බලාපොරොත්තු වීම අසාධාරණයි. පැපදාස් යෝජනා කරන්නේ ඒ සඳහා දරුවන් සමග එක්ව වැඩකිරීම හා යථාර්තවාදී ඉලක්කයන් ඔවුන්ට ලබාදීම සිදු කිරීම කළයුතුයි කියලයි. දරුවෙකු දිරි ගැන්වීම තුළින් දරුවා පාසලේදී දරන උත්සාහය වැඩි වන්නට පුළුවන් බවයි.

2. ඔබේ බලාපොරොත්තු ගැන ඔබට පැහැදිළි අවබෝධයක් නැහැ

අවස්ථාව ලද විට  මිනිසුන් ඉහළම බලාපොරොත්තු තබනවා. නමුත් දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොකීම තුළින් ඔවුන්ට පාසලේ වැඩ හොඳින් කිරීම කෙසේ සිදු කළයුතු දැයි නොතේරෙන්න පුළුවන්. පැපදාස් පවසනවා. මේ සඳහා නිසි සන්නිවේදනය අවශ්‍යයි. මේ නිසා දරුවන් අනාගතයේ ඔබ අපේක්ෂා කරන දේ ගැන ඔවුන් සමග කතා කරන්න. මේ නිසා එය සාර්ථක කරගන්න ඔවුන්ට ඉලක්කයක් දීමෙන් ඔවුන් ඒ හරහා යන්න පෙළඹෙනවා.

3. ඔබ කරනදේම දරුවනුත් කළයුතුයැයි ඔබ සිතනවාද?

හුඟක් වෙලාවට දෙමාපියන් ඔවුන්ගේ සිතුම් හා සිහින ඔවුන්ගේ දරුවන්ගේ මොලයට ඇතුල් කරනවා. මේ නිසා සමහර විට ඔබ වගේම ඔවුනුත් විය යුතු යැයි සිතනවා වෙන්න පුළුවන්. නැතිනම් ඔබට කරගත නොහැකි වූ දෙය ඔවුන් ලවා ඉටු කර ගැනීමට මෙය සිදුකරනවා වෙන්න පුළුවන්.

ඔබ ඔබේ ජීවිතයේ ළඟා කරගත් දේවල් ගැන හුඟක් සතුටු වුනත් ඔබේ දරුවාට එය සතුටක් නොවෙන්න පුළුවන්. නැතිනම් ඔහුගේ කැමැත්ත එය නොවෙන්න හෝ ඔබ ඉතාම දුර්වල විෂයකට ඔහු හුඟක් සමත්කම් දක්වන්න පුළුවන්.

ඔබේ සාර්ථකත්වය ගැන ඔබ සතුටු නම්, ඔබම ඔහුට පරමාදර්ශී චරිතයක් වනවාට කැමති නම්, ඔහු ස්වභාවයෙන්ම ඊට කැමති විය යුතුයි. වැදගත් වන්නේ දරුවා තුළින් ඊට එන කැමැත්තට ඉඩදීම හා ඊට ඔහුට අවස්ථාව හා ධෛර්ය ලබා දීමයි. නමුත් ඔබේ අඩිපාරේ යන්නට ඔවුන් අකමැති නම් ඔවුන්ට තවත් වෙනත් මංමාවත් තියෙනවා. ඔබ නොකළ යුත්තේ ඔවුන් අකමැති දේට ඔවුන්ව තල්ලු කිරීමයි.

4. ඔවුන්ගේ සාර්ථකත්වය සමාර්ථ වලින් මැනීම

පැපදාස් පැහැදිළි කරන ආකාරයට බලාපොරොත්තු සඳහා දරුවන්ට පාලනයක් නැහැ. මන්ද හැම දරුවෙකුටම සාමාන්‍ය ලෝකයේ එකවගේ නැහැ.  සමහර විට දරුවා උත්සාහ නොකරනවා නොව ගුරුතුමිය ඉහළ සාමාර්ථයක් ගෙන දෙනවා නොවෙන්න පුළුවන්. ඉතින් ගුරුතුමියගේ තීරණයට වඩා දරුවාට කළහැකි දෙයක් නැහැ. පැපදාස් පවසන ආකාරයට දරුවන්ට තමන් තෝරා ගන්න අපේක්ෂාවන් කාවැද්දීමට යනවාට වඩා ඔවුන්ටප්‍රයෝගික ක්‍රමය අත්හදා බැලීමට ඉඩදීම වැදගත් බව පවසනවා.

වර්තමානයේ දරුවන්ට යොදන පීඩනය අධ්‍යාපනය කේන්ද්‍ර කරගන්නවා හැරෙන්නට බාහිර ක්‍රියාකාරකම් කේන්ද්‍ර නොකර ගැනීමත් ඉහළ ප්‍රතිඵල සඳහාම සමහර විට ඔවුන් යොමු කිරීමත් මීට හේතුවන බව ඔබට පැහැදිළි වෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ දැනුම පුළුල් කිරීමට theAsianparent Sri Lanka අපි මේ තොරතුරු එක්රැස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්
බෙදාගන්න :
  • ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

    ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

    ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it