theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

4 අවම කියවීම
මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝමවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ

මෙම ඛේදවාචකය  මිනිත්තු දෙකකට හෝ උණුසුම්  කාලගුණයකදී  දරුවන් තුළ මෝටර් රථය තුල තනිකර පිටව යන  සියලු දෙමව්පියන්ට අදූරු මතක් කිරිමක් කරනවා.

Straits Times හා CNN අනුව , අවුරුදු එකක් හා දෙකක් වයසැති ළදරු සොහොයුරියෝ දෙදෙනාව 19 හැවිරිදි මව සිය මෝටර් රථය තුළ රාත්‍රියක් හිතාමතා තනිකර යෑම හේතුවෙන්   මිය ගොස් ඇත.

ළදරුවන්ගේ  මව වන ඇමැන්ඩා හෝකින්ස් වෙත දරුවන් මෝටර් රථය තුළ අතහැර දැමීම හා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා දෙකක් එල්ල වී ඇත.

සිදුවුයේ කුමක් ද?

හෝකින්ස් සහ 16 හැවිරිදි පිරිමි මිතුරා විසින් දරුවන්ව කර්විල් වල පිහිටි පීටර්සන් ප්‍රාදේශීය  වෛද්‍ය  මධ්‍යස්ථානය ගෙන ගොස් ඇති බව CNN වාර්තාව පවසයි.

රෝහලේදී, කුඩා දරුවන් තත්වය බරපතළ වු බැවින්  ඔවුන්ව සැන් ඇන්ටෝනියෝ වල පිහිටි විශ්ව විද්‍යාල රෝහල වෙත යවා ඇති බව වාර්තා වේ.

නමුත්  එක් හැවිරිදි බ්රින් හොව්කින්ස්  සහ දෙහැවිරිදි ඇඩිසන් ඕවර්ගාර්ඩ්-එඩි යන දෙදෙනාම ඔවුන්ගේ අවසන් සුසුම හෙලුහ.

හෝකින්ස් පුවත්පත් වාර්තා වලට පවසා ඇති පරිදි, ඇය ,ඇයගේ යොවුන් මිතුරා සහ ළදරුවන් විලක් ආසන්නයේ සිටි  ඇති අතර   එහිදි කුඩා දරුවන්  මේ අවසනාවන්ත  සිදුවීමට පෙර මල් සුවද ආඝ්‍රහණය කරමින් සිටි ඇත. ඔවුන්ගේ අදහස වූයේ, කුඩා ගැහැණු ළමයින් විෂ ශරීර ගතවීමකට ලක් වී ඇති  බව විශ්වාස කරන බවයි.

කෙසේ වුවද බලධාරීන් එම අදහස්  පිලි  නොගත්තේය. පරීක්ෂණ වලින් පසුව, හෝකින්ස් තම ළදරුවන්  මෝටර් රථය තුල අඟහරුවාදා රාත්‍රියේ සිට පසුදා දහවල් වන තුරු  පැය 15 ක් දමා ගොස් සිටි බව හෙලිවිය. ඒ අතර  හෝකින්ස් සහ ඇගේ මිතුරා එම ස්ථානයේ වෙනත් මිතුරන් සමඟ සිටි බව වාර්තා වේ.

මෙම නඩුව විමර්ශනය කරන ලද කර් ප්‍රාන්තයේ ෂෙරීෆ් ඩබ්ලිව්.ආර්. රස්ටි හෙරොල්සර් විසින් බදාදා දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ඉක්මවා තිබු බව සදහන් කලේය.

"ඇය මෝටර් රථය තුළ හිතාමතාම  ඔවුන්ව දමා ගොස් 16 හැවිරිදි පිරිමි මිතුරා සමග  අසල පිහිටි නිවසේ ගත  කලා." ෂෙරීෆ් පැවසීය. "මුළු රාත්‍රියම ඔවුන් ඒ නිවසේ ගත කල අතර ඇයගේ පිරිමි යහළුවා ටික වේලාවක් කාර් එකේ නිදාගෙන සිට පසුව නිවසට  ගොස් තිබෙනවා. "

නිවස ඇතුළේ සිටි අයට ළදරුවන්ගේ හැඬීම ඇසී  ඇති නමුත්, ඔවුන්ගෙන් කිසිවෙකු ඒ ගැන සොයා බැලීමට මහන්සි වී නොමැති බවද වාර්තා වේ. අවසානයේදී පසුවදා දහවල් හෝකින්ස්  මෝටර් රථයෙන් ඔවුන් දෙදෙනා පිටට ගන්නා විටත් ඔවුන් දෙදෙනා සිහිසුන් වී සිට ඇත. ඇය එම ස්ථානයේ ඔවුන්  නැවීමට උත්සාහ කර ඇති නමුත් ඔවුන් වහා රෝහල්ගත කිරීමට නොසිතුවාය. ඒ ඇයට කරදරේක වැටෙන්නට අවශ්‍ය නොවු නිසාය.

"මම නීතිය ක්‍රියාත්මක කල අවුරුදු 37 ක කාලය තුල මා දුටු දරුණුතම ළමා අපරීක්ෂාකාරී සිදුවීම මෙයයි"  හෙරොල්සර් පැවසීය.

