theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?

4 අවම කියවීම
පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?

එය වැඩිහිටියන් සැනසීමට වඩා තවත් හුඟක් කාරණා ඇතුලත් වන දෙයක්.

“යන්න යන්න ගිහින් කිස් එකක් දෙන්න,” මගේ අවුරුදු 3 යි මාස 5 ක පුතාට මම ඇවිටිලි කළා. දරුවන් පිටස්තරයින්ට හාදු දීම ට බල කිරීම හරි ද වැරදි ද?

මගේ ඇඟේ එල්ලිලා එතිලා හිටපු පුතාව බලෙන් වගේ අරගෙන මං මගේ යාළුවන්ගේ ඇඟට ළංකළා. ඔහුගේ ඇඟ දරදඬු වූ විදිහට මම මොහොතකට ගල් ගැහුණා. ඔහුට ඇයව සිප ගන්න කැමැත්තක් නැහැ. මම එයාගේ පැත්තෙන් ටිකකට හිතුවා.

දරුවන් පිටස්තරයින්ට හාදු දීම

ඔබ අකමති දෙයක් කිරීමට ඔබට කවුරුන් හෝ බල කරොත්?

මට කවුරු හරි මං අකමැති කෙනෙක් ඉඹින්න කියලා කිව්වොත් මට කොයිතරම් අකමැත්තක් දැනෙනවද. ඉතින් මගේ දරුවාටත් එහෙම දැනෙන එක සාධාරණයි නේද? නැත්නම් වෙනත් දරුවෙකුට වුනත් ඒක එහෙමමයි.

අපි දරුවන්ට හොඳ පුරුදු, විනය ඉගැන්විය යුතුයි තමයි. ඒත් බලහත්කාරයෙන් කාට හරි හාදුවක් දෙන්න කියන එක ගැන ටිකක් හිතන්න. ඒකෙන් කියවෙන්නේ ඔවුන්ගේ ශරීරයට ඔවුන්ට කිසිම අයිතියක් නැහැ කියලද? නමුත් ඊට දරුවා තල්ලු කිරීම නැවත වරක් සිතිය යුතු කාරණයක්. ලාභ නොලබන පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ හා ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා වන ආයතනයක් වන කිඩ්පවර් ටීන් පවර් ෆුල්පවර් ජාත්‍යන්තර ආයතනයේ ප්‍රධානී ඊරේන් වෑන් ඩර් සැන්ඩේ CNN ලිපියකට මෙය කියා තිබුණා.

අපි අපේ යාලුවෙකුට හරි නෑයෙකුට හරි අපේ උවමනාවට යමක් ඉටු කරන ලෙස විශේෂයෙන් හාදුවක් දීම වගේ දෙයක් කිරීමෙන් අපි ඔවුන්ට උගන්වන්නේ ඔවුන්ගේ ශරීරයට ඔවුන්ට අයිතිය නැති බවත් ඔවුන්ට දැනෙන දේ කිරීමට ඔවුන්ට අයිතියක් නැති බවත් කියලයි.

මේ මගින් දරුවන් ලිංගිකව අපයෝජනයට ලක්වීමට පාර කපනවා. සමහර ගැහැණු අය පිරිමින්ට මට කැමති වේවි කියා සිතා ක්‍රියාවන් වල නිරතවීම හෝ සමහර දරුවන් අන් අයට උසුළු විසුළු කිරීමෙන් සතුටට පත්වීම ආදී ලක්ෂණ මේවායේ  ප්‍රතිඵල ලෙස දකින්න පුළුවන්.

දෙමාපියන්ට ආරක්ෂාව හා ආචාරශීලී බව ගැන පාඩම්

දරුවන් පිටස්තරයින්ට හාදු දීම

දරුවන් පිටස්තරයින්ට හාදු දීම ගැන කතා බහ කරන්න.

මම වුනත් මගේ පුතාලට අනිත් අයව ඉඹින්න කියලා කියන එක නතර කරලයි තියෙන්නේ. ඔවුන්ගේ කැමැත්තෙන් එය කළොත් මිසක් හුඟක් වෙලාවට මායි මගේ සැමියට අමතරව මගේ ළඟම යාළුවෝ, අපේ දෙමාපියන් නැතිනම් ළඟම යහළුවන් විතරක් ඔවුන් සිඹින්න කැමැත්ත දක්වන්නේ.

මේ ගැන මතක වෙද්දී මට මතක් වුණා හොඳ සිරිත් පුරුදු කරන්න කියලා මම තව කෙනෙකුව ඉඹින්න කියලා මගේ පුතාලට කියලා තියෙනවද කියලා. මගේ දරුවන් හැමෝටම ගරු කළයුතු වුවත්  ඒ වෙනුවෙන් ඒගොල්ලෝ අනිත් අයව ඉඹින්න යන්න ඕනෙ නැහැ කියලා දැන් මං දන්නවා. ඒ කියන්නේ ඔවුන්ගේ ශරීරය අයිති ඔවුන්ට බවයි.

