theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොඩ්ඩෝ තනි කරන්නේ බලාගෙනයි.

4 අවම කියවීම
පොඩ්ඩෝ තනි කරන්නේ බලාගෙනයි.පොඩ්ඩෝ තනි කරන්නේ බලාගෙනයි.

ලොකු විනාශයක් වෙන්න එක මොහොතක් හොදටම ප්‍රමාණවත්...

අපේ පොඩ්ඩෝ දෙන්නෙක් හරි වැඩි ප්‍රමාණයක් එකට සෙල්ලම්  කරන වේලාවල් ඕන තරම් තියෙනවා. අපිත් එයාලා ගැන විමසිල්ලෙන් ඉන්නේ, ඒත් අපේ අවධානය ගිලිහෙන්න  යන්නේ මොහොතයි. දරුවන්ට සිදුවිය හැකි අනතුරු බොහෝ තියෙනවා.

දරුවන්ට සිදුවිය හැකි අනතුරු

ලොකු විනාශයක් වෙන්න ඒ මොහොත හොදටම ප්‍රමාණවත්, මේ පුංචි දගයෝ ඊලග තත්පරේ මොනවාද කරන්නේ කියන එක අපිට හිතා ගන්නවත් බෑ.

පහල සදහන් කරලා තියෙන දේවල් පුලුවන් තරම් පොඩ්ඩන්ගේ  ජීවිත වලින් ඈත් කරලා තියන්න.

දරුවන්ට සිදුවිය හැකි අනතුරු .

1. කුඩා කැබලි හිර කර ගැනීම 

පහුගිය කාලය පුරා අහන්න ලැබුන භයානක ආරංචි ඔබට මතකයි නේද?  එක එක දේවල් උගුරේ හිරකර ගෙන දරුවෝ කී දෙනෙක් අඩු වයසින්ම තමන්ගේ ජීවිතය හැර ගියාද?

සෙල්ලම් බඩු වලින් කැඩී ඉවත්වෙන පුංචි කොටස්, ඇට වර්ග, ටොනික් පියන්, කොස් පොතු වගේම සිනී අධි සාන්ද්‍ර ද්‍රාවණයක් වුවත් දරුවෙකුට අනතුරක් කරන්න පුලුවන්.

මං දන්න එක මාස හයක දරුවෙකුට අවුරුදු දෙකක් වුනු එයාගේ අක්කා ආදරේට අධි සාන්ද්‍ර සීනී අඩංගු තේ එකක් පොවලා තිබුනා. තවත් වෙලාවක ඒ දරුවාම නිවසේ වැටිලා තිබුන කොස් පොත්තක් උගුරේ හිර කරගත්තා. වාසනාවකට දරුවාට නොදැන හෝ හරි ප්‍රථමාධාර ලැබුන නිසා ජීවිතය බේරුනා.

දරුවන්ට සිදුවිය හැකි අනතුරු

 

ඒ වගේම මීට අවුරුදු ගානකට කලින් අවුරුදු තුනක දරුවෙක් බොත්තමක් නාසයේ දා ගත්තා. වාසනාවකට ඒ බොත්තම ශ්වසන මාර්ගයට ඇතුල් නොවී ආහාර මාර්ගයට ඇතුල්  වුන නිසා ඒ දරුවා බේරුනා. ඔබ වෙනුවෙන් ලියන්න ජීවත් වෙන්න වාසනාව ලැබු මම ඒ දරුවා කියන්නත් කැමතියි.

මේ වගේ අනතුරු වළක්වා ගන්න නම් දරුවෙකුට සිරකර ගත හැකි සියලුම දේ නිවසින් ඉවත් කරන්න. විශේෂයෙන් කැබලි ගැලවිය හැකි වැඩිමහලු දරුවාගේ සෙල්ලම් බඩු ඉවත් කරන්න.

ඒ වගේම හදිසියේ දරුවෙක් උගුරේ යමක් සිරකර ගතහොත් ලබාදිය හැකි ප්‍රථමාධාර ගැන දැනුවත් වෙන්න.

පොඩ්ඩෝ තනි කරන්නේ බලාගෙනයි.

2. ෂොපින් කවර

ෂොපින් කවර  තවත් භයානක දෙයක්. දරුවන්ට සිදුවිය හැකි අනතුරු වෙන්න වැඩි කලක්්් යන්්නෙේේ නෑ.

අපි නිතරම බඩු ගෙනල්ලා හැම තැනම දාන දේවල්, නමුත් පුංචි පැටියෙක් ඔලුවට  දා ගත්තොත් ශ්වසනය අපහසු වෙලා බොහොම භයානක තත්වයක් ඇතිවෙන්න පුලුවන්.