රුදුරු  සිහිගැන්වීමක්

මේ අම්මා හිතාමතාම  ඇයගේ දරුවන් ​මෝටර් රථය තුළ දමා ගියාය. සමහරවිට  ඔවුන් හොදින් සිටිවි යැයි ඇය පෙළඹීමට තරම් නොමේරු නිසා විය හැකිය. කෙසේවෙතත්, මෙම හේතුදැක්වීම්, බැන වැදීම් හෝ හැඟීම් වලට මේ පුංචි සුරංගනාවියන්ට යලිත් ජීවිතය දිය නොහැකිය.

විශේෂයෙන් උණුසුම් දිනවල  මෝටර් රථයක් තුළ අපේ දරුවන් තනි කර යෑම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව මේ ඛේදවාචකය මතක් කර දෙනවා.

ෆිලඩෙල්ෆියාවේ පිහිටි ශාන්ත ක්‍රිස්ටෝෆර් ළමා රෝහලේ හදිසි ප්‍රතිකාර  ළමා රෝග විශේෂඥ   අධ්‍යක්ෂක වෛද්‍ය  ක්‍රිස්ටෝපර් හේයින්ස් පවසන්නේ, " ෆැරන්හයිට් අංශක 72  පමණ  (සෙල්සියස් අංශක 22)  උෂ්ණත්වය ඇති දිනෙක [වාහනයක් තුල ] උෂ්ණත්වය පැයක් තුළ අංශක 30 සිට 40 දක්වා ඉහල යන අතර මෙම වැඩි වීමෙන් 70% ක්ම පළමු  විනාඩි 30 තුලදී සිදු වේ. "

ඔබේ දරුවා තාපයෙන් පීඩාවට පත් නොවන බවට වග බලා ගැනීමට  ආරක්ෂිත උපදෙස් කිහිපයක් මෙන්න,

• කාර් එක අගුළු දැමීමට  පෙර පරික්ෂා කරන්න.

•  ඔබ ඉවත්ව යෑමට පෙර වාහනයේ සියලු ආසන   හිස්ව ඇති බව සහතික කර ගන්න. විශේෂයෙන් පිටුපස ආසන ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න.

• ඔබේ දරුවා වාහනය තුළ ඉන්නා බවට දෘශ්‍ය සලකුණක් වශයෙන් පිරවු සතෙකු හෝ ඔබේ දරුවාගේ සෙල්ලම් බඩුවක් වාහනය තුල තබන්න.

• යමෙකු ඔබේ දරුවා කැදවාගෙන යනවා  නම්, ඔබේ දරුවා ආරක්ෂිතව ගමනාන්තයට ළඟා වන බවට වග බලා ගන්න.

• තාපයෙන්  සිදුවෙන අනතුරු  මතක තබාගන්න

• මෝටර් රථයේ අභ්‍යන්තර උෂ්ණත්වය අංශක 20 ක්  විනාඩි 10 කින් වැඩි විය හැකි නිසා, ඔබේ දරුවා කෙටි කාලයක් එහි තබා යෑම සුදුසු යැයි සිතන්න එපා.

•මෝටර් රථයක අභ්‍යන්තර උෂ්ණත්වය පිටතට උෂ්ණත්වයට ස්වයංක්‍රීයව අනුරූප නොවේ. බාහිර උෂ්ණත්වය අංශක 26 ක් පමණ වුවද, අභ්‍යන්තර උෂ්ණත්වය අංශක 35 ක් දක්වා වැඩි විය හැකිය.

• දරුවාගේ ශරීරය උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා ඉහල නැංවෙන විට දරුවාගේ සෞඛ්‍ය  බරපතළ අනතුරකට පත් වේ.

The Asianparent සමුහය  මෙම අහිංසක ළදරුවන්ගේ මරණය ගැන ඉතා  කණගාටුවට  පත්වුනා. පුංචි සුරංගනාවියනි සාමදානයෙන් සැතපෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ අවසනාවන්ත කථාව සමග මේ මතක් කිරීම ශ්‍රීලංකික ඔබ වෙත ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විදේශීය පුවත්
  • /
  • මවගේ නොසැලකිල්ලෙන් මෝටර් රථය තුල අවසන් ගමන් ගිය ළදරු සහෝදරියෝ
බෙදාගන්න :
  • දරුවන්ට මේ කාරණා 9 නොකර ඉන්න අම්මලා සැලකිලිමත් වෙන්න

    දරුවන්ට මේ කාරණා 9 නොකර ඉන්න අම්මලා සැලකිලිමත් වෙන්න

  • A Parent's Guide To Keeping Your Kids Safe On Facebook

    A Parent's Guide To Keeping Your Kids Safe On Facebook

  • දරුවන්ට මේ කාරණා 9 නොකර ඉන්න අම්මලා සැලකිලිමත් වෙන්න

    දරුවන්ට මේ කාරණා 9 නොකර ඉන්න අම්මලා සැලකිලිමත් වෙන්න

  • A Parent's Guide To Keeping Your Kids Safe On Facebook

    A Parent's Guide To Keeping Your Kids Safe On Facebook

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it