ඊට ඔවුන්ව තල්ලු කිරීමට කාටවත් අයිතියක් නැති බවත් ඉන් ඔවුන් වටහා ගන්නවා. අනික් අතට අපිට සමීප වන හැමෝම ආරක්‍ෂිත අය නොවන නිසා නිරපරාදේ දරුවන්ව අපචාරකයන්ට නිරාවරණය වීම අපි අතින් වැළකෙනවා. විශේෂඥයන් පවා කියනවා.

සමීප තාවය හා විශ්වාසවන්ත බවෙහි වැදගත් කම තේරුම් කරන්න

ඉතින් ඉන්පස්සේ දරුවන් සිපගන්න වැළඳ ගන්න අය අපිට සමීපම අය පමණක් බව දරුවනුත් ඉගෙන ගන්නවා. අපි ඉන් දන්නා හා විශ්වාසවන්ත කියන කොටස දරුවන්ට තෝරා දෙනවා යැයි උර්සුලා වැන්ගර් මානසික සෞක්‍ය පිළිබඳ සායනයක වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අතර මේ නිසා ඉන් ලිංගික අපචාර වලට ඔවුන් නිරාවරණය වීමක් වන්නට පුළුවන්. සමහර විට ඔවුන්ට ඔවුන්ගේ ශරීරය ගැන අයිතියක් නැහැ කියන පණිවිඩය සන්නිවේදනය වෙන්න පුළුවන් බවත් ඇය වැඩිදුරටත් කියනවා.

දැන් මගේ පුතාලා මාව සතුටු කරන්නත් අනිත් අයව සතුටු කරන්නත් කාටවත් හාදු දෙන්නේ නැහැ. ඔවුන් වැළඳ ගන්නේ නැහැ. ඒ දරුවන් පිටස්තරයින්ට හාදු දීම ක් කරන්නේත් නැහැ.

නමුත් හලෝ… කොහොමද? ගුඩ් බායි, ප්ලීස්, තැන්ක් යූ වැනි ගෞරවාන්විත වචන පාවිච්චි කරමින් මිනිසුන් සමග ආචාරශීලීව, හොඳින් හැසිරෙනවා.

අපේ ළඟම අයට විතරක් ඔවුන් හාදු දෙන්නත් වැළඳ ගන්නත් කැමැත්ත දක්වනවා. මම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ශරීරයට ඇති අයිතිය දුන්නා.  ඊට ගෞරව කළා. කාවවත් සතුටු කරන්න මට ආයෙත් ඔවුන්ගේ ශරීරය යොදවන්න හදන කිසි කෙනෙක්ට ඉඩක් දෙන්නේ නෑ.

දරුවන් පිටස්තරයින්ට හාදු දීම

දරුවන් පිටස්තරයින්ට හාදු දීම

අනාදිමත් කාලයක සිට දෙමව්පියන් විසින් දරුවන් ට කරන බලකිරීමක් ගැනයි මේ ලිපිය ලියැවී තිබෙන්නේ. අපේ පැරණි සංස්කෘතිය අනුව නම් දරුවන් කරන්නේ ඔබ අතරට එන වැඩිහිටි අමුත්තෙක් ට වැඳීම හෝ වෙන්ව යන වැඩිහිටියෙක් ගේ දෙපා නැමදීමයි.

එහෙත් බටහිර ආභාසයත් සමග හාදුවක් දී පිළිගැනීම, වැළඳ ගැනීමකින් වෙන්ව යාම අද සමාජයට හුරු දෙයක් බවට පත් වෙලා. ඒ කොයි දේ වෙනස් වුණත් අපේම දරුවාගේ ඒ කැමැත්ත නොකැමත්ත තීරණය වන්නේ ඔවුන්ට ඒ කෙනා ගැන හැඟෙන දේ අනුව වෙන්න පුලුවන්.

අපට අපේ පෞද්ගලිකත්වය වටිනවා සේම ඔවුන්ටත් ඒ දේ සීමාවක් තිබෙන බව අප තේරුම් ගත යුතු කාරණයක්.

දරුවන් ට හොඳ දේ කියා දෙනවාත් සමඟම, දරුවන් අසරණ කරන්නත් සමහර විට අපි නොදැනුවත්වම අපිට පුළුවන්. ඒ අත්වැරැද්ද නොවෙන්නයි theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ ආදරණීය අම්මගේ පණිවිඩය ඔබට ගෙනාවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සංස්කරණය: බෝසඳුන් ගුණසේකර

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

    දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

    දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it