හොදම දේ තමයි මේ ෂොපින් බෑග් නිවසෙන් ඉවත් කරන එක, ඒ වගේම ඒ වගේ වේලාවක කෘතිම ශ්වසනය අවශ්‍ය වුනොත් ඒක ලබා දෙන්න පුලුවන් විදියට පුහුණු වෙලා ඉන්නවා නම් වටිනවා.

3. කතුරු, පිහි, තියුණු ආයුධ 

මේක නම් බොහොම භයානක තත්වයක්, මේ වගේ උපකරණ කොහොමටවත් දරුවන්ට අහු වෙන්න තියන්න එපා.

මට මතකයි කතුරක් ඇන ගත් දියණියකගේ සැත්කම්ක් ගැන එක වරක් වාර්තා වුනා. අපි අමාරුවෙන් හදා ගන්න පැටවුන්ට මෙහෙම වෙන එක කොයිතරම් නරකයිද?

හදිසියේ එහෙම අනතුරක් වුනොත් ඇනුන උපකරණය ගැලවීමට උත්සහ නොකර වහාම රෝහලක් වෙත ගෙන යන්න.

4. විදුලි උපකරණ

විදුලි උපකරණ වල භයානක පැත්ත තමයි විදුලිය, විදුලි උපකරණ කිව්ව ගමන් මතක් වෙන්නේ ශීතකරණය ,රූපවාහිනිය වැනි විශාල විදුලි උපකරණ නමුත්  ඔබගේ ෆෝන් චාජරයට වුවත් ඔබේ දරුවාට හානි කල හැකි බව ඔබ දන්නවාද

දරුවන්ට සිදුවිය හැකි අනතුරු

මෙම විදුලි උපකරණ හැකිතාක් දරුවාගෙන් ඈත් කර තබන්න. ගෙදර ට්‍රිප් ස්විච් එකේ ක්‍රියාකාරිත්වය ගැන සැලකිලිමත් වෙන්න

5. ඖෂධ

ඖෂධ  කිව්වාහම පෙති විතරක් අරන් තියලා ප්‍රමාණවත් මදි. ක්‍රීම් වර්ග, බෙහෙත් දියර ඒ විතරක් නොවේ සතුන් පලවා හරින කෘමිනාශක, වල් නාශක සියල්ල ඉවත් කල යුතුය.

හදිසි අවස්ථාවක කල යුතු  ප්‍රථමාධාර දැන සිටිය යුතු අතර එවැනි අවස්ථාවක වහාම ලගම ඇති රෝහලක් වෙත ගෙන යා යුතුය.

6. උණු වතුර

අම්මලා උණු වතුර බදුන් හැම තැනම තියෙනවා.  ඒ වගේම මට තවම මතකයි නටන හොදි ඇතිලියකට වැටිලා පුංචි පැටියෙක් නැතිවුණා. හරිම අවාසනාවන්ත තත්වයක් නේද?

හොදම දේ තමයි උණුසුම් සියල්ල පැටියාගේ දෑස් මානයෙන් ඉවත් කිරීම ඒ වගේම හදිසියේ පිළිස්සුනොත් ඒ පිළිස්සුන ස්ථානය හොදින් ගලායන වතුරින් සෝදන්න. ඉන්පසු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙන්න.

7. වතුර ටැංකි, නාන තටාක හා කාණු 

නිවසේ තියෙන මේ වගේ අනාරක්ෂිත ස්ථාන වලට වැටීම නිසා පුංචි පැටව් කී දෙනෙක් නැති වුනාද? කුතුහලය වර්ධනය වෙන වයස ඉන්න දරුවා මේ වගේ දේවල් සොයා බලන්න යනවා.

හොදම දේ තමයි මෙවැනි අනාරක්ෂිත ස්ථාන නිවසින් ඉවත් කරන්න.

8. ගින්දර

ලිප්, ගිනිපෙට්ටි, හදුන්කූරු, පහන්, ඉටිපන්දම් ඕනෑම දෙයක් නිසා ගින්නක් ඇතිවෙන්න පුලුවන්.ඒ වගේ දේවල් වලින් අපේ පැටියා පිළිස්සුම් තුවාල ඇති කර ගන්න පුලුවන් .

හොදම දේ තමයි මේ වගේ දේවල් පුංචි දරුවන් ගෙන් ඈත් කරලා තියන්න.

පුංචි දරුවන්ට අපේ අවධානය ගොඩාක් ඕනී. මොහොතක නොසැලකිල්ලෙන් ලොකු විනාශයක් වෙන්න පුලුවන්. දෙයක් වුනාට පසු කණගාටු වෙනවාට වැඩිය ඒක වළක්වගන්න එක හොදයි.

ඒක නිසා ඔබගේ සම්පුර්ණ අවධානය දරුවාට දෙන්න.

මේ පුංචි මතක් කිරීමත් The Asianparent Sri Lanka වෙතිනි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • පොඩ්ඩෝ තනි කරන්නේ බලාගෙනයි.
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it